(අජිත්ලාල් ශාන්තඋදය)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නල්ලතන්නිය සහ අවට වතුආශ්‍රීත ප්‍රදේශවලින් කඳුකර කොටි හෙවත් පැන්තර පාදුස්, මදුවලට හසුවීමෙන් ගෙවුණු පස්වසර තුළ කොටි මරණ 14ක් වාර්තා වූ බව වනජිවී දෙපාර්තමේන්තුවේ සමනල ස්වභාව රක්‍ෂිතයේ වනසත්ත්ව අඩවි ආරක්‍ෂක ඩී.පී සියාසිංහ මහතා පැවසීය.

එළඹෙන ශ්‍රීපාද සමයත් සමග සමනල කඳු ආශ්‍රිතව වෙසෙන කඳුකර කොටියන් වතුකරයේ ඇතැම් පිරිස් ,වනසතුන් අල්ලා ගැනීමට අටවන මදුවලට ගොදුරුවීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා මේ දිනවල පැවැත්වෙන වැඩසටහනක් අතරතුරදී සියාසිංහ මහතා මේ බව කීවේය.
සිරිපා සමයේ වන්දනාකරුවන් පමණක් නොව ඇතැම් පිරිස් විනෝද චාරිකා සඳහා කණ්ඩායම් ලෙස ශ්‍රීපාද අඩවියට සංක්‍රමණය වන අතර එවැනි විනෝදයට එන පිරිස් දඩමස් ඉල්ලීම නිසා දඩමස් විකිණීමට සතුන් අල්ලා ගැනීමට මදුගැසීමෙන් ගම්වදින කඳුකර කොටියා ද මදුවලට හසුවන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ වතු අධිකාරීවරුන්, වතු කාර්ය මණ්ඩලය, වතු ජනතාවට කඳුකර කොටියා සම්බන්‍ධයෙන් දැනුවත් කර මදුවලට එවැනි කොටියෙක් අසුවු විට ඒ සතා මරණයෙන් මුදවා ගැනීමට වනජීවිය එනතුරු ක්‍රියාකළයුතු ආකාරය ගැන දැනුම සහ උපදෙස් මෙම වැඩසටහන් වලදී ලබාදීම සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ සියාසිංහ මහතා මෙසේද කීවේය.
‘ලෝකයේ බිලාල කුලයේ සත්තු වර්ග 15න් ලංකාවේ ඉන්නේ පැන්තරා පාදුස් කොටියා විතරයි. කඳුකර ප්‍රදේශයේදි මේ සතා කඳුකර කොටියා කියලත් හඳුන්වනවා. මිට අමතරව ලෝකයේ බිලාල පවුලේ කුඩා සත්තු විශේෂ 33ක් ඉන්නවා. ඒ සත්ත්ව විශේෂ 33න් වර්ග තුනක් ලංකාවේ ඉන්නවා. ඒ තමයි කොළ දිවියා, හඳුන්දිවියා සහ වල් බළලා. මේ සත්තු අතරින් කොළ දිවියා සහ හඳුන් දිවියා යන වර්ග දෙක කඳුකර ප්‍රදේශවල දැකිය හැකියි.
කඳුකරයේ වනාන්තර ආශ්‍රීතව වෙසෙන වල් ඌරෝ, මීමින්නෝ, වැනි වනසත්තුන් අල්ලාගන්න වතු ආශ්‍රීත ජනතාව මදු අටවනවා. කැලෑවේ ඉඳලා ආහාර හොයාගෙන ගම්වලට එන කඳුකර කොටියත් මේ මදුවලට අහුවෙනවා. ඒ නිසා කඳුකර කොටියා මොනවගේද කියන එක වතුආශ්‍රිත ජනතාවට අවබෝධයක් ලබාදීමට අපේ දෙපාර්මේන්තුව දැන් වතු ජනතාව දැනුවත් කරනවා. පිංතූර වගේම වීඩියෝ වැඩසටහන් මගින් ඒ දැනුම ලබාදෙනවා.’
COMMENTS
මේ කොටි පවුලට අයත් දිවියා කියන සතා. ලංකාවේ කොටියන් නැහැ. කොටියාගේ ඇඟේ ඉරි තිබෙනවා. දිවියාගේ තිබෙන්නේ පුල්ලියි. මෙසේ දිවියන් විශාල ප්‍රමාණයක් මරාදමා තිබියදීත්, මේ මස් වැද්දන්ට දඬුවම් නැහැ. සිංහල මිනිහෙකුට නම් තිබෙන සියලුම නීති හා උපරිම දඬුවම් ක්‍රියාව යෙදෙනවා. ඒත්, පුඩු තබන්නන් අල්ලා දඬුවම් කිරීම වෙනුවට එම වතු මස් වැද්දන්ට වීඩියෝ පෙන්නන්නත් පටන් අරන්. මේවාට දඬුවම් දීමට රජයට ඇත්තේ බියක්. ඒකට කියන්නේ තොන්ඩමාන් භීතිකාව කියලයි.
ඕනෙම ජෛව පද්ධතියක දිගු කලීන පැවැත්මට යම් සමතුලිතතාවක් තිබිය යුතුයි. මෙහිදී දත යුතු කරුණක් නම් සමහර සතුන්ට ස්වභාවික විලෝපිකයින් නොමැති බැවින්, ඔවුන්ගේ වර්ධනය යම් කෘතීම අයුරකින් පාලනය කල යුතු බවකි. එසේ නොකලොත් දිගු කාලීනව සිදුවන්නේ මේ සතුන්ගෙන් මිනිසුන්ගේ පැවැත්මට හානියක් සිදුවීමයි. ලංකාවේ ප්‍රධාන වශයෙන් දිවියන් සහ වල් අලින් මේ ගණයට වැටෙයි. සුද්දන් විසින් මෙම සතුගේ වර්ධනය පාලනය කරන ලද්දේ වෙඩි තැබීමෙනි. මෙය අදත් ඔවුන් සමහර රටවල කැන්ගරුවන්, ගෝනුන්, මුවන් වැනි සතුන්ගේ ගහනය පාලනයට කිරීමට කරන දෙයක්. ප්‍රාණගාතය අකුසලයක් බැවින් ලංකාවේ මිනිසුන් මෙවැනි දෙයට පසුබට වෙයි. නමුත්, මිනිසුන්ගේ පැවැත්ම සඳහා අකමැත්තෙන් හෝ මෙවැනි සතුගේ ගහනය පාලනය කිරීමට යම් පියවර ගත යුතුයි.
ඔය සතාට ලංකාවේ සිංහලෙන් කියන නම තමයි කොටියා. ලංකාවේ නැති සතෙකුට කොහොමද සිංහලෙන් නම් දාන්නේ? ඕක උනේ එල්.ටී.ටී.ඊ. එක තමන්ගේ ලාංඡනේට සහ නමට ටයිගර් කියන ඉන්දියානු සතාව යොදා ගැනීම.... මේ ටයිගර් කියන සතාට සිංහලෙන් නමක් නැති නිසා ඌත් කොටියා උනා. අන්තිමට ඌ කොටියා වෙලා ලංකාවේ හිටපු එකා දිවියා වෙලා.
“ඇතැම් පිරිස් විනෝද චාරිකා සඳහා කණ්ඩායම් ලෙස සිරිපා අඩවියට සංක්‍රමණය වන අතර එවැනි විනෝදයට එන පිරිස් දඩමස් ඉල්ලීම නිසා දඩමස් විකිණීමට සතුන් අල්ලා ගැනීමට මදුගැසීමෙන් ගම්වදින කඳුකර කොටියා ද මදුවලට හසුවන බව ඔහු පෙන්වා දුන්නේය…..” හෝටල්, ආපනශාලා වල වල් ඌරැ මස්, ගෝන මස්, හා මස් (Hare) ආදිය මිනිස් පරිභෝජනය සඳහා පිරිනැමීම තහනම් කරන්න. එවිට මෙම ඉල්ලුම නතර වනු ඇත. එවිට මෙම සුන්දර සතුන්ට නිදහසේ ජීවත් වීමට හැකි වනු ඇත! ප්‍රශ්නය වන්නේ එය තහනම් කිරීමට අදාළ නිලධාරීන්ට අවශ්ය ද නැද්ද යන්නයි!
ලංකාවෙ කොටියා දිවියා කියා හදුන්වන්නෙ එකම සතා. බෙදුම්වාදී කොටියගේ විතරයි ඉරි තියන්නෙ... අනිත් ඇත්ත කොටින්ගෙ ඉරි නැහැ. පුල්ලි තියන්නෙ. ඉරි තියන සතාට සිංහලෙන් නමක් තියනවා. ඒ ව්‍යාග්‍රයා...