පිග්මින්ගේ සිරුරු කුඩා වී ඇත්තේ වැසි වනාන්තරයේ ගමන් කිරීමටත් එහි ජීවත්වීම පහසු කිරීමටත් බව පිග්මිවරු සම්බන්ධයෙන් අධ්‍යයනය කළ පර්යේෂකයෝ කියති.
වැසි වනාන්තරවල වාසය කරන පිග්මින්ගේ දඩයම් ජීවිතයට අනුවර්තනයක් ලෙස මෙය සිදුවී ඇතැයි ඔවුහු කියති. මානව හා ජෛව විද්‍යා සම්බන්ධ සහකාර මහාචාර්ය ජෝර්ජ් එච්.ෂෙරී පවසන්නේ ඔවුන්ගේ අභියෝග සහිත පරිසරයට මෙම වැසිවනාන්තර දඩයම්කරුවන් අනුවර්තනය වී ඇති ආකාරය ගැන තමා විශේෂයෙන් අවධානය යොමුකළ බවයි.
නිවර්තන වැසි වනාන්තර යනු මිනිසුන්ට ජීවත්වීමට ඉතා අසීරු පරිසරයකි. එය අතිශය උණුසුම් මෙන් ම දැඩි ආර්ද්‍රතාවකින් යුක්තය. ආහාර ද සුලබ නැත. විශේෂයෙන් ම පළතුරු අවාරයේ ආහාර සොයා ගැනීම අතිශය අසීරුය.
කුඩා සිරුරුවලට අවශ්‍යවන්නේ ආාහර අඩු ප්‍රමාණයකි. කුඩා සිරුරකින් නිපදවෙන්නේ ද අඩු තාපයකි. මේ හේතුවෙන් පිග්මිවරුන්ගේ සිරුරු අනෙක් මිනිස් වර්ගයාට සාපේක්ෂව කුඩා වීම ඔවුන්ගේ පරිසරයට උචිත අනුවර්තනයකි.
මහාචාර්ය ෂෙරී ඒ සම්බන්ධයෙන් මෙසේ ද පවසයි.
‘‘ අකුල් සහිත යටි රෝපණයක් ඇති වැසි වනාන්තරයේ ගමන් කිරීමටත් ගස් නැගීමටත් කුඩා සිරුරු විශාල රුකුලක් වනවා. මේ පර්යේෂණය උගන්ඩාවේ වැසි වනාන්තරයක පිග්මි මිනිසුන් පිරිසක් හා ඒ ආසන්න ගම්මානයක මිනිසුන් පිරීසක් එකිනෙක සන්සන්දනය කරමින් කරන ලද්දක්. එයින් පැහැදිලියි පිග්මි මිනිසුන් වැසි වනාන්තරයට මනාව අනුවර්තනය වී ඇති බව.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට ජිවන වියදම පැවතුන හොත් දේශපාලුවොනුයි ඒ අයගෙ නෑදෑයොයි ඇරුනහම ලංකාවෙ ඉන්න සියලුම මිනිස්සු කන්න නැතිකම නිසා නුදුරේම පිග්මිවරු වෙනව. (අ)
මම දැන් ඉන්නෙත් උගන්ඩාවේ , මේ කියන දේවල් හරි. (අ)
ගොඩක් හොද ලිපියක්. (ර)
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
සුමිත් බණ්ඩා මහත්මයා උගන්ඩාවේ හිටියට කමක් නැහැ ඉබෝලා එහෙම අරන් මේ පැත්ත පලාතේ එනවා නෙමෙයි (නදී)