තුන් හෙළය එක්සේසත් කළ දුටුගැමුණු යුගයේදී රත්නමාලී චෛත්‍යයේ ධාතු නිධානෝත්සවයෙදී තූර්යවාදනය පිළිබදව සඳහන් වෙයි. දෙවනපෑතිස් රජ සමයේදී ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ජම්බුද්වීපයේ සිට වැඩමකරවන අවස්ථාවේදී විවිධ කුලවර්ග 18 ක පිරිස් මෙහි පැමිණියහ. බෝධි පූජා පැවැත්විම සඳහා ගන්ධබ්බ කුලයේ වාදක පිරිස් පැමිණිබවත් ශී‍්‍ර මහා බෝධිය වැඩමවීමෙදී පංචතූර්ය වාදනය කළ බවත් සඳහන්්වෙයි. එකල පංචතූර්ය වාදනය නොතිබෙන්නට හැකි ද ?
| තගළිම් රැළ බෙර තම්මැට පං තත්තිරි | ඹමුරූ |
| තඹමේ ඩැක බෙර බොම්බලි වීණා මිණ | සුසිරූ |
| බෙර මද්දළ කහළම් රසු කිගළම් බඳ | සොදුරූ |
| මෙසියල් මහ ගිඟුමෙන් පළ කෙරෙමින් සිදු | අයුරූ |
| ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත්රජ ගමනට | නික්මෙන්නේ |
| පවන් සලනවිට කන්පෙති සලමින් දෑලේ මිණි නද | විහිදෙන්නෙ |
| පංචතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනට | පිවිසෙන්නේ |
| පෙරසිට පැවතෙන ගජගා වන්නම මේලෙසමයි ලොව | පැවතෙන්නේ |
| රන්සිවිගේ ඇතු පිටින් වඩින කල දෙපයේ චාමර | දිලිසෙන්නේ |
| පෙම්බර දෙපසේ ඉර හඳ කොඩියද රැලි මල්දම් වට | දිලිසෙන්නේ |
| පංච එතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනට | නික්මෙන්නේ |
| පෙර සිට පැවතෙන ගජගා වන්නම මේ ලෙසමයි ලොව | පැවතෙන්නේ |
| තිලොවට උතු-ම් | වන |
| මුනි දහම් මහ සඟ | ගණ |
| වැඳ අත් බැඳ | මුදුන |
| කියම් භේරිය උපත | කවියෙන |
| රත් හඳුන් කඳ | ගෙන |
| එරන් වරපටි | සමගින |
| ගෝසත් මුව | සමින |
| මෙසේ සාදා බෙරය | ගසමින |
| එදා බුදු | මඟුලට |
| රැස්වූ සුරන් | එතනට |
| ගදඹ දෙවි එම | විට |
| දැකුම් වැඳුමක් ගසා | මෙලෙසට |
| මා මුනි | ඉසිවරා |
| නෙර්ත කරනට | සපුරා |
| බෙරයක් උර | දරා |
| ගාන්ධර්වය තාල | ඇදුරා |
| දෙකක් බෙර බැඳ | ගෙන |
| දෙන්නෙක් දෙපස සිට | ගෙන |
| ගී තාලන් | ලෙසින |
| ගසන් දෙසවන් බිහිරි | කරමින |
| එදා මරු බුදුව වැඩහිඳ බෝමුලේ විදුරාසනේ | සිට |
| සදාගත් ඩඹරු තෙගව් පමණින් ගදඹ ජය ගොස පතුර | වන්නට |
| පුදා මුනිඳට මිණිපහන් දිව මල්ද නානා පසඟ තුරු | කොට |
| එදා එතැනදි දෙවැනි ගැසුවේ භේරි තාලම් ගදඹ | මෙලෙසට |
| දන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා හා වාද | වෙන්නට |
| ඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරද | වන්නට |
| දුන්න බැට පෙර එමූසිලයට දන්නවානම් එපා | එන්නට |
| මෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමට | යන්නට |
| වාද කෙරුමට ආ නමුත් සකි උඹට මොකවත් නැත | දැනෙන්නේ |
| නාද සතරක් ඇතේ පළමුව දන්නේ නැතිවද ඔහොම | ඉන්නේ |
| මූද පීනා එතර වෙන්නට මොටද ඔය වීරිය | කරන්නේ |
| යෝදයා මම තමයි දෙවනුව දිත් කියා සවුදම් | ගසන්නේ |
| මෙහෙම සව්දම් ගසනවා නම් දේය පණවන් සතුටු පඬු | රට |
| තියනවා නම් ලොවේ විමසා ඉගෙනගන් ඔබ ගුරුන් ළඟ | සිට |
| ගහනවා නම් ගසාපන් අද දෙන්න මෙතැනදි වාද | වෙන්නට |
| දුවනවා නම් හෙඳයි තුන්වෙනු තොන් කියා සව්දම | ගැසූවිට |
| දන්නවා නම් සු සැට සව්දම් සිංහයා සේ වෙය | සබාවට |
| දෙන්න තුටුවෙයි මගේ සෙල්ලම් බලා සිටියොත් තෑග | මා හට |
| සම්බුදුන් හට එදා ගදඹය ගැසුව සව්දම් මෙමා | සිහිකොට |
| නන් කියන සව්දම ගසන් නෙමි නුඹේ කන් යුග බිහිරි | වන්නට |
| ඇසල මස බුද | දින |
| පසළොස්වකට | පැමිණෙන |
| පුවසල නැකත | යෙන |
| දනුව බුද හෝරාව ලත් | හෙන |
| මෙලෙස හෙන | යෝගෙට |
| යොදමින් නැකත් | නිසිකොට |
| බෙරය ගෙන | සුරතට |
| තබා මළහම් එලා | වටකොට |
| අජමහස වා | වැද |
| එයින් නැගුණේ සිව් | නද |
| නයනු සහ දි | යනුද |
| තො යනු නයනුත් මෙ සිව් | අකුරුද |
| මේ ශබ්ද | සතරා |
| මුලට ගෙන පෙර | ඇදුරා |
| ගැසු බෙර උර | දරා |
| එපද මේ සැටි දනුව | ඉඳුරා |
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපේ යක් බෙරය සහ බෙර
ලලනි සජීවනී Saturday, 01 June 2013 10:49 PM
අගේ කළ යුතුයි.. තව විස්තර ලබා දෙන්න.. (නි)
ශකී Wednesday, 16 September 2020 11:10 AM
හොඳයි, ඉතින් වරදක් නැත..
Shanu Wednesday, 23 September 2020 02:15 AM
හොඳයි, තව තොරතුරු ලබාදෙන්න
manjula kumara Wednesday, 14 September 2022 03:07 PM
ඉතා අගය කළ යුතුයි. මේ ලිපිය සඳහා උපදෙස් ලබාදුන් ගුරුතුමා මේ සම්බන්ධයෙන් මනා දැනීමක් තියෙන කෙනෙක් බවයි පෙනෙන්නේ. අපිත් කැමැතියි එතුමා හඳුනාගන්න. එතුමගේ නම මොකක්ද? පුළුවන් නම් දුරකථන අංකයක් ලබාදීමට පුළුවන්ද? අපි මේ සම්බන්ධයෙන් හදාරමින් ඉන්නේ. ඉතා වටිනා ලිපියක්...