IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආර්.එම්.වී කන්තෝරුව වංචනිකයන්ගෙන් මුදාගනිමු

ආර්.එම්.වී. කන්තෝරුව කියා පොදුවේ හඳුන්වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ රටේ සොරකම්, දූෂණ සහ අක්‍රමිකතා අතොරක් නැතුව සිදුවන රජයේ ආයතනයක් වශයෙන් සමාජයේ කතා බහට පත්ව ඈත. අතීතයේ සිටය. මේ අකටයුතුකම් වැඩක් කර ගැනීමට පැමිණෙන ජනතාව එම ආයතනයට ඇතුළු වීමටත් පෙර සිටම ආරම්භ වන බව චිර ප්‍රසිද්ධය.

එතරම් දැනුමක් නොමැතිව එතැනට පැමිණෙන ඇතැමුන්ට සිදුවන්නේ වටේ සිටින ආර්.එම්.වී. කාක්කන්ගේ ගොදුරක් බවට පත්වීමටය.

ඇතුළට ගිය විටද ඇතැම් අවස්ථාවල දී ඔවුහු අපහසුවට පත්වෙති. වංචනිකයන්ට ගොදුරු වෙති. එළියේත් ඇතුළේත් පිරිස් එකට සංවිධානය වී මේ වංචා සිදු කරන බවට නැගෙන චෝදනා බොහෝය.

කාලයක් තිස්සේ පැවති එම තත්ත්වයට වරින් වර පිළියම් යෙදීම ද සිදුවිය. ඒ හේතුවෙන් තරමක් දුරකට වංචනික ක්‍රියා නැවතී තිබේ. නිවැරදි ක්‍රියා පිළිවෙත අනුගමනය කර තමන්ගේ වැඩේ කරගෙන පිටව යාමට බොහෝ දෙනකුට හැකියාව ලැබී තිබෙන්නේ ඒ හේතුවෙනි. එහෙත් එම කාර්යාලයේ ඇතුළත ඇතැම් වංචනික පිරිස් පිටත කණ්ඩායම් සමඟ එක්වී කරන වංචනික ක්‍රියා වරින් වර මාධ්‍යයේ සිරස්තල මවයි. පසුගියදා අපගේ ලංකාදීප පුවත්පත තම ප්‍රධාන සිරස්තලයෙන් එවැනි වංචනික ක්‍රියාවක තතු හෙළි කර තිබිණි.

එම ප්‍රවෘත්තියට අනුව මෙරට ධාවනය වන වාහන 400 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ගේ නම් වලිනි. මේ වංචාව හෙළි කරගෙන තිබුණේ පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගිනි. එහිදී සිදුවී ඇතැයි පැවසෙන්නේ භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කරමින් ධාවනයෙන් ඉවත් කරන වාහන අංකවල නියම හිමිකරුවන්ගේ නම් ඉවත් කර වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළු කිරීමය.

මෙසේ වෙනත් නම් ඇතුළු කිරීමේ දී අදාළ පුද්ගලයන්ගෙන් මේ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන මේ වංචාව සිදු කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසක් සම්බන්ධ වී මේ වංචාව කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් ඇති බව ද පොලීසිය සොයාගෙන තිබිණි.

මේ වංචාවේ ආදායම කොතරම් සරුදැයි කිවහොත් ඊට සම්බන්ධ එක් පුද්ගලයකු භාවිත කළ මෝටර් රථය රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී රථයකි. මේ පුද්ගලයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනාගාර දෙපාර්තමේන්තු සේවකයකු බව කියැවෙයි. මෙවැනි වංචාවලට සම්බන්ධ වන පුද්ගලයන් මෙහි සෑම අංශයකම සිටිය හැක. මෙබඳු අක්‍රමිකතා කිරීම තනිව කළ හැකි කාර්යයක් නොවේ. ඒවා සිදුවෙන්නේ සංවිධානාත්මක මට්ටමකිනි.

මේ වංචනික ක්‍රියා සඳහා ආධාර සහ අනුබල දෙන ඉහළ මට්ටමේ පිරිස් ද සිටින බවට සැකයක් නැත. ලක්ෂ ගණනින් ගාණ කැපෙන විට ඔවුන්ගේ සාක්කුවලට ද එයින් කොටසක් වැටෙයි. එසේ නොවී දීර්ඝ කාලයක් මෙවැනි වංචාවක් පවත්වාගෙන යාමට හැකියාවක් නැත.

මේ පිළිබඳ සිදු කරන ඉදිරි විමර්ශනවල දී ඒ පිළිබඳ තොරතුරු හෙළිවනු ඇත. එසේ නොවී ඇතැම්විට දැනට සිදු කෙරෙන පරීක්ෂණ අතරමග නැවැත්වීමට ද ඉඩ තිබෙන බවත් කිව යුතුය. අද අපේ රටේ මුල් බැසගෙන තිබෙන වංචාවේ දූෂණයේ තරම එතරම් බලවත්ය.

සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනවල සේවය තෝරාගැනීමේදී බොහෝ දෙනකුගේ ඉහළම කැමැත්ත හිමිවන දෙපාර්තමේන්තු ගණනාවක් තිබේ. ආර්.එම්.වී. කන්තෝරුව එයින් එකකි. ආගමන විගමන, පුද්ගලයන් ලියාපදිංචි කිරීම තවත් එවැනිම දෙපාර්තමේන්තු දෙකකි. මේවාට පැන ගැනීමට බලාපොරොත්තු වන ඇතැමුන්ගේ මූලික අරමුණු අතර අයථා ක්‍රමවලින් ධනය රැස් කිරීම අංක එකට තිබේ. තමන්ට හිතවත් දේශපාලනඥයන් හරහා බලපෑම් කර මෙවැනි දෙපාර්තමේන්තුවලට ඔවුන් රිංගන්නේම ඒ අදහස සිතේ තබා ගනිමිනි. නීතිවිරෝධී ක්‍රියා කරන පුද්ගලයන්ට ඇතැමුන්ගේ රැකවරණ ලැබෙන බැවින් ඔවුන් අල්ලා ගැනීම ද පහසු නැත.

මේ තත්ත්වය වෙනස් කර ආර්.එම්.වී. කන්තෝරුව වැනි දෙපාර්තමේන්තුවල කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට වහා පියවර ගත යුතුය. වංචනික ක්‍රියාවලට සම්බන්ධ වෙන සියලු‍ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමට ඒ ඒ දෙපාර්තමේන්තුවල බලධාරීන් වගබලා ගැනීම ද අවශ්‍යය.

(***)



අදහස් (5)

ආර්.එම්.වී කන්තෝරුව වංචනිකයන්ගෙන් මුදාගනිමු

RMV boys Wednesday, 16 August 2023 10:56 AM

ඔතන ඉන්න හැම නිලධාරියෙක්ම ඕකට සම්බන්ධයි. හදන්න නම් ලේසි නෑ. විගණන වාර්තාවක් ගත්තා නම් වැඩ කරන අයගේ හරි. තියෙන දේපළ, වත්කම්...

:       0       16

ajith Wednesday, 16 August 2023 05:34 PM

වංචනිකයන්ට ගොදුරු වෙති. එළියේත් ඇතුළේත් පිරිස් එකට සංවිධානය වී මේ වංචා සිදුකරන බවට නැගෙන චෝදනා බොහෝය. එසේ නම් ඔත්තු කරුවන් (Undercover agent) යොදා මොවුන්ව අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරන්න. ආර්.එම්.වී. කන්තෝරුව තුළත් දුෂිතයන් සිටි නම් හෙළිවනු ඇත...

:       0       12

සල්ලි Wednesday, 16 August 2023 10:13 PM

මෙඩිකල් එක කළාට පස්සේ ඉතුරු ඔක්කෝම ඔන්ලයින් කරන්න පුළුවන්... බොරුවට මිනිස්සු පෝලිමේ තියන්නේ ඇයි?

:       0       4

de silva Thursday, 17 August 2023 10:24 PM

මෙහි ඉන්න නිලධාරීන් එළිපිටම කූඨ ලේඛන සකසන බව ඔප්පු වුණත් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමක් හෝ හිරේ යාමක් සිදු නොවී... එමනිසා ඔවුන් හැමදාම වංචා කරනවා. ඉතා සංකීර්ණ නව රියදුරු බලපත්.. වෛද්‍ය පරීක්ෂණ වැනි අලුත් දේවල් ගෙන එමින් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් ඔවුන් අල්ලස් ගැනීමට ක්‍රම සහ විධි කරනවා... අල්ලස්, දූෂණය නැති කරන්න නම් මේ අනවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ නැති කරලා 90 දශකයේ තිබුණු රියදුරු බලපත් ක්‍රමය නැවත ගෙන එන්න ඕනේ...

:       0       4

Lalindra Monday, 21 August 2023 08:27 AM

එහෙම මුදාගත්තොත් කවුද ඔතැන වැඩකරන්නේ එතකොට...? ඔය ආයතන ඔන්ලයින් කරන්න දෙන්නෙත් නැත්තේ වැඩ කරන්න ජනතාව මුණගැහෙන්න ආශාවෙන් ඉන්න ඔතැන වැඩකරන නෝනලා මහත්තුරුම තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site