IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නියැන්ඩතාල් මුත්තාගේ ඇට මාලේ

අතිත නියැන්ඩතාල් මානවයා අදින් වසර 130,000 ට පෙර ආභරණ පැළඳ බව තහවුරු වී ඇතැයි ක්‍රොඒෂියාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂකයෝ පිරිසක් කියති.

ඔවුන් මේ බව තහවුරු කැරගෙන ඇත්තේ අදින් වසර 100ට පමණ පෙරාතුව කැණීමකින් හමුවූ උකුස්සන්ගේ අස්ථි හා නිය කොටස් කිහිපයක් විශ්ලේෂණය කරමිනි. සුදු වලිග උකුස්සා නමින් හැඳින්වෙන උකුස්සන් විශේෂයක අස්ථි කොටස් කිහිපයක් හා නිය කොටස් සොයා ගෙන ඇත්තේ වැවිලි කරුවකු විසිනි.

පර්යේෂණය සිදුකළ කණ්ඩායමේ ප්‍රධානී ඩේවිඩ් ෆ්‍රයර් පවසන්නේ මේ අවශේෂ අතර උකුස්සන්ගේ නිය කොටස් හතරක් හා අස්ථි කොටස් අටක් තිබූ බවයි. ඒවායේ පැහැදිලි කැපුම් සළකුණු දිස්වන බවත් වරින් වර ඔප දමා ඇති බවට ලක්ෂණ තිබෙන බවත් ඔහු පවසයි.

ඒ අනුව පර්යේෂකයන් පවසන්නේ මේ අතීත මානවයා විසින් ආභරණයක් ලෙස භාවිතා කළ අස්ථි කොටස කිහිපයක් බවයි. එය කර මාලයක් හෝ අතේ මැණික්කටුවට පැළඳි අත් පළඳනාවක් විය හැකියැයි ද ෆ්‍රයර් පවසයි.

මේ අස්ථි කොටස් කාල නිර්ණයේ දී පෙනී ගොස් ඇත්තේ ඒවා අදින් වසර 130,000ක් පමණ පැරණි බවයි.



අදහස් (0)

නියැන්ඩතාල් මුත්තාගේ ඇට මාලේ

දුමින්ද Tuesday, 24 March 2015 01:28 AM

විලාසිතා මාලවළලු එදත් අදත් ඉස්තරම්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site