IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උතුරේ ඡන්ද ප‍්‍රතිඵලය රටට කියන පණිවිඩය

22-pg-17d--main-pgs  SLMA-17.qxd

 

 දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ හතරක එකතුවකින් සකස්වූ වසර ගණනාවක දිගු දේශපාලන අත්දැකීම් සහිත දේශපාලන සන්ධානයකි. නමුත් ඊ.පී.ඞී.පී. යනු තනි පක්ෂයක් වන බැවින් ඩග්ලස් දේවානන්ද මහතාගේ ජනප‍්‍රියත්වයට වඩා උතුරේ දෙමළ ජාතික සන්ධානය ජනතාව අතර ජනප‍්‍රිය යැයි අපට එකඑල්ලේම පැවසීමේ හැකියාවක් නැත.

 

 

ඉතිහාසය පිරික්සා බැලීමේදී මැතිවරණවලදී වැඩි ජයග‍්‍රහණයක් හිමිවී ඇත්තේ දෙමළ සාම්ප‍්‍රදායික පක්ෂවලටය. මෙවර මැතිවරණයේ ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදීද දක්නට ලැබෙනුයේද එම තත්ත්වයයි. දෙමළ සාම්ප‍්‍රදායික පක්ෂ ගත්කල ප‍්‍රධාන වශයෙන් පක්ෂ දෙකකි. පළමුවැන්න ෆෙඩරල් පක්ෂය ලෙස හැඳින්වෙන තමිල් අරසු පක්ෂයයි. වර්තමානයේ දෙමළ ජාතික සන්ධානය යනුවෙන් පෙනී සිටිනුයේ එම පක්ෂයේ සලකුණ යොදාගනිමින්ය. දෙවැන්න දෙමළ පාරම්පරික පක්ෂයක් ලෙස පිළිගැනෙන දෙමළ කොන්ග‍්‍රසයයි. සමස්ත ලංකා දෙමළ කොන්ග‍්‍රසය නමින්ද එය හැඳින්වෙයි. නිදහසින් පසුව පැවැති සෑම මැතිවරණයකදීම දෙමළ පක්ෂ අතරින් සැලකිය යුතු මට්ටමේ විශාල තරගයක් පැවතියේ මෙම තමිල් අරසු පක්ෂය හා දෙමළ කොන්ග‍්‍රසය අතරය. මෙවර පැවැත්වූ මහ මැතිවරණයේදීද දෙමළ ජාතික සන්ධානයට විශාල වශයෙන් අභියෝගයක් එල්ල කරන්නට සමත් වූයේද දෙමළ කොන්ග‍්‍රසයයි.

 

විශේෂයෙන්ම බයිසිකලය ලකුණෙන් ඉදිරිපත්වූ එම පක්ෂය දැඩි ලෙසම දෙමළ ජාතිවාදය වෙනුවෙන් නොව දෙමළ ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටි බව පැහැදිලි කරුණක්ය. එසේම දෙමළ ජාතික සන්ධානයට එල්ල වූ ප‍්‍රබලම චෝදනාව වූයේ දෙමළ ජාතිකවාදය වෙනුවෙන් පෙනී නොසිට ඔවුන්ගේ යම් යම් වාසිතකා රජය සමග සමීපව දේශපාලනමය ගනුදෙනුවල නිරතවන්නේය යන චෝදනාවයි.


අනෙක් අතට යුද්ධය අවසන් වීමත් සමගම නිරන්තර කතාබහට ලක්වූ යුද අපරාධ සම්බන්ධයෙන් දෙමළ ජනයාගේ පාර්ශ්වයෙන් පෙනී නොසිට ජාත්‍යන්තරය තුළ හඬක් නොනැගුවේය යන චෝදනාවද ඔවුනට සෘජුව එල්ල වූයේය. විශේෂයෙන්ම දෙමළ ජනතාව තමන්ගේ කතිරය මැතිවරණවලදී භාවිත කළේ තමන්ගේ ජාතියේ අනාගතය වෙනුවෙන්, ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කන්දෙන පක්ෂයක් බලයට පත්කළ යුතුය යන සිතිවිල්ලේ පිහිටා වුවද, දෙමළ ජාතික සන්ධානය තුළ සමස්ත දෙමළ ජාතීන්ගේ අනාගතය අනාරක්ෂිතය යන මතය දෙමළ ජනයා තුළ තහවුරු විය. නමුත් එම මතය තිබියදී වුවද දෙමළ ජාතික සන්ධානයට මැතිවරණ ජයගැනීමේ අවස්ථාව නිර්මාණය වී තිබිණි. මෙවර මැතිවරණ ප‍්‍රතිඵලය සලකා බැලූවිට එය මැනවින් තහවුරු වෙයි. දෙමළ ජාතික සන්ධානයේ සිටින වඩාත් නම්‍යශීලී ප‍්‍රතිපත්ති අනුගමනය කරන දේශපාලනඥයන්ට එරෙහිව මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී විශාල ලෙස හානිකර ප‍්‍රචාර අනෙකුත් දේශපාලන කණ්ඩායම් විසින් ගෙනයනු ලැබූවද දෙමළ ජනයා වැඩිවශයෙන් තම ඡන්දය ලබාදී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටය. ඒ තුළින් පෙනී යන්නේ දෙමළ ජනතාව අතිවිශාල ලෙස ජාතිවාදී අන්තයට යන ආකාරයේ ප‍්‍රචාරයන්ට අනුගත වූයේ නම් එලෙස දෙමළ ජාතික සන්ධානයට මේ ආකාරයෙන් ඡන්දය පාවිච්චි කරන්නේ නැත. එසේ නම් ඔවුන් ඡුන්දය පාවිච්චි කරනුයේ බයිසිකලය ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වූ දෙමළ කොන්ග‍්‍රසයටය. එනිසා කිසිදු අයුරකින් මෙවර ජාතිවාදී පදනමින් ඡුන්දය පාවිච්චි කළා යැයි ප‍්‍රකාශ කළ නොහැකිය. දෙමළ ජාතිකත්වය මත දෙමළ ජාතික සන්ධානයේ මතවාදය දෙමළ ජනතාව පිළිගෙන ඇති බව පැහැදිලිවම තහවුරු වෙයි.යුද්ධය පැවැති වකවානුවේ මෙරට පැවැති මැතිවරණ සැලකිල්ලට ගැනීමේදී පවා ඡුන්ද විශාල ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය අත්කරගනු ලැබුවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන ප‍්‍රවාහය විසිනි. මේ වතාවේ බැලූවද යාපනය දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය එක් ආසනයක්ද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මතවාදයට විරුද්ධ මතවාදයක් දරන ඊ.පී.ඞී.පී ය එක් ආසනයක්ද දිනාගෙන ඇත. එනිසා එයින් දෙමළ ජනතාව හුදෙක් එකම මතවාදයක නොසිටින බවද තහවුරු වෙයි.


එසේම දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ හතරක එකතුවකින් සකස්වූ වසර ගණනාවක දිගු දේශපාලන අත්දැකීම් සහිත දේශපාලන සන්ධානයකි. නමුත් ඊ.පී.ඞී.පී. යනු තනි පක්ෂයක් වන බැවින් ඩග්ලස් දේවානන්ද මහතාගේ ජනප‍්‍රියත්වයට වඩා උතුරේ දෙමළ ජාතික සන්ධානය ජනතාව අතර ජනප‍්‍රිය යැයි අපට එකඑල්ලේම පැවසීමේ හැකියාවක් නැත. සාමාන්‍යයෙන් දෙමළ ජාතික සන්ධානය තුළ ප්ලොට් ඊ.පී.ආර්.එල්.එෆ්. හා ටෙලෝ වැනි යුද සමයේ සටන්කාමී සංවිධාන නියෝජනය කළ සටන්කාමී පිරිස්ද ඒකරාශී වී සිටිති. එනිසා දෙමළ ජාතික සන්ධානයේ සංයුතිය සලකා බැලීමේදී ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ මතවාදයට විරුද්ධ මතවාදයක් දරන බොහෝ පිරිස්ද අන්තර්ගතය. ඉන්දු - ලංකා ගිවිසුමින් අනතුරුව ආයුධ අතහැර දේශපාලන ප‍්‍රවාහයට පිවිසි බොහෝදෙනා ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් මෙම සන්ධානයට එක්වූහ. දෙමළ ජනතාව ජාතිවාදී මුහුණුවරින් බැහැරව ජාතිකවාදීව මෙම සන්ධානය වටා වැඩිවශයෙන් කඳවුරු බැඳගෙන ඇත්තේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලනිකව හඬ නගන්නට දෙමළ ජාතික සන්ධානය පෙරමුණ ගැනීම නිසාමය.


අනෙක් අතට උතුරේ දෙමළ ජනතාව ජාතිවාදී හැඟීමකින් තොරව මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කරන බවට පැහැදිලිම නිදසුනක් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී කිසිදු කොන්දේසියකින් තොරව දකුණේ අපේක්ෂකයකු වෙනුවෙන් තම ඡන්දය පාවිච්චි කිරීමය. එසේම යාපනය දිස්ත‍්‍රික්කයෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයට ආසනයක් හිමිවූවා සේම ඉතිහාසයේ පැවැති සමහර මැතිවරණවලදීද එම පක්ෂයට දෙමළ ජනතාව ආසනයක් දිනාදීම සිදුවී ඇත. දිගුකාලීනව එක්සත් ජාතික පක්ෂයට ඔවුන්ගේ සහය ලැබිණි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයටද එම සහායම උතුරේ දෙමළ ජනතාව ලබාදී ඇත. විශේෂයෙන්ම දකුණේ අනෙකුත් පක්ෂවලට වඩා වැඩි ප‍්‍රතිශතයකින් ප‍්‍රධාන පක්ෂ දෙකට අඩු වැඩි වශයෙන් එම ජනතාව තමන්ගේ මනාපය ලබාදීම සිදුකර ඇත. ඒ සියල්ල සිදුවූයේ පැහැදිලිවම ජාතිවාදී ස්වරූපයෙන් බැහැරව ජාතිකවාදීවය.

m



අදහස් (0)

උතුරේ ඡන්ද ප‍්‍රතිඵලය රටට කියන පණිවිඩය

ප්‍රියංකා Thursday, 27 August 2015 04:58 PM

උතුරෙයි ඡන්දය රටක් වටී, බෝම්බ නොගසමු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site