IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජනපති රටිනුත් එළවූ සිරියානු කැරැල්ල

අවසානයේ එය එසේ සිදුවිය. වසර 13 ක් තිස්සේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගෙන ගිය උත්සාහය සාර්ථක විය. සිරියානු විපක්ෂය සමඟ එක් වූ සන්නද්ධ කැරැලිකරුවෝ ක්‍රමානුකූලව සිරියාවේ නගර එකිනෙක ඔවුන්ගේ ග්‍රහණයට ගනිමින් අවසානයේ ඊයේ (8) ඩමැස්කස් අගනුවර අත්පත් කර ගත්හ.

ඩමැස්කස් යනු ෂියා මුස්ලිම් සිරියානු ජනාධිපති අසාද් සහ ඔහුට හිතවාදී රජයේ බලකොටුවය. කැරැලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ, සිරියානු හමුදා පසුබැස්සේය. ඩමැස්කස් ගුවන්තොටුපොළට කැරැලිකරුවන් කඩා වැදී එය අල්ලා ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, එකම එක ගුවන් යානයක් ගුවන්ගත වී තිබුණි. ඊට හමුදා ප්‍රහාරක යානයක් ආරක්ෂාව දුන්නේය. ජනාධිපති අසාද් පලා ගියේ එම යානයෙනි. ඔහුගේ බිරිඳ සහ ඥාතීහු ද සමීපතම හිතවාදීහුද එහි වූහ.

සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන්නේ ඇලෙප්පෝය. මීට දින කීපයකට පෙර, ඇලෙප්පෝ නගරයේ පළාත් කීපයක් විපක්ෂයට සහාය දක්වන සුන්නි මුස්ලිම් සන්නද්ධ කැරැලිකරුවන්ගේ ග්‍රහණයට නතු විය. එම කැරැලිකරුවන්, අබු මොහොමඩ් අල් ගොලානීගේ නායකත්වයෙන් යුත් හයියාත් තහ්රීර් අල් ෂාම්’ බලැඇණියයි. තවත් දින කීපයක් යද්දී, ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ කැරැලිකරුවෝ, හාමා නමැති නගරයත්, ඩාරා නගරයත් අල්ලා ගත්හ. කැරැලිකරුවන් ඩමැස්කස් අගනුවරට පැමිණියේ ඉන් අනතුරුවය.

2000 වසරේ දී, පියා හෆෙස් අල් අසාද්ගේ මරණින් පසු, බෂාර් අල් අසාද් ජනාධිපති ධුරයට පත් විය. අසාද් නියෝජනය කරන්නේ ‘සිරියානු බාත්’ දේශපාලන පක්ෂයයි. අසාද්ගේ බිරිඳ අස්මා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. (ඇය පිළිකාවකින් ද පීඩා විඳි තැනැත්තියකි.) යුවළට දරුවන් තිදෙනෙකි. අසාද් ෆීල්ඩ් මාෂල්වරයෙකි. පියාගෙන් ලැබුණු ජනපති උරුමයෙන් සුර සැප විඳිමින්, අසාද්, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතම හිතවතුන්, ඒකාධිපති පාලනයක් ගෙන යන බවටත්, සාධාරණ අයුරින් මැතිවරණ නොපවත්වන බවටත් චෝදනා නගමින්, සිරියානු විපක්ෂ කණ්ඩායම් සාමකාමී ලෙස අසාද් පාලනයට එරෙහිව විරෝධතා ආරම්භ කළේ 2012 වසරේදීය.

මෙම සාමකාමී විරෝධතා සඳහා ඇමෙරිකාව සහ ප්‍රංශය ද සහාය දැක්වීය.‍ අසාද්ගේ ඒකාධිපති පාලනය අවසන් කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අවශ්‍ය බවත් ඇමෙරිකාව පෙන්වා දුන්නේය. සිරියාවේ ද විරෝධතා ආරම්භ වූයේ ලිබියාවේ, ඊජිප්තුවේ සහ ටියුනිසියාවේ ‘අරාබි වසන්තය’ යනුවෙන් ජනතා නැගී සිටීමක් සිදුවෙද්දීය. ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු ලිබියාව යළි ගොඩ ගැනීමට නොහැකි වූ අස්ථාවර රාජ්‍යයක් වී හමාරය.

සාමකාමී විරෝධතාකරුවන් බටහිර කුමන්ත්‍රණකරුවන් යැයි චෝදනා කරමින්, හමුදාව යොදවා පහර දී ඔවුන් මර්දනය කිරීමට අසාද් රෙජීමය කටයුතු කළේය. විපක්ෂ ක්‍රියාකාරීන්ට සුන්නි මුස්ලිම් සන්නද්ධ කැරැලිකරුවන් සම්බන්ධ වූයේ මෙම අවස්ථාවේදීය. එසේ එක්වුණු එක් කැරැලිකාර කණ්ඩායමක් වන්නේ ‘අල් නුස්රා’ බළඇණියයි. ‘අල් නුස්රා’ එදා ලොව බියට පත් කළ ‘අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානයේ ශාඛාවක් විය.

සිරියානු රජයේ ප්‍රහාරය මැද, සිරියානු විපක්ෂ කණ්ඩායම් අසරණ වෙද්දී, විපක්ෂ කණ්ඩායම්වලට බටහිරින් අවි ආයුධ ලැබුණි. අවි දුන්නේ ඇමෙරිකාව සහ ප්‍රංශයයි. අසල්වැසි ඉරාකයෙන් හිස එසවූ අන්තවාදී අදහස් ඇති තවත් ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් එම අවිවලින් ශක්තිමත් වී, කරළියට පැමිණියේය. මොවුන් අල් කයිඩාවට ද තර්ජනයක් විය. ‘අයි.එස්.අයි.එස්’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ යනු මොවුන්ය. අල් කයිඩාව පරයමින්, පසුව ලොවටම තර්ජනයක් වූයේ අබු බකර් අල් බැග්ඩෑඩි ගේ නායකත්වය ලැබුණු ‘අයි.එස්.’ සංවිධානයයි. බටහිර ආයුධවලින් ශක්තිමත් වුණු ඉරාකයේත් සිරියාවේත් ඔවුන් අල්ලාගත් ප්‍රදේශ එක් කරමින් ඉස්ලාමීය රාජ්‍යයක් ද පිහිටුවීය.

විපක්ෂ සන්නද්ධ ක්‍රියාකාරීන් සහ අයි.එස්. සටන්කාමීන් සමඟ සටනට රුසියාවේ සහාය අසාද් රෙජීමයට හිමිවිය. අසාද්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයෙකි. රුසියාවේ සහාය අසාද් පාලනයට හිමිවූයේ සිරියාවේ රුසියන් ගුවන් හමුදා කඳවුරක් පිහිටි බැවිනි. ඉරානයේ සහාය ද අසාද්ට හිමිවිය. ඉරානය ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය ද සිරියානු රජයේ හමුදාවට හිමිවිය. සිරියානු විපක්ෂයට පමණක් නොව අල් කයිඩා හිතවාදී අල් නුස්රා බළඇණියට ද ‘අයි.එස්.’ ත්‍රස්තවාදීන් තර්ජනයක් විය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය පළ කළ තුර්කිය ද අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව සටන් ආරම්භ කළේය. දෙපැත්තෙන් ප්‍රහාර එල්ල වෙද්දී, බෙලි කපමින් මහා භීෂණයක් ගෙන ගිය අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ පසුබැසීම සිදුවිය.

2016 දී අල් නුස්රා ඔවුන්ගේ නම වෙනස් කළේය. ඒ, ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ යනුවෙනි. 2020 වසරේදී තුර්කිය සහ රුසියාව මැදිහත් වී සටන් විරාමයක් ආරම්භ කළ අතර, සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ ඔවුන්ට හිතවත් ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම් සිරියාවේ ඉඩ්ලිබ් පළාතට සීමා විය. අඩපණ වූ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මරා දැම්මේ ඇමෙරිකාවය. ඒ, 2019 ඔක්තෝබර් මාසයේය. පාස්කු ප්‍රහාරයෙන් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුවය.

සිවු වසරකට පසු ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ කැරැලිකරුවන්, අද සිරියා ජනාධිපතිගේ රජය පෙරළා රටේ බලය විපක්ෂ ක්‍රියාකාරීන්ට ලබා දී ඇත. ඉරානයත්, හිස්බුල්ලා සංවිධානයත්, ඊශ්‍රායලය සමඟ ගැටෙන බැවින්, මෙවර අසාද්ගේ හමුදාවට ඔවුන්ගේ පූර්ණ සහාය ලැබුණේ නැත. යුක්රේනය සමඟ යුද්ධයක පැටලී සිටින බැවින්, රුසියාවට ද සිරියාවට පූර්ණ වශයෙන් හමුදා සහාය ලබා දීමට නොහැකි විය. රුසියන්, ඉරාන හමුදා සාමාජිකයන් සහ හිස්බුල්ලා සටන්කාමීන් සිරියාවේ සිටි නමුත්, ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ප්‍රහාර හමුවේ ඔවුහු අඩපණ වූහ. ඩමැස්කස් අගනුවර කැරැලිකරුවන් අතට පත් වෙද්දී ඔවුහු ද පලා ගියහ.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේ සිරියාවේ තත්වය සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන නමුත්, ඊට මැදිහත් නොවන බවය. ඩමැස්කස් අගනුවර කැරැලිකරුවන්ගේ ග්‍රහණයට නතු වීමත් සමඟ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල හිතවතකු ලෙස සැලකෙන සිරියානු විපක්ෂ නායක හයිඩි අල් බහ්රා අරාබි පුවත් නාළිකාවකට අදහස් දක්වමින් පැවැසුවේ, සිරියාව මුහුණ දුන් ඒ අඳුරු යුගය අවසන් බවත්, නව යුගයක අරුණලු‍ උදා වනු ඇති බවත්ය. සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සියල්ල එකමුතු කරගනිමින්, සන්ධානගතව ජනාධිපති අසාද්ගේ රජය පෙරළා දැමීමට දේශපාලනික රාමුවක් තුළ දීර්ඝ කාලීන සටනක් ගෙන ගියේ හයිඩි අල් බහ්රාය. ඔහු සිරියානු වැසියන් අමතමින් පෙන්වා දුන්නේ, ජනාධිපති අසාද්ගේ බලකොටුව ලෙස සැලකුණු ඩමැස්කස් අගනුවර ආරක්ෂිත ස්ථානයක් බවය. ‘සෑම ආගමක්ම, ආගමික නිකායක්ම නියෝජනය කරන අපේ සිරියානු වැසියන්ට මම කියන්න කැමතියි, කාටවත් බිය වෙන්න දෙයක් නැහැ. නිවෙස්වල රැඳී සිටින්න. ඔබ ආරක්ෂිතයි. පළිගැනීම්වලට ඉඩක් නැහැ. මානව හිමිකම් උල්ලංඝනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පක්ෂ විපක්ෂ සැමගේ ගෞරවය ආරක්ෂා කරන්න අප වගබලා ගන්නවා’ යැයි බහ්රා සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ද පවසා තිබේ.

(***)
ලු‍සිත ජයමාන්න
බීබීසී ඇසුරිනි

 



අදහස් (2)

ජනපති රටිනුත් එළවූ සිරියානු කැරැල්ල

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 09 December 2024 12:12 PM

දැක්ක නේද ඩබල් පොකට් කමිස කාරයන්ගේ වැඩ! අසාද්ට දුවන්න දුන්නේ. දැන් ඉතින් සිරියාව අපේ ලංකාව වගේම දියුණු වෙනවා.හාල් පොල් ගණන් ගියත් පුනරුදය උදා වෙනවා.

:       8       15

dileepa1986 Tuesday, 10 December 2024 08:37 AM

බාර් ලයිසන් ගත්ත එකෙක්.

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 81 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 63 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 219 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 25 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 507 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 249 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 381 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 100 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site