IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹ නයිට් රේස්

මෙයට තුන් වසරකට පමණ ඉහත දී කොළඹ නගරය අඳුරු බංකරයක් බඳුය. යුද නගරයක සිරි සිහි ගැන්වූ කොළඹ නගරය භීතියෙන් ද සැකයෙන් ද පිරී පැවතිණි. පැමිණි සැණින් පිටවීමට සිත් දෙන කොළඹ නගරය යුද ජයග‍්‍රහණයෙන් පසුව පාරාදීසයකි. විසිතුරු මගුල් ගෙයක සිරි නංවන කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යට දිග හළ පළසක් බඳුය.

ඉකුත්දා කොළඹ නගරයේ රැුය පහන් කළ  ඕනෑම අයකු "පෙරවදන” ඉස් මුදුනින් පිළිගනු නිසැකය. ඒ ඉකුත්දා යනු ගෙවුණු 15 වැනිදාය. කොළඹ දෙවනත් කළ -කොළඹ රාත‍්‍රි මෝටර් රථ තරගාවලිය” පැවැතියේ එදිනය. එදින රාත‍්‍රි 7ට පමණ ආරම්භ වූ කොළඹ මෝටර් රථ තරගාවලිය පසුදා අළුයම 4.30 පමණ වන තුරු පැවතිණි.
මේ සටහන ඒ සම්බන්ධයෙනි.

තිස් වසරක යුද්ධයෙන් දැවුණු රටක -කාර් රේස් හෝ බයික් රේස්” හෝ දැක බලා ගැනීමේ වරම මෙරට ජනයාට හිමිව තිබුණේ නැත. යුද ජයග‍්‍රහණයෙන් පසුව එක් වරක් ඒ වරම මෙරට ජනයාට හිමි විය. රණවිරුවන් දිවි පුදා රැුක දුන් රටේ රේස් යාම සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර පළ විය හැකි වුව ද, රටේ ජනයා දහසක් ආර්ථික ගැටලූ මැද දිවි ගෙවමින් සිටින රටක "රේස් යාම” සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තිබිය හැකි වුව ද ඉකුත් සෙනසුරාදා රාත‍්‍රියේ දී කොළඹ නගරයේ දී "රේස් දෙකක්” පැවැත්විණි.

මේ සටහන ඒ සම්බන්ධයෙනි.
කොළඹ නගරයේ -කාර් රේස්” හා "බයික් රේස්” මෙවර පැවැතියේ දෙවැනි වරටය. දේශීය මෝටර් රථ ධාවකයෝ 120 දෙනෙක් හා විදේශීය ධාවකයෝ 20 දෙනෙක් මෙවර ඉදිරිපත්ව සිටියහ. දේශීය යතුරුපැදි ධාවකයෝ 120 දෙනෙක් සහ විදේශීය තරගකරුවෝ 30 දෙනෙක් යතුරුපැදි ධාවන තරගයට ඉදිරිපත්ව සිටියහ. කාල්ටන් මෝටර් රථ ක‍්‍රීඩා සමාජය සංවිධාන කළ මෙම තරගාවලියට ආසියානු මෝටර් රථ සංගමය හා ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය ද එක් වී සිටියේය.

විශේෂත්වයකි
රටේ නන් දෙසින් පැමිණ සිටි දහස් සංඛ්‍යාත ක‍්‍රීඩාලෝලීහු තරගය පැවැති මාර්ගයේ දෙපස පොදි කකා රැුස්ව සිටියහ. එය එක් අතකින් කාර් රේස් හා බයික් රේස්වලට ඇති ඇල්ම ඉහළින්ම ප‍්‍රදර්ශනය කිරීමක් බඳුය. කොළඹ ගලදාරි හෝටලය අසලින් ආරම්භ වී කොළඹ කොටුව සහ ගාලූ මුවදොර පිටිය ඉදිරි මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් කිලෝමීටර දෙකකට ආසන්න දුරක් ධාවන පථය විය. එක් තරග ඉසව්වකට වට 20කි. වැලි කොට්ට 1,50,000කින් ආරක්ෂාව තර කර තිබිණි. විසිතුරු සල්පිල් බිමක් පරිද්දෙන් කොළඹ නගරය හැඩ ගන්වා තිබිණි.
ජපානය, මැලේසියාව, හොංකො, එංගලන්තය සහ ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් ධාවකයෝ පැමිණ සිටියහ. එහෙත් ඒ ? පායා ආ තරුව වූයේ ඩිලන්ත මාලගමුවය. ජාත්‍යන්තර අත්දැකීම් සපිරි මේ ශ්‍රී ලාංකික ධාවකයා දහස් සංඛ්‍යාත ජනකායකගෙන් නොනැවතී නැගුණ ඔල්වරසන් හඬ මැද ජී.ටී. 4 සුපිරි මෝටර් රථ ඉසව්වේ දී තරගය ජය ගත්තේ සෙසු තරගකරුවන්ට වඩා වටයක් ඉදිරියෙන් සිටිමිනි. මෑත කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ලැම්බෝගිනි වර්ගයේ කාරයකින් තරග වැදුණු ඩිලන්ත දහස් සංඛ්‍යාත කී‍්‍රඩා ලෝලීන්ගේ වීරයා බවට පත් විය.
ෆෝක්ස්වැගන් සෝලෝ රථ පැදවීම සඳහාම ඉන්දියානු තරගකරුවෝ පැමිණ සිටියහ. එම ක‍්‍රීඩා ඉසව්වට ඔවුන් කොතෙක් සමත්කම් දක්වන්නේ දැයි පෙන්වමින් ඉන්දීය ක‍්‍රීඩකයෝ එම තරග ඉසව්ව පහසුවෙන්ම ජය ගත්හ. ඉන්දීය ක‍්‍රීඩක අන්ගාඞ් සිංට සිය රථය  පාලනය කරගත නොහැකිව ධාවන පථයෙන් ඉවතට ගියේ මෙබඳු ක‍්‍රීඩා ඉසව්වක සැඟව ඇති අනතුර ද ප‍්‍රදර්ශනයට තබමිනි. අනතුරු වාර්තා වූයේ අන්ගාඞ් සිංගෙන් පමණක් නොවේ. ටොයොටා ඊ.ටී.අයි. ඕ.එස්. මෝටර් රථ ඉසව්වට සහභාගි වූ දිනේෂ් සේනානායක ද අනතුරකට මුහුණ පෑවේය. ඔහුට අලාභයක් නොවූව ද ඔහුගේ රථයට දැඩි අලාභයක් අත් විය.

මෝටර් ක්‍රොස් ශූර ගයාන් සඳරුවන් ප‍්‍රතිවාදී තරගකරුවන්ට සුපර් මෝටාර්ඞ් ඉසව්වේ දී ප‍්‍රබල අභියෝගයක් එල්ල කළේය. වට හයකින් සමන්විත වූ එම තරග ඉසව්වේ දී ඉදිරියෙන්ම සිටි ගයාන් සඳරුවන් අවසන් වටයේ දී ඇසිපිය හෙළන පමාවෙන් පසු කළ නෙඞ් ඩැනියෙල් ජයග‍්‍රාහකයා බවට පත් විය.

ශ‍්‍රියාන් සැමුවෙල් යතුරුපැදි අංශයේ වීරයා විය. සිලින්ඩර් ධාරිතාව 250 දක්වා වූ ඉසව් තුනම ජය ගැනීමට ඔහු සමත් විය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ ද මෙම තරගාවලියට එක්ව සිටියේ ධාවකයෙක් ලෙසය. ෆෝක්ස්වැගන් සෝලෝ තරග ඉසව්වට සහභාගි වූ රෝහිත රාජපක්‍ෂට සිදු වූයේ ඉන්දීය ධාවකයන් ඉදිරිපිට පරාජය බාර ගැනීමටය. එස්.එල්.එච්. 1600 සී.සී. ඉසව්වට තරග වැදුණු රෝහිත රාජපක්‍ෂ පසු කර යාමට අශාන් සිල්වා, ඩිලාන් සෙනෙවිරත්න හා ඉම්ටාඞ් හුසේන් සමත් වූහ.

තරගය සඳහා ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කැර තිබිණි. ඒ රුපියල් 50, 100, 250, 3000 ආදී වශයෙනි. රුපියල් 4000කට හා 5000කට මිල නියම වූ ටිකට් පත් තෝරාගත් විශේෂිතයන්ට නිකුත් කැර තිබිණි. එම ටිකට් පත් සඳහා තරු පන්තියේ හෝටලයකින් ආහාර ද තරගයෙන් පසුව පැවැති සංදර්ශනය නැරැඹීමට ද පහසුකම් සලසා තිබිණි. ප‍්‍රසංගයට සහභාගි වීමේ වරම හිමිව තිබුණේ සුවිශේෂී ආරාධිතයන්ට පමණි. දෙස් විදෙස් සුරූපී නළඟනන් සහභාගි වූ එම ප‍්‍රසංගය මහලූ නොවූ රාත‍්‍රියකට සුහද ආරාධනාවක් බඳුය. මාධ්‍යයට තහනම් වූ ප‍්‍රසංගයේ විවිධ අවස්ථා අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

කෝටි 200කට අධික මුදලක් මෙම තරගාවලිය සඳහා වියදම් කර ඇති බව ද පැවසේ. විපක්ෂය කියන පරිදි ඉන්ධන මිල රුපියල් දහයකින් ඉහළ දමා තිබෙන්නේ ඒ වියදම් පියවා ගැනීමට බවය.

අවධාරණය කළ යුතු විශේෂ කාරණයක් ද තිබේ. මේ කොළඹ පැවැති දෙවැනි ”නයිට් රේස්” එක වුව ද ලංකාවේ පැවැති තෙවැනි තරගාවලිය වේ. කොළඹට අමතරව නුවර ද වරක් මෙබඳු තරගාවලියක් පැවැත්විණි. එහෙත් පෙර තරග දෙකේදීම වූ අඩුපාඩු සකසා ගැනීමට මෙවර ද අපොහොසත් වීම සුළුකොට නැකිය යුතු නැත.
තරගය ද මෙන්ම තරගය දා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නගා තිබිණි. එහෙත් ආරක්ෂාව තර කිරීම යනු බහුතරයක් ජනයා පීඩාවට පත් කිරීම නොවේ. එහෙත් සිදුවූයේ ද එයමය. තරගය පැවැති දාත් එයට පෙර දාත් ධාවන පථයට හසුවූ මාර්ගය වසා දමා තිබිණි. ඒවායෙහි ගමන් ගන්නා ජනයා කොහෙන් කොහොම යන්න දැයි නොසලකා තිබිණි. විශේෂයෙන්ම සිකුරාදා දිනයේ වැඩ නිමවා කොළඹ කොටුවට දුවන ජනයා බලවත් අපහසුතාවයන්ට ගොදුරු වූහ. ඒ අපහසු වන රෑ දෙගොඩහරි ජාමය වන තුරු ඔවුන් අත්වින්ඳාම සැක නැත. එයට හේතුව ඔවුන් ගමන් ගන්නා දුම්රිය හෝ බස් රිය ඔවුන් පැමිණෙන තුරු බලා නොසිටි හෙයිනි. අතිශය බහුතරයක් ජනයාට එබඳු පීඩා ගෙන දෙමින් රේස් දුවන්නේ ඇයි දැයි නැගෙන ප‍්‍රශ්නය අසාධාරණ වීමට හේතුවක් නැත.
එම මාර්ග ආශ‍්‍රිතව ජීවත් වන ජනයාගේ ආදායම් මාර්ගවලට පාරවල් වසා දැමීමෙන් අත්වන ඉරණම සුළුකොට තැකිය යුතු නැත. ඒ දෙදිනේදී ඒ ජනයා කෑවේ මොනවා දැයි ප‍්‍රශ්න කිරීම සාහසිකවීමක් ද නොවේ. රාත‍්‍රි තරග පවත්වන්නේ නම් එහිදී මතු විය හැකි ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සියල්ලන්ගේම යහපතට හේතුවන්නකි.

සටහන : ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

එද රෑ කොළඹ හැඩ කළ රුසියන් තරුණියෝ



අදහස් (0)

කොළඹ නයිට් රේස්

සුගත් Tuesday, 25 December 2012 09:51 PM

මේක හිංදා ආණිඩුවේ කන්‍තෝරුවලට වරුවක් නිවාඩු දීලා තිබුණා.. අපරාදෙ සල්ලි.. ඒත් ඉතිං බදු නිදහසින් ගෙනා රේසිං කාර්වලට වැඩක් ති‍යෙන්නත් ඕන නේ..!(නු)

:       0       0

මධුක Monday, 24 December 2012 08:59 AM

මේවත් තියන ගමන්ම බඩු මිළ, ඉන්ධන මිළ එහෙම අඩුකරන්න බැරිද? (නි)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 12:34 AM

මෙවැනි දේ තුළින් තරුණ පරපුර විනාශය කරා ළගාවනවා මිස යහපත් සමාජයක් මේ තුළින් අපට දැකගැනීමට නොහැකි වනු ඇත. (නි)

:       0       0

ලන්ඩන් ප්‍රනාන්දු Thursday, 27 December 2012 04:17 PM

තව තව දේවල් ඉදිියට බලාගන්න පුළුවං.. ආයෙත් පන්සලේ ලොකු හාමුදුරුවන්ට වැඩ වැඩි වෙයි.. පන්සලේ අගය වැඩි වෙන කාලයක් එනවා.!(නු)

:       0       0

මුතුකුඩ Tuesday, 25 December 2012 02:01 AM

කෝ අපේ බල සේනාව? ඒ ඇත්තනුත් මෙතන ඉන්නවාද ? (නි)

:       0       0

රාජ් Monday, 24 December 2012 11:00 AM

කොළඹටත් වහින් ඕනි (ස)

:       0       0

බණ්ඩාර Monday, 24 December 2012 11:23 AM

"දෙස් විදෙස් සුරූපී නළඟනන් සහභාගි වූ එම ප‍්‍රසංගය මහලූ නොවූ රාත‍්‍රියකට සුහද ආරාධනාවක් බඳුය." එහෙම නම් ඉතින් අපිට කන්න නැතිවුණත්, බොන්න නැතිවුණත්, අදින්න නැතිවුණත් මොකෝ? (නි)

:       0       0

දිසා Wednesday, 26 December 2012 06:39 AM

මේවා අපේ රටේ පියවරුන්ට හොද ආදර්ශ වේ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 24 December 2012 06:49 PM

නියම කෙල්ලන් ටිකක්නේ. මමත් ලබන සැරේ මේක බලනවා. (නි)

:       0       0

අප්පු Thursday, 27 December 2012 09:40 AM

අනේ ජා-ඇළත් නයිට් රේස් එකක් තියන්නකෝ. හැබැයි නැටුම් කණ්ඩායමත් ඕනෑ. (නි)

:       0       0

නාමල් Sunday, 23 December 2012 06:51 PM

ලංකාවේ මිනිස්සුන්ට කන්න බොන්න සල්ලි නැහැ. සුද්දන්ව සතුටු කරන්න ලංකාවේ සල්ලි නහස්ති කරනවා (දී)

:       0       0

පුෂ්පකුමාර Sunday, 23 December 2012 07:10 PM

මම දකින්නේ මේක තේරුමක් නැති වැඩක් කියලයි (ස)

:       0       0

දිනේෂ් Monday, 24 December 2012 08:14 PM

අපිට පොඩි දෙයකින් හැමදෙයක්ම තීරණය කරන්න බැහැ. රට සංවර්ධනය කළ යුත්තේ කෙසේදැයි රජය දනී. (නි)

:       0       0

තරිදු Wednesday, 26 December 2012 10:38 AM

අනේ මෙහෙමත් රටක් (ස)

:       0       0

පුෂ්පා Sunday, 23 December 2012 09:54 PM

දුප්පත් අයට වැලි කමයි කන්න වෙන්නෙ..!(නු)

:       0       0

දුමින්ද Monday, 24 December 2012 02:56 PM

මෙවැනි දේවල් නිසා සාමාන්‍ය ජනතාව තුළ නම් ඇති වී ඇත්තේ පාලකයන් ගැන අප්‍රසාදයකි. (නි)

:       0       0

කුමාර Monday, 24 December 2012 03:08 AM

මෙවන් තරග තිබිය යුතුයි. නමුත් එහි බර මහජනතාව වෙත පැටවීම නොකළ යුතුයි. (නි)

:       0       0

සිල්වා Thursday, 27 December 2012 02:11 PM

මෙම තරග හම්බන්තොට,අනුරාධපුර වැනි ඉඩකඩ ඇති නගර වල පැවැත්වූවොත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 314 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 72 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 651 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 305 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 128 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 339 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site