IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


බස්නාහිර පළාත් පුෂ්පය - සුදු නෙළුම්

මහා පද්ම ලෙස හඳුන්වන නෙළුම් මල බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජනීය පුෂ්පයකි. සුදු නෙළුම බස්නාහිර පළාත් පුෂ්පයයි. ලාංකීය සංස්කෘතියේ අනූපමේය ස්ථානයක් හිමිකරගෙන ඇති සුදු නෙළුම ඉගී‍්‍රසි භාෂාවෙන් ඉන්දියන් ලෝටස් ලෙස හැඳින්වේ. දෙමළ බසින් අම්බාලි, මාරයි යනුවෙන්ද සංස්කෘත භාෂාවෙන් අබිජා, බිසාකුසුමා, කමලා, මහා පද්ම යන නම් වලින්ද හැඳින්වේ. නෙළුම් මල සේම නෙළුම් කොළයත් අප සංස්කෘතියට සමීපය. ආහාර අනුභව කිරීමට බඳුනක් ලෙස යොදාගන්නා නෙළුම් කොළය උඩ පැත්ත කොළ පැහැතිය යටි පැත්ත තරමක් ලා කොළ පාටය. ජලජ පැලෑටියක් වුවද ජලය මත පැතිරී නොවැඞී ජල මට්ටමට ඉහළට වර්ධනය වීම නෙළුම් පත‍්‍ර වල සුවිශේෂී ලක්ෂණයකි. විශ්කම්භය සෙන්ටි මීටර 12 ත් 15 ත් අතර විශාලත්වයකින් යුතු සුදු පහැති පුෂ්පය ද්වි ලිංගිකය. අධික සුවඳකින් යුතු සුදු නෙළුම් මල් බහුලව දැකිය හැක්කේ පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලයේදීය. රසවත් ආහාරයක් වන නෙළුම් දඩු සර්ප දෂ්ටයේදී විස නැසීම සඳහා භාවිතා කරයි. මල් වලින් සිඳගන්නා පැණි කැස්ස සුව කිරීම සඳහා යොදාගනී. ශාඛයේ විවිධ කොටස් අර්ශස් රෝගය සඳහාද ගනී.



අදහස් (0)

බස්නාහිර පළාත් පුෂ්පය - සුදු නෙළුම්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මවුබස නැති ජාතියක ඉරණම
2024 මැයි මස 14 409 4

අපගේ අනාගත පරපුර, ජාත්‍යන්තරව පිළිගැනෙන හැකියාව සහිත ගෝලීය පුරවැසියන් බවට පත් කිරීම උදෙසා පාසල් තුළ විෂය අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හැරැවිය


රංජිත් කුමාර පුංචි අවධියේ ‘‘පෝරිසාදයෙකි’’
2024 මැයි මස 13 721 0

එක දවසක් සෙල්ලමක් දුර දිග ගොස් රංජිත් ඥාති සහෝදරයකුට පොලු පහරක් දුන්නේය. ඔළුව පැළී ඉවරයක් නැතුව ලේ ගලන්නට විය. මොකක්දෝ වෙලාවකට එකල කොළඹ නගර සභාවේ සන්ත බ


සංස්කෘතික මිනිසෙකුගේ නික්මීම
2024 මැයි මස 13 742 0

ඒ.ඩී. රංජිත් කුමාරගේ ගම කොඩි ගහ යට ග්‍රෑන්ඩ් පාස් කොළඹ 14 ලොයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ හි කොස් ගස් හන්දියයි. එය අමු නගරයකි. වෙල් යායක්, කමතක් තබා හෙවණක් දෙන ගහක් කො


වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය
2024 මැයි මස 13 568 4

ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය


ඩයනා ගමගේ පුරවැසි සිද්ධිය දේශපාලනයට කැළලක්
2024 මැයි මස 13 3053 6

මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස


මිහිලියට හුස්මදෙන බළන්ගොඩ ව්‍යවසායකයා
2024 මැයි මස 11 1494 2

බළන්ගොඩ යන නම කියූ සැනින් අපට සිහි වනුයේ දෙස් විදෙස් සුපතල ලොව පරසිදුවූ බොහෝ ගෞරවාදරයට පත් පැවිදි උතුමෙක්ගේ නාමය හා තවත් ච‍රිත කීපයකි. දෙස් විදෙස් සුප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 697 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site