අපේ රටට ආර්ථික ගැටලු කෙතරම් තිබුණත් කෝටි ගණන් මුදල් මකර කටට තල්ලුකරන ව්‍යාපෘතිවලින් අඩුවක් නැත. වරින් වර අප මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් රට දැනුවත් කර තිබේ. එහෙත් ඒ වැඩකට නැති ව්‍යාපෘති නවතා දැමීමට කාගේවත් උනන්දුවක් නැත. ජාතික විගණන කාර්යාලය පසුගියදා නිකුත් කළ අලුත්ම වාර්තාවකින් වෘත්තීය පුහුණු අධිකාරියේ සිදුවූ එවැනි නාස්තිකාර වැඩක් පිළිබඳ විස්තර හෙළිකර තිබිණි.
විගණන කාර්යාලයේ අදාළ වාර්තාවට අනුව එහිදී නාස්ති වූ මුදල රුපියල් කෝටි 14 ක් වශයෙන් සඳහන් වෙයි. නාස්තියට හේතුව වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුව ලබන සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අහංගම හෝටල් පාසල කෝටි 14 ක මුදලක් යොදවා සංවර්ධනය කළත් එයින් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීමය. 2019 වසරේදී සංවර්ධනයකර තිබූ එම හෝටලයෙන් පසුගිය වසරේ ජුනි 30 වැනිදා දක්වා කිසිදු ආධුනිකයකුට ප්‍රායෝගික පුහුණුව ලබාදී නොතිබිණි. කොවිඩ් වසංගතයට කොටුවූ කාලය අතහැර දැමුවත් සෙසු කාල සීමාවල දී හෝ එම හෝටලයෙන් පුහුණුව ලබාදීමට වෘත්තිය පුහුණු අධිකාරිය අසමත්වී ඇති බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.
එකී අධිකාරියට සම්බන්ධ තවත් මූල්‍යමය අක්‍රමිකතා ගණනාවක්ද එම විගණන වාර්තාවෙන් මතුකර දක්වා තිබිණි. විශ්‍රාම ලැබූ සේවකයන් 35 දෙනකුගෙන් එම අධිකාරියට අයවිය යුතු රුපියල් කෝටියකට අධික මුදලක් පසුගිය වසරේ ජුලි මාසය වනවිටත් අයකර ගැනීමට අපොහොසත්වීම, එම අධිකාරියට රාජ්‍ය ආයතන රැසකින් ලැබිය යුතු රුපියල් ලක්ෂ 55 කට වැඩි මුදලක් අයකර ගෙන නොතිබීම, සංවර්ධන ව්‍යාපෘතියක අරමුදලට පටහැණිව පරිගණක පාඨමාලාවක් සඳහා රුපියල් කෝටියක් වැයකර පරිගණක 30 ක් සහ උපාංග මිලදී ගැනීම එම අක්‍රමිකතා අතර වෙයි.
මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ගනු ලැබූ පියවර කුමක්දැයි පැහැදිලි නැත. එසේත් නැත්නම් අයකරගැනීමට තිබෙන මුදල් ගජමිතුරු සංකල්පයේ ගොදුරු බවට පත්වී අධිකාරියේ ගිණුම්වලට බැරවිය යුතු මුදල් යම් යම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට තැන්පත්වී තිබෙනවා විය හැකිය.
පුහුණුව ලබාදීම සඳහා හෝටලය අවශ්‍ය බවට තීන්දු තීරණ ගනිද්දී ඒ සඳහා පුහුණුව ලබන පිරිස යොමු කිරීමට නිසි වැඩපිළිවෙළක් ද සැකසිය යුතුව තිබිණි. කොවිඩ් වසංගතය හරස් වූවා නම් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ද හැකියාව තිබිය යුතුය. වෘත්තිය පුහුණු අධිකාරියට පාලක මණ්ඩලයක් පත්කර තිබෙන්නේ ඒ ඒ අවස්ථාවලට ගැළපෙන ආකාරයට තීන්දු ගැනීමට පමණක් නොව එසේ සිදු නොවන්නේ නම් සහ දූෂණ සහ අක්‍රමිකතා සිදුවන්නේ නම් ඒවාට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත්ය. ඒ කිසිවක් සිදුනොවන්නේ නම් එහි වගකීම පාලක මණ්‍ඩලය මත පැවරෙන බවද සඳහන් කළ යුතුය.
අපේ රටේ බොහොමයක් මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් සුළු හේතුවක් පෙන්වා මහවැඩවලින් කර ඇරීමට උපන් හපන්කමක් දක්වන්නෝ වෙති. මෙවැනි අක්‍රමිකතා ඉහටත් උඩින් වාර්තාවෙද්දී ඒ සියලු දේ නොදැක්කා සේ මෙන්ම නො ඇසුණා මෙන් සිටීමට ද ඔවුන්ට ඇත්තේ සුවිශේෂී හැකියාවකි. එහි ප්‍රතිඵලවලින් බැටකන්නේ මෙරට ආර්ථිකයයි.
වෘත්තීය පුහුණු අධිකාරියට මෙහිදී හෝටලයෙන් ප්‍රයෝජන නොගැනීම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ සමාවට කරුණු ඉදිරිපත් කළ හැකි බව ද අපි දනිමු. පහසුම පිළිතුර වනු ඇත්තේ කොවිඩ් වසංගතයේ බලපෑමයි. එහෙත් ලොවේ වෙනත් රටවල් කොවිඩ් වසංගතය හමුවේ ක්‍රියා කළ ආකාරයත් ඉන්පසුව තමන්ගේ රටවල ආර්ථිකය ගොඩනංවාගත් ආකාරයත් පිළිබඳ සුළු හෝ හැදෑරීමක් කළහොත් අපේ රටට සිදුවී ඇති ආර්ථික වින්නැහියට හේතු සොයා ගැනීම අපහසු නැත.
කෝටි ගණන් වතුරේ යවන නාස්තිකාර ව්‍යාපෘති කිරීමට ලොවේ බොහෝ රටවල්වල දැන් ඉඩක් නැත. එවැන්නක් සිදුකළහොත් එහි වගකීම දැරූ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වෙයි. අපේ රටේ ඒ දෙකම කෙරෙන්නේ නැත. බදු ගෙවන ජනතාවට එම නාස්තිකාර ක්‍රියාවල වන්දිය ගෙවීමට සිදුවීම ලොකුම කරුමයයි.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි ගණන් වතුරේ යැව්වේ කාගේ ඕනෑකමටද?