මිනිස් පරිනාමයේ දී මෙතෙක් සොයා නොගත් මානව වර්ගයකට අයත්යැයි විශ්වාස කැරෙන මානව අස්ථියක් සොයාගත් බව පුරාවිද්‍යා පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් පවසන්නේ අදින් වසර 20,000ත් 190,000ත් අතර කාලයේ ජීවත් වූ මානව විශේෂයකට අයත් අකු අස්ථියක් හමුවී ඇති බවයි.
තායිවානයේ පෙන්ගු දූපතේ වෙරළාසන්නයේ තිබී ධීවරයන්ට මේ අකු අස්ථිය හමුවී එරට පුරාවස්තු අළෙවි සැලකට එය විකුණා තිබිණි. පසුව වෙළඳසැල් හිමිකරු පාෂාණිභූතව තිබූ (ෆොසිල බවට පත්ව තිබූ) අස්ථිය තායිවානයේ ජාතික ස්වභාවවිද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කැර ඇත. පෙන්ගු දූපතේ තිබී අස්ථිය හමුවී ඇති බැවින් එම අස්ථියේ හිමිකරු නම්කැර ඇත්තේ පෙන්ගු මිනිසා යනුවෙනි.
විද්‍යාඥයන් කණ්ඩායමක් පවසන්නේ මේ මානවයා ආසියාවේ සැරිසරමින් සිටි මෙතෙක් අනාවරණය නොවූ නව මානව විශේෂයක් බවයි. ඔවුන් පෙන්වාදෙන්නේ දත් කිහිපයක් ද ඉතිරිව ඇති මේ අකු අස්ථිය මෙතෙක් ලොව සොයාගෙන ඇති හෝමෝ සේපියන්ස්, හෝමේ ඉරෙක්ටස්, හෝමෝ පීකිං හෝ ජාවා මානවයාගේ අකු අස්ථි හා සමාන නොවන බවයි. එමෙන් ම ලොව වඩාත් මිටිම මානව විශේෂය ලෙස හැඳින්වෙන හෝමෝ ෆ්ලෝරෙසිඑන්සිස්ට නමැති මානවයාගේ අකු අස්ථිය හා සමාන නොවන බව ද ඔවුහු පෙන්වාදෙති.
කෙසේ වෙතත් මේ මානවයාගේ වයස තීරණය කිරීම පිළිබඳ ගැටළුවක් පවතින බව ද විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ දැනට කාලය පිළිබඳ නිගමනයට එළඹ ඇත්තේ සන්සන්දනාත්මක විග්‍රහයකින් පමණක් බවයි. රේඩියෝ කාබන් ක්‍රමය මේ අස්ථිය සම්බන්ධයෙන් මෙතෙක් සාර්ථක වී නැත.
පර්යේෂණ සිදුකරණ තෝකියෝ ජාිතක කෞතුකාගාරයේ ෆොසිල විද්‍යාඥ යොයි සුකේ කයිකු පවසන්නේ තවමත් වයස ගැන ස්ථිරව ම කිව නොහැකි වුවත් මේ අකුඅස්ථියේ හිමිකරුවා දැනට හඳුනාගෙන සිටින මානව විශේෂ කිසිවකට අයත් නොවන ආගන්තුකයකු බවයි.
2025 දෙසැම්බර් මස 18
9
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව මානව විශේෂයක් තායිවානයෙන් ?
ප්‍රසන්න Thursday, 12 March 2015 08:25 AM
මෙය පෘතුවියේ ජීවත් වුන මානවයන්ට සමාන නොවන්නේනම් මෙය වෙනත් ග්‍රහ ලොවකින් පැමිණ පෘතුවියේදී මිය ගිය හෝ මරා දැමුණු ජීවියකුගේ නොවිය හැකිද? කෙසේද අප නිගමනය කරන්නේ මෙය නව මානව වර්ගයක් ලෙස (බ)
දුමින්ද Monday, 16 March 2015 10:23 AM
ප්‍රසන්න ඔබ නිවැරැදි විය හැක.(හේ)
කොඩිතුවක්කු Monday, 16 March 2015 02:53 PM
ආනන්ද වගේ අය පමණක් ලෝකයේ හිටියනම් අපි තාම ගල් යුගයේ (බ)
ආනන්ද Wednesday, 11 March 2015 11:13 AM
මොනවටද මේවා ගෙන හොයන්නේ. තව හෙව්වොත් මේවගේ නොදිරපු දේවල් තවත් හමු වෙන්න පුලුවන්.(හේ)