IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


අල්ලස් - දූෂණ මර්දන අවි තව තවත් ශක්තිමත් කරමු

අල්ලස්, දූෂණ සහ අයථා ඉපැයීම් සම්බන්ධයෙන් ගෙවී ගිය මාස දෙකේදී පැමිණිලි 810 ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් බවත් එය 167 ක් බවත් ප්‍රවෘත්තියේ දැක්වේ. මීට අමතරව අල්ලස් සම්බන්ධයෙන් පැමිණිලි 53 ක්ද අයථා ඉපැයීම් සම්බන්ධ පැමිණිලි 25 ක්ද ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පවසන බවද අප ප්‍රවෘත්තියෙහි වැඩි දුරටත් සඳහන්ය. මෙම මාස දෙකක කාලය තුළ කරන ලද වැටලීම්වලින් රාජ්‍ය සේවකයන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් හය දෙනකුම පොලිස් නිලධාරීන් බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මාස දෙකක් යනු දින 60 කි, එතරම් අඩු දින ගණනකදී අල්ලස්, දූෂණ සහ අයථා ඉපැයීම් සම්බන්ධ පැමිණිලි 810 ක් වාර්තා වීම යනු සරලව ගත යුතු කාරණාවක් නොවේ. සැබැවින්ම රට ගමන් කරන දිශාව සම්බන්ධයෙන් ඉඟියක් මෙම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලිවම ලැබේ. අල්ලස, දූෂණය හා අයථා ඉපැයීම් ජාතික දේහයේ ඉවත් කළ නොහැකි අංගෝපාංග බවට පත්ව ඇති සෙයකි.

ආදායමේ තරමට වියදම යන්න සරල අල්පේච්ඡ ජීවිතයක පදනම වේ. සමාජයේ වැඩි දෙනෙක් අසීමිත ආශාවන් සපුරා ගැනීමට පෙළැඹී සිටිති. එහෙත් ඒ සඳහා තිබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයකි. අමතර ආදායම් මාර්ගවලට පෙළැඹීමට සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. අමතර ආදායම් මාර්ගය ඉතා පහසු ආදායම් මාර්ගයක් කරගනු පිණිස ඔවුහු අල්ලස් ගනිති. හොරකම් කරති. වංචා දූෂණවලට යොමුවෙති. මෙය මහා ප්‍රවාහයක්ව ගලායනවිට සමාජයට එය තදින් බරින් දැනෙන්නට පටන් ගනී. අද අප සමාජයට අත්වී ඇති ඉරණම එහි තාර්කික ප්‍රතිඵලය විනා අන් යමක් නොවේ.

දූෂණ, අල්ලස් ගැනීම් හා අයථා ඉපැයීම් සම්බන්ධ චෝදනා එල්ලවන්නේ සාමාන්‍ය මිනිසුන්ට, රජයේ සේවකයන්ට පමණක් නොවේ, ඇතැම් මැති ඇමැතිවරුන්ට, ඉහළ රාජ්‍ය නිලධාරින්ට පවා මෙම චෝදනා එල්ලවේ.

දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පතිවරුන් ගැනද වාර්තාවේ. අධිකරණයට අඩුවෙන් කරණු වාර්තා කිරීම සඳහා විත්තිකාරියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා රැකියාව අහිමි කරගත් පොලිස් නිලධාරියකුට සම්බන්ධ පුවත මෙයට දෙතුන් මසකට ඉහතතදී වාර්තා වූවකි.

අල්ලස, දූෂණය, හොරකම මුලිනුපුටා දැමිය යුතුය. ඒ සඳහා මුළු මහත් සමාජ පරිසරයම දියුණු පිරිපහදුවකට ලක් කළ යුතුය. හොරකම, අල්ලස, දූෂණය මිනිස්කමට නිගාදෙන අතිශයින්ම ලජ්ජා සහගත නිහීන ක්‍රියාවක් බව පාසලේ පළමු වසරේ සිටම දරුවාට කියා දිය යුතුය. එය ක්‍රියාවෙන් ආදර්ශයෙන් දරුවාට පෙන්වා  දිය යුතුය.

වෙනදාට වඩා සොරකම්, මංකොල්ල කෑම් රටේ වැඩිවී ඇති බව පෙනෙන කාරණයකි. පවතින ආර්ථික අර්බුදය එයට ප්‍රධාන හේතුවක් බව පිළිගත යුතු සත්‍යයකි. යම් රටක දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබේනම් මිනිසා කෙටි කාලීන විසඳුම් සොයන බව වටහා ගැනීම වැදගත්ය. එහෙයින් හොරුන් දූෂිතයන් මංකොල්ලකරුවන් වැඩි වැඩියෙන් නිර්මාණය කරන ආර්ථික ක්‍රමයක් වෙනුවට ඒවාට වැට බඳින ආර්ථිකයක් වෙත ඉතා වේගයෙන් ගමන් කළ යුතුව තිබේ.

(***)



අදහස් (0)

අල්ලස් - දූෂණ මර්දන අවි තව තවත් ශක්තිමත් කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site