IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාත්‍යන්තර අවධානය එන්න එන්නම වැඩිවෙයි

පරිවර්තනය - හර්ෂණ තුෂාර සිල්වා

ඒ.එෆ්.පී ඇසුරිනි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහ මැතිවරණයක් කැඳවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍ර අතට පත්ව ඇතැයි අන්තර්ජාති ප්‍රවෘත්ති නියෝජිත ආයතන වාර්තා කරයි. ප්‍රංශ පුවත් සේවය (ඒ.එෆ්.පී.) වාර්තාවක සටහන් වන්නේ ඒ ආකාරයෙනි. 

ප්‍රංශ පුවත් සේවය විසින් පසුගියදා පළකරන ලද වාර්තාවක මෙසේ දැක්වේ. 

දේශපාලනයේදී දැඩි ලෙස එකිනෙකාට විරුද්ධ ප්‍රතිවාදීන් දෙදෙනකු රාජ්‍ය පාලනයට ගෙන යෑමේ තරගයක නිරත වී ඇති බැවින් අපේක්ෂා භංගත්වයට පත්ව ඇති ශ්‍රී ලංකාවේ දේශපාලනය තවදුරටත් පිරීමට ලක්වෙමින් තිබේ. මෙම අර්බුදකාරී තත්ත්වය අවම වශයෙන් තවත් මාස දෙකක්වත් පවතිනු ඇත. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔක්තෝබර් 26 වැනිදා සිට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදි. පසුගිය සිකුරාදා (9) පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබමින් ලබන වසරේ ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වෙන බවද ජනාධිපතිවරයා නිවේදනය කළේය. 

එම සිදුවීම් පෙළ ව්‍යවස්ථා විරෝධී සහ නීතිවිරෝධි යැයි විපක්ෂය ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව තුළ දී බහුතරය පෙන්වීමට නොහැකි බව ද එයින් කියැවිණි. 

 

රාජපක්ෂ මහතා සහ බලයෙන් පහ කෙරුණු විට ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ රනිල් වික්‍රමසිංහ මහතා සති දෙකකට ආසන්න කාලයක් බල අරගලයක නිරත වූහ. එම කාලයේදී උපායමාර්ගික ලෙස වැදගත් ශ්‍රී ලංකාව වෙත යොමු වූ ජාත්‍යන්තර අවධානය ද සුළුපටු නොවේ.

ජනාධිපතිවරයා නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ලබන ජනවාරි 5 වැනිදා මහ මැතිවරණය පවත්වන බව නිවේදනය කළේය. මේ අනුව මහ මැතිවරණය පැවැත්වෙන්නේ නියමිත කාලයට වසර දෙකකට පෙරය. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ. 

“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධියි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා අපි සටන් වදිනවා. ජනාධිපතිවරයා ජනතාවගේ අයිතිවාසිකම් සහ අපි සියලු දෙනා භුක්ති වින්ඳ ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑවා” යැයි එක්සත් ජාතික පක්ෂය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

අග්‍රාමාත්‍යවරයා කවුදැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජාත්‍යන්තරය ජනාධිපති සිරිසේන මහතාට විශාල පීඩනයක් එල්ල වූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය අවස්ථාව කිහිපයකදීම ඒ බව සඳහන් කරමින් නිවේදන නිකුත් කළහ.  

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තීරණය කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදය කඩිනමින් එය විවේචනය කළේය. 

“දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි ලෙස කනස්සල්ල ප්‍රකාශ කර සිටී.  ශ්‍රී ලංකාවේ විශ්වාසදායි හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරු කළ යුතු බව අපගේ විශ්වාසයයි” යැයි සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය නිවේදනය කළේය. ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ද වන්නේය. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය පිළිබඳ පරීක්ෂණයට මුහුණ දිය යුතු නොවේ. එම නිසා ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුව නැවත රැස්වන තුරු මහින්ද රාජපක්ෂ මහතා භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ජනාධිපති සිරිසේන මහතා අමාත්‍යවරුන් කිහිපදෙනකුද තම කැබිනට් ඇතුළත් කරගත්තේය. 

“මේ අවස්ථාවේදී අපට මන්ත්‍රීවරුන් 104 දෙනකුගේ 105 දෙනකුගේ සහාය තිබෙනවා” එක්සත් ජනපතා නිදහස් සන්ධානයේ ප්‍රකාක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවේය. සිරිසේන මහතාගේ සහ රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට තවත් මන්ත්‍රීවරුන් එක්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔහු ඒ බව කීවේය. ‍

ජනාධිපති සිරිසේන මහතා මීට පෙර තමන්ට මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ සහාය ඇතැයි ද පැවැසීය.  

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධි යැයි ජනාධිපති සිරිසේන මහතා බලය අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ යැයි ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධියි. ඒ වගේම එය ව්‍යවස්ථාවට පටහැණි” යැයි ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබුවේ තවත් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පැත්තට ගැනීමට යැයි විපක්ෂය සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ පාර්ශවයට එක්වීම සඳහා ඩොලර් මිලියන ගණනින් මුදල් ගෙවීමට එම පාර්ශවය සූදානම් වූ බව ද ඇතැම් මන්ත්‍රීවරු කීහ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මන්ත්‍රීවරුන් අට දෙනෙක් පමණ ජනාධිපතිවරයාගේ පාර්ශවයට එක්වූහ. 

තමන් බලයෙන් ධුරයෙන් ඉවත් කළ ද එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී යැයි පවසමින් රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අරලිය ගහ මන්දිරයේ රැඳි සිටියි. පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමූ අවස්ථාවේදී තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඇතැයි ද හෙතෙම කීය. 

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවා අගමැතිවරයා කවුදැයි තීරණය කිරීමට එහි මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයෙන් දැඩි පීඩනයක් එල්ල විය. පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා අවස්ථා තුනකදී එකඟතාව පළ කළ අතර එම අවස්ථා තුනේදීම ඔහු තම අදහස වෙනස් කළේය. 

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය රට ජාත්‍යන්තරය ඉදිරියේ ලබාගෙන ඇති කීර්තිනාමයට කැළැලක් යැයි පාර්ලිමේන්තුවේ විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේය. යුරෝපා සංගමය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබූ අතර පාර්ලිමේන්තුව කැඳවා කඩිනමින් මැතිවරණයක් පවත්වන්නැයි ද ඉල්ලා තිබිණි. ‍ෙ

“තවදුරටත් පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද කෙරෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමයට කැළලක් එක් කරනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම වළක්වාලනු ඇත” යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව තිබිණි. 

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සවස තම පාක්ෂිකයන් හා ආධාරකරුවන්ට ස්තූති කළ අතර සටන අත්නොහරින ලෙස ද ඉල්ලා සිටියේය. 

“ඔබ මේ රට ඒකාධිපතීත්වයේ අඳුරට ගිලී යෑමට ඉඩ දුන්නේ නැහැ. ඔබේ මේ අරගලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටි සියලු දෙනාට මා ස්තූතිවන්ත විය යුතුයි” යැයි තම ෆේස්බුක් පිටුවේ වීඩියෝයවක් පළ කරමින් වික්‍රමසිංහ මහතා පැවැසීය. 

මෙම බල අරගලය මිලියන 21ක ජනතාවක් වෙසෙන ඉන්දීය සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් දූපතක් අකර්මන්‍ය කර ඇතැයි විශේෂයෙන්ම රටේ පරිපාලන කටයුතු අඩාල වී ඇතැයි අර්බුදයේ දෙපාර්ශවයම නියෝජනය කරන මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ. 



අදහස් (7)

ජාත්‍යන්තර අවධානය එන්න එන්නම වැඩිවෙයි

saman Tuesday, 13 November 2018 05:57 PM

තුන්වෙනි ලෝක යුද්ධය පටන්ගන්නේ ආසියාවේ රටකින් කියල ඉස්සර අනාවැකියක් කියල තියෙනවලු.

:       2       7

silva Wednesday, 14 November 2018 12:28 AM

ගමරාලගේ තව හන්ගගත්ත තුරුම්පු එහෙම නැතේ තියනවනං රෝල්කරලා ............ ගහගතොත් නේද වඩා හොඳ

:       55       83

rocky Wednesday, 14 November 2018 12:31 AM

රටට කෙලවුනත් කමක් නැහැ. රාජපක්සලගේ හොර තක්කඩි කල්ලියට විරුද්ධව උසාවියේ ගුණු වෙලා තියන නඩු වලින් බේරීමයි මෙතන කෙරන්න ඕන. රට, ජාතිය, බුද්ධාගම ඔක්කොම යු.එන.පි. එකෙන් බේරෙන්නේ රාජපක්සලා හිරේ නොයා හිටියොත් විතරයි!

:       78       117

maheshikaThursday, 15 November 2018 11:55 PM

බැංකු හොරුන්ටත් එය අදාලයි.

:       0       10

vidya Wednesday, 14 November 2018 07:17 AM

කුළුමීමෙක්, හරකෙක් එකට බැන්දාම හාන්න තියා පෝරු ගාන්නවත් බැරි බව දන්නේ නැද්ද ගමරාලේ?

:       32       44

Rohana Wednesday, 14 November 2018 09:03 AM

ජාත්‍යන්තරයට ..අමාරුවටද?

:       39       50

H. Perera Wednesday, 14 November 2018 11:30 AM

හත්පොලේ ගා ගැනීම කලාවක්නම් මෛත්‍රී එහි පිකාසෝ වේ....

:       0       19

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 280 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 221 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 65 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 212 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site