IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්ලයිඩිං ස්ප්‍රිං අඟහරු කළඹයි ?

ස්ලයිඩින් ස්ප්‍රිං ලෙස හඳුන්වන සී/2013 ඒ 1 නමැති වල්ගාතරුව ඉරිදා (19) අඟහරුට වඩාත් සමීපව ගමන් කරන මොහොතේ දී අඟහරු වටා කක්ෂගත කැර ඇති මාවෙන් අභ්‍යාවකාශ යානය උපයෝගී කරගෙන වල්ගාතරුව අධ්‍යයනය කිරීමට කටයුතු කරණ බව නාසා ආයතනය පවසයි.

වල්ගාතරුව ඉරිදා අඟහරු ග්‍රහයාට සැතපුම් 87,000ක් දුරින් ගමන් කරනු ඇත. එය පෘථිවිය හා සඳු අතර ඇති දුර මෙන් අඩකි. නාසා ආයතනය පවසන්නේ මේ අවස්ථාව වල්ගාතරුව ගවේෂණය කිරීමටත් වල්ගාතරුව හේතුවෙන් අඟහරුගේ වායුගෝලයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීමටත් මෙය මහඟු අවස්ථාවක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

නාසා ආයතනය පවසන්නේ අඟහරුමත ගොඩබස්වා ඇති කියුරියෝසිටි යානයෙන් ද වල්ගාතරුවේ හැසිරීම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ලබාගත හැකිවන බවයි. පෘථිවියේ වායුගෝලයට වඩා අඩු ඝනත්වයකින් යුතු අඟහරු වායුගෝලයට වල්ගාතරුවේ දූවිලි අංශු මගින් විශාල බලපෑමක් ඇතිවේ යැයි විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.

හබල් දුරේක්ෂය ඇතුළු දුරේක්ෂ සියල්ල ඉරිදා මේ ධූම කේතුව හා අඟහරු ග්‍රහයා අධ්‍යයනයට යොමු කිරීමට ලොවපුරා තාරකා විද්‍යාඥයෝ සූදානම්ව සිටිති.

NASA-14090-Comet-C2013A1-SidingSpring-Hubble-20140311 - Copy



අදහස් (0)

ස්ලයිඩිං ස්ප්‍රිං අඟහරු කළඹයි ?

රොකී Monday, 27 October 2014 03:47 AM

අඟහරු ලොවේ ජීවීන් නැති බව ලෝකයේ පිළිගත් විද්වතුන් කියනවා. එහෙම වුණත් එක මහත්මයෙක් ප්‍රචාරය කරන විදිහට නම් එයාලගේ කට්ටිය අඟහරු ලෝකේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලත් තියනවලු. (නි)

:       0       0

මහේන් Monday, 03 November 2014 05:27 PM

හවසට කල්පනා කරන්න කියාපු මාතෘකාව. (නි)

:       0       0

සිසිර Thursday, 23 October 2014 12:05 PM

ඔක්කොම දුරේක්ෂ ටික අගහරු දිහා බලන ඉන්න වෙලාවේ අනිත් පැත්තෙන් ධුමකේතුවක් වත් අවොට් තමා ප්‍රශ්නේ.(හේ)

:       0       0

භක්ති Sunday, 19 October 2014 10:10 PM

නාසා වලට පුදුම පිපාසයක් තියෙන්නේ විශ්වය,අඟහරු ගැන හොයන්න.සතුටු හිතෙනවා ඇත්තටම.බලමු මේ ගැන හොයාගන්න දේ (නි)

:       0       0

ඇන්ටන් Monday, 27 October 2014 11:35 AM

රොනී........තරුවට නෙමෙය් වල්ගයක් තියෙන්නේ , කියපු මහත්තයට. (බ)

:       0       0

කොඩිකාර Saturday, 01 November 2014 11:02 AM

ඔය ගැන වැඩිය හිතන්න එපා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site