IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මස් කෑ ගසක් හමුවෙයි

අදින් වසර ලක්ෂ 400ට පෙර රුසියාවේ තිබූ මාංශ භක්ෂක ශාකයක පොසිලයක් හමුවූ පර්යේෂකයේ පවසයි. මේ ශාකයේ පොසිල අනුව පෙනී යන්නේ එය කහ වර්ණයෙන් යුතු ඒක සෛලීය කේෂර සහිත ශාකයක් බවයි.

බෝල්ටික් මුහුදේ පතලක් කැණීමේදි හමුවි තිබේ. මේ ශාකය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් වලට වයඹ දිගින් හමුවූ රොඩිඩුලා ශාකයට සමාන  බව විශ්වාස කෙරේ.

රොඩිඩුලා ශාකය මගින් කුඩා සහ විශාල කෘමින් අල්ලා ගනු ලබන්නේ එහි පත්‍රවල ඇති ග්‍රන්ථි හෝ ග්‍රාහිකාව මගින් නිපදවනු ලබන ඇලෙන සුළු මැලියම් මගිනි. රුසියානු පැලෑටියද විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ග්‍රාහිකා මගින් අල්ලා ගන්නා ලද කෘමින් මුලින් සෙවෙල වැනි ද්‍රව්‍යයක ගිල්වයි. ඉන්පසු දිරවීමට අවශ්‍ය එන්සයිම නිදහස් කිරීමට සිදුවේ.

පත්‍රයේ මතුපිට පිහිටි  මෙකී ග්‍රාහිකා සහ පත්‍රෙය් ඇති ග්‍රන්ථි මගින් අල්ලා ගන්නා ගොදුරේ ඇති පෝෂ්‍ය කොටස් උරා ගනී.

ජාතික විද්‍යා ඇකඩමියේ දත්ත විශ්ලේෂණයෙන් පසු පර්යේෂකයන් විශ්වාස කරණු ලබන්නේ සොයාගත් පොසිල වසර ලක්ෂ 350 සිට 470 දක්වා කාලයකට පෙර පැවති ඉයුසින් යුගයට අයත්  ශාක කොටස් බවයි.

ජර්මනියේ ගොටින්ජෙන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඊවා මාරියා සැඩොව්ස්කි පවසන්නේ මේ පොසිලය මාංශ භක්ෂක ශාකයක් පොසිල ලෙස දක්නට ලැබුණු මුල්ම අවස්ථාව පිළිබිඹු කරණ බවයි.

flesh 1 flesh 2 flesh 3 flesh 4 flesh 5



අදහස් (0)

මස් කෑ ගසක් හමුවෙයි

රොකී Sunday, 14 December 2014 10:43 AM

මගේ මෝඩ විහිලුවට මම සියලුම දෙනාගෙන්ම සමාව ඉල්ලනවා.මගේ මෝඩ කමට සමාවෙන්න. මීට පස්සේ ඔය වගේ මෝඩ දේවල් නොකියන බවට මම පොරොන්දු වෙනවා. (නදී)

:       0       0

නිමල් ජයසිංහ Wednesday, 10 December 2014 02:54 PM

හොදින් තොරතුරු සොයා යායුතුයි.තොරතුරු ලැබූ අය වෙතොත් අන්තර්ජාලය හරහා අපව දැනුවත් කරන්න.(හේ)

:       0       0

ටානියා ප්‍රනාන්දු Tuesday, 27 January 2015 02:35 AM

හොඳ සොයා ගැනීමක්. අපි බලමු තව මේ වගේ නව සොයාගැනීම් අපේ ලංකාවෙත් අපිට සොයාගන්න පුළුවන් අපිත් උත්සහ කරමු (බ)

:       0       0

රොකී Thursday, 11 December 2014 02:17 AM

සමහරවිට ඔය කියන ගස් ගැන හෙළ බසින් අපේ පඬිවරු ලියපු පොතුත් තියෙන්න ඇති. තහවුරු කරන්න සාධක ලැබුනත් බටහිර මිනිස්සු ඒවා හෙළිකරන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ත Tuesday, 13 January 2015 01:19 AM

ලෝකයේ අලුත් සොයාගැනීම් අගය කළයුතුයි. ලොව විනාශ කරන දේවල් හොයනවාට වඩා මේ දේවල් හොඳයි (නි)

:       0       0

නුවන් Friday, 02 January 2015 03:37 PM

ලෝකේ මැව්වේ දෙවියෝ!(හේ)

:       0       0

ඉරෝෂන් සංජීව Sunday, 25 January 2015 07:04 PM

අනේ! මම නම් ඕවා කිසිදෙයක් දන්නේ නැහැ (නි)

:       0       0

ගීතානි Thursday, 18 December 2014 08:27 PM

රොකී, තමන්ගේ වරද පිළිගත් ඔබ නියම මහත්මයෙක් (නි)

:       0       0

බමුණු Friday, 12 December 2014 10:25 AM

හෙළ බසින් අපේ පඬිවරු ලියපු පොතුත් තියෙන්න ඇති. එහෙමනම් ඒවා තිබෙන්න ඔනී අපේගාව නේද.? (ර)

:       0       0

සජීව Wednesday, 24 December 2014 10:04 AM

රොකී පිස්සු දොඩවන්න එපා මහා බ්‍රහ්මය කොහෙන්ද මෙහෙට ආවේ ඒ මහා බ්‍රහ්මය හිටපු එකටත් තාම ශාක්කි නැහැ (අ)

:       0       0

සුනිල් ගීකියනගේ Thursday, 11 December 2014 11:26 AM

බාදුරා වැල් සත්තු අල්ල ගන්නවා ඒවායේ වතුර ගොට්ට ට වැටෙන උන්. පුංචි කාලේ බාදුරා වතුර බිල තියෙනවා (බ)

:       0       0

රොකී Friday, 12 December 2014 11:50 PM

බමුනුට, අපි විතරක් නොවෙයි, ඒ කාලේ හෙළ භාසාව ලෝක භාසාවක් වෙලා තිබුන බව බමුණු තවම නොදන්නවා වගෙයි. ලෝකයේ මුල්ම භාෂාව තමයි හෙළ. මහා බ්‍රහ්මයා හෙළ ව්‍යාකරණය සකස් කෙරුවා. ඊට පස්සේ හෙළ නිරුක්ති කෝෂය. හෙලයාගේ බටු = හෙලබටු; හෙලයාගේ හරක් = හෙළ හරක්; හෙලයාගේ අවුළු = හෙලවලු; හෙලයාගේ වැලි = හෙළුවැලි ආදී යෙදුම් වල රහස එකයි. (නදී)

:       0       0

බාදුරා Friday, 26 December 2014 03:21 PM

මාංශ භක්ෂක ශාක වලට පව් නැද්ද ආහාරය පිණිස සතුන් අල්ලගන්න. ඒක වරදක්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site