අද ශ්‍රී ලංකාවේ අපනයන භෝග වර්ග රාශියකි. ඒවා කෘෂිකාර්මික, කාර්මික, ඛනිජ හා වර්ග නොකළ අපනයන වශයෙන් වර්ග කර ඇත. එහෙත් මීට වසර 200 කට පමණ පෙර සිට කරුංකා පිටරට යවා ශ්‍රී ලංකාව ඉහළ ආදායමක් ලබා තිබිණි. අද කරුංකා පිටරට යැවීමත් තහනම්ය. ඇතැම් පාසල් යන කුඩා දරුවන් කරුංකා යනු කුමක්ද කියාවත් නොදන්නා තරම්ය.එහෙත් පසුගිය සතියේ සිට කරුංකා පිළිබඳ ප‍්‍රවෘත්ති මාධ්‍යයෙන් අනාවරණය විය. එතෙරින් ආ කරුංකා රැුගත් කන්ටේනර් 370 ක් වරායේ හිරවී තිබීම පිළිබඳව මෙම ප‍්‍රවෘත්ති පළවිය. නීතිමය ප‍්‍රශ්න ගණනාවක් නිසා ඉන්දුනීසියාවෙන් ආනයනය කරනලද කන්ටේනර් 370ක් රේගුව රඳවා තබා ගෙන සිටින බව එම වාර්තාවයි.
රේගු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම කරුංගා තොගය ඉන්දුනීසියාවේ සිට ඉන්දියාවට ගෙන යන කරුංකා තොගයකි. ශ්‍රී ලංකාව එහි හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනෙනවා මිස මෙරටට ගෙන ආ තොගයක් නොවේ.
රටේ පවත්නා නීතියට අනුව කරුංකා තොග හුවමාරුවේදී ඒවා වරායෙන් එළියට නොඑන බව සඳහන් වේ. එහෙත් හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් ඉන්දුනීසියාවෙන් ඉන්දියාවට ගෙන යන කරුංකා කන්ටේනර් සඳහා විදේශ විනිමය උපයා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවස්ථාව සැලසී ඇත. ඒ අනුව වරාය ගාස්තුව, ගුදම් ගාස්තුව සැපයීම් ගාස්තු හා ඒජන්සි ගාස්තු වශයෙන් මුදල් අයකර ගැනීම සිදු වේ. එය ලංකාවට ආදායම් මාර්ගයකි.
කරුංකා අපනයන දැන් සිදු නොවුණත් ව්‍යාපාරිකයන් ඉතා සුළු පිරිසක් ඉන්දුනීසියාවෙන් වියළි පුවක් ගෙඩි ගෙන්වා මෙරටදී ඒවා පිරිසිදු කර ඉන්දියාවට යවා ඇත. කරුංකා ආනයනය තහනම් කර ඇතත් ඉන්දුනීසියාවෙන් ආනයනය කරනු ලබන කරුංකා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයක් ලෙසින් ඉන්දියාවට යැවීමේ ජාවාරමක් කර ඇති බව දැන ගන්නට තිබේ.
දේශපාලනඥයකුගේ සම්බන්ධතාවක් මත පවත්වා ගෙන ගිය මෙම ජාවාරම ඉතාම ජයට කෙරී ඇති බව වාර්තාවේ.
කරුංකා ආනයනය හා අපනයනය යන අවස්ථා දෙකේදීම නිරෝධයන සහතිකය වැදගත්වේ. සත්ව හා ශාක සඳහා හානිදායක නොවන බවට මෙම නිරෝධාන සහතිකය මගින් සනාථ කරනු ලබයි.
ඉන්දුනීසියාවෙන් වැඩි වශයෙන් ඉන්දියාවට යවන කරුංකා කන්ටේනර් සඳහා නිරෝධයන සහතික එම රටින්ම ගෙන එනු ලැබුවත් දැන් මෙරටට ගොඩබා ඇති කරුංකා කන්ටේනර් 370 සඳහා නිරෝධයන සහතික ඉදිරිපත් වී නොමැති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය මාස 3 ක පමණ කාලය තුළ ඉන්දුනීසියාවේ සිට ඉන්දියාවට යැවීම සඳහා ගෙන්වන ලද කන්ටේනර් 370 ක් මෙසේ රඳවා ගෙන සිටිති. වසරකට කරුංකා රැුගත් කන්ටේනර් 1000 කට වැඩි ප‍්‍රමාණයක් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යැවෙයි.
මෙවර මේ වසරේ මුල් මාස තුන ඇතුළත එවන ලද කරුංකා කන්ටේනර් සඳහා නිරෝධයන ආනයනික බලපත‍්‍ර නොමැතිවීම බලවත් ප‍්‍රශ්නයක් වී ඇත. මෙම කන්ටේනර් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි විසිනව ලක්‍ෂ පනස් දහසක් පමණ වන බව රේගුවේ ප‍්‍රකාශකයෙක් කීය.
නිරෝධයන බලපත‍්‍ර පරීක්‍ෂා කිරීමකින් තොරව මෙම කරුංකා තොගය නිදහස් කරන ලෙසට දේශපාලන බලධාරියකු රේගු නිලධාරින්ට බලපෑම් කර තිබෙන බවද වාර්තාවේ.
මෙතෙක් මෙම කරුංකා කන්ටේනර් සඳහා නිරෝධයන බලපත‍්‍ර මෙරටින් නිකුත් කර නොමැති බව සඳහන් වේ.
නිරෝධයන සහතික ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මගින් අදාළ බලධාරින්ට නියම කර ඇතත්, මෙතෙක් ඒ සඳහා ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තා වේ.
රේගුව මගින් නියම කරනු ලබන නිශ්චිත කාලයක් ඇතුළත දී නිරෝධයන සහතික ඉදිරිපත් කිරීමට නොහැකි වුව හොත් කරුංකා පිළිබඳව තීන්දුවක් ගැනීමට රේගුව තීරණය කරනු ඇතැයි වාර්තාවේ.
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කාගෙද මේ කරුංකා?
රන්ජිත් Monday, 01 June 2015 06:45 PM
අපිත් දැනගන්න කැමතියි ඔය කියන දේශපාලන බලධාරියා නොහොත් හොර දේශපාලුවා කවුද කියලා.මිනිහාට මේ පාර ගමට එන්න දෙන්නේ නැහැ.... (නි)
හංසි Thursday, 21 May 2015 10:21 AM
දැන් දැන් හොර ජාවාරම් සියල්ල එලි වෙනවා ඒ නිසා බලා ගෙන (ම)
කිරි ගමරාල Friday, 22 May 2015 08:55 AM
ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වැඩිම අපනයන ආදායම ලැබෙන්නේ කරුන්කා අපනයනයෙන්.(හේ)
චතු Thursday, 21 May 2015 05:26 PM
ඇයි අපේ තියන පුවක් රට අරින්න බැරි ? ගම්වල මිනිස්සුන්ට හොද අාදායමක් හොයා ගන්න තිබුනනේ .(ත)