IMG-LOGO

2025 ජනවාරි මස 26 වන ඉරිදා


එදා - මෙදා දේශපාලක අමුතු කතා

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබුණේම නැත. සියලු‍ අතින් ඈලි මෑලි ගතියක් මුළු ලංකාව පුරා පැවතුණි.

ආණ්ඩුව නම් රටපුරා විවිධ තැන්වලට බස් රථ යොදාගෙන සෙනඟ ගෙන්වා රැස්වීම් තබමින් යනු දක්නට විය. එම රැස්වීම්වල අප ඇසූ කතාවල දක්නට ලැබුණු ප්‍රධාන ලකුණක් වූයේ ජනාධිපති අනුර කුමාර මහතා තවදුරටත් තමා විපක්ෂයේ සිටින ලෙස දැක් වූ අදහස් ය. ඔහුගේ කතාවල පූර්ණ වශයෙන් තිබුණේ මැසිවිලි හා චෝදනා ය. මෙම ලිපිය තුළ ඒ පිළිබඳව ද, ඊට හේතු වූ කාරණා පිළිබඳව හා මැතිවරණ උනන්දුව ජනතාව අතරින් පහවී යාමට හේතුව සාකච්ඡා කරනු ඇත.

ආණ්ඩුවේ මැතිවරණ වේදිකාවෙන් වහනය වූ ප්‍රධාන හැඟීම් වූයේ වෛරය මෙන්ම කෝපය ද වර්ධනය කරන කතා වීම කනගාටුදායක තත්වයකි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින්ම එසේ කිරීම ඊටත් වඩා කනගාටුදායක තත්වයකි. පසුගිදා අවසන් වූ ජනාධිපතිවරණ වේදිකාවේ සමාජ කොටස් අතර එකිනෙකා කෙරෙහි වෛරය දනවන කතා කොහොමත් අසන්නට ලැබුණි. අප සිතුවේ ජනාධිපතිවරණය අවසන් වූ පසු එම තත්වය පහව යනු ඇතැයි සිතා ය. එහෙත් එවැන්නක් සිදු නොවුණ බව මහමැතිවරණ වේදිකාව මතින් ජනාධිපතිවරයා හරහා ඇසුණු කතාවලින්ම පැහැදිලි විය.

ජනාධිපතිවරයා වෛරී හැඟීම් දැනවීමට විශේෂයෙන්ම යොදා ගත්තේ හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ පදවි නිසා ලැබුණු හිමිකම් හා වරප්‍රසාදය. ඕනෑම රටක ජනාධිපතිවරුන්ට හා අගමැතිවරුන්ට යම් වරප්‍රසාද ලැබේ. ආරක්ෂාව හා එම ආරක්ෂාව සපයා දීම සඳහා නිලධාරින් වාහන සහ උපකරණ ඒ අතර වේ. රටකට එක්තරා නිශ්චිත මොහොතක ජනාධිපතිවරුන් සීයක් හමාරක් නැත. ඉන්නේ උපරිම දෙතුන් දෙනෙකි. ඔවුන්ට අවශ්‍ය වරප්‍රසාද දීමට රාජ්‍ය බැඳී සිටී. කෙසේ වෙතත්, සාමාන්‍ය පොදු ජනතාවට මේ පිළිබඳ පුළුල් අවබෝධයක් නැති නිසා හිටපු ජනාධිපතිරුන්ට ලැබෙන යම් යම් පහසුකම් ගැන උලු‍ප්පා දක්වන විට ඔවුන් අතර නරක හැඟීම් ඇතිවිය හැකි ය. ඒ පුද්ගල ස්වභාවයයි. “බලන්න එයා කෝකියන් 16ක් ඉල්ලනවා. අපේ ගෙවල්වල එක කෝකියෙක් ඉන්නව ද” වැනි කතා ජනාධිපතිවරයා කියනු දක්නට හැකි ය. ඇත්ත වශයෙන්ම මෙම කෝකියන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට කෑම පිළියෙළ කිරීමට ම නොවේ. ඔහුගේ ආරක්ෂාව බාරව සිටින නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයක් ද සිටීයි. ඔවුන්ට ද අවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් සැපයිය යුතු ය. “ඒ විතරක් ද, කුඩ 10ක් ඉල්ලනව එයා” යනුවෙන් ජනාධිපති අනුර කුමාර වේදිකාවේ සිට ම මහඬින් උච්චාරණය කරන්නේ ය. කුඩ ඉල්ලන්නේ හිටපු ජනාධිපතිවරයකුට ඉහළාගෙන යෑමට නොවේ. ඔහුගේ ආරක්ෂකයන්ට ඒවා අවශ්‍ය වේ. මනා ආරක්ෂාවක් සැපයීම සඳහා අව්වැසි නොබලා මෙම නිලධාරීන් කටයුතු කළ යුතු ය.

ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව සැපයීම පිළිබඳ ජනතාවට දක්වන ලද අදහස් ද අතිශයින්ම දෝෂ සහිත හා ජනතාව නොමග හරින සුළු ය. ඔහු ප්‍රකාශ කළේ ව්‍යවස්ථාවේ දක්වා ඇති ලෙස ආරක්ෂාව ලබාදෙන බවයි. ව්‍යවස්ථාවේ එවැනි කරුණු දක්වා නැත. ඇත්ත වශයෙන්ම ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ආරක්ෂක තක්සේරු වාර්තා පදනම් කරගෙන ය. එම වාර්තා පදනම් වන්නේ ඒ ඒ පුද්ගලයන්ට තිබෙන ආරක්ෂක තර්ජන මත ය. ඒ නිසා සෑම ජනාධිපතිවරයකුටම වෙන වෙනම ආරක්ෂක තක්සේරු වාර්තා තිබේ. ඒ අනුව දෙනු ලබන ආරක්ෂාවේ ප්‍රමාණය ද එකින් එක වෙනස් ය. ජනාධිපතිවරයා මතු නොව, අගමැතිවරිය ද මේ “ව්‍යවස්ථාව මත පදනම්ව ආරක්ෂාව ලබා දෙන” බවට වන ප්‍රකාශ ප්‍රසිද්ධ මාධ්‍යවල කරනු දක්නට ලැබුණි.

එවන් තත්වයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද ආරක්ෂාව විශාල ලෙස අඩුකිරීමට කටයුතු කර තිබේ. මෙරට සැමගේ ජීවිත ආරක්ෂාව සහතික කරමින් සාමය ගෙනා ඔහුගේ ආරක්ෂාව අඩු කිරීම සාහසික අකෘතඥතාවකි.

එක්කෝ ඉහත වැනි ප්‍රකාශ සිදු කරනු ලබන්නේ හුදු නොදැනුවත්කම නිසා ය. එසේ නැතිනම් දැන දැන ජනතාව නොමගහරිනු පිණිස ය. කෙසේ කුමන කරුණක් නිසා කළ ද මේවා ප්‍රසිද්ධ වේදිකාවේ අඬබෙර තැබීමට සුදුසු කාරණා නොවේ. දේශපාලකයන් පිළිබඳ මහජන වෛරය දැනවීම සඳහා යොදාගත යුතු කරුණු කාරණා ද නොවේ.

තවත් විටෙක ජනාධිපතිවරයා රැස්වීම් දෙක තුනකම කියන ලදුව මාධ්‍යවල විකාශය වූයේ පැරදුණු අය දැන් රෑට රෑට කොට්ටෙ බදාගෙන අඬනවත් ඇති වැනි ලාමක කතා ය. ජනාධිපතිවරයකුට තරම් නොවන නොපැසුණු කතා ය. මේ වැනි කතා විශ්ලේෂණය කළ විට පැහැදිලි වන්නේ, ජනාධිපතිවරයා ආණ්ඩුකරණය පැත්තකින් තබා තාමත් තම ජයග්‍රහණය පිළිබඳ ස්වයංවින්දනයක නිරත වෙමින් සිටින බවයි. ජය පරාජයෙන් එපිටට ගොස් රටේ පොදු යහපත සඳහා ජනතා සිත් සතන් ඒකරාශී කිරීමට තරම් යෝග්‍ය කතාවක් ඔහුගෙන් ප්‍රදර්ශනය නොවන බව පෙනේ. මෙහි දී ජනාධිපති අනුර කුමාර සිහියට ගත යුත්තේ තමා ජය ගත්තේ රටේ සුළුතර ඡන්දයකින් බවයි. එවන් තත්වයක දී ඔහුට ඡන්දය නොදුන්, ඔහුගේ වැඩපිළිවෙළ අනුමත නොකළ බහුතර ජනතා බලයක් තිබෙන බව ද අමතක නොකළ යුතු ය.

ජනාධිපතිවරයාට අද මේවා කතා කිරීමට සිදුව ඇත්තේ ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට හෝ රට ඉදිරියට ගෙන යෑම සඳහා හෝ සැලසුමක් හෝ වැඩපිළිවෙළක් නැති නිසාදැයි සිතේ. ජනාධිපතිවරණය පෙර වේදිකාවේ දී ශපත කළ කාරණා කිසිවක් කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ඕනෑම කෝදුවකින් මැන බැලු‍වද පැහැදිලි වන්නකි.

විශේෂයෙන්ම මූල ධාර්මික වෙනස්කම් ලෙස පොරොන්දු වූ කාරණා ඉටු කිරීමට ආණ්ඩුව සමත් වී නැත. අන්තර් ජාතික මූල්‍ය අරමුදල ගැන පැහැදිලිව ප්‍රකාශ වූයේ, පවතින ගිවිසුම වෙනස් කර ජනතා හිතවාදී එකක් ගෙනෙන බවයි. එහෙත් මේ වන විට හෙළි වී ඇත්තේ වෙනස් කිරීම තබා වෙනස් කිරීමට සාකච්ඡා කිරීමට හෝ ආණ්ඩුව අසමත් වූ බවයි. ඩීසල්, පෙට්‍රල් මිල අඩු කරන බව මාලිමා වේදිකාවේ මහත් හඬින් පොරොන්දු වූවකි. විශේෂයෙන්ම ඒවාට අයකරන ආණ්ඩුවේ බදු ඉවත් කිරීමෙන් එම සහනය දෙන බවට පොරොන්දු විය.

එහෙත් අද එම පොරොන්දුව කඩා ඇතිවා පමණක් නොව එසේ කඩා දැමීම ගැන බොරු ද කියන්නේ ය. මිල අඩු කළ නොහැකිව ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් පෞද්ගලික ඉන්ධන සමාගම් සමග ඇති කරගත් ගිවිසුම් නිසා බව දැන් කියන්නේ ය. ගිවිසුම් තිබේ. මෙම ලියුම්කරු එම ගිවිසුම් පරීක්ෂාවටද ලක්කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිල අඩු කිරීමට කිසිදු බාධාවක් ඒ තුළින් පනවා නැත. සිය කැමැත්තෙන් ඕනෑම සමාගමකට හෝ සංස්ථාවට මිල අඩුකළ හැකි වේ. සමාගම් ඇතුළු සියලු‍ දෙනාම මිල අඩු කළ යුතු නම්, ආණ්ඩුව කළ යුත්තේ ඉන්ධන ලීටරයකින් අයකරන බද්ද සමස්තයක් ලෙස අඩු කිරීමයි. එය පහසුම ක්‍රමය වේ. ජනාධිපති අනුර කුමාර මහතා එවක පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද කතා කළේ මේ බද්ද ගැන ය. අද ඒ ගැන කතාවක් හෝ නැත.

විශේෂයෙන් උපයන විට ගෙවන බද්ද හා වැට් බද්ද පිළිබඳ ජනාධිපතිවරණ වේදිකාවේ කී කතා දැන් සුළඟේ ගොස් තිබේ. අනුර කුමාර මහතාට ඡන්දය දුන් බොහෝ වෘත්තිකයන් එසේ කළේ උපයන විට ගෙවන බදු අඩුකර ගැනීම සඳහා ය. තමාට රජයේ වියදම් අඩුකර ගැනීම හරහා එම මුදල් ඉතිරිකර ගත හැකි බව ද ගණන් හිලව් ඇතිවම ප්‍රකාශ විය. එහෙත් පසුගිය දා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවක දී මේ පිළිබඳ විමසූ විට ජනාධිපතිවරයා ම ප්‍රකාශ කළේ ඉදිරි අයවැයක දී එම බද්ධ අඩු කිරීම සඳහා කටයුතු කරගෙන යන බවයි. අධ්‍යාපන හා ආහාර වැනි දෙයින් වැට් බද්ද සපුරා ඉවත් කරන බව වේදීකාවේ දී පොරොන්දු වුවද ඉහත රූපවාහිනී සංවාදයේ දීම ජනාධිපතිවරයා සඳහන් කළේ පොත් පත් ගැනීමට දුෂ්කර අය සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි. මේ වැනි කඩවුණු පොරොන්දු රාශියක් පසුගිය දින 50ට එකතු වී තිබේ.

අපට තිබෙන ප්‍රශ්නය මේවා ඉටු නොකිරීම නොවේ. එසේ කරන බවට නිශ්චිත පොරොන්දු ලබා දී ඒවා කඩ කිරීම ය. මේ සපුරා ජනතා ඇස්වලට වැලි ගසා ඡන්දය ලබා ගැනීමකි. අප මීට පෙරත් මෙම ලිපිවල කියා ඇති පරිදි, මහජනතාව වත්මන් ආණ්ඩුව විශ්වාස කළේ, ඔවුන්ගේ පොරොන්දු දීම් කඩනොකරනු ඇති බව වූ දැඩි විශ්වාසය නිසා ය.

පූර්ව මැතිවරණ ව්‍යාපාරය තුළ ඉතා ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නුම් කළේ මෙන්න මේ ඉහත කාරණා නිසා ය. මීට පෙර වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටි කාලය පුරා ප්‍රචලිත කළ මතයක් වූයේ ‘උනුත් එකයි මුනුත් එකයි’ කියා ය. එහෙත් පසුගිය දින 50 තුළ මහජනතාවට ඉතා හොඳින් ‘එහෙම කියපු උනුත් එකයි’ යන්නයි. මේ තත්වය ඡන්දදායකයා අතර විශාල ඉච්ඡාභංගත්වයක් ඇති කර තිබේ. ඔවුන් එය තාමත් හඬනගා උච්චාරණය කිරීමට කටයුතු නොකරනු ඇත. එහෙත් යම් ලජ්ජා සහගත බවක් ඔවුන් අතර ඇතිව තිබෙන සෙයකි. ජනාධිපති අනුර ඇතුළු ආණ්ඩුවට එය නොදැන සිටිය නොහැකි ය. ඔවුන් තාමත් විපක්ෂයේ ලෙස සිතමින් කටයුතු කරන්නේ ද, ඉහත ඉච්ඡාභංගත්වය ජනතාවට අමතක කරවීම සඳහා සමාජ වෛරී මනෝභාවයන් ඇති කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින්නේ ද මේ හේතූ නිසා ය.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (5)

එදා - මෙදා දේශපාලක අමුතු කතා

randil dunuwille Saturday, 16 November 2024 02:14 PM

රනිල්ට, මහින්දලාට, සජිත්ලාට රෙදි නැතිව කඩේ ගියාට ඔබේ අභිප්‍රාය වතුරේ ගියා නේද ...? ජනතාව දැන් හරි බුද්ධිමත්...

:       5       33

ගාමිණි අබේසිංහ Sunday, 17 November 2024 06:59 AM

ඉතාම සත්‍ය කරුණු කාරනා පැහැදිලිව ඉදිරිපත් කර තියෙනවා... ඇත්තෙන්ම හිටපු ජනාධිපතිලා බලය ලැබුණාට පස්සේ ඔවුන්ට පෙර හිටපු අයට ඇනුම් බැනුම් කිරීම් අහලාම නැහැ... වත්මන් ජනාධිපති පාර්ලිමේන්තුවේ ආසන 159ක් අරගෙන තිබුණා... වුණත් ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 40% ක් පමණයි ලබාගෙන තියෙන්නේ කියලා රංදිල් දුනුවිල්ලේට තේරුම් ගන්න මොළයක් නැති බව පේනවා... (මම හිතන්නේ ඔහුගේ නම දුනුවිල වෙන්න ඇති ඒත් සුද්දාට සිංහල වචන කියන්න බැරි නිසා දුනුවිල්ලේ හෝ දුනුවිල්ලියා කියපුදේ එහෙමම ලියන්නේ නැහැනේ ) තවත් එකක් කියන්නම්කෝ ☺️ ජනාධිපති මැදුරේ කුස්සියේ ආහාරපාන එකතුවක් තිබුණා.. ඒක ඔවුන්ගේ පරිභෝජනයට ගෙනාදේ කියලා ආන්දෝලනයක් ඇතිකළා.. ඒක එහි පැමිණෙන ආගන්තුකයින් වෙනුවෙන්ම තිබුණා... කියලා ආගන්තුක සත්කාර කරන ජනතාව දන්නවා වුණත් අනෙකුත් මුග්ධයින් දන්නේම නැහැ... එම ප්‍රචාරය මැතිවරණයේ ඡන්ද වැඩිවීමට හේතුවක් වුණා... ලංකාවේ ජනතාව ශාක්ෂියට අතින් ඉතාමත් ඉහළින්ම සිටිනවා වුණත් බුද්ධිමත් බවෙන් බිංදුවේ ඉන්නවා කියලා කියන්න පුළුවන්...

:       19       4

මැක්ස් Saturday, 16 November 2024 08:51 PM

ජනපති ප්‍රමුඛ මාලිමාවන්ට පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත ද විරුද්ධ පක්ෂය වශයෙන් ඇත්තේ තමන්ගේම වූ අතීතයයි. තමන්ම ඡන්දයට පෙරාතුව කළ කී දේය... කියූ බොරු කන්දරාවයි. ඒවා සමග සටන් කරමින් ජනතාව දුන් කප්පරක් බලාපොරොත්තු ඉෂ්ට කිරීම මාලිමා රජය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගයයි.

:       11       7

ජනරළ Sunday, 17 November 2024 01:06 PM

මේ මනුස්සයා මහා ලජ්ජා නැති විදියට අදහස් ඉදිරිපත් කරන්නේ. ඔය බදු පැනෙව්වේ ඔය දැන් ජනතාව විසින් පන්නලා දාපු දේශපාලුවන් ටික එදා පාර්ලිමේන්තුවේ පනත් ගෙනැල්ලා සම්මත කරගෙන. දැන් ඒවා ආපහු හරවන්න නම් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනෑ. ඒ පනත් සංශෝධනය කරන්න ඕනෑ. ඉතින් ඒක දැනදැනම මෙයා වෙන බහුබූත කතා කියකියා මිනිස්සු රවටන්න හදනවා. අනික රනිල්ගේ ආරක්ෂකයන් තිස් ගාණක් තියාගෙන එයාගේ රකින්න අහවල් දෙයක්ද තියෙන්නේ... රනිල්ට ඕන තමන් නිකම් රජ කෙනෙක් කියලා පෙන්න පෙන්නා ජීවත් වෙන්න. ඒ මිනිහෙකුට ඇති තර්ජනයක් නැහැ.

:       3       15

Ediri Sunday, 17 November 2024 10:25 PM

කථිකාචාර්ය කෙනෙක් වුණාට රෙදි නැතුව කඩේ යන්නේ. මිනිස්සු දැන් බුද්ධිමත්. දැන්වත් ඔය ගොන් අදහස් පැත්තකට දාලා ජනතාවගේ පණිවිඩේ තේරුම් ගන්න බලන්න. තේරෙන්නේ නැත්නම් කටපියාගෙන ඉන්න නොදන්නා මගුල් කතා නොකර...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ශ්‍රී දළදා මාලිගයට කළ කොටි ප්‍රහාරයට වසර 27 යි
2025 ජනවාරි මස 25 144 0

කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ගැඹුරු හඬින් රසිකයන් සැනසූ අනිල් භාරතී
2025 ජනවාරි මස 25 178 0

ජනප්‍රිය ගායක අනිල් භාරතී ටික කලක් රෝගාතුරව සිට පසුගිය 22 වැනිදා පානදුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස පානදුර මිනුවන්පිටි


ආරක්ෂාවේ ප්‍රභේද අවශ්‍යද?
2025 ජනවාරි මස 25 209 0

පසුගිය ඉරිදා කළුතර පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරියන්ට ප්‍රමාණව


කකුල් මාට්ටු දැම්මොත් ඉවරයි
2025 ජනවාරි මස 24 479 0

2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්‍


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 363 3

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


වැඩි බලතල පොලිස්පතිටද? කොමිසමටද?
2025 ජනවාරි මස 23 220 2

2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 19 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 551 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 648 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site