පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක් පිළිබඳ ලැබුණු තොරතුර මෙරට පාතාලය සම්බන්ධ සිද්ධීන් නව මානයකට යොමුකර තිබේ. මේ තොරතුර නිසා තිළිණ ගමගේ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ලබාදෙන ලද උපදෙස් මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට ඊට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. විනිසුරුගේ ආරක්ෂාවට සියලු පියවර නොපමාව ගත යුතු බව අපි ද සඳහන් කරමු.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන සිදුකර සිද්ධියට අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වහාම ක්‍රියාත්මක වීම අවශ්‍ය ය. මේ සිද්ධිය හුදෙක් මහේස්ත්‍රාත්වරයකුට එරෙහිව එල්ලවූ ඝාතන තර්ජනයක් වශයෙන් නොසලකා එය සමස්ත අධිකරණ ක්‍රියාදාමයට එල්ලවූ තර්ජනයක් වශයෙන් සැලකිය යුතුය. එම තර්ජනයට හේතු සාධක වශයෙන් සඳහන් වන්නේ පෞද්ගලික ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් නොව අධිකරණය විසින් ලබා දෙන ලද නියෝග හේතුවෙන් වීම වඩාත්ම බරපතළ කාරණය යි.
මීට පෙර අවස්ථාවකදී අපරාධකරුවකුට එරෙහිව දුන් අධිකරණ තීන්දුවක් හේතුවෙන් කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කරනු ලැබූ බවද මෙහිදී සිහිපත් කරනු වටී.
එම ඝාතනයට එරෙහිව ඉතා ඉක්මනින් පොලිසිය ක්‍රියාත්මක වූ අතර කෙටි කලකින්ම එකී ඝාතන කුමන්ත්‍රණයේ සියලු විස්තර අනාවරණය කරගැනීමට පොලිසිය සමත්විය. ඒ සමග සැකකරුවන්ද අත්අඩංගුවට ගනු ලැබූ අතර ඝාතනයට පෙර එම සැකකරුවන් ආහාර ගත් හෝටල්වල තොරතුරු පවා සොයාගෙන ඇත. එම සැකකරුවන් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ නඩු විභාගය ද වැඩිකල් නොගොස් අවසන් වූයේ සැකකරුවන් පෝරකයට නියම කිරීමෙනි.
මෙරට අධිකරණ ඉතිහාසය තුළ ලබාදුන් අධිකරණ නියෝග හේතුවෙන් විනිසුරුවරයකු ඝාතනය කිරීමක් පිළිබඳ සඳහන් වන්නේ එකී ඝාතනය පමණි. මේ නිසා අධිකරණ නියෝග හේතුවෙන් විනිසුරුවරයකුට මරණ තර්ජන එල්ල වීම බරපතළ කරුණක් වශයෙන් සලකා ඒ සම්බන්ධ සියලු තොරතුරු හැකි ඉක්මනින් අනාවරණය කරගැනීමට පොලිසියට හැකිවිය යුතුය.
විනිසුරුවරයාට ආරක්ෂාව සැලසීම වැදගත් වන්නාසේම මෙම ඝාතන කුමන්ත්‍රණයේ සැබෑ වැරැදිකරු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීම ද එකසේ වැදගත් වෙයි.
මේ සිද්ධිය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැනුම්වත් වී ඇත්තේ ඔත්තුකරුවකු විසින් යොමුකරන ලද ලිපියක් හේතුවෙනි. මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට එක්තරා පුද්ගලයකු තවත් අයකුගෙන් දුරකථන මාර්ගයෙන් ගිනි අවිය ඉල්ලා ඇති බවට එම ඔත්තුකරු ලබා දී ඇති තොරතුරු සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් තොරතුරු විමසා ඇතැයි ද ඒ අවස්ථාවේදී ගිනි අවිය ඉල්ලූ පුද්ගලයා සම්බන්ධව සියලු තොරතුරු හෙළිවී ඇතැයිද එමගින් සියලු සැකකරුවන් අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි ද බලාපොරොත්තු වෙමු.
පාතාලයන්ගේ මරණීය තර්ජන සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ විහිදී තිබිණි. තමන්ගේ විරුද්ධ කල්ලිවල සාමාජිකයෝ ද ව්‍යාපාරිකයෝ ද පොලිස් නිලධාරීහු ද දේශපාලනඥයෝ ද මේ පාතාලයන්ගේ මරණ තර්ජනවල ගොදුරු බවට පත්ව සිටියහ. ඒ ඇතැම් අය තර්ජනවලින් නොනැවතී පාතාලයේ උණ්‍ඩවලින් ජීවිත අහිමි කර ගත්හ. සමහරු මිලියන ගණන් වන්දි ගෙවා පණ බයේ හෝ ජීවත් වීමට අවස්ථාව ලබාගත්හ.
සෙසු පුද්ගලයන්ට එල්ල වන පාතාල මරණ වරෙන්තු අධිකරණයට එල්ල වීමට ඉඩ තැබිය යුතු නැත.
එම ඉඩ කඩ අහුරා දැමීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එල්ලවූ මරණ තර්ජනයට එරෙහි විමර්ශන මගින් පොටක් පාදා ගැනීමට හැකිවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අධිකරණය තර්ජනවලින් රැකගැනීම ජාතියේ යුතුකමකි
Perera Monday, 01 April 2024 07:38 AM
එක එක්කෙනාගෙන් තුවක්කු ඉල්ල ඉල්ලා පණිවිඩ යවනවද ඔහොම?