IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ගංවතුර – නායයාම් හානි අවම කර ගනිමු



රටේ දිස්ත්‍රික්ක 10ක ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමින් මේ දිනවල ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මේ සටහන තබන විට ජීවිත 16ක් අහිමි වී දෙලක්ෂයකට අධික ජනතාවක් අවතැන්වී සිටින බව වාර්තා වී තිබේ. ඒ අතර තිදෙනකු අතුරුදන්ව සිටින බව ද සඳන් විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (පූර්ව දැනුම් දීම්) ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර තිබුණේ ඉරිදා (06) සවස් භාගය වන විට පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 67,567කට අයත් 270,912 දෙනකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවය.

ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ රට තුළට කාලගුණ සුනාමියක් කඩා වැදී ජන ජීවිතය දැඩි අනතුරකට පත්කර තිබෙන බවය. එහි බලපෑම් තවමත් අවසන්ව නැත. වරින් වර කඩා හැලෙන මහ වැසි සහ හමා යන වේගවත් සුළඟ ජනතාවට මහත් පීඩනයක්ව පවතී. පීඩාවට පත් ඇතැම් අයට ආහාරපාන ලබා ගැනීම කෙසේ වෙතත් ඉන්න හිටින්න සිදුව තිබෙන්නේ තමන්ගේ හෝ අනුන්ගේ නිවෙසක වහළ මත බව අපගේ ලංකාදීප පුවත්පතේ පළ කෙරුණු ඡායාරූප වලින් පැහැදිලි වෙයි. මංමාවත් පමණක් නොව නිවෙස් ඇතුළේ ද ගංවතුර උතුරා යමින් තිබේ. හැකි ඉක්මනින් මේ ගංවතුර බැස ගොස් ජනතාවට සහන සැලසෙනු ඇතැයි අපි ප්‍රාර්ථනය කරමු.

ගංවතුර පමණක් නොව අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ නාය යාම් ද ජනජීවිතයට බලවත් තර්ජනයක් එල්ල කර තිබේ. එහි ලොකුම ඛේදවාචකයක් වූයේ අරණායක සිවුදෙනකුගෙන් යුත් පවුලක්ම පණපිටින් වළලා දමමින් සිදු වූ නාය යාමය. ඇසූ දුටුවන්ගේ හද කම්පා කළ එම සිදුවීම නායයාම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පූර්ව දැනුම්දීම් කෙරෙහි ජනතාව නිසි සැලකිල්ලක් නොදැක්වීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයකි. එම නිවෙස පිහිටි ස්ථානය නායයාමට ලක්වීමේ දැඩි අවදානම් කලාපයක් බැවින් නිවෙසින් ඉවත් වන ලෙසට 2018 වසරේ දී ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුම් දීමක් කර තිබූ බවත් එහෙත් එම ස්ථානයෙන් ඉවත් නොවන බවට නිවැසියන් දිව්රුම් පෙත්සමකින් දැනුම් දී තිබූ බවත් සඳහන් වෙයි. නායයාම් සහ ගංවතුර  උවදුරු වලින් පීඩාවට පත්වෙන පහත් බිම් ප්‍රදේශවල ජනතාව අදාළ ආයතන මගින් සිදු කෙරෙන රතු දැනුම්දීම්වලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම කිසි විටෙකත් අවතක්සේරු නොකළ යුතු බවට මේ සිද්ධිය පාඩමකි. එහෙත් එම පාඩම ඉගෙන ගැනීම ජීවිත 04ක් අහිමිවීමක් මතින් සිදුවීම බලවත් කනගාටුවකි.

කොළඹ ඇතුළු දිස්ත්‍රික් නවයකටම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනය පවසයි. මෙවැනි ස්වාභාවික ආපදා සම්බන්ධයෙන් නිකුත් කෙරෙන නිවේදනවල දැක්වෙන තොරතුරු පිළිබඳව බොහෝ දෙනකු මතකයේ රැඳෙන්නේ පීඩාකාරී තත්ත්වය පහව යනතුරු පමණි. ඇතැමුන් එම නිවේදන මෙයට අදාල නොවන සේ සලකා ඉක්මනින් මතකයෙන් බැහැර කරති. ගංවතුර ගලා  නිවෙස්වල වහළය මතට නැග ගන්නා තත්ත්වයක් එනතුරු සමහරුන්ට සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැත. ජලයට යට වූ ඇතැම් නිවෙස් සහ ගොඩනැගිලි ඉදිකර  තිබෙන්නේ අනවසරයෙන් බවට ද චෝදනා එල්ල වෙයි. මෙවැනි අනවසර ඉදිකිරීම්වලට  තල්ලුව දුන් බලවතුන් තමන්ගේ සගයන් ගංවතුරෙන් කරවටක් ගිලුනුවිට පැත්ත නොබලන බව ද රහසක් නොවේ.

කෙසේ වුව ද මහවැස්සෙන් යට වූ හැම පළාතකම එසේ වූයේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් යැයි අපි නොකියමු. එහෙත් නිවෙසක් හෝ කිසියම් ගොඩනැගිල්ලක් හෝ ඉදිකරන විට නීත්‍යානුකූල ලෙස නිසි ප්‍රමිතියකට ඉදිකිරීමට සැලකිලිමත් වන්නේ නම් ආපදාවක දී ඇතිවන පීඩාකාරී තත්ත්වය යම් තරමකට හෝ අඩුකර ගත හැකිය. එසේම නාය යාම් පිළිබඳව සිදු කෙරෙන පූර්ව අනතුරු ඇඟවීම්වල දී අධි අවදානම් ප්‍රදේශවල සිටින නිවෙස්හිමියන්ට විකල්ප විසඳුම් සමග එය ලබාදිය හැකි නම් එය ඉතා වැදගත් වනු ඇත. අමාරුවෙන් හදාගත් නිවෙස හැර දමා මහ මගට බැසීමට කිසිවකුත් කැමැති නැත.

ඒ සමග ගම්පහ නගරයට ගංවතුරින් සිදුව ඇති හානිය කෙරෙහි ද රජයේ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු යැයි පෙන්වා දීමට කැමැත්තෙමු. ඉතා විශාල ජනගහනයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරය ද ඇතුළුව ප්‍රදේශ ගණනාවක්ම වැස්සෙන් දරුණු ලෙස පීඩාවට පත්විය. ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් එක්ලක්ෂ හැට දහසකටත් අධික ජනතාවක් ජල ගැලීම්වලින් අවතැන්ව සිටිති. ගම්පහ නගරය අඩි 07කටත් වඩා ජලයෙන් යටවීම නිසා එම නගරය ‘‘වැනීසිය’’ ක් බවට පත්ව තිබිණි. මේ රටේ රාජ්‍ය පාලනයේ ඉහළම ස්ථානවල වැජඹෙමින් ධුර දැරූ බලවත් පුද්ගලයන් සෑහෙන සංඛ්‍යාවක් සිටියත් දවස් දෙක තුනක වැස්සෙන් ගම්පහ නගරයම ජල තටාකයක් බවට පත් වූයේ කෙසේද? යන්න වහාම සොයා බැලිය යුතු යැයි අපි සිතමු. එයට ද අනවසර ගොඩනැගිල හේතු වී ඇත්නම් එවැනි ඉදිකිරීම් කළ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එපමණක් නොව එවැනි ඉදිකිරීම්වලට ආධාර සහ අනුබල දුන් දේශපාලන බලවතුන් සිටී නම් ඔවුන් කවුදැයි හෙළි කිරීම ද අවශ්‍යය.

ස්වාභාවික ආපදා ඇතිවීම අපට වැළැක්විය නොහැක. එහෙත් එයින් ජනතාවට සිදුවන ජීවිත හා දේපළ හානිය අවම කර ගැනීමට සැලසුම් සහගතව ඉදිකිරීම් අවශ්‍ය බව පෙන්වා දීමට කැමැත්තෙමු. එසේම දැනට පීඩාවට පත්ව සිටින සියලු දෙනාට අවශ්‍ය සියලු සහන  ප්‍රමාදයකින් තොරව ලබාදෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙමු.

(***)



අදහස් (2)

ගංවතුර – නායයාම් හානි අවම කර ගනිමු

pakeer Tuesday, 08 June 2021 06:05 PM

සේරම අනවසර ඉදිකිරිම් දේශපාලනය බලය මත සිදු කෙරෙන ඒවා

:       1       6

Piyadasa.ariyapala. Tuesday, 09 November 2021 10:36 AM

සෑම අංශයකින්ම අප පිඩාවට පත්වෙමින් ඇත.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site