IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුනේත‍්‍රා දේවියට පින් පිණිස සවැනි පැරකුම් රජු කරවූ ගණේගම අරමුණපොළ රාජමහා විහාරය

රත්නපුර නගරයේ සිට පැල්මඩුල්ල දෙසට එද්දී දකුණු පසින් දිස්වන දීර්ඝ කඳු වැටිය අපූරු චමත්කාරයක් මවයි. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම රැඳුනු මේ ගම් බිම්වල ඇත්තේ සැබෑකොටම ශාන්ත සුන්දර බවකි. සිරිපා අවාරයේ සුමන සමන් දෙවියන්ගේ දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කර ඇති සුප‍්‍රකට ගල්පොත්තාවල රජ මහා විහාරයට නුදුරින් පිහිටි ගණේගම අරමුණපොළ රාජමහා විහාරය හැටියට ප‍්‍රකට මේ විහාරය පැල්මඩුල්ල නගරයට කිලෝමීටර් දෙකක් පමණ රත්නුපර දෙසට වන්නට ප‍්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා තිබේ. ඓතිහාසික වශයෙන් සලකා බලන කල ගණේගම රාජමහා විහාරය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දුරාතීතයට විහිදේ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියේ අෂ්ඨ ඵල බෝධීන්ගෙන් හටගත් දෙතිස්ඵල බෝධියක් අදත් ගණේගම රජ මහා විහාරයේ විරාජමානව වැඩ සිටී. එදා මේ විහාරය හඳුන්වා ඇත්තේ දෙනවක විහාරය නමිනි. මේ පිළිබඳව බෝධි වංශයේද සඳහන් වේ. නම් පොතේ දෙනවක විහාරය යැයි හඳුන්වන්නේ මේ විහාරයටය. ඉන් පසු කාලයේ විහාර ඉතිහාසය පිළිබඳව පැහැදිලි සාක්ෂි හමුවන්නේ පොළොන්නරුවේ රාජ්‍ය විචාල පළමුවන විජයබාහු රජ සමයෙනි. එතුමන් කිරිබත්ගල කන්ද හා කුට්ටපිටිය කඳු අතර කෙහෙල්බද්දල හා දෙනවක ගංගා එකට එකතුවන ද්‍රෝණයක් වැනි තැනක බල කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති බව කියැවේ. එම ස්ථානය මෙතැන බවට දැන් විශ්වාස කෙරේ. මේ ද්‍රෝණය ඇති තැන විහාරය පිහිටි නිසා ද්‍රෝණවක්ක නමින් ද මේ ගණේගම විහාරය ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයක හඳුන්වා තිබේ. පළමුවන විජයබාහු රජ සමයේ බොහෝ දුරට ලක්දිව සම්බුද්ධ ශාසනය පිරිහී භික්ෂුන් වහන්සේලා දුර්ලභ කාලයක් උදාවී තිබිණි. විජයබාහු රජු එදා බුරුම දේශයට ගොස් එරටින් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලක්දිවට වැඩම කරවාගෙන මෙහි යළි බුද්ධ ශාසනය පිහිටුවීමට ප‍්‍රයත්න දරා ඇත. එසේ වැඩම කළ බුරුම හිමිවරු සිරිපා වඳින්නට යද්දී මේ ද්‍රෝණවක්ක විහාරය උන්වහන්සේලා නිතර නවාතැන් ගත් විහාරයක් විය. එකල ද ශ්‍රී පාදය ජන සමාජයේ අදවන්ව ප‍්‍රකටව, ගෞරවනීයත්වයෙන් පැවතී ඇත. බුරුමයේ ආරම්මන නම් දේශයෙන් වැඩි හිමිවරු එදා නිතර මේ විහාරයේ වැඩසිටි නිසා පසුව අරමුණපොළ විහාරය නමින් ප‍්‍රකට වූ බව වත්මන් විහාරාධිපති සන්නස්ගම වජිර හිමියෝ අපට පැවසූහ. පසු කාලීනව කෝටටේ යුගයේ හයවන පරාක‍්‍රමබාහු රජතුමා තමන්ගේ මව්පියන් සිහිපත් වීම සඳහා රටේ තැනින් තැන වෙහෙර විහාර කරවා තිබේ. එසේ විහාර කරවද්දී එතුමන් මේ විහාරයේ විහාරගෙයක් කරවා සුනේත‍්‍රා දේවිය නමට පින් අනුමෝදන් කර පූජා කර තිබේ. එය උඩරට පහත රට ගල් වඩුවන් යොදාගෙන ගල් කැටයම් සහිතව ඉතා රමණීයව ගොඩනැගූවකි. උඩරට ගල් වඩුවාගේ කලා කෞෂල්‍යයත් පහතරට ගල් වඩුවාගේ කලා කෞෂල්‍යයත් එකම තැනකදී දැක බලා ගන්නට ගණේගම අරමුණපොළ රාජමහා විහාරය කදිම තැනෙකි. මේ විහාරය වටා ගල් කණු 27ක් කැටයමින් යුතුව කරවා තිබේ. බැලූ බැල්මට විහාරය මහල් දෙකකට පෙනුනත් එය දෙමහල් නොවේ. තනි බිත්තියෙන් ඉහළට නැගුනු මේ විහාර ගෙයි උඩුමහල යැයි සිතිය හැකි ප‍්‍රදේශයේ පිටතට පෙනෙන පරිදි විහාර ගෙය වටාම කලා කැටයම් දැකිය හැකිය. ඒවා විශ්ණු දෙවියන්ගේ ‘දස අවතාර’ බව කියැවේ. හයවන පරාක‍්‍රමබාහු රජ සමයේ දේව සංකල්පය ගැඹුරින් සමාජගතව පැවති බව සාක්ෂි ඇතිව තහවුරු කරන්නට ද මේ විහාරය කදිම තෝතැන්නකි. විහාර ගෙය ආසන්නයේම ඇති කුඩා චෛත්‍යය ද එකලටම අයත් වේ. විශේෂයෙන් මේ විහාර ගෙයි වහළයේ රන් කොත් දෙකක් දැකිය හැකි අතර එනිසා ‘රන්කොත් වෙහෙර’ යැයි පසුකාලයක මේ ඉපැරණි වෙහෙර හඳුන්වන ලදී. පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ අසවේදු නම් පෘතුගීසී සෙන්පතියා මෙතැන තමන්ගේ බලකොටුවක් පිහිටුවා ගෙන තිබේ. ඔහුගේ අනු දැනුම මත කෝට්ටේ යුගයේ ලීයෙන් කළ බුද්ධ ප‍්‍රතිමා තුනක් නුදුරින් ඇති ගඟට විසිකර දමා තිබේ. පසුව ගෙඟ් තිබී සොයාගත් අඩි හතරක් පමණ උසැති ඉපැරණි සමාධි බුද්ධ ප‍්‍රතිමාව විහාර ගෙයි අදත් දැකිය හැකිය. එසේම සුවිසල් සමාධි බුද්ධ ප‍්‍රතිමාව, පැරණි මකර තොරණ, ගල් උළුවස්ස, දකුණු ඉන්දීය ආභාෂය ගත් නාරිලතා රූප ද විහාරයේ කලාත්මක බව, පූජනීයත්වය සේම වටිනාකම ද දෙගුණ තෙගුණ කරන්නට සමත්ව තිබේ.සීගිරි සිතුවම්වල තාර ගෑ පසු යළි මතු කර ගත් ‘මරන්සි’ නම් විදෙස් චිත‍්‍ර ශිල්පියා මේ විහාරයේ ද මැකී ගිය චිත‍්‍ර යළි මතු කරන්නට කටයුතු කළ අවස්ථාවේ විහාරගෙයි බිත්තියේ තිබී පෘතුගීසි සොල්දාදුවෙකුගේ හා පූසන් දෙදෙනකුගේ සිතුවම් මතුකරගෙන තිබේ. පෘතුගීසි බලකොටුවක් පැවති බව දැක්වීමට ඒවාද සාක්ෂි සාධක වෙයි. එකලම මේ විහාරයේ තිබූ ඇත් දළ, රන් රිදී මුතු මැණික් ආදී බොහෝ දේ පෘතුගීසීන් විසින් පැහැරගෙන ගොස් තිබේ. එකල ලංකාවේ බුද්ධ ශාසනය පිරිහී පැවති අතර සිවුරු හැර සිල්වතුන් හැටියට වාසය කළ පිරිසක් ශාසනය සන්තක දේ ආරක්ෂා කර ගෙන ඇති බව කියැවේ. ගණින්නාන්සේලා හැටියට ප‍්‍රකටව ඇත්තේ මේ සිල්වතුන්ය. ඒ අය සිටි තැන් ගණේමුල්ල, ගණේලන්ද, ගණේගම, ගණේවත්ත ආදී කොට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පිහිටා තිබේ. මේ ස්ථානය ‘ගණේගම රජමහාවිහාරය’ යනුවෙන් හඳුන්වන්නේ එවැනි ගණින්නාන්සේලා මේ ප‍්‍රදේශයේ සිටි නිසාය.වැලිවිට සරණංකර සඟරාජ මාහිමියන් සියම් දේශයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන ලක්දිව යළි බුදුසසුන ස්ථාපිත කිරීමෙන් පසු පළමුවන රාජසිංහ රජු මේ ගණේගම අරමුණපොළ රජමහාවිහාරය ගම්වරද සමග අනෝමදස්සි නම් මහ තෙරනමකට පූජා කර තිබේ. උන්වහන්සේට වැලිගොඩපළින් හටන්ගල පාරේ කොට්ටමුල්ල නම් රාජමහා විහාරයක්ද රජු පූජා කොට තිබේ. එය වලගම්බා රජු විසින් කැරවූවකි. 80’ දශකය දක්වාම ඒ විහාර සම්ප‍්‍රදායට අනුව ගණේගම අරමුණපොළ විහාරයේ ද අයිතිය පැවතියේ කොට්ටිමුල්ල විහාරයටය. නමුත් දැන් එම විහාරය වෙනම විහාරයක් හැටියට කටයුතු සිදුකරගෙන යන බව සන්නස්ගම වජිර හිමියෝ අපට පැවසූහ. ප‍්‍රධාන ගමන් මාර්ගයට දිස්වන ඉතා රමණීය අවුකන බුද්ධ ප‍්‍රතිමාවේ අනුරුව කරවා ඇත්තේ මේ විහාරයේ වැඩසිටි ගණේගම පියරතන නාහිමියන් විසිනි. එසේම මෑත භාගයේ ඉදිකළ පොළොන්නරු ගල් විහාර අනුරුවද මේ පින්බිමේ දී දැකගත හැකිය. සෑම වර්ෂයකම රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැරට සමගාමීව සිදුකෙරෙන පිරිත් කටයුතු සිදුකෙරෙන්නේ ද අරමුණුපොළ රාජමහා විහාරයෙනි. මේ විහාරයේ භාරකාර හිමියන් හැටියට ඌව සබරගමුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක බදුලෙන රාජමහා විහාරාධිපති පාතකඩ විමලරතන නාහිමියෝ කටයුතු කරති. පැල්මඩුල්ල නගරය හරහා වන්දනාවේ යන ඔබටත් ඉතා වටිනා ඓතිහාසික පසුබිමකින් පැවත එන ගණේගම අරමුණුපොළ රාජමහා විහාරය දැකබලා, වැඳපුදා, සතුටු සිත් ඇති කර ගන්නට පින් සිතිවිලි පහළ වේවා.

සටහන ඡායාරූප අසංක ආටිගල
චෛත්‍යය දැව බුද්ධ ප‍්‍රතිමාව සුනේත‍්‍රා දේවියට පින් පිණිස කරවූ විහාර ගෙය දෙතිස් ඵල බෝධිය



අදහස් (0)

සුනේත‍්‍රා දේවියට පින් පිණිස සවැනි පැරකුම් රජු කරවූ ගණේගම අරමුණපොළ රාජමහා විහාරය

කෝලිත Monday, 11 June 2012 03:10 PM

ගොඩක් වැදගත් වෙනව මේ වගේ කිසිවකුගේ අවධානයට ලක් නොවුණු ඓතිහාසික පුදබිම් සොයාගෙන යන එක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්, අඩුගණනේ මෙබඳු තැන් මෙහෙම පෙන්වා දුන් පසුව වත්, පිළිසකර කරලා ජනතාවට වැඳ පුදාගන්නට දෙනව නම් ........

:       0       0

සුනේත‍්‍රා Monday, 11 June 2012 03:19 PM

පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීම යුතුයි..

:       0       0

සුමන Monday, 11 June 2012 04:14 PM

බලධාරීන් මේවා ගැන අවධානය යොමු කළේ නැත්නම් අනාගතේදී අපිට අපේ උරුමයන් නැතිවෙයි

:       0       0

මිස්සක Monday, 11 June 2012 03:43 PM

දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි බලංගොඩ කූරගල අපි රැක ගත යුතුයි.

:       0       0

කීසාගොතමි Monday, 11 June 2012 03:51 PM

අපේ රටේ කොච්චර වැදගත්පැරණි බෞද්ධ සිද්ධස්ථාන ලස්සනට තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න... කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි

:       0       0

කුමුදුමලී Monday, 02 July 2012 10:04 AM

ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 301 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 224 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 66 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 304 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 214 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site