IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති ඩුබායි යන්න ගිය යානය ලෙඩ වුණේ කොහොමද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 21 වැනිදා සවස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිවුදින නිල සංචාරයක් සඳහා ඩුබායි බලා ගමන් කිරීමට නියමිතව තිබුණි. මේ අතර ජනාධිපති ආරක්ෂක අංශය විසින් ගුවන් යානයේ ඇතුළත සිදුකළ පරීක්ෂාවක දී යානයේ එන්ජිමේ දෝෂයක් ඇතැයි හෙළිකරගත් බැවින් ජනාධිපතිවරයාට වෙනත් ගුවන්යානයකින් ඩුබායි බලා යාමට සිදු වූ බව පසුගිය සතියේ වාර්තා විය.

 

දෝෂය වා සකසනයේ

ඉංජිනේරුවකුගේ වැඩ තහනම්

එදින පස්වරු තුනට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වීමට සූදානම් කර තිබූ, මතභේදයට තුඩු දී ඇති යානය වෙනුවට වෙනත් යානාවක් යෙදවීමට සිදු වූ බැවින් ජනාධිපතිවරයාගේ ගමන පැයකින් ප‍්‍රමාද විය. ඒ සමගම එම යානයේ කාර්මික දෝෂයක් ඇතැයි ද වාර්තා වූ අතර තවත් විවිධ කට කතා රැසක් ලැව්ගින්නක් මෙන් පැතිර ගියේය. ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරු අංශයේ ප‍්‍රධානියෙකුගේ වැඩ තහනම් වූ බවට ද වාර්තා විය. අදාළ ගුවන් යානයේ දෝෂයක් ඇතැයි මුලින්ම සොයාගනු ලැබුවේ ජනාධිපති ආරක්ෂක අංශ විසින් බවත් වාර්තා වූ අතර ගුවන් යානයක කාර්මික දෝෂ හඳුනාගැනීමට ආරක්ෂක අංශ දැනුම්වත් ද යන්න පිළිබඳවත් ගැටලූ පැන නැගිණි. මෙය හිතා මතා කළ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බව තවත් පිරිසක් කීය. මේ අතර ජනාධිපතිවරයාගේ ගමන පැයකින් ප‍්‍රමාද වීම පිළිබඳවද දෝෂාරෝපණ රැසක් එල්ල විය. සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා විසින් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇතැයි ද වාර්තා වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ නොසැලකිලිමත්කම නිසා මේ සිද්ධිය වූවා ද යන්න පිළිබඳව අමාත්‍යවරයා කරුණු සොයන බව ද වාර්තා විය. කෙසේ වුවත් පසුගිය සතිය උණුසුම් කරමින් කාගේත් අවධානයට මෙන්ම කසුකුසුවට ලක් වූ සිද්ධියක් බවට අවසානයේ දී මෙය පත්විය. මේ පිළිබඳව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගෙන් විමසූ විට ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. විශේෂයෙන්ම ප‍්‍රභූවරයෙක් යන ගුවන්යානයක් ගුවන් ගමනට පැය අටකට පමණ පෙර පරීක්ෂා කිරීම් හතරකට ලක්කර ලිඛිත ලැයිස්තුවක් ගන්නවා. සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, ගුවන් හමුදාව, ජනාධිපති ආරක්ෂක අංශය, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඒ පරීක්ෂා කිරීම් හතර කරනවා. මෙම මතභේදයට තුඩුදුන් යානය ඒ සියල්ලන්ම අදාළ කාල සීමාවන්හි පරීක්ෂා කිරීම් කර තිබෙනවා. ඒ පිළිබඳව ලිඛිත ලැයිස්තු ලබා දී තිබෙනවා. ඒ වගේම අතිරේක යානයකුත් සූදානම් කර තිබෙනවා. එදා දහවල් 12.45 ට ගුවන්යානයේ එන්ජිම පණගැන් වූ විට ගුවන්නියමු කුටියේ බල්බයක් දැල්වී සංඥාවක් ලබා දී තිබෙනවා. එම සංඥාව ගුවන්යානයේ වා සකසනයේ (Air Conditioner) හුළං කාන්දුවීමක් බවට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ  ඉංජිනේරු අංශය කල් තියා හඳුනාගෙන තිබෙනවා. එවැනි දේවල් ක්ෂණිකව ඇති විය හැකියි. එවැනි දෙයක් ගුවනේ දී සිදුවූවානම් කරන්නේ සම්පූර්ණ පද්ධතියෙන් එම කාන්දුව ඇති පයිප්පය වෙන්කර සුපුරුදු පරිදි පියාසර කිරීමයි. නමුත් ගොඩබිම දී සිදුවූවානම් එම ස්ථානය සොයාගෙන එය නිවැරදි කරගෙන පියාසර කරනවා. මෙම අවස්ථාවේ අදාළ හුළං කාන්දුවන ස්ථානය සොයාගැනීම සඳහා පයිප්ප කොටස් ගලවා තිබෙනවා. ඉන්පසු දෝෂය ඇති කොටස වෙනුවට සවිකිරීමට ගබඩාවේ කොටස් ඇතිදැයි පරික්ෂා කර, නැති බැවින් වෙනත් යානයකින් අදාළ කොටස ගලවා සවි කිරීමට උත්සාහ කරද්දී ජනාධිපති ආරක්ෂක අංශ මේ පිළිබඳව විමසිලිවත් වී තිබෙනවා. ජනාධිපතිවරයා පිටත්වීමට තිබුණේ පස්වරු තුනටයි. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්මික නිලධාරීන් දහවල් 12.45 ට මෙය හඳුනාගෙන තිබුණා. මේ වෙනකොට මෙම යානයට ආහාර, වතුර බෝතල්, බැගේජ් සියල්ලම පටවා තිබුණා. මෙම  යානයම වරද නිවරැදි කරගෙන යනවාද, එසේත් නැතිනම් වෙනත් යානයක් යනවාද යන තීරණය ගැනීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට දහවල් එක වන විට දැනුම් දී තිබෙනවා.  ඉන්පසු දහවල් දෙක වනවිට ප‍්‍රධාන විධායක නිලධාරීතුමා ජනාධිපතිවරයාට  අදාළ චාරිකාව යාම සඳහා කලින් සූදානම් කර තිබූ යානය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ වෙනකොට දෝෂය ඇතිවූ යානයට බඩු පටවා තිබූ බැවින් නැවත ආපසු එම බඩු බාහිරාදිය වෙනත් යානයකට පැටවීම, ආහාර, වතුර බෝතල් පැටවීම ආදිය සිදුකිරීමට කාලයක් වැයවෙනවා. ඒ වගේම ඒ සියල්ල නැවත පරීක්ෂා කරන්න  කාලයක් ගත වෙනවා. අපි සතුටු වෙනවා පැයක් වැනි කෙටි කාලයක් ඇතුළත ඒ කාරණා සම්පූර්ණ කර ජනාධිපතිවරයාට ගමන පිටත්වීම සඳහා යානය සූදානම් කිරීමට හැකි වීම පිළිබඳව. ඒ කොහොම වුණත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙනවා. පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ප‍්‍රධානියෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට මම නියෝග කර තිබෙනවා. එහෙම කළේ, අපි සොයාගත යුතුයි යානයේ වා සැකසීමේ හුළං කාන්දුව සිදුවුනේ කොහොමද, මෙය යම් කිසි සේවකයෙකුගේ අතපසුවීමක් ද හරියට මොකක්ද මේක කියලා. මේ පිළිබඳව සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය විසින් මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බවත් එහි වාර්තාවක් ලැබුණු පසු අවශ්‍ය තීරණ ගන්නා බවත්ය. මේ පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ අරඹා ඇති බවත් මේ වනවිට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් කිහිප දෙනෙකුගෙන්ම ප‍්‍රශ්න කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට කීය.
ගුවන්තොටුපොළ  දීපා අදිකාරි



අදහස් (0)

ජනපති ඩුබායි යන්න ගිය යානය ලෙඩ වුණේ කොහොමද?

ඉක්රාම් Saturday, 03 November 2012 10:59 PM

මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. (නි)

:       0       0

ඉක්රාම් Saturday, 03 November 2012 11:16 PM

මේක සාමාන්‍ය සිද්ධියක්නේ. ලොකු ප්‍රශ්නයක්යෑ? (නි)

:       0       0

ජගත් Wednesday, 31 October 2012 07:45 AM

අයියෝ සල්ලි

:       0       0

සාරංග Monday, 29 October 2012 04:53 PM

කටාර් එයාවේස් ඉන්න කාර්මිකයන් අතරින් හොදම අය ලංකාවේ අයයි. ඒත් ඇයි ශ්‍රී ලංකන් එකට මෙහෙම‍ වෙන්නේ? (නි)

:       0       0

කුමාර Sunday, 28 October 2012 11:48 PM

කාර්මික දෝෂ ඔහොම තමයි. (නි)

:       0       0

නීල් Wednesday, 31 October 2012 10:57 PM

රවී, යූඑන්පී යට කඩේ යනවාද? (නි)

:       0       0

සුනිල් Wednesday, 31 October 2012 11:16 PM

රවියෝ, නුඹ හරියටම හරි. (නි)

:       0       0

බිමල් Saturday, 03 November 2012 03:03 PM

ඇත්තට මොකෝ මිහින් එකේ යන්න බැරි උනේ..?(නු)

:       0       0

lalith dammam Monday, 29 October 2012 04:31 AM

නොසැලකිලිමත් කම නිසා සිදු වූණ දෙයක් (අ)

:       0       0

නන්ද හිමි Thursday, 01 November 2012 10:38 PM

කොහොමටත් මේක ස්‍රුලුවෙන් හිතන්ඩ හොදනැහැ(නු)

:       0       0

නන්ද හිමි Thursday, 01 November 2012 10:25 PM

කොහොමටත් මේක ස්‍රුලුවෙන් හිතන්න හොදනැහැ..(නු)

:       0       0

වසන්ත Thursday, 01 November 2012 01:12 PM

අනේ අම්මෝ

:       0       0

නවීන් Monday, 29 October 2012 07:35 PM

යානාවල සුලු කාර්මික දෝෂ ඇතිවීම සාමාන්‍යයි. මෙතන ප්‍රශ්නය වුණේ එහි ජනාධිපතිතුමා යෑමට සූදානම්ව සිටීමයි. (නි)

:       0       0

පුබුදු Thursday, 01 November 2012 03:29 AM

වහාම සොයන්න

:       0       0

මධුර Sunday, 04 November 2012 10:52 PM

ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. අපි සියල්ලෝම ඔහුට ආදරය කරමු. (නි)

:       0       0

මඳුර Sunday, 04 November 2012 11:05 PM

ඔහු නියම මනුෂ්‍යයෙකි. අපි ඔබට සුභ පතනවා (ස)

:       0       0

අශාන් Saturday, 03 November 2012 06:07 PM

ශ්‍රී ලංකන් එක ගැනනම් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

අශාන් Sunday, 28 October 2012 03:13 PM

ඔය පොඩි මිස්ටේක් එකක් වුණාට ශ්‍රී ලන්කන් ගුවන් සේවය හොඳ සේවයක් කරනවා. (නි)

:       0       0

අශාන් Sunday, 28 October 2012 03:14 PM

ඉතින් මිහින් ලංකා එකේ යන්න තිබුණනේ, ඔච්චර ෂුවර් නැත්නම්. (නි)

:       0       0

සෙනරත් Sunday, 28 October 2012 03:20 PM

අපේ නිලධාරීන්ගේ කාර්යක්ෂමභාවය මින් මනාව ඔප්පු වේ. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 29 October 2012 09:54 PM

බය වෙලා වෙන්න ඇති. (නි)

:       0       0

රාජේන්ද්‍ර Wednesday, 31 October 2012 11:05 AM

රට බේරාගත් නායකයා දෙවියන් බේරුවා. (නි)

:       0       0

අතුල අයි.ටී Friday, 02 November 2012 02:30 AM

රවී. දෙවියෝ කෝපවෙනවා ඔබ වැනි මුල ඉක්මනින් අමතක වෙන පුද්ගලයෝ ගැන.. දේශපාලන වන්දිබට්ටයන් නොවී රට තිබූ හැටියට අද වර්තමානය ගැන බුද්ධිමත්ව බලලා ලාංකිකයෙකු වශයෙන් සතුටුවෙන්න බලන්න..!(නු)

:       0       0

මාලිනි Thursday, 01 November 2012 06:04 PM

පරීක්ෂණයක් ?

:       0       0

අශෝක් Thursday, 01 November 2012 05:53 PM

මෙතන එක ජීවිතයයි. සාමාන්‍ය ජීවිත 100ක් ගෙනියද්දී මෙහෙම වුණා නම්? (නි)

:       0       0

අචිනි Thursday, 01 November 2012 06:07 PM

රාජේන්ද්‍ර යුද්දෙන් රට බේරා ගන්න දේශපාලන නායකත්වයක් දුන්නාවගේම දැන් අපේ රට උගස් කරලා කියලා මට හිතෙනවා. (ස)

:       0       0

රවී Wednesday, 31 October 2012 11:39 AM

රට බේරාගත් නායකයා වුවත් වැරදි කළොත් එහෙම, දෙවියොත් කෝප වෙන දවස වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

හේමන්ත Sunday, 28 October 2012 05:47 PM

මේක සාමාන්‍ය කාර්මික දේෂයක්. මොකටද නිකන් ප්‍රශ්න ඇති කරගන්නේ? (නි)

:       0       0

කිත්සිරි Monday, 05 November 2012 08:41 AM

ඉබේ සිද්ධ වුණු කාර්මික දෝෂයක් හොයගෙනත්, එක නිවැරදි කරන්න කටයුතු කරලත්, අහිංසක සේවකයකුගේ වැඩ තහනම් කල එක අසාධාරණයි, බලධාරීන් ගේ කැකිල්ලේ තීන්දු. ජනාධිපති තුමාවත් මේගැන සාධාරණයක් කරයි කියා සිතනවා...(ස)

:       0       0

සජිත් Tuesday, 30 October 2012 05:12 PM

හොයලා බලන්න

:       0       0

ප්‍රසාද් Wednesday, 31 October 2012 07:58 PM

නියමිත පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි. කොටි තවමත් නිදැල්ලේ.... (නි)

:       0       0

අමිල Monday, 29 October 2012 03:35 PM

මෙය ඉබේම ඇති වියහැකි දෙයක් නම්, සොයාගත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අය නම්, ප්‍රධාන ඉන්ජිනේරුවගේ වැඩ තහනම් කළේ ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 300 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 224 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 66 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 304 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 213 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site