IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


වල්ගාතරුවට බැස්ස පිලේ යළි වැඩ පටන් ගනී

පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් තිබූ 67පී වල්ගාතරුවට පතිත කළ පිලෙයි අභ්‍යාවකාශ යානය මෙතෙක් අක්‍රියව තිබී හදිසියේම අද (14) පෘතිවියට සිය සංඥා එවූ බව යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය (ඊසා) පවසයි.

රොසෙටා යානයෙන් එහි යැවූ පිලෙයි යානය පසුගිය නොවැම්බරයේ වල්ගාතරුවේ න්‍යෂ්ඨිය මත පතිත කළ ද එය ක්‍රියාවිරහිත  වී තිබිණි.

පිලේ ක්‍රියාත්මක වන්නේ සූර්යකෝෂ බැටරි බලයෙනි. වල්ගාතරුව සූර්යයාට වඩාත් ආසන්න වීම හේතුවෙන් පිලේ යළි ක්‍රියාත්මක වන්නට ඇතැයි ඊසා විශ්වාස කරයි. මේ සම්බන්ධවීම තත්ත්පර 85ක කාලයක් පැවති බවත් යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි

පිලේහි ව්‍යාපෘති කළමණාකරු ස්ටීවන් යුලමෙක් පවසන්නේ පිලේ මේවනවිට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එහි ක්‍රියාත්මක කිරීමේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 35ක් වන බවත් වොට් 24ක ශක්තියක් එහි ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.  

පිලේ දත්ත ගබඩාවේ දැනටමත් ඉතා වැදගත් තොරතුරු රාශියක් ගබඩා වී ඇති බව පවසන ඊසා හි විද්‍යාඥ මාර්ක් මැක්කොෆ්රියන් පවසන්නේ පිලේ නැවත පෘථිවිය හා සම්බන්ධ වූ වහාම අදාල දත්ත සියල්ල බාගත කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

වල්ගාතරුවක න්‍යෂ්ඨිය මත යානයක් පතිතකරමින් එය අභ්‍යාවකාශයේ ගමන්කිරීමට සළස්වා තොරතුරු ලබාගැනීම අභ්‍යාවකාශ ගවේෂණ ඉතිහාසයේ ඉතා විශිෂ්ඨ අවස්ථාවක් බවත් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

පිලේගේ ඉලක්කය වන්නේ වල්ගාතරුවේ ඇති අයිස් සහ කඳුවල කැඩීගිය කැබලි ගැන විශ්ලේෂණය කිරීමයි. මේ වනවිට සූර්යයාට කිලෝ මීටර කෝටි. 20.5ක් දුරින් පවතින පිලේ තවදුරටත් සූර්යයා වෙත ළඟා වෙමින් තිබේ.

ලබන අගෝස්තු මාසය වනවිට සූර්යයාට කිලෝ මීටර කෝටි 18.6ක් දක්වා ළං වන වල්ගාතරුවේ න්‍යෂ්ඨිය මත ඇති අයිස් දියවනු ඇතැයි ද විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

මෙම ක්‍රියාවලිය විශාල ලෙස ගැස් සහ දූවිලි වලින් සම්පූර්ණයෙන් ආවරණයව පැවතෙන අතර පිලේට දිගමට ක්‍රියාත්මක වීමට හැකි වුවහොත් එමගින් විද්‍යාඥයින්ට අවශ්‍ය සුවිශේෂි දර්ශණ සහ 67 පී දුමකේතුවේ දකුණු පස මතුපිටේ සිදුවන දේ දැක ගැනිමට අවස්ථාව ලැබෙනු ඇත.

philae 1 Philae 3



අදහස් (0)

වල්ගාතරුවට බැස්ස පිලේ යළි වැඩ පටන් ගනී

නුවන් Thursday, 18 June 2015 05:12 AM

ඉතාමත් දක්ෂ විද්‍යාඥයන් ඉන්නේ මෙතැනනේ, නසා එකේ ඉන්නේ කවුද බලන්නකෝ, මෙයාලගේ දැනුම, ලක්මාල්, කින් බෙනට් වගේ දැනුවත්තු නිසා තමයි අපේ රට මේ ක්ෂේත්‍රයේ ලොකු නමක් තියල තියෙන්නේ , උඩුගුවනේ අපිට අයිති චන්ද්‍රිකාවක් තියනවා කියල හුරේ දාපු අය ඉන්න රටක්නේ. (ස)

:       0       0

මැටිපහන Monday, 15 June 2015 03:50 AM

මේ ක්‍රමය හොඳයි ඉදිරියෙන් ගිහිල්ල බලනවට වඩා. එර්දියෙන් ගියොත් ඉතින් බලාගන්න වෙන්නේ තමන්ට විතරයිනේ. අනිත් එක ඉදිරියෙන් ගිහිල්ල පොටෝ ගන්නත් බැහැ. (ම)

:       0       0

ලක්මාල් Thursday, 18 June 2015 12:58 PM

නුවන්, ඔයා වගේ අය තමා ලංකාවේ වැඩිපුර ඉන්නේ, යන්නේ කොහෙද, මල්ලේ පොල්ලු. (ර)

:       0       0

චින්තක Monday, 15 June 2015 04:40 AM

මැටි පහන නෙවි මැටි මොලේ (බ)

:       0       0

ලක්මාල් Tuesday, 16 June 2015 05:32 PM

යුරෝපය කවදත් පිල්ලි යවන්න දක්ෂයි. (ර)

:       0       0

රළපනාව Monday, 15 June 2015 05:29 AM

මටිපහන ඔය ඇත්තටම මේවා ලියන්නේ ඔයාගේ මැටිකම පෙන්වන්ද? එහෙමත් නැත්නම් ඔනෙකමින්මද? මම දැක්ක ඔයාගේ හැම කොමෙන්ට් එකකටම ඔය බැනුම් අහනවා.(ම)

:       0       0

සනත් ඉන්දිකා Wednesday, 17 June 2015 07:14 PM

මෙයාලා කියන්නේ ඇත්තද බොරුද කියලා ඔප්පු කරන්න කෙනෙක් නැහැනේ ඉතින්! මොනවා කිව්වත් අපිට බලාඉන්න වෙනවා (නි)

:       0       0

කින් බෙනට් Monday, 15 June 2015 02:30 PM

මම නම් හිතන්නේ ලෝකයේ ලොකුම බොරු කියන පිරිස තමයි අභ්‍යවකාශය ගැන පරීක්ෂණ පවත්වන අය. දේශපාලකයොත් ඔවුන්ට පරාදයි. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 08:00 AM

හිනාත් යනවා මේ ප්‍රතිචාර දැක්කම. (බ)

:       0       0

සඳා Monday, 17 August 2015 09:03 AM

පිස්සු තමයි (නදී)

:       0       0

භක්ති Thursday, 09 July 2015 01:42 PM

හොඳ උත්සහයක් .බලමු මොනවද ප්‍රතිඵල කියලා.බුදුන් වහන්සේ කියා තිබෙන හැටියට මේ විශ්වයේ අනන්තය හොයන එක තේරුමක් නැහැ .එහි කෙළවරක් නැහැ.ඒ දේවල් වලට වඩා තමන් ගැන ඇත්තටම හොයන එක හොඳයි.කොහොම වුණත් මිනිසුන්ගේ කුතුහලයේ ඉවරයක් නැහැ.බලමු බලමු ..... (නි)

:       0       0

දයා Monday, 15 June 2015 08:33 AM

මැටිපහනටත් වල්ගයක් තියෙනවා (ම)

:       0       0

මැටිපහන Thursday, 18 June 2015 03:28 AM

සනත්, ඇයි ඒ පර්යේෂණ ගැන බාහිර දෙයක් හැටියට සිතන්නේ? සමහරවිට එක අපේ අධිරාජ්‍ය විරෝධයෙන් මතු වෙන එකක් වෙන්න ඇති නේද? එක ඇත්ත, අපි සැකයෙන් තමයි එයාල දිහා බලන්නේ. හැබැයි මේ පරීක්ෂණ මිනිසා විසින් මිනිසා සඳහා කරන දේවල්. මට හිතෙන්නේ ඕවා කරන විද්‍යාඥයන් ඔළුවල ඕවා පමණයි තියෙන්නේ, දේශපාලනය ගැන එයාල එච්චර උනන්දු වෙන්නේ නෑ. පරීක්ෂණ වලට අවශ්‍ය සහය පමණයි එයාල ආණ්ඩු වලින් බලාපොරොත්තු වෙන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site