ශ්රී ලංකන් ගුවන් සේවය ඉකුත් වසර ගණනාවක් තිස්සේම පාඩු පිට පාඩු ලබමින් සිිටියි. අද වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 21 කි. එම ගුවන් යානා 21 ම කල්බදු ක‍්‍රමය යටතේ ලබා ගෙන ඇත. ඒ 320 වර්ගයේ ගුවන්යානා 7 ක්, ඒ 340 වර්ගයේ ගුවන්යානා 6ක් හා ඒ 330 වර්ගයේ ගුවන්යානා 6 ක් මේ කල්බදු මත ලබාගත් ගුවන් යානා වේ. මේ ගුවන් යානා සඳහා මාසිකව ගෙවන මුදල ඇමරිකානු ඩොලර් හැත්තෑතුන්ලක්ෂ පනස් අට දහස් හයසිය අනූතුනකි. (73,58,693) ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 120 ක් වශයෙන් ගණන් බැලූවහොත් මෙම මුදල රුපියල් අසූඅටකෝටි තිස්ලක්ෂ හතළිස් තුන් දහස් එකසිය හැටකි. (883043160) මීට අමතරව එයාර් ටැක්සි දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් 2,16000 ක මුදලක් මාසිකව ගෙවනු ලබයි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දෙකෝටි පනස් නවලක්ෂ විසි දහසකි. (2,59,20,000) උපන් ගෙයි සිටම පාඩු ලබන මිහින් ලංකා ආයතනය සතු ගුවන්යානා දෙක සඳහා මාසිකව ගෙවනු ලබන කල් බදු කුලිය ඇමරිකානු ඩොලර් හාරලක්ෂ හැත්තෑපන් දහසකි. (4,75,000) එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පන්කෝටි හැත්තෑලක්ෂයකි. (57000000) මෙතරම් අතිවිශාල මුදලක් වැය කරමින් මෙම ගුවන් සේවා රටට ලබාදුන් එකම දායාදයත් ඇත. එනම් ජාතික ගුවන් පද්ධතියක් ශ්‍රී ලංකාවට ලබාදීම පමණි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාබ නොලැබීම පටන් ගත්තේ වසර ගණනාවක පටන්ය. වර්තමාන පාලන අධිකාරිය මෙම තත්ත්වයට මුළුමනින්ම වගකිව යුතු නැතත්, දශක ගණනාවක් තිස්සේ ආයතනය පවත්වා ගෙන ගිය ආකාරය පිරිහීමට හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ අයිතිය රජයට පවරා ගැනීමට පෙර එහි පරිපාලන කටයුතු සිදු කරනු ලැබුවේ එමිරේට්ස් ආයතනය මගිනි. සියයට 51 ක කොටස් ශ්‍රී ලංකා රජය සතුව තිබුණත් එහි පාලන කටයුතුවලට රජයේ ඇඟිලි ගැසීමක් නොවීය. ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවේ ඉතිහාසය සලකා බැලීමේදී පසුගිය දශක දෙක තුන ඇතුළත පාඩු මතම ආයතනය පවත්වාගෙන ගොස් ඇත. ප‍්‍රථම ගුවන් යානය පිළිබඳ අසා ඇත්තේ 1911 දී ය. ඒ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පාවිච්චිය සඳහා රුවන්පැලස් නෞකාවෙන් මෙරටට ගෙන්වල ලද බ්ලැරියම් වර්ගයේ ගුවන්යානය පිළිබඳවයි. ජාතික ගුවන් සේවාවක් වශයෙන් ප‍්‍රථමයෙන් ආරම්භ කෙරුණේ එයාර් සිලෝන් ආයතනයයි. ඒ 1947 දීය. ඒ ගුවන්යානා දෙකකිනි. එය ඩග්ලස් ඞී.සී. 4 වර්ගයයි. පසු කාලයකදී එයාර් සිලෝන් ආයතනය එයාර් ලංකා ආයතනය නමින් හඳුන්වනු ලැබිණි. මෙම ආයතන නිසා අධික වැය බරක් දැරීමට සිදුවීමෙන් එම ආයතනයේ කොටස් 1988 දී එමිරේට්ස් ආයතනයට පවරණ ලදී. එමිරේට්ස් ආයතනය ගුවන් යනා 9 ක මෙහෙයුම් කටයුතු පවත්වාගෙන ගියේය. මෙම පවරාදීම එමිරේට්ස් ආයතනයට තටු ලැබීමක් විය. බදු ගත් වත්තේ සාරය උරා ගන්නා බදුකරුවා මෙන් එමිරේට්ස් ආයතනයද ලංකාවේ ජාතික ගමන් සේවයේ නමින් තම ආයතනය ක‍්‍රමයෙන් වර්ධනය කර ගෙන තිබිණි, එයාර් ලංකා යන නම ශ්‍රී ලංකන් ගුවන් සේවය නමින් යළි නම් කරනු ලැබූ අතර එම නම ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කරගෙන යාමට රුකුලක් කර ගෙන තිබිණි. එමිරේට්ස් සමාගමට ඇතුළත් විය නොහැකි එතෙර ගුවන් තොටුපලවලට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම භාවිත කරමින් ඔවුහු පියාසර කාලය ලබාගත්හ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුබසිද්ධියට එමිරේට්ස් ආයතනයෙන් කිසිවක් සිදු නොවීම ආයතන දෙක අතර ගිවිසුම දීර්ඝ නොකිරීමට එක් හේතුවක් විය. ඒ අනුව 2008 මාර්තු 31 වැනි දිනෙන් පසු ගිවිසුමේ කාලය දීර්ඝ කරනු නොලැබීය. රජය සතුව තිබූ සියයට 51 ක කොටස් හා එමිරේට්ස් ආයතනය සතුව තිබූ ඉතිරි කොටස් රජයේ පාලනය යටතට ගැනීම සිදුවිය. එමිරේට්ස් ආයතනය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 14 ක් පමණක් ඉතිරිකර ගිය බවද සඳහන් වේ. එම යානා සියල්ල කල්බදු ක‍්‍රමයට ලබා ගත් එවා විය. ඉන්ධන මිල ඉහළයාම හා පරිපාලන වියදම් ඉහළයාම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට කාලයක්ම පාඩු පිට පාඩු විඳීමට සිදුවිය. එයාර් බස් ඒ 320 වර්ගයේ ගුවන් යානයකට පැයක කාලයක් සඳහා වැය කරන ඉන්ධන ප‍්‍රමාණය කිලෝ 2400 කි. ටොන් 77 ක් බර මෙම ගුවන් යානයකට කිලෝ ග‍්‍රෑම් 18730 ක ප‍්‍රමාණයක් එකවර ඉන්ධන ගබඩා කර ගත හැකිය. එයාර් ඒ 321 බස් යානා වර්ගය සඳහා පැයකට කිලෝ 2800 ක් ඉන්ධන වැයවන අතර, එකවර කිලෝ 21350 ක් ගබඩා කර ගත හැකිය. ගුවන් යානා ඉන්ධන ලීටරයක මිල රුපියල් 97.00 කි. ශ්‍රී ලංකන් ගුවන් සේවාව 2009/2010 වසර තුළ රැගෙන ගිය ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 2.6 කි. 2008/2009 වර්ෂවල දළ අලාභය රුපියල් මිලියන 3308 ක් වී තිබිණි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුවනෙන් බිමට වැටුණු ශ‍්‍රි ලංකන් ගුවන් සේවය
සංජය Sunday, 06 May 2012 01:11 PM
අපිට ගොඩක් දුකයි
ජගත් Sunday, 06 May 2012 01:53 PM
මේ දේවල් අපිය අළුත් දේවල් නෙමෙයිනේ.නේද
අජිත් Monday, 07 May 2012 12:17 PM
ගසා කෑම...
කරිණාතිලක් Sunday, 06 May 2012 05:05 PM
අවංක අයට පාලනය දෙන්න ආයතනය දියුණු වේවි.
දිනූෂි Monday, 07 May 2012 04:04 PM
හැමෝම තමන්ගේ බඩ වඩා ගන්න උත්සාහ කරනවා මිස ආයතනය නගා සිටවන්න උත්සාහ කරන්නෑ. (ස)
සමීර Monday, 07 May 2012 04:46 PM
කුවේණිගේ වැඩ පිලිවෙල වගේ කියලා කිවුවේ ඕකයී.
මලින්ද Monday, 07 May 2012 05:15 PM
කොහොම උනත් පාඩු මගහරවගෙන ශ්‍රී ලන්කන් එයාර් කියන නම රෑකගන්න බලන්න.
සුපුන් Tuesday, 08 May 2012 04:50 PM
කරන්න දෙයක් නෑ
මාධව Thursday, 10 May 2012 08:43 PM
ආශ්චර්යය තමයි
අමිල (Dubai) Thursday, 10 May 2012 11:00 PM
අපි වැඩ කරන්නේ එමිරේට්‌ස් එකේ, ශ්‍රි ලංකන් එකෙන් අයින් උන හේතුව දන්නෝ දනී, දේශපාලනය එක්‌ක කවදාකවත් රට දියුනුවෙයිද? අද එමිරටෙස් කොතනද ඉන්නේ කියල අපි දන්නව,
ජයශාන්ත Sunday, 06 May 2012 11:41 PM
හොඳ ගුවන් සේවයක් නමුත් දැන් එය පත්ව ඇති තත්වය ගැන දුකයි (ස)
මාතර ම්ලි Friday, 11 May 2012 02:26 AM
පළපුරුද්දක් තියන අයට පාලනය බාර දෙන්න