සංවර්ධන ඉලක්ක ඉදිරියේ සෘජු විදේශ ආයෝජන ඉතාමත් වැදගත්ය. විදේශ ආයෝජකයන් මෙරටට පැමිණ කර්මාන්ත සහ ව්‍යාපාර ආරම්භ කිරීම මෙයින් අරමුණු කෙරේ. ආයෝජන අවශ්‍යතා සඳහා වාර්ෂික අය වැය ලේඛනය මගින් වෙන්කළ හැකි ප්‍රමාණයක් තිබේ. දේශීය ව්‍යවසායකයන්ද මෙරට ආයෝජන කරන නමුත් රජයේ හා පෞද්ගලික අංශයේ ආයෝජන ප්‍රමාණවත් නැත. මෑත දශකය තුළ සිදුකරන ලද මෙහෙයුම් අනුව එක්තරා සීමාවක් දක්වා විදේශ ආයෝජන රටට ලැබුණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් රුකියා අවස්ථා උදාවී ඇති අතර එම ව්‍යවසායවලට අනුබද්ධ අතුරු ව්‍යාපාර විශාල ගණනක් නිර්මාණය වී තිබේ. ආයෝජනය සමග රටට විනිමය ලැබෙන අතර ඔවුන්ගේ නිෂ්පාදන අපනයනයේ දී විදේශ විනිමය මෙරටට ලැබේ. කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන, ඒවා පවත්වාගෙන යන හා නිෂ්පාදන අපනයනය කරන සෑම අවස්ථාවකදීම ලැබෙන සෘජු හා වක්‍ර බදු ආදායම සැලකිය යුතු පිටිවහලකි’.
2025 වසරේ පළමු කාර්තුවේ දී කලින් වසරේ සමාන කාලයට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 96 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ලබාගත හැකි වූ බව මෑතක දී අනාවරණය විය. ජනාධිපති අනුර දිසානායක මහතා ආයෝජන දිනාගැනීම සම්බන්ධයෙන් පවතින අභියෝග ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී සලකා බලා ඇත. ආයෝජන කැඳවිය හැකි අලුත් ක්ෂේත්‍ර හඳුනාගත යුතු අතර එහි ලා ප්‍රමුඛ අවධානයක් තිබිය යුතු බව ජනාධිපතිවරයාගේ අවධාරණය වී තිබේ.
වාසි සහිත ස්ථානවලට ආයෝජක අවධානය
ආයෝජන මණ්ඩලය 1978 වසරේ දී ස්ථාපිත කළේය. මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවන ලද අතර කටුනායක ප්‍රදේශයේ පළමු නිදහස් වෙළඳ කලාපය පිහිටුවන ලදී. වෙනම සලකා බලන ප්‍රදේශයක තරඟකාරී පහසුකම් සැපැයීම හා විශේෂ සහන යටතේ ව්‍යවසායකත්වයට ඉඩදීම එමගින් සිදු කෙරිණ. ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් දීර්ඝකාලීන බදු පදනමකින් සපයන ලද අතර කර්මාන්ත හා ව්‍යාපාර සඳහා නිශ්චිත කාලයකට බදු නිදහස් කරන අණ පණත් සම්මත කරනු ලැබීය. පසුකාලීනව මෙම විශේෂ වරප්‍රසාදිත කලාප ගණන දහ හතරක් දක්වා නංවන ලදී. ඒවා කර්මාන්ත උද්‍යාන, අපනයන සැකසුම් ගම්මාන හා සේවා කලාප වශයෙන් වෙන් කර තිබුණි. නිෂ්පාදන, කෘෂිකර්ම, ප්‍රවාහන සහ ගබඩා, බලශක්ති සහ විනෝදාත්මක අංශ ඇතුළත්ය. ලෝකයේ ප්‍රධාන නාවික ප්‍රවාහන මාර්ග හා ගුවන් ප්‍රවාහන පහසුකම් ජාලාවලට සම්බන්ධිත බැවින් ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප කෙරෙහි ප්‍රධාන ආයෝජන අංශ අතර තියුණු අවධානයක් විය.
කෙසේ වෙතත් පසුගිය දශක කිහිපය තුළ කලාපයේ තවත් රටවල් ඉතා තරගකාරී ලෙස ආයෝජන ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කළේය. රට තුළ තිබුණ යුද පසුබිම හා දේශපාලන අස්ථාවරත්වය මෙරට කෙරෙහි තිබුණ කැමැත්ත සීමා සහිතවීමට බලපෑවේය. ඉන්දියාව, බංගලංදේශය, තායිලන්තය, මැලේසියාව, මියන්මාරය ඇතුළු රටවල් සැලකිය යුතු ගණනකින් අවස්ථා විවෘත කරන ලද බව සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන සහනවලට වඩා ඉහළ ප්‍රතිශතයක වාසි සහ වෙළෙඳපොළ වෙත ළඟාවීමට ඇති යටිතල පහසුකම්වල බලපෑම ආයෝජන අංශ සලකා බලන කරුණු අතර තිබේ. ධනය ආයෝජනය කරන අතර ඒවාට ලබාගත හැකි ප්‍රතිලාභ පමණක් නොව යොදවන මුදල් සඳහා ලැබෙන ආරක්ෂාව ද වැදගත්වේ. අඩු මිලට ලබාගත හැකි ශ්‍රමය, කම්කරු නීතිවල නම්‍යශීලීබව සහ ආයෝජන පිරිවැය ද අවධානයට ගන්නා අනෙක් කරුණු අතර සමහරකි. ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රවණතා සහ ආණ්ඩු ගණනාවක් එකිනෙකට වෙනස් ආකාරයට තීරණ ගැනීම ආයෝජකයන් සලකාබලන ලද අවාසි සහගත කරුණු අතර ඉදිරියෙන් තිබුණි. ව්‍යාපෘති අනුමතකරන හා ඒවා ක්‍රියාත්මක කරන අතරවාරයේ දේශපාලනඥයන්, නිලධාරීන් හා සංවිධානාත්මක කණ්ඩායම් ගේ දූෂිත සිද්ධි ද බරපතළ බව මෑතකාලයේ මතුකරන ලද මතවාද අතර විය.
විදේශ ආයෝජන අවහිර කෙරෙන පසුබිම
ආයෝජන කලාප ස්ථාපිතකර වසර තිස් පහකට පසු 2011 වසරේ මුදල් අමාත්‍යංශය කරන ලද අනාවරණ අනුව විදේශ ආයෝජනයට හිතකර නැති නීති රීති සහ තද නිලධාරීවාදයක් ගැන සඳහන් විය. රට තුළ ආයෝජනයට හිතකර ආයතනික පරිසරයක් නැති බව ද පෙන්වා දී තිබුණ අතර තීරණ ගැනීමේ දී සිදුවන අනවශ්‍ය ප්‍රමාද ගැන ද එම හෙළිදරව් කිරීම් අතර විය.
එයින් දශකයකට පසු පවා ස්වභාවය වෙනස් වී නැත. වර්තමානයේ ද කම්කරු නීති සහ රේගු කටයුතු විදේශ ආයෝජකයන් අතෘප්තියට පත්කර ඇත. ධනය යොදවා ව්‍යාපාර ආරම්භ කරන්නට ඇති පහසුව සේම අවශ්‍ය අවස්ථාවක ව්‍යාපාරයක් වසා ඉවත්ව යන පහසුව ද අවශ්‍ය කෙරේ.
නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලද කාලවකවානුවේ සිට අද දක්වා ආයෝජන අවශ්‍යතාව සලකා ප්‍රතිපත්ති වෙනස්කිරීමට අසමත් වූ පසුබිම ද පැහැදිලිය. බලය අරමුණු කරගෙන වෘත්තීය සමිති හා දේශපාලන ව්‍යාපාර ඉතාම නරක ආකාරයකට පසුගිය කාලයේ ක්‍රියා කළේය. ආයෝජන ආරම්භ කිරීම සඳහා අවසරගත යුතු ආයතන ගණන හා සමානව දේශපාලන කණ්ඩායම්, පරිසර හා සිවිල් සංවිධාන අධිකරණය දක්වා කැඳවීය. එවැනි පසුබිමක් තිබිය දී වියට්නාමය හෝ මලයාසියාව ලබාගත් විදේශ ආයෝජන ගණන සලකා ශ්‍රී ලංකාව අසමත්වීම ගැන චෝදනා කිරීම සුදුසු තත්වයක් නොවේ. ජාතික ජනබලවේගය ආණ්ඩුව විදේශ ආයෝජන දිනාගැනීමේ දී පැරැණි ආකෘතිය පසුකර අලුත් යුගයකට ඇතුළුවිය යුතු අතර එහි දි පැරැණි අවතාර නවතම ප්‍රවේශයකින් අපේක්ෂා කළ යුතුය.
ලෝකය පුරා විදේශ ආයෝජන ඉහළට
පසුගිය වසරේ ලෝකය පුරා විසිරි ගිය විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 1.4 කි. එය එයට කලින් වසරට වසා සියයට එකොළහක වර්ධනයක් බව දැක්වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇමරිකානු ඩොලර් බිලියන 378 ක් ලබාගෙන ඇති අතර සංවර්ධිත රටවලට ලැබී තිබුණ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 916 ක් බව දැක්වේ. ඇමරිකාව වැඩිම ප්‍රමාණයක් හිමිකරගෙන තිබේ. චීනය, සිංගප්පූරුව, හොංකොං සහ ප්‍රංශය පිළිවෙළින් වැඩිම විදේශ ආයෝජන ආකර්ෂණය කරගෙන ඇත. ශ්‍රී ලංකාවට නොලැබෙන හා කොළඹ දිස්ත්‍රික්කය හා සමාන සිංගප්පූරුව වාර්තාගත විදේශ ආයෝජන ප්‍රමාණයක් ලබාගැනීම අභ්‍යන්තරයේ ඇති සාධක මොනවාද? ජාතික ජනබලවේගය ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුවේ නිලධාරීන් ද මෙම සංකීර්ණ පැති වටහා ගත යුතුව ඇත. සිංගප්පූරුව පසුගිය වසරේ අලුත් පණතක් සම්මත කළ අතර එහි දී දින තුනක් ඇතුළත ව්‍යාපෘතියක් අනුමත වේ. ආයෝජකයන් සඳහා සියලුම පහසුකම් සපයන අතර හොඳම මූල්‍ය වටපිටාව ද සකස් කර තිබේ. ලෝකයේ ජීවත්වීමට සුදුසුම රටවල් ලැයිස්තුවේ ඉහළින් පසුවේ.
ඉන්දියාව පසුගිය දා එරටට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සහන පමණක් නොව මූල්‍ය ආධාර ද පිරිනමන බව හෙළි කළේය. ඇමරිකානු රෙගුලාසි හේතුකොටගෙන චීනයෙන් පිටත්ව යන ආයෝජන අංශ සිය ඊළඟ වාසස්ථානය වශයෙන් ඉන්දියාව තෝරාගෙන තිබේ. විදේශිකයන්ට ප්‍රවේශවිය හැකි අංශ විශාල වශයෙන් විවෘත කරන ලද අතර ආරක්ෂක, බැංකු, රක්ෂණ, විශ්‍රාම වැටුප්, සිවිල් ගුවන් සේවා ඒ අතර තිබේ. 2019 සිට 2024 දක්වා කාලය තුළ ගල් අඟුරු කැනීම්වලට සියයට සියයක නිදහසක් පවරා ඇත. ආර්ථික මර්මස්ථාන වශයෙන් සැලකෙන අංශවල විදේශික ආයෝජන අංශවලට අයිතිකරගත හැකි ප්‍රතිශතය සියයට හැත්තෑ හතර දක්වා වැඩිකර තිබේ.
ජාත්‍යන්තර ආයෝජන ක්ෂේත්‍රයේ වඩා වැඩි ආකර්ෂණයක් ඇති අංශවල විදේශිය අයිතිය සීමාකරන ශ්‍රී ලංකාව රටට එන්නට උත්සාහ කරන අංශ හසුරුවන ලද ආකාරය විස්මිතය. කොළඹ වරාය නගරය නැවත නැවතත් පරීක්ෂාවට ලක් කළේය. ශ්‍රී ලංකන් හතරවතාවක් ටෙන්ඩර් කැඳවා ඒවා අවලංගු කර ඇත. කොළඹ වරායේ බටහිර පර්යන්තය නතර කළේය. එය ජපන් හා ඉන්දියා සහයෝගීතාවකි. ජපන් ආධාර සහිත සැහැල්ලු දුම්රිය ආයෝජනය නතර කරන ලද අතර අදානි සමූහ ව්‍යාපාරය ආයෝජනය කළ විදුලිය උත්පාදන ව්‍යාපෘතිය විදුලිය ඒකක මිල ප්‍රශ්නයක් පදනම් කරගෙන අවලංගු කළේය. මේවායෙන් නිකුත්වන පණිවුඩය සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා දුර්වලවීම පුදුමයක් නොවේ.
දියුණු යටිතල පහසුකම් අවශ්‍ය යුගයකට
මුල් කාලයේ දී මෙරටට එන ආයෝජකයන් වරාය, ගුවන් තොටුපොළ, මහා මාර්ග, විදුලිය හා ජලය වැනි මූලික අවශ්‍යතා ගැන ප්‍රමිති සොයා බලා ඇත. පද්ධති දියුණු කළ යුතු බව වටහා ගත් ආණ්ඩු වහාම ඒවායේ දියුණුව සඳහා ණය ලබාගෙන යටිතල පහසුකම් සංවර්ධනය කළේය. එහෙත් එම ධාරිතා අදට ප්‍රමාණවත් නැත. වර්තමාන ආණ්ඩුව මෑත කාලය තුළ අවස්ථා දෙකක දී කන්ටේනර් තදබදයකට මැදිහත් වී තිබේ. කන්ටේනර් නිදහස් කළ ආකාරය ගැන චෝදනාවලට ලක්ව ඇත. වරායෙන් කන්ටේනර් නිදහස් කිරීම හා ඒවා ප්‍රවාහනය සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා ආයෝජන දිරිමත්කරන්නේ නැත. මාර්ග පද්ධතියේ පවතින දුෂ්කරතා බලවත් ප්‍රශ්න බව පෙනේ. මෙම ප්‍රමාදවීම් හා මාර්ගවල තදබදය කාර්යක්ෂමතාවට බාධාවකි. පිරිවැය ඉහළ යන ප්‍රධාන කාරණයක් වී තිබේ.
තොරතුරු සන්නිවේදන අංශය දැනට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවකි. දත්ත හුවමාරුව සම්බන්ධ පස්වැනි පරම්පරාවට ඇතුළු වී නැත. එය විශාල ආයෝජන අවශ්‍ය ක්ෂේත්‍රයකි. නූතන ව්‍යාපාර ජාලා සහ නිෂ්පාදන අංශ කෘත්‍රිම බුද්ධිය හා රොබෝවරුන් ප්‍රයෝජනයට ගනී, කර්මාන්ත ශාලා නිෂ්පාදනට තාක්ෂණික මෙවලම් සැලසුම් කරන නමුත් අවශ්‍ය දත්ත හුවමාරු පද්ධති රහිතව ඒවා ක්‍රියාවට නැගිය නොහැක. තොරතුරු සන්නිවේදන පිරිවැය අනෙක් බාධාවකි. ආයෝජන අංශ කරුණු සහිතව දක්වන පරිදි මෙරට ඉදිකිරීම් අංශය අධික වියදම් සහගතය. යකඩ හා ටයිල් සඳහා පනවන ආරක්ෂණ බද්ද හේතු කොටගෙන ලෝකයේ වෙනත් කිසිම රටක නැති වියදමක් මෙහි දී දරන්නට සිදුවේ.
අලුත් යුගයේ යටිතල පහසුකම් පමණක් නොව පිරිවැය කළමණාකරණය ගැන ද අලුතින් අවධානය යොමු කරන්නට සිදුවී ඇත. එම පැති සඳහා ලබාදෙන විසඳුම් විදේශීය ආයොජන ගෙන්වා ගැනීමට ඉඩ සලකන බව දැක්විය හැක. ආයෝජන මණ්ඩලයට ඉල්ලුම්පත් ඉදිරිපත්කරන සියලුම යෝජනා රට තුළ ක්‍රියාත්මකවෙන්නේ නැත. ආයෝජකයන් ගෙන එන ව්‍යාපෘති දේශීය හවුල්කරුවන් සමග සාකච්ඡා අවසානයේ දී අත්හැර දැමූ අවස්ථා බහුලය. ලෝකයේ අනෙක් තැනකට සෘජු විදේශ ආයෝජන ලැබෙන සහ ශ්‍රී ලංකාවට ලැබෙන ඉල්ලුම්පත්‍ර පවා ආපසු හැරෙන හේතු සම්බන්ධව සලකා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම අවශ්‍යය.
(*** සාරා කන්දෙගොඩ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආයෝජන දිරිගන්වන සැලැස්මක්
sene Tuesday, 01 July 2025 03:41 PM
ආයෝජකයන් ලාබයක් බලා මිස අපට ආදරයට මෙරටට පැමිණෙන්නන් නොවේ. අවුරුද්දකට වැඩිම නිවාඩු දින, විදුලිය, ඉල්ලීම්, යටිතල, වරාය තදබද එකී නොකී මෙකී දෑ නිසා ආයෝජකයින් අපේ රටට වඩා ආසියාතික වෙන රටවලට යෑම වාසිදායක නිසාම අපට ඔවුන් ආකර්ෂණය කර ගැනීමට දුෂ්කර වී ඇත.