IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


එන්නත්කරණයට ආණ්ඩුවේ පියවර අගය කළයුතුයි

ගත වූ වසර දෙක පුරා ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රධාන පුවත් මැවූයේ කොරෝනා වසංගතය ආශ්‍රයෙනි. හිටි අඩියේ පැනනැගුණු මෙම මහා වසංගතයෙන් මානව ජන ජීවිතය සේම ලෝක ආර්ථිකය ද මුහුණ දුන්නේ දැවැන්ත අර්බුදයකටය. ලෝකයේ ප්‍රබල රටවල් මෙන්ම දුබල රටවල් ද කොරෝනා වසංගතයෙන් ගැලවීමේ මාර්ගය ලෙස තෝරාගත්තේ එන්නත්කරණයයි. එන්නත්කරණය සිදුකිරීමේ වේගය හා ඵලදායීත්වය අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ද (W.H.O.) ශ්‍රී ලංකාව මෙහිදී ප්‍රශස්ත මෙහෙවරක යෙදී සිටින බවට සහතිකයක් ලබා දී තිබේ. එය මෙරට සෞඛ්‍ය සේවාවටත්, එන්නත්කරණයට වෙහෙස මහන්සි වන ත්‍රිවිධ හමුදා ප්‍රමුඛ ආරක්ෂක අංශයටත්, ඒ සඳහා පෞද්ගලිකවම කැපවුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ගෞරවයක් වන බව සඳහන් කරනු වටී.

මෙරට එන්නත්කරණය පසුගිය කාලය පුරාම නොයෙක් දෙනා අතර විවාදාපන්න මාතෘකාවක් බවට පත්ව තිබුණි. මුල්ම අවස්ථාවේ ශ්‍රී ලංකාවට එන්නත් නොලැබෙන බවට පළ වූ දේශපාලන අනාවැකි ගණනාවකි. එන්නත් මිලදී ගන්නට රටේ මුදල් නැතැයි ද සමහරු ප්‍රචාරය කළහ. ජනාධිපතිවරයා සහ රජය මෙම ප්‍රචාරවලට උත්තර නොබැඳ තමන්ගේ ශක්තිය එන්නත් සපයා ගැනීමටත්, ජනතාවට ඒවා ලබාදීමටත් කැප කළේය. එන්නත්කරණය යහපත් ක්‍රියාවක් මිස දේශපාලන ප්‍රතික්‍රියාවක් කරගත්තේ නැත. ඇතැමුන් එන්නත්කරණය විවේචනය කරද්දී එන්නතින් දේශපාලනය නොකර රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් ක්‍රියා කිරීම මෙහිදී කැපී පෙනුණි. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව සැපැයීම බරපතළ ප්‍රශ්නයක් වූයේ ඒ අතරය. ඊට හේතුව ඉන්දියාවේ කොරෝනා තත්ත්වය බරපතළ වීම නිසා එන්නත් නිපදවන සමාගම සියලු‍ බාහිර ඇණවුම් අවලංගු කර දැමීමයි. එහිදී අපට උදව්වට ආවේ ජපානයයි. දැන් ඇස්ට්‍රාසෙනිකා අර්බුදය ද විසඳී තිබේ.

2020 වසරේ සිට මෙරට එන්නත් මිලදී ගැනීම සඳහා රජය මේ දක්වා වැය කරන ලද මුදල රුපියල් කෝටි 2,400ක් පමණය. කිසිදු දේශපාලන හෝ වෙනත් භේදයකින් තොරව එන්නත රටේ ජනතාවට ලැබේ. නිල සංඛ්‍යා දත්ත අනුව මෙරට සමස්ත ජනගහනය 2,19,19,000කි. එන්නත්කරණය සඳහා තෝරා ගැනෙන වයස අවුරුදු තිහට වැඩි ජනගහනය 1,14,96,906 දෙනෙකි. මේ සතියේ සඳුදා වනවිට කිසියම් එන්නතක පළමු මාත්‍රාව ලබාදුන් ජන සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබුණි. එයින් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ජන සංඛ්‍යාව 21,56,377ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ නවතම වාර්තා පෙන්වා දෙයි. එය සමස්ත එන්නත්කරණ ඉලක්කයෙන් සියයට 19ක ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකාවේ දැන් කොරෝනා එන්නත් හිඟයක් ද නොමැත. මේ සතිය වනවිට ප්‍රධාන එන්නත් වර්ග වන ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, සයිනොෆාර්ම්, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වලින් මාත්‍රා 1,46,47,506ක් (එක්කෝටි හතළිස්හය ලක්ෂ හත්දහස් පන්සිය හයක්) ශ්‍රී ලංකාවට ලැබී තිබුණි. සෙසු ආසියාතික රටවල් හා සසඳන විට මෙය විශාල ජයග්‍රහණයක් බව කීම යුක්ති යුක්තය.

මේ වනවිට කොරෝනා එන්නත්කරණය ඉලක්කගත වැඩසටහනක් බවට පත්ව තිබේ. කොරෝනා ව්‍යාප්තිය බහුල බස්නාහිර පළාතේ එන්නත්කරණය වේගවත් කරන්නට ත්‍රිවිධ හමුදා රණවිරුවන් දවසේ පැය විසිහතර පුරාම එන්නත්කරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් සුවිශාල කැපවීමකින් ක්‍රියා කරනු පෙනේ. යුද ජයග්‍රහණයේදී ඔවුන් කළ කැප කිරීම මෙන් මෙහිදී ආරක්ෂක අංශවල කැපවීම ප්‍රශස්ත හා ප්‍රශංසනීය බව සඳහන් කරන්නේ ඔවුන්ට ගෞරව පිණිසය. ජනාධිපතිවරයා එන්නත්කරණය සම්බන්ධයෙන් ලබා දී ඇති ඉලක්ක අනුව අගෝස්තු මාසය තුළ වයස අවුරුදු තිහට වැඩි සියලු‍ දෙනාට එන්නත සැපැයීමටත් සැප්තැම්බරය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ එන්නත් අවශ්‍ය සියලු‍ම දෙනාට එන්නත් මාත්‍රා ලබාදීමත් බලධරයන්ගේ සැලසුමයි.

එන්නත්කරණය මෙන්ම අප රටට එන්නත් ලබාගැනීම ද පහසු කරුණක් වූයේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව ධනවත් රටවල් විසින් ලොව පුරා ඖෂධ සමාගම් විසින් නිපදවන ලද එන්නත්වලින් සියයට 90ක් පමණ මිලදීගෙන තිබේ. සෙසු දියුණු වන රටවල් සියල්ලටම මිලදී ගන්නට ඉතිරි වූයේ එන්නත්වලින් සියයට 10ක් පමණි. එබඳු අධික තරගකාරීත්වයක් තුළ ශ්‍රී ලංකාවට මෙතරම් ඉක්මනින් අවශ්‍ය (ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ) එන්නත් ප්‍රමාණවත් තරම් ලබාගන්නට හැකි වීම විශාල ජයග්‍රහණයකි.

සාර්ථක එන්නත්කරණය මධ්‍යයේ එන්නත් ලබාගත් අයගේ සංගණනයක් පැවැත්වීමට ද රජය සැලසුම් කර තිබේ. එහෙත් කවර හේතුවක් නිසා හෝ එන්නත් ලබා නොගන්නා පිරිසක් ද සමාජයේ සිටින බව වාර්තාගතය. ඔවුන් අතර පැතිර පවත්නා ඇතැම් අදහස් මිථ්‍යා සංකල්ප මිස විද්‍යාත්මක පදනමින් පොහොසත් ඒවා නොවේ. එන්නත් වෙනුවට පැණි වර්ග, දියර වර්ග හෝ දුම් කුඩු වර්ගවලින් කොරෝනා සුව වූ බවක් අප අසා නැත. එන්නත ගත් අයට ද රෝගය වැළඳීමේ ඉඩක් පවතී. එහෙත් එය උණ, සෙම්ප්‍රතිශ්‍යාව මෙන් සරල රෝගී තත්ත්වයක් ලෙස පැවැතීමත්, මාරාන්තික අනතුරු අඩු කිරීමත් කැපී පෙනෙන බව විශේෂඥයෝ පවසති. එම නිසා රටෙන් කොරෝනා තුරන් කිරීමට හෝ සමනය කිරීමට හෝ ඇති එකම විසඳුම එන්නත්කරණය පමණි. ඒ හා සමානව ජනතා සහාය ද මේ සඳහා අවශ්‍ය වෙයි. එන්නත්වල සාර්ථකත්වය රඳා පවතිනුයේ සෞඛ්‍ය අංශ මගින් දෙනු ලබන උපදෙස් හරි හැටි පිළිපැද්දොත් පමණි. දෙවැනි එන්නත් මාත්‍රාවට අමතරව තුන්වැනි එන්නත් මාත්‍රාවක් අවශ්‍ය නම් එය ද ජනතාව වෙත සපයා දෙන ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධරයන්ට උපදෙස් දී තිබේ.

රටේ සමස්ත ජනතාවගේ සුව සෙත පිණිස කෙරෙන එන්නත්කරණය දේශපාලන ව්‍යාපෘතියක් නොවේ. එය දේශපාලනීකරණය කරන්නට ගිය මොරටු නගරාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක කළ ආකාරයෙන්ම එම සත්‍යය පැහැදිලි විය. එනිසා ජාතියේ හිත සුව පිණිස කෙරෙන එන්නත්කරණයේ ප්‍රතිලාභය ලබාගැනීම ජනතාවගේ යුතුකමය. වගකීමය. ඒ ගැන දෙවරක් සිතන අයට මේ වනවිට කොරෝනා වසංගතයට ලෝ පුරා ලක්ෂ හතළිහක් ජනතාවගේ වටිනා ජීවිත ගොදුරු වී ඇති බව පමණක් සිහිපත් කරනු කැමැත්තෙමු.

(***)



අදහස් (1)

එන්නත්කරණයට ආණ්ඩුවේ පියවර අගය කළයුතුයි

යථාර්ථය Thursday, 05 August 2021 05:25 PM

සාමාන්‍ය තරමින්වත් රටක් ගෙනයාමට එන්නත්කරණය හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවට විද්‍යානුකූලව හා තර්කානුකූලව සිතීම ආරම්භ කලේ පැණි බෙදා මුට්ටි ගඟට අතහැරීමෙන් පසුවයි. රාජ්‍ය අංශයේ ඉහළම තන්ත්‍රය මෙලෙස ක්‍රියා කරන අයුරු දුටු, දුරදක්නා සැලසුම් අනුව සැමදා වැඩ කරන පෞද්ගලික අංශයේ අයට නම් මෙය පුදුම සහගත විය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site