IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අවුරුදු උදාවේ ගැටුමකින් ලොරියට යට කර මැරූ සොහොයුරෝ

 ag   +

ery

අවුරුදු කොහාගේ නාදය ගම් දනව් පුරා රැුව් පිළිදෙමින් තිබේ. සිංහල-හින්දු අලූත් අවුරුද්දට රටම සූදානම් විය. අම්පාර දිස්ති‍්‍රක්කයේ පදියතලාව ප‍්‍රදේශයේ ජනතාවද අලූත් අවුරුද්ද සමරන්නට සූදානම් විය. නව අවුරුද්ද උදාවෙන්න තිබෙන්නේ තව එක් දිනයකි. පදියතලාව, කෙහෙල්උල්ල, කඩු පහර ප‍්‍රදේශයේ කෙහෙල්උල්ල ගමේම පිරිසක් අවුරුද්දට කලින් මත්පැන් පානය කරමින් සිටි අතර, බෝතල් අවසන් වෙන්න වෙන්න ඔවුන්ගේ ශබ්දය වැඩිවෙමින් පැවතුණි. ඒ අතරතුර අසභ්‍ය වචනද එක දෙක පිටවෙන්න විය.


තම නිවෙස අසලින් ඇසෙන ශබ්දය ගැන විමසිලිමත්ව සිටි කීප දෙනෙක් ශබ්දය ඇසෙන දෙසට ගියෝය. මෙම ගම්මානයේ පදිංචි සමන් කුමාර, තරිඳු සහ තවත් එක් අයෙක් මෙම ස්ථානයට ගොස් ඇත. මෙම පිරිස සහ කෙහෙල්උල්ල ප‍්‍රදේශයෙන් පැමිණි පිරිස සමග ගුටි බැට හුවමාරුවක්ද සිදුවී තිබේ. පසුව  කඩු පහර ගමේ කීප දෙනා නැවත තම නිවෙස් අසලට පැමිණ මාර්ගයේ ඉඳ ඇත. මේ මොහොත වෙන විට වේලාව රාති‍්‍ර 10.15ට පමණ වී ඇත.


මේ මොහොත වෙන විට  කෙහෙල්උල්ල  ප‍්‍රදේශයෙන් පැමිණි පිරිස තමන් පැමිණි ලොරියෙන් ආපසු යමින් සිටි අතර, මාර්ගය අසල සිටි පිරිස දැක ලොරිය වේගයෙන් එම ස්ථානයෙන් යමින් සිටියදී මග සිටි පිරිස ලොරිය නැවත්වීමට උත්සහ කර ඇති අතර, ලොරිය පැදවූ පුද්ගලයා මෙම පිරිස යට කරගෙන ලොරිය ධාවනය කර ඇත. එම ලොරියට ජේ. පී. සමන් කුමාර සහ ජේ. පී. තරිඳු යටවී ඇත. පසුව එම ස්ථානයේ සිටි පිරිස් මේ පිළිබදව පදියතලාව පොලිසියට දැනුම් දුන් අතර, පදියතලාව පොලිසියේ නිලධාරීන් පැය භාගයකින් එම ස්ථානයට ළඟා වී මෙම තුවාලකරුවන් පදියතලාව රෝහලට ඇතුළත් කරනු ලැබීය. එම අවස්ථාවේම පදියතලාව පොලිස් ස්ථානාධිපති කේ. ඩබ්. විජේතිලක මහතා සහ මහඔය සහකාර පොලිස් අධිකාරි කේ.ඞී. චන්ද්‍රපාල මහතාද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

 

18_SLMA_P3-BACK


මේ මොහොත වෙන විට සැකකරුවන් සැඟවී සිටින අතර පසුදින පාන්දර 6.00 වෙන විට සැකකරුවන් හය දෙනාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. මේ මොහොත වෙනවිට වෙනත් පුද්ගලයකු රියදුරු වශයෙන් ඉදිරිපත් කිරීමට සැකකරුවන් කටයුතු කර තිබු අතර, අත් අඩංගුවට ගත් පුද්්ගලයන් ගෙන් ප‍්‍රශ්න කිරීමේදී නියම රියදුරු හඳුනා ගැනීමට හැකිව තිබේ.


මියගිය දෙදෙනා එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙකි.  ජේ.පී. සමන් කුමාර සහ ජේ. පී. තරිඳු මෙම සිදුවීමෙන් මියගොස් ඇත. මියගිය සමන් කුමාර විවාහ වී ඇති අතර සිව් හැවිරිදි දියණියක්ද සිටින්නීය. ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. ජේ.පී. තරිඳු අවිවාහක තරුණයෙකි. ගිරාදුරුකෝට්ටේ කෘෂිකර්ම තාක්ෂණ ආයතනයේ කාර්මික නිලධාරියකු ලෙස ඔහු කටයුතු කරමින් සිටියදී මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේය.


ඞී. එස්. පතිරණ මහතා යුද හමුදා විශ‍්‍රාමික : මේ සිදුවීම වුණේ කෙහෙල්උල්ල කියන ගමේ කෙහෙල්උල්ලේ ඉඳන් කඩුපහර කියන ප‍්‍රදේශයට කණ්ඩායමක් ඇවිත් තියෙන මේ පිරිස බීලා කුණුහරුපෙන් බැණගෙන තියෙනවා. පස්සේ මැරණු මල්ලිලා දෙන්නා ගිහින් මේ අයට කියල තියෙනවා, ගෙවල්වල ළමයි ඉන්නවා, කැත කථා කියන්න එපා කියලා. මේ වෙලාවේ ඒ ආපු අය සමග යම් සිදුවීමක් වෙලා තියෙනවා. පස්සේ මේ මල්ලිලා ඒ අයගේ ගෙවල් පැත්තට ඇවිත් තියෙනවා. ඒ යනකොට තමයි මේ දෙන්නා යටකරගෙන ගිහින් තියෙන්නේ. මෙතෙන ඇවිත් බිව්වේ බුලත් කඬේ නාමල්ගේ මල්ලි. රාජාගේ පුතා, යාපා, ග‍්‍රාම සේවකගේ බාල පුතා, 50 කළුවේගේ පුතා, අප්පුවාගේ කොල්ලා. මේ අය තමයි මේ ගැටුමට මුල්වෙලා තියෙන්නේ. නිල් පාට ඉසුසු ලොරියකින් තමයි මේ දෙන්නා යට කරලා තියෙන්නේ.


සජිත් කුමාරතුංග : මම ඉන්නේ දෙහිඅත්තකණ්ඩියේ. මේ මිය ගිහිල්ලා ඉන්නේ මගේ මල්ලිලා දෙන්නා. ගෙදරින්  කථා කරලා කිව්වා මේ සිද්ධිය ගැන. පස්සේ තමයි දන්නේ වාහනයකට යට කරලා මල්ලිලා දෙන්නා මරල කියලා. මොන හිතකින් මෙහෙම කරාද කියලා කවුද දන්නේ. මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණ කරලා නීතිය හරියට කි‍්‍රයාත්මක කරන්න කියලා.


කේ. පී. නිරෝෂා (27) මියගියSLD_20150419_A003 ජේ. පී. සමන් කුමාරගේ බිරිඳ : රාති‍්‍ර 10.00 ට පමණ ගෙවල් ළඟ කෑගහන ශබ්දයක් ඇහුණා. මම පාරට ගිහින් බලද්දී මගේ මහත්තයා බිම වැටිලා ඉන්නවා දැක්කා. උඩුබැලි අතට තමයි වැටිලා හිටියේ. අපි කෑ ගැහුවා. අහළ පහළ අය ආවා. ඒ  අතරතුර ගමේ කට්ටිය පොලීසියට දැනුම් දුන්්නා. පැය භාගයක් යද්දී පොලිසියෙන් ආවා. ඇවිත් වැටිල හිටපු මගේ මහත්තයයි, එයාගේ අයියයි දෙන්නම ජීප් එකේ දාගෙන අරගෙන ගියා. පස්සේ දැන ගත්තා දෙන්නම මිය ගිහින් කියලා.  මහත්තයා මේසන් වැඩ කරන්නේ. මට වයස අවුරුදූ 04 ක දුවෙක් ඉන්නවා. අපිව දැන් කවුද බලා ගන්නේ. අපි හරි අහිංසක විදියට ජීවත්වුණේ” යැයි කදුළු පිරි දෙනෙතින් පැවසුවාය.


සිංහල අවුරුදූ උදාවෙද්දී සිදුවූ මෙම මිනිස් ඝාතනය ආරංචි වීමත් සමග  මුළු පදියතලාවම එකම මළගෙයක් බවට පත්විය. බොහෝ නිවෙස්වල කිරිබත් ඉදුනේද අවුරුදූ චාරිත‍්‍ර වුණේ ද නැත.


මේ සියල්ලටම මුල් වී ඇත්තේ මත්පැන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. රාති‍්‍ර 7.00ට මෙම ගැටුම වරින් වර ආරම්භ  වුවත් මේ පිළිබදව මෙම ගම්මානයේ කිසිම පුද්ගලයෙකු පොලිසියට දැනුම් දීමට කටයුතු නොකර ඇති බවද පැවසීය. මේ පිළිබදව පොලිසියට දැනුම් දුන්නා නම්, මෙම මිනිස් ඝාතනය නොවීමට ඉඩ තිබුණ බවද පැවසීය.


මෙම මිනිස් ඝාතනයේ සැකකරුවන් හතර දෙනා දෙහිඅත්තකණඩිය වැඩබලන මහේස්ත‍්‍රාත් බී.කේ.එස්.කේ. සුමතිපාල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28  වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගතකර ඇත.


අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එස්. කේ. බී. මහගෙදර මහතාගේ උපදෙස් මත මහඔය සහකාර පොලිස් අධිකාරි කේ.ඞී. චන්දාපාල මහතාගේ අධීක්ෂණය යටතේ පදියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඩබ්.එන්. විජේතිලක, පො.සැ. (45309) පේ‍්‍රමතිලක, පො.සැ. (50067) නිමල්, පො.කො. (37821) චන්දන, පො.කො (44097) නිහාල් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

m



අදහස් (0)

අවුරුදු උදාවේ ගැටුමකින් ලොරියට යට කර මැරූ සොහොයුරෝ

ටෙනිසන් Thursday, 23 April 2015 06:21 AM

පවු! ඒ මිනිසුන්ට ඉතින් ‍මොන අවුරුදුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site