IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


අපි කළේ විනය පරීක්‍ෂණයක් විතරයි

ප‍්‍රශ්නය:- අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග පඹගාලේ ආණ්ඩුව පැටලී ගිලටීනයටම සිරවී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. දෝෂාභියෝග චෝදනා විමර්ශන විශේෂ කාරක සභාවේ සාමාජිකයකු හැටියට ඔබේ අදහස කුමක්ද?
පිළිතුර:- මේ දෝෂාභියෝගය ගෙන ඒමේ කිසිදු වැරැුද්දක් නෑ. ඒත් මේ දෝෂාභියෝග චෝදනා මොනවද කියා සමාජයේ කිසිවෙක් දැනගෙන සිටියේ නැහැ. වැරැද්ද තිබෙන්නේ එතැනයි. හිටපු අගවිනිසුරු සරත් සිල්වාට එරෙහි දෝෂාභියෝගය ගෙනාවේ මමයි. එදා ඒ සම්බන්ධ මූලික වැඩ කළේ මමයි. අපි එදා මෙතුමාට විරුද්ධව විශාල මතවාදයක් ගොඩනගා තිබුණා. ඒ මතවාදය නිසා මුළු ලංකාවම අපිත් සමග සිටියා. අගවිනිසුරුවරයා සිටියෙ තනිවෙලයි.

එහෙත් මෙවර ගෙනෙන චෝදනා අපි දැනගෙන සිටියට රටේ ජනතාව දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා මේක ගණන් ගත්තේ දේශපාලන ප‍්‍රශ්නයක් වශයෙන්. ජනතාව දැනුවත් නොකර දෝෂාභියෝගය ගෙනාවොත් අපි තනිවී රටම අගවිනිසුරුවරිය සමග සිටීවි කියා මම මුලින්ම කිව්වා. ඇත්තටම වුණෙත් ඒකයි. වැරදි නිවැරදි බව දැනගන්න කලින් කාරණාව ජනතාව දැනගන්න  ඕනෑ. හරිද වැරදිද කියා ජනතාව තේරුම් ගන්නේ කාරණාව දැනගත් පසුවයි. නොදන්න දෙයක් ගැන ගන්න තීන්දුවක් නෑ.


දිවි නැඟුම තීන්දුව නිසා දෝෂාභියෝගය ගෙනා බව අපේම මන්ත‍්‍රීවරයකු කිව්වා. ඇත්ත හේතුව ඒක නෙමෙයි. අගවිනිසුරුවරියගේ සැමියා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වශයෙන් කළ මුල්‍ය වංචාවට ජනාධිපතිතුමා කිසිදු තීන්දුවක් ගන්නේ නැති බව මාධ්‍ය කිව්වා. එහෙම තීන්දු ගත්තොත් අගවිනිසුරුවරියට එරෙහිවත් තීන්දු ගන්න වෙන බවත් එවිට අධිකරණයේ විශාල අර්බුදයක් ඇති වන නිසා තීන්දුවක් ගන්නේ නැති බව කිව්වා. මහින්ද චින්තනය ක‍්‍රියා කරන්නෙත් ඒ ආකාරයෙන් යැයි කිව්වා. කොහොම වුවත් සියලූ විරෝධතා මධ්‍යයේ අර මූල්‍ය වංචාව නැවැත්වූවා පමණක් නොවෙයි අදාළ පුද්ගලයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිතුමා නියෝග කළා. එහෙම නම් මේ මතු වුණේ මාධ්‍ය කියූ අර්බුදයයි.


රජයත් එක්ක යම් යම් කරුණු මතු කරන විට නොයෙක් නොයෙක් පිරිස් තමන් දන්නා කියන කාරණා එළියට දානවා. හිටපු හමුදාපතිවරයාගේ ටෙන්ඩර් කතා එළියට ආවේ ඔහු රජයත් සමග ගැටෙන්න ගත්තට පසුවයි. එතෙක් ඒවා කතා කරන්න මේ රටේ කවුරුත් සිටියේ නෑ. මේකත් එහෙමයි. ක‍්‍රියාමාර්ග ගත්තාම අර්බුදයක් ආවා. මූල්‍ය ප‍්‍රශ්න එළියට ආවා. ඇත්ත කතාව ඒකයි.
ආණ්ඩුව පඹගාලක පැටලූණේ අසාධාරණ, නීති විරෝධී වැඩක් කරන්න ගිහින් නම් ඒක ප‍්‍රශ්නයක්. එහෙත් මේ චෝදනා මම හොඳින් විභාග කළා. රෑ පහන්වනතුරු ලියැවිල්ලෙන් ලියැවිල්ලට කියවා අධ්‍යයනය කළා. ලිඛිත සාක්ෂි තිබෙන මේ චෝදනා ගැන  ඕනම කෙනෙක් සමග විවාදයකට මම සූදානම්. මේ චෝදනා ඉතාමත් බැ?රුම්. මේව කාටවත් බොරු කරන්න බෑ. මේ රටේ කවුරු වැරදි කළත් ඒ කාටවත් නීතිය අභිබවා යන්න ඉඩක් තියෙන්න බෑ. විශේෂයෙන්ම අධිකරණයේ කෙනෙක් නම් නීතිය ඉතා ඉහළින් ක‍්‍රියාත්මක විය යුතුයි. මගේ ස්ථාවරය එයයි.

 


ප‍්‍රශ්නය:- එහෙත් මෙය දේශපාලන පළිගැනීමක් ලෙසයි බොහෝ අංශවලින් අර්ථ දැක්වෙන්නේ. බැලූ බැල්මට එය නිකම්ම බැහැර කරන්නත් බෑ.
පිළිතුර:- දේශපාලන පළිගැනීමෙන් කෙනෙක් පරාද වෙන්නේ කොහොමද? තමන් වැරැද්දක් කර තිබෙනවා නම් දේශපාලන පළිගැනීමක් ලෙස ක‍්‍රියා කරන්න පුළුවන්. තමන් නිරවද්‍ය නම් ඒක කරන්න බෑ. මම නිරවද්‍ය නම් මාසයකින් නෙමෙයි ඉතාම ඉක්මනින් ඒ බව ඔප්පු කරන්නයි මට  ඕන. මාසයක් ගන්න එපා දවස් පහකින් මේ කටයුතු අවසන් කරන්න කියා මම කියනවා. මොකද මගේම බැංකු ගිණුම්, මගේම වත්කම් බැරකම් ප‍්‍රකාශ මගේම ඔප්පු තිරප්පු මගේම වෙළෙඳ ගිවිසුම් නිසා මගේ නිරවද්‍යතාව ඔප්පු කිරීම මට පහසුයි.


මේ ලිපි ලේඛන සියල්ල අගවිනිසුරුවරිය අතේ තිබෙන ඒවා මිස එතුමියට අලූත් නොවන අපට පමණක් අලූත් අපි අධ්‍යයනය කළ යුතු ඒවා පමණයි.  එහෙම නම් මේවා සොයන්න කල් ගත වෙන්නේ අපටයි. එතුමිය ඉතා ඉක්මනින් එය විභාගය ආරම්භවී දවස් 22 ක් යනතුරුත් කළේ ක‍්‍රමවේදය ගැන තර්ක කිරීමයි. නඩුවකදී වගේ කල්දදා දිග්ගස්ස ගස්සා ඉන්න අතරේ වෙන ක‍්‍රියා දාමයකට යන්නයි උත්සාහ කළේ. දෝෂාභියෝග විභාගය දිග්ගස්සමින් දේශපාලන ක‍්‍රියාදාමයකින් මෙය පරාජය කිරීම අගවිනිසුරුවරියගේත් ඇගේ නීතිඥයන්ගේත් බලාපොරොත්තුව වුණා.


අද මේ සියලූ දේ වෙළුම් දෙකකින් ප‍්‍රසිද්ධ වී තිබෙනවා. පාර්ලිමේන්තුවෙන්  ඕනෑම කෙනකුට මේක ගන්න පුළුවන්. කර ඇති මූල්‍ය වංචා සියල්ල එහි සඳහන් වෙනවා. බුද්ධියක් ඇති  ඕනෑම කෙනකුට ඒවා කියවා බලන්න පුළුවන්. මේවා පෙන්නා දුන්නාට පස්සේ අගවිනිසුරුවරියට සහයට හිටපු නීතිඥයන් මට කතා කළා. මේව කිසිවක් දැනගෙන සිටියෙ නැති බව ඔවුන් කිව්වා. ඒකෙ සම්පූර්ණ වැරැද්ද අපේ. ජනතාව දැනුම්වත් නොකිරීමෙන් රජය කරගත්තේ වරදක්. ජනතාවට අවබෝධයක් නැතිව කොයි තරම් හොඳ වැඩක් කළත් ප‍්‍රතිඵල නරක වෙන්න පුළුවන්. සිද්ධ වුණේ එයයි.

 


ප‍්‍රශ්නය:- මේ දෝෂාභියෝගයෙන් ආණ්ඩුව වරද්දා ගත්තා කියලද ඔබ කියන්නේ?
පිළිතුර:-
ගත්ත ක‍්‍රමය වැරැුදියි. පාළු ගෙයක් ඇතුළේ දෙන්නෙක් ගහ ගත්තට කවුද හරි කවුද වැරැදි කියා කිසිවෙක් දන්නේ නෑ. ලොකු වාදයකට යන්නේ එළියට ආවමයි. වැඩියෙන් ගුටිකා සීරීම් ඇති පුද්ගලයා ඇත්තටම වැරදිකරු වුවත් ඔහුගේ ස්වභාවය හා අඳෝනාව, දුක්ගැනවිල්ල අනුව අනුකම්පාව යන්නේ ඔහුගේ පැත්තටයි. මනුෂ්‍ය ස්වභාවය එයයි.
මුලින්ම මමත් සිතුවේ මේක හරිද කියලයි. මොකද මමත් මේක ගළපාගත්තේ වෙනත් ආකාරයකට. එහෙත් ඇත්ත කතාව දැක්කාම කාරණේ වටහා ගත්තා. තමන් වැරදි කළා නම් එයට අනිවාර්යයෙන්ම දඬුවම් විඳිය යුතුයි. ගත්ත ක‍්‍රියාමාර්ගයේ හරි වැරැද්දෙන් වැඩක් නෑ. මගේ ස්ථාවරය ඒකයි. වංචාව, දුෂණය කාර්යාල කාර්ය සහායකයාගෙන් හදන්න බෑ. ශුද්ධ කරනවා නම් උඩ ඉඳලා පහළට යන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය:- දෝෂාභියෝග විමර්ශන කමිටුවේදී අගවිනිසුරුවරියට බෙහෙවින් අසාධාරණ කම් වූ බව වාර්තා වූවා. සාක්ෂි මොනවද සාක්ෂිකරුවන් කවුද නොදැන සිටි බවත් කියැවුණා. ඇයට නොකියා නොදන්වා සාක්ෂිකරුවන් කැඳවා සාක්ෂි විමසූ බවට ඇති චෝදනාව ගැන මොකද කියන්නේ?
පිළිතුර:-
අමූලික බොරුවක්. චෝදනා ඉදිරිපත් කරන්න මේ නීතිඥවරු අපට ඉඩ දුන්නෙම නෑ. දවසින් දවස එක එක දේවල් කතාකළා. අධිකරණ ක‍්‍රියාදාමය ගැන කතා කර මේ ක‍්‍රමය අසාධාරණ බව කියනවා. මේ සියලූ දේ වචනයෙන් වචනෙට හැන්සාඞ් වාර්තාව පිටවී තිබෙනවා. ඒක කියෙව්වාම අසාධාරණයක් වෙලාද නැද්ද කියා දැනගන්න පුළුවන්.


මේක අධිකරණයක් නෙමෙයි. අපිව පත් කළේ කෙනකු ගේ විනය පරීක්ෂණයක් කරන්න. අවසන් දවසේ චෝදනා ඉදිරිපත් කරන්න තීරණය කළා. එතකොට මේ අය කැළඹුණා. ඒ අනුව මොවුන් නැවත විරෝධතා ඉදිරිපත් කළා. මීට පෙර මේ ක‍්‍රමයට දෝෂාභියෝග ගෙනත් තිබෙනවා. ඒව ගෙනාවෙත් මේ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුවයි. ඒවා විභාග කළේ අධිකරණ ක‍්‍රියාවලියකින්ද? කම්කරුවකුට තිබෙන අයිතියවත් අගවිනිසුරුවරියට දී නැති බව ඇගේ නීතිඥයන් තර්ක කළා. රුපියල් 50 ක මූල්‍ය වංචාවකට හසුවන කම්කරුවකුගේ වැඩ තහනම් කර අවසන් තීන්දුව එන තෙක් වසර ගණනක් ඉන්න වුණා. රුපියල් 50 වංචාවට වැටුප් නැතිව වසර දෙක තුනක් ඉන්න වුණා. රුපියල් මිලියන 50 කට වඩා මූල්‍ය වංචා තිබෙන අගවිනිසුරුවරිය තවමත් අනුන්ගේ නඩු අහනවා. ස්වාභාව ධර්මයේ මූලධර්මය කියන්නේ මේවාටද? ස්වාභාවික මූලධර්මය, යුක්තිය තිබෙන්නේ ජනතාවට. උත්තරීතර ජනතාවයි. මෙතුමිය අසන නඩුවලදී ස්වාභාව ධර්මය යුක්තිය මූලධර්මය ඉටුවෙනවාද? හෙට දවසේ මැය වැරදිකාරිය වුවොත් දී තිබෙන නඩු තීන්දු ගැන මොකද කියන්නේ. වැරදිකරුවකුට දී තිබෙන නඩු තීන්දුවල ඇති ස්වාභාවික යුක්තිය කුමක්ද?


චෝදනා ගැන ඇගේ නීතිඥයන්වත් හරිහැටි වටහාගෙන සිටියේ නෑ. ඒ දවස් විසි දෙකක් ගතවී තිබියදීයි. මේ අය චෝදනා පත‍්‍රවත් හරිහැටි නොකියවා උත්සාහ කළේ වැඬේ දිග්ගස්ස ගන්නයි. නීති තර්ක ගෙනත් අධිකරණයේදී වගේ කටයුතු කරන්නයි. චෝදනා පත‍්‍රය අනුව අසවල් සාක්ෂිකාරයන් කැඳවන බව අපි කිව්වා. ඒ අය ගැන ප‍්‍රශ්න කරන්න පුළුවන්ද කියා එවිට විමසා සිටියා. දෝෂාභියෝගයේ අඩංගු කරුණු ගැන මිස අධිකරණයේදී මෙන් නීති තර්ක බැරි බව අපි කිව්වා. ඒ එකඟතාවටත් ආවා. සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවකුත් අපි ඉදිරිපත් කළා. ඔවුන්ගෙන් ප‍්‍රශ්න ඇසීමේදී අපි සීමාවක් දැම්මා. ඔය නැගිට යාමට දින දෙකකට පෙර ජනවාරි 14 තෙක් යන්න තීරණයක් ගත්තා. එහෙත් මේ අයට අවශ්‍ය වුණේ තව මාස ගණනක් යන්න. ඒවා කරන්න බැරි බව මොවුන්ට තේරුම් ගිය පසු තේ බීමට ගිහින් ඇවිත් මේ විභාගයෙන් ඉවත්වන බව කිසිදු හේතුවක් නැතිව කිව්වා.

 


ප‍්‍රශ්නය:- චෝදනා විමර්ශනයේදී අගවිනිසුරුවරියට පහත් නින්දිත ලෙස කතා කළ බවට හෙළිවී තිබුණා?
පිළිතුරු:-
කිසිදු නින්දිත කතාවක් වුණේ නෑ. අගවිනිසුරුවරිය සමග කාටවත් සංවාදයක් තිබුණේ නෑ. ඇය දිවුරුම් ප‍්‍රකාශය කළා ඇරෙන්නට වෙන වචනයක්වත් මේ විමර්ශනයේදී කතා කර නෑ. සියලූ දේ කතා කළේ ඇගේ නීතිඥයන්. නීතිඥයන් සමග තර්ක කරනවා මිස පැත්තක ඉන්න කෙනෙකුට අපහාස උපහාස කරන්න හේතුවක් නෑ. ඇතැම් මන්ත‍්‍රීවරු උස් හඬින් කතා කළා. එහෙම කතා කරන්න එපා කියා මම ළඟ සිටි විපක්ෂ සාමාජිකයකුටත් මම කිව්වා. තමන්ට හෙමින් කතා කර පුරුද්දක් නැති බව එවිට ඔහු කිව්වා. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කළා. එසේ නැතිව කිසිම කෙනෙක් අපහාසාත්මක වචන කතාකළේ නෑ. පළමු දිනයේ යම් යම් අය උස් හඬින් කතා කළත් දෙවැනි දිනයේ පටන් එහෙම වුණෙත් නෑ. මේව ඇත්තද බොරුද කියා හැන්සාඞ් වාර්තාවෙන් බලාගන්න පුළුවන්. ඒකත් මදිනම් සී.ඞී. තැටිය තිබෙනවා. සෑම දෙයක්ම කලූ සුදු ආකාරයෙන් තිබෙනවා.


එතුමිය තමන්ට අපහාස වන බව කියා සිටියේ නීතිඥ සංගමයේ රැුස්වීම දිනයේයි. මේක එදා පත්තරවල පොල්ගෙඩි අකුරින් පළවූවා. මේවා කියමින් කොළඹට නීතිඥවරු ආවේ මහා වෛරයකින්. කාන්තාවක් වූ අග‍්‍රවිනිශ්චයකාරතුමිය ගැන අනුකම්පාවකින්. මේ සියල්ල ඒ අය කළේ ඒ වෙනුවෙන්. එතුමිය අද යන්නේ දේශපාලන මෙහෙයුමකින්.

 


ප‍්‍රශ්නය:- කෙසේ වෙතත් වාර්තාව නිකුත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා කියා තිබුණා. මෙසේ කරන්නේ ජාම බේරා ගැනීමේ උප්පරවැට්ටියක් වශයෙන්ද?
පිළිතුර:-
නෑ. අපි කටයුතු කළ ආකාරය හරිද වැරැුදිද කියා ප‍්‍රශ්නයක් තිබෙනවා. ජනාධිපතිතුමත් නීතිඥයෙක්. අධිකරණයට එරෙහිව යන්නේ නැති බව එතුමා හැම විටම කිව්වා. සරත් සිල්වා හිටපු අගවිනිසුරු දුන් තීන්දු එකක් හැර අනෙක් සියල්ල ක‍්‍රියාත්මක කළා. පෙට‍්‍රල් මිල ප‍්‍රශ්නෙදි විතරක් ක‍්‍රියාත්මක වූයේ නෑ. ඒක කරන්න ආර්ථික තත්ත්වයක් තිබුණේ නෑ.


මේ කමිටුව ජනාධිපතිතුමා පත් කරන්නේ එතුමාගේ හෘදය සාක්ෂිය වෙනුවෙන්. මේ කමිටුව හොඳට කටයුතු කර තිබෙනවාද කියා කටයුතු නිරීක්ෂණය කර අපි කියන චෝදනා ඔප්පු වී තිබෙනවාද බලන්නයි. ඒක ඉතාමත්ම හොඳයි. මෙවැන්නකට එක කමිටුවක් නෙමෙයි කමිටු දහයක් පත්කළත් කමක් නෑ. අවසාන තීන්දු තිබෙන්නේ ජනාධිපතිතුමා අතේ. එතුමාගෙ සිත පිරිසිදු වෙන්න  ඕනෑ. දේශපාලන හේතු මත හෝ යම් කෙනකුට අපි අසාධාරණයක් කළොත් ඒ අසාධාරණය කවදා හෝ අනෙක් පැත්තට අපටම එනවා. එවැනි අසාධාරණ සිය ගණනාවකට මුහුණ දුන් කෙනකු වශයෙන් සහ ලංකා ඉතිහාසයේ වැඩිම නඩු කියපු මන්ත‍්‍රීවරයා වශයෙන් මම මගේ හෘද සාක්ෂියට එකඟ නැති නම් කිසි දිනක මේ තීන්දුවට අත්සන් කරන්නේ නෑ. ඒක විමල් වීරවංශ ඇමැතිවරයත් පැහැදිලිවම කිව්වා. එවැනි පහත් වැඩක් කර මේ ගමන යන්න කිසිදු අවශ්‍යතාවක් නෑ. ප‍්‍රශ්නයක් තිබුණා නම් නිවැරදි වී තීන්දුව දී මේකට අත ගහන්න එපා කියන උපදෙස ජනාධිපතිතුමාට දෙනවා. අපට පැහැදිලි ඔප්පුවූ සහ අවබෝධ වූ කරුණු මත පිහිටා අවසාන වාර්තාව දී තිබෙනවා.

 


ප‍්‍රශ්නය:- ජනාධිපතිවරයා මේ කමිටුව පත්කිරීමට යාමෙන් හැඟෙන්නේ විමර්ශන කමිටුව ස්වාධීනව කටයුතු නොකළ බව නොවේද?
පිළිතුර:-
කමිටුවෙ වැඩ කටයුතු පරීක්ෂා කරන්න කියා කොතැනකවත් කියා නෑ. ලබාදී තිබෙන තීන්දු සහ ලිපි ලේඛන ගෙන හොඳින් අධ්‍යයනය කර වාර්තාවක් ඉල්ලා තිබෙනවා. එතුමාට මේ  සියලූ ලිපි ලේඛන කියව කියව ඉන්න වෙලාවක් නෑ. මේ වාර්තාව ඉල්ලන්නේ කමිටුවට විරුද්ධව නෙමෙයි.

 


ප‍්‍රශ්නය:- නීතිඥ සංගමයේ මහා සභා රැුස්වීමේදී මේ සම්බන්ධ ප‍්‍රධාන යෝජනා තුනක් සම්මත කරගෙන තිබුණා. නීතිඥවරුන්ගේ මේ නැඹුරුව ගැන අදහස කුමක්ද?
පිළිතුර:-
මමත් වෘත්තීය සංගම් ගණනාවක සෑහෙන කාලයක් තනතුරු දැරුවා. අත්දැකීම් තිබෙනවා. නීතිඥවරුන්ගේ හැසිරීම සහ ක‍්‍රමවේදය ඉතාම නරකයි. අපි වෛද්‍ය සංගම්වලදී වැදගත් ආකාරයෙන් එක් තීන්දුවකට ආවා. ඒවා බලපැවැත්වූයේ ඒ නිසයි. ඒ තීන්දු ජයගත්තේ වැදගත් ලෙස ගත්ත නිසයි.


ඒත් නීතිඥ සංගමයේ වුණේ මොකක්ද? ගාලගෝට්ටියක් තිබුණා නම් ඒකමතිකව සම්මත වුණා යැයි කීම බොරුවක්. ඒකමතිකව සම්මත වෙනවා නම් අතින් පයින් ගහ ගන්න  ඕනෑද. එතැනින්ම බොරුව එළියට එනවා. ඒකමතිකව සම්මත නොවූ බව නියෝජ්‍ය සභාපති කියනවා. එනිසා මෙතන තිබෙන්නේ දේශපාලන වැඩ පිළිවෙළක්. වෘත්තීය සංගම්වලට තම දේශපාලන පරමාර්ථ ගෙන යාම වැරැදියි. මේ සංගමයේ සභාපති එ.ජා.ප. මන්ත‍්‍රීවරයෙක්. ඒක අන්තිම නරකයි. මම පූර්ණකාලීනව දේශපාලනයට ආ දිනයේ සියලූ වෘත්තීය සංගම්වලින් ඉල්ලා අස්වුණා. ඒ සංගම්වලට අසාධාරණයක් වීමට ඉඩ දුන්නේ නෑ. තම දේශපාලන පරමාර්ථ වෘත්තීය සංගම් තුළ ක‍්‍රියාත්මක කරන්න ගියාම අර්බුද එනවා. අද නීතිඥ සංගමය දෙකට කැඩිලා.

 


ප‍්‍රශ්නය:- ජාත්‍යන්තර නීතිඥ සංගම් පවා මේ දෝෂාභියෝගයට විරෝධය දක්වනවා. මූලික කරුණු කාරණා ගැන ප‍්‍රශ්න කරනවා. ආණ්ඩුව මේ කරන්නේ රට ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවට පත්කර ගැනීමක් නොවේද?
පිළිතුර:-
මූලික අයිතිය කියන්නේ එක් පුද්ගලයකුගේ මූලික අයිතියද රටේ ජනතාවගේ මූලික අයිතියද? දුෂිත යැයි තහවුරු වී ඇති පුද්ගලයකු ඉවත් කර මේ රටේ ජනතාවගේ මූලික අයිතිය ගොඩනගනවාද? ඔය ජාත්‍යන්තර සංවිධාන මේ චෝදනා පත‍්‍රය කියවා තිබෙනවාද? කිසිදු චෝදනා පත‍්‍රයක් කියවා නැති අය මොනවද කියන්නේ. ඇමරිකාවේ 14 දෙනකු දෝෂාභියෝගවලින් ගෙදර යවා තිබෙනවා. මේ ක‍්‍රමය ගෙනාවේ 1984 දියි. මේක වැරැුදියි කියා කියන්නේ දැන්ද? මේක වැරදි නම් හෙට දවසේ වෙනස් කර ගන්න පුළුවන්. ඒක වෙන කතාවක්. ඒත් විභාග කරන්න වී තිබෙන්නේ පවතින ක‍්‍රමවේදය අනුවයි. ඔය කතා කරන ඇතැම් මහත්වරු මාත් සමග එක්වී එදා දෝෂාභියෝගය ගෙනා අයයි. එදා මේ ක‍්‍රමය ගැන ප‍්‍රශ්න කළේ නෑ.

 


ප‍්‍රශ්නය:- රට ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවට පත්කර ගැනීමක් නොවේ දැයි මම ප‍්‍රශ්න කළා.
පිළිතුර:-
පැහැදිලිවම ඔව්. ඉදිරියේ එන එ. ජාතීන්ගේ සැසිවාරයට මේක හොඳ නෑ. කට්ටියක් කරන්නේ දේශපාලනයක්. නීතිඥවරුන් ඒකට අල්ලාගෙන. තවත් විනිශ්චයකාරයකු වැරදි නොකළොත් මෙහෙම වෙන්නේ නෑ. මෙතන තිබෙන්නේ එක් පුද්ගලයකුගේ ප‍්‍රශ්නයක් මිස අධිකරණය පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒත් වාසියට මේක අධිකරණගත කරගෙන තිබෙනවා.
ප‍්‍රභාකරන්ගේ අභියෝගය මැඩ පවත්වන විටත් ජාත්‍යන්තරය අපට සිටියේ නෑ. ඒත් අපි දිනුවා. කොතැනක හෝ ඇති වැරැද්දක් නිවැරදි කරනවා නම් එයට අපි සහාය දෙනවා. මේ ආණ්ඩුව කරන හැම දේම හරියි කියා මම කියන්නේ නෑ. සමහර දේවල් තව කතාකරන්න  ඕනෑ.


නීතිඥ සංගමයේ නිලධාරීන්ට පහර දීමට යාම හෝ නිවෙස්වලට වෙඩි තැබීම ඉතාම පහත් වැඩක්. අඬන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න  ඕන නෑ. ආණ්ඩුව පැත්තෙන් මේක කළා නම් ඒ තීන්දුව ගත්ත කෙනාට මොළයක් නෑ. ගොඩයන්න ක‍්‍රමයක් නැති වුණාම විපක්ෂය මෙවැනි දේ කරනවා.

සාකච්ඡා කළේ චමින්ද මුණසිංහ



අදහස් (0)

අපි කළේ විනය පරීක්‍ෂණයක් විතරයි

උපාලි Saturday, 29 December 2012 11:33 PM

රටේ ප්‍රධානතම ලියැවිල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. එය නිවැරදිව ‍තේරුම් ගත්තොත් විනා රටේ ප්‍රශ්න වලට විසදුම් සෙවිය නොහැක. (නි)

:       0       0

කුමාර Friday, 28 December 2012 10:32 PM

මම නම් හිතන්නේ මෙම විනිසුරු මඩුල්ලට විශ්‍රාමික අගවිනිසුරුවරුන් පත්කළොත් හොදයි කියලයි. (නු)

:       0       0

සරත් Tuesday, 25 December 2012 12:50 PM

වැඩක් නෑ (ස)

:       0       0

අමරසේන Tuesday, 25 December 2012 01:15 PM

විශ්‍රාමික විනිසුරු මඩුල්ලක් විසින් මෙම පරීක්ෂණය තැබුවේ නම් ඉතාම හොද බවයි මගේ හැගීම වන්නේ. (නි)

:       0       0

ලලිත් Thursday, 27 December 2012 05:24 PM

සමහරු මෙලෝ දෙයක් දන්නෙ නැහැ, ඒත් කතාව බහුශ්‍රැතයො වගෙයි. (නි)

:       0       0

ලලිත් Tuesday, 25 December 2012 04:49 AM

සියල්ල පිළිබඳව ලක් ජනතාවට හොඳ ඉවක් තිබේ. (නි)

:       0       0

රංගසිරි Monday, 24 December 2012 12:34 PM

අහපු ප්‍රශ්න වලට දීපු උත්තරවල දිග (ස)

:       0       0

හේමාල් Thursday, 27 December 2012 10:07 AM

විනය පරීක්ෂණයක් කිරිමට මෙතුමාට ඇති සුදුසුකම් පිළිබදව අපට දැනගැනීමට අවශ්‍යයි. (නි)

:       0       0

මුතුකුඩ Monday, 24 December 2012 02:12 PM

විනය පරික්ෂණ වලට පෙර පරික්ෂා කරන්න අවශ්‍ය දෙයක් තිබේ. (නි)

:       0       0

වාසල Thursday, 27 December 2012 12:01 PM

ඇසිය යුතුම ප්‍රශ්නයක් නොඅසා ඇති බවයි මගේනම් අදහස වන්නේ. (නි)

:       0       0

ජිනා Saturday, 29 December 2012 09:44 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙවන් දෙයක් කිරීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 115 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?
2025 ජනවාරි මස 16 443 0

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ


අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 16 101 0

නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ


ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
2025 ජනවාරි මස 15 733 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ


රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
2025 ජනවාරි මස 15 1295 1

නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික


අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?
2025 ජනවාරි මස 15 2114 2

රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 326 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site