IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ගම්පහට කසල වලින් නව විදුලි බලාගාරයක්

 (විනීතා එම්  ගමගේ) 

ගම්පහ දිස්ත‍්‍රික්කයේ එකතුවන කැලි කසළවලට ස්ථිර විසඳුමක් ගෙනෙමින් කසළවලින් විදුලිය නිපදවන විදුලි බලාගාරයක් වත්තල කෙරවලපිටියේ දී බ්‍රහස්පතින්දා (10) මුල් ගල තැබීමට නියමිතය.

කසල මෙට්‍රික් ටොන් 700 ක ධාරිතාවක් ඇති මෙම බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 240 ක විදුලිය එකතු කෙරෙනු ඇත.

කොරියානු සමාගමක් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ ජී එස් පී වේස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම  සහ ඊ එම් එල් කන්සල්ටන්ට් පෞද්ගලික සමාගම විසිනි. මෙය රුපියල් බිලියන 1200 කට ආසන්න ආයෝජනයකි.

ඉදිරි වසර දෙක තුළ ඉදිකර නිම කිරීමට නියමිත බවත් සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි එකක් ලෙස පවත්වා ගෙනයාමට කටයුතු කරන බවත් ව්‍යාපෘති සමාගම වන කේ සී එච් ටී ලංකා ජැන්ග් පෞද්ගලික සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුමිත් ජයවර්ධන මහතා පවසයි.

කසල දහනයෙන් විදුලිය නිපදවී එහිදී ජනනය වන අළුවලින් දුම සමඟ පිටවන අළු  අරුවක්කාලූ කසළ රඳවනය වෙත යැවීමටත් පතුලේ තැන්පත් වන අළු ඉදිකිරීම් කර්මාන්තයේ දී අවශ්‍ය විවිධ ගඩොල් වර්ග නිපදවීමටත් යොදා ගැනීමට නියමිතය.

දුම සමඟ පිටවන අළු විෂ සහිත බැවින් එය චිමිනිය ඔස්සේ ඉහළට යා නොදී එකතු වීමට සළස්වා පැකට් ලෙස ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇත.

දිනකට ටොන් 600 ක කසල විදුලිය නිපදවීම සඳහා යොදාගත හොත් එයින් මෙවැනි දුවිලි අළු ටොන් හයක් පමණ ඉවත් කිරීමට සිදුවනු ඇත. 

කසල දහනය කරන සුවිසල් කුටීරය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 850 ට රත් කරනු ලබන අතර වියලා ගත් කසල එතුළට දමනු ලබයි. දැඩි ලෙස රත්වූ කසල දැවීම ආරම්භ වීම සඳහා ඩීසල් පොම්ප කර කසල ඇවිලීමත් සමඟ ඩීසල් පොම්ප කිරීම නවතනු ලබයි.

මෙම කුටීරයේ ඇතිවන උණුසුමින් ජල බොයිලේරුවක් රත් වීමට සලස්වන අතර විදුලිය නිපදවනු ලබන්නේ එහි වාෂ්ප වලින් වැඩ කරන ටර්බයිනයකින් මඟිනි.

ගම්පහ දිස්ත‍්‍රීක්කයේ දැනට ජනනය  වන කසල ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ක් පමණ වේ.

දැනට අවිධිමත් ඒවා අවිධිමත් ලෙස පරිසරයට මුදා හැරීම නිසා පරිසරය දුෂණය වේ

කෙසේ වෙතත් වැඩිවන ජනහහනය සමඟ භූමිය අහිමිවීම හේතුවෙන් කැලි කසල සඳහා  නිවැරදි විසඳුම් නොලැබීම ජාතියේ අවාසනාවක් වී ඇති යුගයක මේ විදුලි බලාගාරය ගම්පහ දිස්ත‍්‍රීක්කයට ආශිර්වාදයක් වනු ඇත.    

  

 



අදහස් (11)

ගම්පහට කසල වලින් නව විදුලි බලාගාරයක්

Ruwani Tuesday, 08 August 2017 08:55 AM

මේක වත් කරයි ද?

:       5       40

නුමා Tuesday, 08 August 2017 09:32 AM

ඉතාමත් කාලෝචිත ව්‍යාපෘතියක්.

:       1       111

නුමා Tuesday, 08 August 2017 09:33 AM

ඉතාමත් කාලෝචිත ව්‍යාපෘතියක්. ජපානයේ මෙවැනි බලාගාරයක් නිරීක්ශනය කොට තිබෙනවා. වටහා ගැනීමට අපහසු, කොරියානු සමාගමක් ව්‍යාපෘතිය කලාට, සැලසුම නම් චීන අකුරු වලින් ලියා තිබෙන්නේ. අඩුම ගණනේ ජපන් වත් නොවෙයි.

:       67       6

නුමාTuesday, 08 August 2017 11:32 AM

බොහොම හොඳයි. කාට කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න සිංහලෙන් සැලැස්ම ඉදිරිපත් කලාට. ජපානයේ මුලින්ම ආ කල ප්‍රතිචක්‍රීකරණය නොකරන කුණු ගිනිතබන බව දැන සිටියත්, එසේ කරන්නේ මන්ද යන්න දැන සිටියේ නැහැ. බලාගාරය නැරඹීමෙන් පසුව සියල්ල පැහැදිලි වුන. ඉතිරිවන අළුවලින් සාදන ගඩොල් වැනි කැටයේ සවිශක්තිය විශ්මය ජනකය(විශේෂයෙන්ම පාරවල් වල ඇතිරීම සඳහා සකස් කරනු ලැබේ). මෙතැන dislike කරපු ය මම හිතන්නේ කවදාවත් වාර්තාවක් සාදා නැතුව ඇති. ප්‍රවෘත්තියට අදාල සටහන් ඉදිරිපත් කිරීම කල යුතු දෙයක්. කොරියානු අකුරු ගැන දැනීමක් නොමැතිනම් අද දවසේ අන්තර්ජාලය භාවිතාවෙන් අකුරු හැඩරුව බලාගන්න පුළුවන්. කලින් තිබුනේ චීන අකුරු. සටහන සඟවා වෙනස් කලද, දැන් ලිපිය සම්පුර්ණයි. :)

:       0       0

PerakumTuesday, 08 August 2017 04:08 PM

නුමා, ඔබ කියන අන්දමට ව්‍යාපෘතිය විශ්වසනීයත්වයකින් තොර බව හැඟේ. අන්තිමට නැති ප්‍රශ්නයක් ඇති වේද? අපි යහපත් බලාපොරොත්තු තියාගෙන ඉමු.

:       0       0

ිඋ Tuesday, 08 August 2017 09:33 AM

රුපියල් බිලියන 1200 කට ආසන්න ආයෝජනයකි....?

:       0       11

WasanthaWednesday, 09 August 2017 05:27 AM

ගොඩක් වැඩි ඊට අඩුවට මගේ ළඟ ව්‍යාපෘතියක් ඇත.

:       0       0

ravin Tuesday, 08 August 2017 12:39 PM

කාලෝචිතයි වැඩේ සාර්ථක වෙයි දෙසපලුවෝ ගෑවුනේ නැත්නම්.

:       0       0

menna Tuesday, 08 August 2017 12:45 PM

විෂ සහිත අළු පැකට් කරනවා කියනවා. ඒවාට මොනවද කරන්නේ, එකට විසදුමක් හොයන්න වෙනම කර්මාන්ත ශාලාවක් තිබුනොත් හොඳයි. කුණු වලට වඩා හානියක් වෙයිද? මම අහන එක ධනාත්මකව ගන්න. විහිලුවට කමෙන්ට් කරනවා නොවේ. අපිත් කැමතියි ලංකාව පිරිසුදු රටක් වෙනවනම්.

:       0       10

buddika Tuesday, 08 August 2017 02:17 PM

කරනවා නම් මෙන්න හොද වැඩ , සාර්ථක වී කුණු ප්‍රශ්නයට විසදුමක් ලැබේවා

:       0       0

disanayaka Wednesday, 09 August 2017 10:44 AM

මේවා තමයි වැඩ. හැබැයි කෙලින්ම ජනපති හරහා අධීක්ෂණය වුණානම් හොඳයි. නැත්තම් ඇමතිවරු ගසාකනවනේ. ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානත් රටපුරා ඇතිකළ යුතුයි. එයින් ඉහළ ආදායම් උපයාගත හැකියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1071 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site