ජ්‍යෙෂ්‍ඨ මාධ්‍යවේදී ඩබ්ලිව්.ජී. ගුණරත්නයන්ගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි. මේ ලෝකය රඟමඩලකි. අපි එහි රඟන නළු නිළියෝ වෙමු. මේ සිද්ධාන්තය අනුව යමින් ඩබ්ලිව්.ජී. ගුණරත්න නම් වූ විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියා සිය ජීවිත රඟ මඬල නිමා කරමින් පසුගිය 17 වැනිදා අලුයම සිය චරිතාපදානය නිමා කළේය.
ඩබ්ලිව්.ජී. ගුණරත්නයන් ජීවිතයේ දුක සැප සමබරව විඳ වින්දනීය ජීවිතයක් ගත කර හේ සිය දිවි සැරිය නිමා කළේය.
ඔහු ජීවිතය සැහැල්ලුවෙන් විඳගත් පුද්ගලයෙකි. ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවේ විශිෂ්ට නිපුණතාවක් පෙන්නුම් කළ පුද්ගලයෙකි. සිංහල භාෂාව සමග මොන තරම් වචන හරඹයක් කළ හැකි ද යන්න මැනවින් පෙන්වා දුන් ලිපිය වූයේ පසුගිය යුද සමයේ සෑම සඳුඳාවකම ඔහු විසින් පරිවර්තනය කළ ආරක්ෂක ලිපියයි.
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා විසින් ලියනු ලබන ආරක්ෂක තත්ත්වය පිළිබඳ ලිපිය දිනපතා ලංකාදීප පත්‍රයට පරිවර්තනය කළේ ඩබ්ලිව්.ජී. ගුණරත්නය. සන්ඩේ ටයිම්ස් ලිපියට ලැබෙන පාඨක ප්‍රතිචාරයම සිංහලෙන් පළ කළ ලංකාදීප ලිපියට ද ලැබුණේ ඔහුගේ වචන හරඹය නිසාය. ඔහු එතරම් ප්‍රාමාණික උගතකු බව පෙන්වා දුන්නේ එවැනි ලිපි පාඨකයන්ට ඉදිරිපත් කරමිනි.
ඔහු මට මුලින්ම හමුවන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ රැස්වීම් ආවරණය කිරීමේ අවස්ථාවකදීය. ඔහු එයට සහභාගි වූයේ ජනාධිපති මාධ්‍ය අංශය වෙනුවෙනි. ඔහු ඊට කලින් දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ බව දැන සිටියෙමි. ඒ දැනහැඳිනුම තව වැඩි දියුණු වූයේ ලංකාදීප පුවත්පතට සම්බන්ධ වීමෙන් පසුවය.
ලංකාදීප පුවත්පත වෙනුවෙන් අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග ආවරණය කිරීම සඳහා ඔහු මුලින්ම සහභාගි විය. ඒ, ඉතාම කෙටි කලක් වෙනුවෙනි. පසුව ඔහු ලංකාදීප ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ලෙස සේවය ආරම්භ කළේය. ඔහු එහි රාජකාරි කරමින් සිටියදී ඔහු යටතේම ලංකාදීප එසැණ වෙබ් අඩවිය ආරම්භ විය. සමාරම්භක කර්තෘවරයා ලෙස එසැණ පුවත් වෙබ් අඩවිය වටා ශ්‍රාවකයන් දහස් ගණනක් කැඳවාගෙන ඒමට ඔහු සමත් විය. එකල ලංකාදීප එසැණ පුවත් අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත්විය.
ඔහු ඒ තරම් දක්ෂයෙක් විය. සැබෑවටම දක්ෂයෙක් විය.
ඔහු කාර්යාලයේ සෑම සේවකයකු සමගම සුහදව සිටියේය. ඔහුට සතුරන් සිටි බවක් මා දැන සිටියේ නැත.
ඩබ්ලිව්.ජී. ගුණරත්න යනු නවකයකුට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති පුද්ගලයකු බව කිව යුතුය. ඔහු වෙලාවට වැඩ කටයුතු අරඹන, අවධානයෙන් වැඩ කරන මාධ්‍යවේදියෙකි. ඔහුගේ ඇස් උකුස්සකුගේ ඇසකට වඩා තියුණුය. ප්‍රවෘත්තියක ඇති සංවේදී බව හොඳින් වටහාගෙන උකහාගෙන පාඨකයන්ට ඉදිරිපත් කිරීමට ඔහු තුළ තිබූ හැකියාව ඉස්තරම්ය.
ඩබ්ලිව්.ජී. ගුණරත්න තම වෘත්තීමය රාමුව තුළ සැරිසරමින් රට වෙනුවෙන් කළ යුතු උපරිම සේවය ඉටු කළ බව කිව යුතුය. දහසකුත් එකක් දුක් කම්කටොලු සහ සැප විඳ ගනිමින් මේ ජීවත කතරින් නික්ම ගියේ ජීවිතය පිළිබඳ අනිත්‍ය දහම ද පසක් කරමිනි.
ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතා පැතූ උතුම් බෝධියෙන් සැනසී නිවාලන්නට හේතු වාසනා වේවායි පතමි.
(***)
රත්නපාල ගමගේ
2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේ ගුණේ