IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය බවය. බිලීගේ මවටත්, පියාටත් එය විහිළුවට කාරණාවක් විය.

‘පොඩි දරුවන් එක එක විදියේ අමුතු කතා කියනවා, ඒවාට හිනා නොවී කොහොමද?’ බිලීගේ මව සහ පියාගේ අදහස වූයේ එයයි. කෙසේ නමුත්, කාලය ගතවෙද්දී, ඩයනා කුමරිය ගැන බිලීගේ දැනුම සහ ඩයනා කුමරිය ගැන බිලී කී දේවල්, විහිළුවක් යැයි බැහැර කළ නොහැකි බව මවුපියන්ට වැටහුණි. බිලී පවසන ඇතැම් දේ, ඔහු දැනගත්තේ කෙසේදැයි යන්න ගැටලුවක් විය. බිලී ඒ දේවල් දැනගත්තේ කෙසේදැයි යන්න ප්‍රහේලිකාවකි.

මුලින්ම, ඩයනා කුමරිය ගැන කියන්න පටන් ගනිද්දී, බිලීට, යාන්තම්, අවුරුදු හතරක් වූවා පමණි. බිලීගේ මව, ලීසා බ්‍රිතාන්‍ය ජාතික ඕස්ට්‍රේලියානු කාන්තාවකි. ඇයට ඇගේ යෙහෙළියක සුබ පැතුම් පතක් දී තිබුණු අතර, එහි වූයේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ සිතුවම් කළ රූපයකි. සුබ පැතුම් පත දුටු බිලී, එහි වූ ඩයනා කුමරියගේ රූපයට ඇඟිල්ල දිගු කරමින්, ‘බලන්න. මේ ඉන්නේ මම. මම කුමාරිකාවක්’ යැයි කීවේය. බිලීගේ මව, පියා හෝ පවුලේ වෙනත් ඥාතියකු හෝ බිලීට ඇසෙන්න හෝ බිලී සිටින තැන හෝ ඩයනා කුමරිය ගැනත්, බ්‍රිතාන්‍ය රජ පවුල ගැනත් මීට පෙර කිසිවක් පවසා තිබුණේ නැත.

ඩයනා කුමරිය, රිය අනතුරකට ලක්වීමෙන්, අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්තේ, බිලී ඉපදීමට වසර 18 කට පෙරය. බිලීගේ පියා, ඩේවිඩ් කැම්බල්ය. ඩේවිඩ්, ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය රූපවාහිනී තරුවකි. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. නිවේදකයෙකි. ඩයනා කුමරිය සම්බන්ධයෙන් හෝ බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් නිවසේ පොතපත ද නැත. පවුලේ කිසිවකු ඩයනා තුමරිය ගැන හෝ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් ගැන හෝ කතාබහ කරන්නේ ද නැත. එසේ නම්, බිලී ඩයනා කුමරිය ගැන මෙතරම් දේ දන්නේ කෙසේද යන්න ඩේවිඩ්ට ගැටලුවක් විය. බිලීට වැඩිමල් සොහොයුරකු සහ සම වයසේ සොහොයුරියක ද සිටින නමුත්, ඔවුන් බිලී මෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් ගැන දොඩන්නේ නැත. බිලි සහ එම ඇගේ සොහොයුරිය නිවුන්නුය.

බිලී කැම්බල්, ඔහුගේ ‘පුතුන් දෙදෙනා’ ගැන දිගින් දිගටම කියද්දී, මව සහ පියා ඒ ගැන හාරඅවුස්සන්න වූහ. බිලී තම ‘පුතුන් දෙදෙනා’ යැයි කියන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ රජ කුමාරවරුන් දෙදෙනා වන විලියම් සහ හැරීට බව වැටහුණි. විලියම් සහ හැරී, ඩයනා කුමරියගේ පුතුන් දෙදෙනා වන අතර, ඔවුන්ගේ පියා, අද බ්‍රිතාන්‍යයේ කිරුළ දරණ තෙවැනි චාල්ස් රජුය. විලියම් කුමරු බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයාය.

බිලීගේ සීයා, එසේත් නැතිනම් බිලීගේ මව ලීසාගේ පියා, ස්කොට්ලන්තයේ උපන් ඕස්ට්‍රේලියා රොක් සංගීතඥයකු වන ජිමී බාන්ස්ය. ජිමී බාන්ස්, ඕස්ට්‍රේලියාවේ පමණක් නොවෙයි, ස්කොට්ලන්තයේ ද ජනප්‍රිය වී සිටි රොක් ගායකයෙකි. ජිමී බාන්ස්, ස්කොට්ලන්තයේ සිටිද්දී, ඔහුගේ මිතුරකු ද සමඟ නිතර නිතර ස්කොට්ලන්ත මාලිගයක් නැරැඹීමට ගිය අයෙකි. බිලී, ඒ සම්බන්ධයෙන් සහ එම මාලිගය සම්බන්ධයෙන් විස්තර පවසා ඇත. මේ මාලිගයේ තැනිත් තැන යුනිකෝන් සතුන්ගේ රූප නිර්මාණය කර ඇත. යුනිකෝන් යනු ස්කොට්ලන්තයේ ජාතික සත්වයාය. යුනිකෝන් මිත්‍යා සත්වයෙකි. ඩයනා කුමරිය ලෙස තමන් එම මාලිගයේ සිටි බවත්, තමන් ජිමී බාන්ස් සිටිනු දැක ඇති බවත් බිලී ඔහුගේ මවටත් පියාටත් පවසා තිබේ. මේ රජ මාලිගය, ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් වතුයායේ, බැල්මෝරල් මාලිගයයි. මෙය බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනට අයත් රජ මාලිගාවකි. තෙවැනි චාල්ස් රජු, ඔටුන්න හිමි චාල්ස් කුමරු සිටිද්දී, වේල්සයේ කුමරිය ලෙස ගරු නාමයෙන් හැඳින්වුණු ඩයනා කුමරිය සමඟ මෙම බැල්මෝරල් මාලිගයේ ද කාලය ගත කළේය.

ඩයනා කුමරිය හෙවත් වේල්ස් කුමරිය, 1961 වසරේ ජූලි 1 වැනිදා උපත ලැබුවාය. මෝටර් රථ අනතුරින්, ඇය මියගියේ 1997 අගෝස්තු 31 වැනිදා ය. ඇය චාල්ස් රජුගේ (එදා චාල්ස් කුමරු) පළමු බිරිඳය. 1981 වසරේ දී, පාසල් ගුරු සහායිකාවක ලෙස සේවය කරමින් සිටියදී ඇය දෙවන එලිසබත්ගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරු සමඟ විවාහ ගිවිස ගත්තාය. විවාහ මංගල්‍යය, 1981 වසරේ ජූලි මාසයේ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේදී පැවැත්විණි. බ්‍රිතාන්‍ය වැසියන්ගේත් ලෝකවාසීන්ගේත් ආදරය දිනූ ඩයනා කුමරියට, ‘වේල්සයේ කුමරිය’ යන ගෞරව නාමය හිමිවිය. පුණ්‍ය කටයුතුවල නියැලෙමින්, ඩයනා කුමරිය කළ මෙහෙවර අසමසමය. චාල්ස් ඩයනා විවාහය දෙදරා ගියේ, ආරම්භයේ සිට පැවැති නොගැලපීම නිසා බව අමුතු​ෙවන් කිවයුතු නැත. 1992 වසරේ දී චාල්ස් කුමරු සහ ඩයනා කුමරියගේ වෙන්වීම සිදුවිය. 1996 දී ඔවුහු දෙදෙනා දික්කසාද වූහ. ඩයනා කුමරිය, 1980 සහ 1990 දශකයේ නිරූපිකාවක ද වූවාය. 1997 වසරේ අගෝස්තු 31 වැනිදා, ප්‍රංශයේ පැරිස් අගනුවර උමං මාර්ගයක සිදුවුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූවාය. මෙය ලෝකයම කැලඹූ, ලෝකය උඩු යටිකුරු කළ පුවතක් විය.

බිලිගේ මව ලීසා, බිලීට, ඩයනා කුමරියගේ ඡායාරූප පෙන්වන්න වූයේ බැල්මෝරල් මාලිගය සම්බන්ධයෙන්, බිලී පැවැසූ තොරතුරුවලින් පුදුම වෙමිනි. ඡායාරූපවල සිටින්නේ තමා බවත්, තමා කුමාරිකාවක බවත් බිලී මවට පැවැසීය. ‘එක දවසක්, පොලිස් රථවල නළා හඬ මට ඇසෙන්න වුණා. ඊට පස්සේ මම තවදුරටත් කුමාරිකාවක වුණේ නැහැ.’ බිලී එම ඡායාරූප බලමින් පැවැසුවේය. තම පුතුට, ඩයනා කුමරියගේ මතකයන් ඇති බව ලීසාටත්, ඩේවිඩ්ටත් වැටහුණේ ඒ අනුවය. පැහැදිලි කළ නොහැකි තවත් කරුණක් ඇත. තමන් ඩයනා කුමරිය බවත් තමන්ට ‘ජෝන්’ නමැති සොහොයුරෙක් සිටි බවත් බිලී පවසා ඇත. එහෙත්, ඩයනා කුමරියට ‘ජොන්’ යනුවෙන් සොහොයුරකු නැත. ඩයනා කුමරියගේ සොහොයුරා ද චාල්ස් ය. එසේ වුවත්, ඩයනා කුමරියගේ පවුලේ ඉතිහාසය ගැන සොයා බැලීමට ලීසා සහ ඩේවිඩ් කටයුතු කළේය. පුදුමයට කරුණක් වූයේ ඩයනාගේ මාපියන්ට, තවත් පිරිමි දරුවකු උපත ලැබීය. ඒත් අවාසනාවන්ත ලෙස ඒ දරුවා පැය කීපයකින් මියගොස් ඇත. ඒ ඩයනා උපදින්නට පෙරය. මේ දරුවා ‘ජෝන්’ යනුවෙන් නම් තැබීමට ඩයනාගේ මාපියන් තීරණය කර තිබුණු බව පැවැසෙයි.

 

(***)

ලු‍සිත ජයමාන්න

ඕස්ට්‍රේලියා මාධ්‍ය ඇසුරිනි

 



අදහස් (1)

ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය

dileepa1986 Friday, 06 September 2024 02:00 PM

බෞද්ධයින් වශයෙන් අපට එය අරුමයක් නොවෙයි. මෙම පුවත සත්‍ය වුවත් අසත්‍ය වුවත් බුද්ධ දර්ශනයේ සඳහන් නැවත ඉපදීම විශ්වාස කරන අන්‍යාගමිකයන් සිටීම සතුටට කරුණක්. මට මතක් වෙනවා මුලු ඉන්දියාව තුළම චිත්‍රපටයක් වන පීකේ නම් හින්දි චිත්‍රපටයේ කිසිම අවස්ථාවක බුද්ධාගම හෝ භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව සටහන්ව නෑ.

:       10       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site