IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අපේ විශ්‍රාමික යුද සෙබළුන් යුක්රේන යුද්ධයට බිලිදෙනු එපා

රුසියානු - යුක්රේන යුද්ධය ලෝක සාමයට බරපතළ තර්ජනයකි. බලවත් රටවල ආර්ථිකයට මෙන්ම අප වැනි දුබල රටවල ආර්ථිකයට ද එමගින් එල්ල වී ඇති බලපෑම අති ප්‍රබලය. ඒ සියල්ලටම අමතර බරපතළ ප්‍රශ්නයකට අප රට මුහුණ දී සිටී. ඒ එම යුද්ධයට අදාළව මහා පරිමාණයෙන් සිදුකර ගෙන යනු ලබන මිනිස් ජාවාරමය.

අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ රුසියානු - යුක්රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව කියන හිටපු මේජර් ජනරාල්වරයකු සහ ඔහුට සහාය දුන් හිටපු සාජන් මේජර්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙෙළඳ‌ාම් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටින බවය. ඒ අනුව මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සංඛ්‍යාව හතර දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධ සුලමුල හෙළි වූයේ රුසියානු යුද්ධයට කුලී හේවායන් ලෙස මෙරටින් ගිය පිරිසකගෙන් දිවි බේරාගෙන යළි මෙරටට පැමිණි හිටපු හමුදා සෙබළුන් දෙදෙනකුගෙනි. ඔවුන් දෙදෙනා නොවන්නට ඇතැම් විට මෙම මහා මිනිස් ජාවාරම කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ තිබිණි.

ජාවාරම්කරුවන් පවසන්නේ රුසියානු හා යුක්රේන හමුදාවලට සහාය වීම පිණිස පිරිස් එරටට යවන බවය. එමෙන්ම ඔවුන්ට පැවරෙණ වගකීම වන්නේ යුද බිමේ නොව ඉන් බොහෝ දුර පිහිටි හමුදා කඳවුරුවල සේවය කිරීම බවය. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 7 ක 8 ක වේතනයක් ලැබෙන බවය. එයට එකඟ වූවන්ගෙන් ජාවාරම්කරුවන් රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් ලබා ගන්නා බව ද වාර්තා වේ.

මෙය වූ කලී බරපතළ තත්වයකි. මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාවට යුක්රේනයට යවනු ලබන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත නොවේ. එමෙන්ම එම රටවල් සමග ඇති කරගත් නෛතික භාවයකින් ද නොවේ. එහෙයින් එරටට යන යම් අයකුට කිසියම් ආපදාවක් වුවහොත් වන්දි ආදී කිසිවක් ලැබෙන්නේ ද නැත. එකඟ වූ පරිදි වැටුප් නොගෙවන බව ද වාර්තා වේ. එහෙත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කිසිදා නෛතික ප්‍රතිපාදනයක් නැත.

හමුදා කඳවුරුවල සේවයට යැයි කීව ද මෙරටින් යවනු ලබන විශ්‍රාමික හමුදා සාමාජිකයෝ සෘජුවම යුද පිටියට යවනු ලබති. මෙම විශ්‍රාමික හමුදා සාමාජිකයන් කොටසකට රුසියානු හමුදා සෙබළුන් සමග එක්ව යුද වැදීමට සිදුව තිබෙන අතර තවත් පිරිසකට යුක්රේන හමුදා සෙබළුන් සමග එක්ව සටන් කිරීමට සිදුව ඇත.

නිශ්චිතවම තොරතුරු නැතත් රුසියාවට හා යුක්රේනයට මෙරටින් ගොස් ඇති විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව හාර පන්සියයක් පමණ වෙති. වාර්තාවන අන්දමට මෙරටින් ගිය විශ්‍රාමික හමුදා සෙබළුන්ගෙන් ඇතැමෙක් මරුමුවට පත්ව සිටිති. එහෙත් ඒ සම්බන්ධයෙන් නිල සංඛ්‍යා ලේඛන හෝ නිශ්චිත තොරතුරු නැත. ඒ සම්බන්ධයෙන් වගකීමක් බාර ගැනීමට අයකු ඇත්තේ ද නැත. මෙය ජාතික ව්‍යසනයක් ලෙස හඳුනාගත යුත්තේ ද එහෙයිනි.

මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන මෙබඳු ජාවාරම්කරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය. එමෙන්ම රුසියානු - යුක්රේන යුද බිම්වල දුක් විඳින ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් නිරුපද්‍රිතව මෙරටට රැගෙන ඒමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.

(***)



අදහස් (3)

අපේ විශ්‍රාමික යුද සෙබළුන් යුක්රේන යුද්ධයට බිලිදෙනු එපා

Hira Friday, 10 May 2024 05:12 PM

TNA අයට පට්ට චූන් ඇති මේවා බලනකොට...!

:       0       3

රට විරුවා Monday, 13 May 2024 09:40 AM

කව්දෝ ඒ දවස්වල 8 පාස් ආමිකාරයෝ කියනවා මතකයි. අමූලික බොරුනේ කියලා තියෙන්නේ...!

:       0       2

බද්රානි Tuesday, 14 May 2024 02:05 PM

මොවුන් සල්ලිත් ගෙවලා යන්නේ කුලියට මිනී මරන්න නම්, මොවුන්ට යුද්ධයේදී මරණය හිමිවිය යුතුයි!!! යුද්දෙට ගියා නම්, යුද්ධ නොකර නාහෙන් හඬන්නේ, රණ විරුවොද..? එහෙම නැත්නම් බිය ගුල්ලොද...? විහින් පව් ගෙවන තන්හාකාරයෝ මෙවුන් හිතාගෙන ඉන්නේ ලෝකේ (රුසියාවයි, යුක්රේනයයි) තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා වෙන්න ඇති..?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site