දකුණු ඇමෙරිකාවේ ඇමෙසන් මහා වන මැද මැෂ්කෝ පිරෝ නම් ගොත්‍රිකයන් පිරිසක් සිටින බව මින් වසරකට පෙර දැනගත් නමුත් ඔවුන්ගේ සමීප ඡායාරූප දැකගත හැකි වූයේ මෑතදීය. කැලෑ කපන්නවුන් හා තෙල් සමාගම් ඇමෙසන් වනාන්තරයට ඇතුළුවීමත් සමග මේ ගොත්‍රිකයින් ඔවුන්ගේ නිජබිම අතහැර ඇමෙසන් ගඟේ ඊසාන දිග ලාස් පියඩ්රාස් ගඟ අසබඩට පැමිණි බව සොයාගෙන ඇත. සෙසු ලෝකයේ මිනිසුන් හා කිසිම සම්බන්ධයක් නැති ඔවුන්ගේ පිරිමි නිර්වත්ත්‍රව සිටින අතර ගැහැණු යන්තම් විලි වසාගෙන සිටිති. දුනු හී අතැතිව කැලේ යන එන මේ ගෝත්‍රික ගැහැණු පිරිමි මිනිසකු දුටුවිට ආවේග ශීලිව හැසිරෙති. ඔවුන්ගේ ඡායාරූප පවාගෙන ඇත්තේ ඔවුනට හොරෙනි. කැස් බෑ බිත්තර අල බතල, මස්, මාළු, අල, කොළ, පණුවන් ද ඌරන් වැනි ටැපීර් හා පෙකිරි සතුන් ද මුවන් හා වඳුරන් ද මරා ආහාරයට ගැනීමට ඔවුහු පුරුදු වී සිටිති. ලොව නොදන්නා තවත් මෙවැනි ගෝත්‍ර 15ක් පමණ ඇමෙසන් වනාන්තරයේ සිටිතියි ද කැලෑ කැපීම හා තෙල් ගවේෂණ නතර නොකළහොත් ඔවුන් වඳ වී යතියි ද පරිසර විද්‍යඥයො කියති. සෙසු ලෝකයේ කිසිම මිනිසකුට මෙතෙක් ඔවුන් හමවීමට හැකි වී නැත.

1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd