IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කේබල් කාරයේ කෝඩුකාරයෝ

‘‘දඩ දඩස් - දඩ දඩස් - දඩ දඩස්’’ කේබල් කාරය පහළ වේදිකාවෙන් ඉහළ ගමන අරඹද්දීම දෙවරක් තුන්වරක් ගැස්සෙයි. මුල් වරට කේබල් කාරයක යන්නවුන්ගේ හදවත් ගැස්සෙන්නේ ඊටත් වඩා සැරටය. පුරුදු කාරයෝ නම් ගාණක් නැතුව අවට සිරි නරඹන්නට හා ඡායාරූප ගත කරන්නට ලක ලැහැස්තිවෙති. අප මේ සැරසෙන්නේ ලංකාවී දූපතේ කේබල් කාර් මගින් මීටර් 700 ක් පමණ උසැති මචින්චාං කඳු මුදුනට යන්නටය. මේ කේබල් කාර් ගමන සංචාරකයන් අතර බෙහෙවින්ම ජනප‍්‍රියය. කඳු පාමුල වෙළෙඳ කුටි හා සල්පිල් වලින් යුතු කුඩා ගම්මානයකි. මැලේසියාවට ආවේණික ගෘහ නිර්මාන සම්ප‍්‍රදායයන් පාදක කර ගනිමින් තැනූ ගොඩනැගිලි ගණනාවක් මේ ගම්මානය පුරා විහිද තිබේ. පෙරදිග ගම්මානය නම් වූ එහි ගොඩනැගිලි අතරින් වැටී ඇති පටු මං මාවත් දිගේ විනාඩි 10 ක පමණ පා ගමනකින් පසු කේබල් කාර් නැවතුමට පැමිණිය හැකිය. කේබල් කාර් කුටිය තනා ඇත්තේ හය දෙනකුට පහසුවෙන් අසුන් ගත හැකි ආකාරයටය. අසුන් ගත් පසු මුළු වට පිටාවම හොඳින් දැක බලාගත හැකි වන සේ කුටියේ බිම් මට්ටමේ සිට වහල දක්වාම තනා ඇත්තේ වීදුරු වලිනි. දැන් කේබල් කාරය සෙමෙන් සෙමෙන් ඉහළ ඇදෙයි. පහළ කේබල් කාර් නැවතුම දැන් පෙනෙනුයේ සෙල්ලම් ගෙයක් තරම් කුඩාවටය. මචින්චාං කඳු යාය පුරා පැතිර ඇති තුරුලතාවන් ඇස ප‍්‍රීති කරවයි. ඒ අතරින් ඉහළ නැගුණු අපූරු හැඩතල ගත් ගල් කුළු අවුරුදු කෝටි 50 කටත් වඩා පැරණි ඒවා බැව් භූ විද්‍යාඥයෝ පවසති. කඳු මුදුන කරා යන කේබල් කාර් ගමනට අදියර දෙකකි. පහළ නැවතුමෙහි සිට මැදි නැවතුම දක්වා වනපළමු අදියරේදී කිලෝ මීටර එකහමාරකට වැඩි දුරක් ගෙවමින් මීටර 650 ක පමණ උසකට කේබල් කාරය ගමන් ගනියි. නිල්ල ගැහුණු කඳු යායේ මහ ගස් අතරින් ඇද හැලෙන දිය ඇල්ලකි. දිය ඇල්ලට දුරස් වෙමින් කේබල් කාරය තව තවත් ඉහළ නගියි. ලංකාවී දූපත වට කරගත් මහ සයුරද දැන් ඈතින් දිස්වෙයි. ඒ අන්දමන් සයුරය. ඇස පුරා දකින්නට මෙවන් නේක දසුන් බැලූ බැලූ අත ඇතද කේබල් කාරයේ ඉන්නා කෝඩුකාරයන් අන්දමන්දව දෑස් පියා ගෙනය. බය වැඩි කමටය. දැන් මැද නැවතුමට ඔන්න මෙන්නය. මෙතෙක් තරමක වේගයෙන් පැමිණි කේබල් කාරයේ ගමන බාලවෙයි. ‘‘දඩ දඩස් - දඩ දඩස් - දඩ දඩස්’’ කෝඩු කාරයෝ ගැස්සිල්ලට බියෙන් එක් වරම ඇස් අරිති. එසැණින්ම යළි පියා ගනිති. එතකොටම කේබල් කාරයේ වේගය තව තවත් අඩු වෙයි. නැවතුම් වේදිකාවට ඇතුළු වනුයේ ඉබි ගමනිනි. දොරවල් ස්වයංක‍්‍රීයව විවෘත වෙයි. එහෙත් නැවතුමක් නැත. සෙමෙන් ගමන් කරන කේබල් කාරයෙන් සීරුවට වේදිකාවට බැසිය යුතුය. එය කෝඩුකාරයින්ට තවත් ලෙඩකි. සමහරු බහින්නට ගොස් බසින්නේ නැතුව විලාප දෙති. විලාපය නවතින්නේ තවත් කවුරුන් හෝ අතින් ඇද වේදිකාවට බස්සවා ගත් පසුය. මැදි නැවතුමෙහි සිට ඉහළ නැවතුමට යන්නට සිටින මගීහු ඉබි ගමනින් ඇදෙන කේබල් කාර් කුටියට ගොඩ වන්නේ ඉන් පසුවය. කේබල් කාරය නැවතුම් වේදිකාවේ කෙළවරට ළං වෙද්දීම දොරවල් වැසෙයි. වේදිකාව පසුවෙත්ම කීප වරක් ගැස්සෙයි. ‘‘දඩ දඩස් -දඩ දඩස් - දඩ දඩස්’’ නැවතුම් වේදිකාවේ සිට ඉහළ ඇදෙන කේබල් කාරය දෙස මද වේලාවක් බලා සිටින කෝඩුකාරයෝ සැනසුම් සුුසුම් හෙළති. කේබලයක එල්ලූණු ගෝලාකාර කුටියක විනාඩි 15 ක් පුරා ගැහෙන හදැතිව දෑස පියාගෙන සිටි කෝඩුකාරයන් පපුව පිරෙන්නට හුස්ම ගන්නේ දැන්ය. අසළ ඇති වෘත්තාකාර නැරඹුම් වේදිකාවන්ට ගොඩවී අවට සිරි නරඹන්නේ දැන්ය. මේ නැරඹුම් වේදිකාවන් තනා ඇත්තේ අංශක 360 ක වට පිටාවම රිසි සේ දැක බලා ගත හැකි ආකාරයටය. කඳු මුදුනට යන්නට තවත් මීටර 50 ක් පමණ ඉහළ නැගිය යුතුය. කිලෝ මීටරයක තරම් දුරකි. හැබැයි ඒ අදියරෙහි නැග්ම මුල් අදියරෙහි තරම් තියුණු නැත. මුල් අදියරෙහි සාමාන්‍ය ආනතිය සියයට 42 කි. සමහර ස්ථානයන්හි එය සියයට 60 ක් තරම්ය. ඒ නිසා ලොව තියුණුම ආනතිය සහිත කේබල් ගමන් මග ලෙසද සැලකෙයි. පළමු අදියර හා සසඳන කළ දෙවන අදියරෙහි ආනතියක් නැති තරම්ය. ඒ නිසා කිරිකෝඩුලාට බයක් හැකක් නැතුව ඇස් ඇරගෙන ගමනට එක් විය හැකිය. පහළ සිට එන මගීන් මැදි නැවතුමෙන් බැස්ස පසු ඉහළ නැවතුම කරා ඇදෙන කේබල් කාරයට ගොඩවීමේ ඉඩකඩ සැලසෙයි. දොරවල් ස්වයංක‍්‍රීයව වැසී වේදිකාව පසුවෙද්දි දෙවරක් තුන්වරක් ගැස්සෙන කේබල් කාරය කන්දේ ඉතිරි කොටස නගින්නට පටන් ගනියි. විනාඩි 5 කින් පමණ අපි ඉහළ නැවතුම් වේදිකාවේය. කඳු මුදුනට වඩාත් සිසිල දැනෙයි. කඳු පාමුලට වඩා උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 5 ක් පමණ අඩුය. නැවතුම් වේදිකාවෙන් බැස ඔබ්බෙන් ඇති වෙළෙඳ කුටි අතරින් වෘත්තාකාර නැරඹුම් වේදිකාවන් වෙත පිය නගද්දී ඉහළ සිට පහළ බසින්නට බලා සිටි මඟීන් කේබල් කාර්වලට ගොඩ වෙනු පෙනෙයි. ඉහළ නැවතුමේ නැරඹුම් වේදිකා කරා යන්නට තවත් මද දුරක් පා ගමනින් ඉහළ නැගිය යුතුය. අංශක 360 ක් පුරා වටපිටාව දැක බලා ගත හැකි වන සේ නිර්මිත වෘත්තාකාර වේදිකාවට ගොඩ වූ විට ඉලන්දාරි නිල් පැහැයේ සිට ගැඹුරු ඝන නිල් පැහැය දක්වා වූ නේක උපවර්ණයන් ගෙන් දිදුලමින් ඈතින් ඈතට ඇදෙන මහ සයුර කෙළවර මැලේසියානු මහ ගොඩබිම පමණක් නොව තායිලන්තය පවා දැකිය හැකිය. හරිත පැහැයේ උපවර්ණ සිය ගණනක් තැවරී ඇති මෑත කඳු යාය අතරින් කැපී පෙනෙන ආගන්තුකයා රිදී වණින් බබලන එල්ලෙන ආකාස පාලමයි. නැරඹුම් වේදිකාවෙන් පහළට ඇති කුඩා පියගැට බැස මහ වන මැදින් වැටී ඇති ගල් පඩි නගිමින්. බසිමින් විනාඩි 10 ක පමණ තරමක වෙහෙසකර පා ගමනකින් පසු එල්ලෙන පාලම වෙත ළඟා විය හැකිය. මහ පාලමට ගොඩ වූ සැණින් ගමන් වෙහෙස කොහේ ගියාද කියා නැත. කඳු ශිඛර දෙකක් යා වන සේ අඩ සඳක හැඩය ගත් පාලම එල්ලී ඇත්තේ කඳු හෙළ පාමුල සිට ඉහළට එසැවුණු මීටර් 82 ක් උසැති යෝධ යකඩ කණුවකට ඈඳුණු කේබල් අටකටය. නිර්මාන විශ්මිතය වන්නේ ඒ යෝධ කණුවද ඇලවුණු එකක් වීමයි! ඇලවුණු කණුවේ එල්ලෙන ආකාස පාලම මීටර් 125 ක් දිගය. ලෝකයේ දිගම වක‍්‍රාකාර එල්ලෙන පාලම මෙයය. පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 687 ක් ඉහළිනි. චන්ද්‍රවංක පාලම දෙකෙළවර ත‍්‍රිකෝණාකාර නැරඹුම් වේදිකා දෙකකි. නැරඹුම් වේදිකාව පසු කොට චන්ද්‍රවංක පාලම දිගේ පිය නගද්දී වළාකුළු පැමිණ සියොළඟ එතෙයි. ඈත මහ සයුර, ලංකාවියේ පරිවාර දූපත් අපූරුවට පෙනෙයි. කඳු නගින, බසින කේබල් කාර් දිස් වන්නේ වැලක එල්ලා ඇති කුඩා කඩදායි බකට් පෙළක් සේය. පාලමෙන් පහළ බලද්දී පෙනෙනුයේ මහා හරිත වනාන්තරයයි. මේ වනපරම්පරාව වසර කෝටි පණහක් පමණ පැරැුණිය. හිටි අඩියේම ගත දැවටෙන වළාරොද පලවා හරිමින් මහ සුළං හමයි. සුළං සැරට පාලම පැද්දෙයි. එක් වරම සිත් කීරි ගැස්සෙයි. සමහරු පාලම් වැට තදින් බදා ගනිති. තවත් සමහරු හුන් තැනම බිම හිඳ ගෙන දෑස් වසා ගනිති. මදකින් සුළඟ සන්සුන්ය. පාලම තැන්පත්ය. ”හෙළවෙන කොට - වැල්පාලම දෑස් පියන් බිම නොබලන්’’ හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ, ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන්ගේ සංගීතයට මානෙල් ගැයූ ‘වැල් පාලමේ ගීතය’ මුමුණමින් අපි ආකාස පාලම තරණය කරමු.



අදහස් (0)

කේබල් කාරයේ කෝඩුකාරයෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 386 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 93 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 702 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 318 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 139 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 349 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site