IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා මිහින්තලා රජමහා විහාරයේ විදුලිය විසන්ධි කෙරුණි. ඒ සම්බන්ධයෙන් මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියන් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර උණුසුම් මත ප්‍රකාශවීමක්ද සිදුවිය. රටට අලුත් දේශපාලන කඳවුරක් නිර්මාණය කළ යුතු බව පවසමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ ඒ සඳහා විශේෂ වෙහෙසකින් කටයුතු කරති. ඒ අතරවාරයේදී මිහින්තලා රජමහා විහාරයේ කටයුතු සඳහා යොදවනු ලැබ සිටි සිටි ආරක්ෂක අංශ සාමාජිකයෝ ඉවත් කරනු ලැබූහ. දැන් මිහින්තලා රජමහා විහාරයට සම්බන්ධ අලුත් පුවතක් වාර්තා වී තිබේ.

අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයට අයත් අනුලා චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ හිමිනමක අතර ඇතිකරගෙන ඇතැයි කියන වසරක ගිවිසුම අවලංගු කරන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇති බවය.

ලක්දිව භික්ෂුණි ශාසනයේ ආරම්භක ස්ථානය ලෙස සැලකෙන ඓතිහාසික වටිනාකමකින් යුත් මිහින්තලේ අනුලා සෑය මිහින්තලේ රජමහා විහාරස්ථානය යටතේ පාලනය වන විහාරස්ථානයක් බවත් එහි භාරකාරත්වය මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ හිමියන් යටතේ පවතින බවත් මල්වතු මහ නාහිමියෝ එම ලිපියෙන් පෙන්වාදී ඇත්තාහ. එහෙත් මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේත් හා මිහින්තලා රජමහා විහාරාධිපති මාහිමියන්ගේ අනුදැනුමකින් තොරව අනුලා සෑය සංවර්ධනය කිරීම සඳහා බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා සහ වෙනත් හිමිනමක සමග දස වසරක ගිවිසුමකට ගොස් ඇති බවත් මහ නාහිමියෝ පෙන්වා දෙති.

මල්වතු මහ නාහිමියන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉහත කරුණු සොයා බලා එම ගිවිසුම අවලංගු කරන ලෙසය. එපමණක් නොව එහි සංවර්ධන කටයුතු මහ නායක හිමිවරුන්ගේ සහ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ අනුදැනුම මත විනිවිද භාවයකින් ඓතිහාසික උරුමය ආරක්ෂා වන පරිදි කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.

‘වෙච්ච දේට වඩා කරගත්ත දේ බරපතළ’ බවට කියමනක් වහරේ එයි. බුද්ධ සාසන හා සංස්කෘතික අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයෙන් වහරේ එන කියමන නිතැතින්ම සිහියට නැගීම වැළැක්විය නොහැකිය.

බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා යනු රජයේ නියෝජිතයෙකි. බුදු දහමට ප්‍රමුඛත්වය දී ආරක්ෂා කිරීම රජයේ වගකීම බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද සඳහන්ය. එමගින් කියැවෙන්නේ බුදු දහමේ ආරක්ෂාව රජය තම වගකීමක් ලෙස සලකන බවය. එසේනම් බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යවරයාගේ වගකීම වන්නේ ඒ වෙනුවෙන් කළමනා කටයුතු සංවිධානය කිරීමය. ඒ හැරුණු විට බුද්ධ ශාසන ඇමතිවරයා යනු බුද්ධ ශාසනයේ අයිතිකරුවා නොවේ. මල්වතු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙන්වා දෙන පරිදි එම කටයුතු සිදුවිය යුත්තේ මහානායක හිමිවරුන්ගේ සහ අදාළ විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා මතය.

ගිහියකු සඟ සතු දේපොළ පරිහරණය කළ විට ඊළඟ ආත්ම භවයේදී පෙරේතයන් පිසාචයන් සහ කුම්භාණ්ඩයන් ලෙස ඉපදෙන බවට මතයක් පැරැණි සමාජයේ පැවැතිණි. ඇත්තම කතාව නම් පැරැණි සමාජයේ කියමන් අලුත් සමාජයටද මනාව ගැළපෙන බවය.

(***)



අදහස් (2)

ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්

Deepal Nirosh Friday, 19 April 2024 07:51 PM

අනේ මන්දා? ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට නම් රජ මඟුල් කිව්වාලු.

:       0       8

Nimal Saturday, 20 April 2024 07:59 PM

මිහින්තලය වැනි අපේ බෞද්ධ සංස්කෘතියේ මුදුන් මල්කඩකට, දේශපාලන හේතූන් නිසා, කුඩම්මාගේ සැලකිලි දක්වන රජයක් තමයි අපට ඇත්තේ...

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site