“ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියාටත් බය ය.” ජන ව්‍යවහාරයේ එන ප්‍රකට කියමනකි. ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය ගැන වාද කරන නූතන සමාජය ගිනි පෙනෙල්ල ගැන දන්නේ නැත. කණාමැදිරියා ගැන පවා ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සොයන යුගයකි. ඉතිහාසය අපට පාඩම් උගන්වා තිබේ. උගත් පාඩම් අමතක කළ යුතු නැත. වැරදුණ තැන් නිවැරදි කරගත යුතුය.
පළමු කොවිඩ් රෝගියා වාර්තා වූ ආකාරය මතක තිබිය යුතුය. දෙවැනි සහ තුන්වැනි රැලි වලින් ජන සමාජයට සිදුවූ විපත ගැන තක්සේරුවක් අවශ්‍යය. ආර්ථික පීඩනය ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වී ඇති තරම සාකච්ඡා කළ යුතුව තිබේ. දහස් ගණනින් රෝගීන් වාර්තාවන භයානක රැලි කිහිපයකට පසු නැවත, නැවතත් එතැනටම ගමන් කිරීම බලවත් ප්‍රශ්නයකි.
කොවිඩ් වයිරසයේ අලුත් ප්‍රෙභ්දයක් වාර්තා වී තිබේ. ලෝකයේ එක කෙළවරකින් පළමු රෝගියා වාර්තාවන අතරතුර ශ්‍රී ලංකාවේ පවා රෝගියකු හඳුනා ගෙන ඇත. ව්‍යාප්තිය කොපමණ වේගවත් ද යන්න අපට අනතුරු අඟවයි. දැනට කරගෙන යන ක්‍රියාමාර්ග වලින් ලැබුණ සාර්ථකත්වය මොහොතකින් ගිලිහී යන අවදානමක් ඇත. ඉතාම සාර්ථකව කොවිඩ් එන්නත ලබාදෙන්නට ආණ්ඩුව සමත්ව තිබේ. වයස්ගත ජන කොටසට තුන් වැනි මාත්‍රාව ද, නිකුත් කෙරේ. ආර්ථික දුෂ්කරතා මැද පසුවන අතරවාරයේ පවා නොමිලේ සැපයීම අගය කළ යුතුය. ආරක්ෂා වූ ජීවිත ගණන වාසනාවකි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ කරන ලද කැපවීම සහ බාධක මැද නොනැවතී ඉදිරියට ගිය ගමන දැවැන්ත රැකවරණයක් වූ බව සඳහන් කළ යුතුය.
කොවිඩ් වසංගතයේ අවසානයක් දකින දවස විවාදාත්මකය. ලෝක සෞඛ්‍ය සංවිධානය එයට උත්තරයක් දී තිබේ. කොවිඩ් තුරන් කරන දිනය තීරණය කළ යුතු ජනතාව බව පැහැදිලිව කියා ඇත. එන්නත එක පැත්තක ආවරණයකි. පරෙස්සම අපගේ වගකීමකි. අලුත් ප්‍රභේද මතු වෙමින් තිබේ. සෑම වයිරස් ප්‍රභේදයකටම එන්නතක් නැත.
පසුගිය වසර දෙක තුළ අලුත් භාවිතා අපට ලැබී තිබේ. සමාජ දුරස්ථභාවය වැනි දරා ගත නොහැකි සංකල්ප කරා තල්ලුවෙන්නට සිදුවී ඇත. උපතක දී ලබන සතුට පමණක් නොව විපතක දී ලබන වේදනාව ද දුරස්ථව දරා ගන්නට සිදුවී ඇති වකවානුවකි. පැවැත්ම කාලානුරූප කරගැනීමට සිදුවී ඇත. නීති වලින් කළ නොහැක. ආරක්ෂා වුවහොත් ගැලවීමක් තිබේ. ගැලවුම්කාරයා අනෙකෙකු නොවේ.
කොවිඩ් වසංගතය සමග ආකෘති වෙනසක් සිදුවී ඇත. ගැලවීමට මාර්ගයක් තනා තිබේ. වෘත්තීය අවස්ථා, මූල්‍ය සේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදී සියලු අංශවලට තාක්ෂණය ඇතුළු වී ඇත. ඉහළ අධ්‍යාපන පසුබිමක් සහ හොඳ සාක්ෂරතාවක් ඇති රටක් වශයෙන් මෙම පැතිවලට කාර්යක්ෂමව ප්‍රවේශ විය යුතුය.
රැකියා ස්ථානයට පැමිණීම වෙනුවට කොතැනක හෝ සිට රාජකාරිය කරන තාක්ෂණයට හුරු විය යුතුව ඇත. දැනටමත් සමාජයේ සෑහෙන පිරිසකට බැංකු හා මූල්‍ය කටයුතු වල දී නිවසේ සිට කරගත හැකි වී තිබේ. එය තවත් දියුණු කරගත හැකිය. ඉගෙනගැනීම අන්තර් ජාලයෙන් සිදුවෙයි. රෝගීන් පරීක්ෂාව හා වාර්තා කියැවීම පවා අන්තර් ජාලයට පවරා ඇති කාලයකි. භාණ්ඩ මිල දී ගැනීමට වෙළඳ පොළට යා යුතුම නැත. කොවිඩ් වයිරසගේ ව්‍යාප්තිය පාලනය කිරීමට, මෙකී රාමුව බලපාන බව අවධාරණය කළ යුතුය. අනෙක් අතට එයින් ලැබෙන පිටිවහල ජීවිතය ක්‍රමානුකූල කරයි. කාර්යක්ෂමතාව ඇති කරන බව පැහැදිලිය.
මෙවැනි අංශ කෙරෙහි නැඹුරුවක් අවශ්‍යය. තාක්ෂණයට හුරුවීම වේගවත් කරන ක්‍රියාමාර්ග උවමනා කෙරේ. ජනතාව එය වැළඳ ගත යුතුය. රාජකාරි පහසු කරනු ඇත. වගකීම වැදගත් කරුණකි. අප සියලුම දෙනාට අලුත් ආකාරයකට තීරණ ගැනීමේ වගකීමක් තිබේ. බැට කෑ සමාජයක් නැවත නැවතත් භයානක ලෙස බැට කන තැනට පත්වීම නරකය. බුද්ධිමත් සමාජයක එක කොටසක් වන අපට, වෙනස් මානයකට ඇතුළුවීම අපහසු නැත. කැපවීම පමණක් අවශ්‍ය කෙරේ. අනාගතය හැදෙන්නේ වෙනස්වීමට දරන උත්සාහයෙන්ය.

(***)
මෙම ලිපිය ගැන ඔබගේ අදහස
[email protected]
ලිපිනයට යොමු කළ හැකිය.
මිලින්ද මොරගොඩ
2025 නොවැම්බර් මස 04
458
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවදානම අමතක කළොත් බරපතළ අවදානමක්
Raveendra Wednesday, 08 December 2021 05:26 PM
අර්ථවත් ලිපියක්... එනමුත් "පරෙස්සම අපගේ වගකීමකි." යන්න තේරුම් ගන්නේ අප අතරින් කීයෙන් කීදෙනාද...? විශේෂයෙන් දේශපාලුවන්ගේ උසිගැන්වීම, තමන්ගේ බලය පමණක් පෙරදැරි කරගෙන මිනිසුන්ව එකරාශි කිරීම සහ දේශපාලුවන්ගේ මෝඩ අදහස්වලට රැවටී "ඔවුන්" පසුපස යන මුග්ධ පුරවැසියන්ට පරිස්සම ගැන කීමෙන් ඵලක් තිබේද?