IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නැතිවු දේවල් සොයා දෙන උපාංගයක්

(නිසංකා සන්දීපනී)

ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතයෙන් ඔබේ මෝටර් රථය නිරීක්ෂණය කිරීමට කුඩා උපාංගයක් දැන් හඳුන්වා දී තිබේ. කැල්ෆෝනියාව පදනම් කරගත් සමාගමක් විසින් නිර්මාණය කර ඇති මෙය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය සමඟ සම්බන්ධ කරගත හැකි කුඩා උපාංගයක් වන අතර එය ට්‍රැක් ආර් ලෙස හැඳින්වේ.

වාහන නැවතුම් පළේ වාහනය නවත්වා යෑමේදී ඔබගේ වාහනයේ සුරක්ෂිතභාවය නිරීක්ෂණය කිරීම සඳහා මෙය භාවිත කළ හැකිය. උද්‍යානයට හෝ සාප්පු සවාරි යන ඔබට නිදහසේ එම කාර්යයන්වල නිරත වීමේ හැකියාව එමඟින් උදාවේ.

මෙම නව උපාංගය භාවිතයට ගැනීමෙන් ඔබට ඔබගේ මෝටර් රථය සොයා ගැනීමට මිල අධික GPS පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවන අතර ඩොලර් 29 ක් වැනි මුදලකට සමාගමේ වෙබ් අඩවියෙන් මෙම නව උපාංගය සෘජුවම මිලදී ගත හැකිය.

ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට මෙම ට්‍රැක් ආර් යෙදුම ස්ථාපිත කර ගැනීමට ගතවන්නේ විනාඩි 5ක් හෝ ඊට අඩු කාලයකි. ඉන්පසුව එය භාවිත කරමින් ඔබගේ මෝටර් රථය පමණක් නොව යතුරු , මුදල් පසුම්බිය මෙන්ම අලුත් තාක්ෂණික උපකරණ ඇතුළු ඉතා වටිනා නොපෙනෙන දේවල් පවාඔබට තත්පර කිහිපයකදී සොයා ගත හැකිය.

ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ට්‍රැක් ආර් යෙදුම විවෘතකර තිරය මත ඇති ”නැතිවූ අයිතමය” මත ක්ලික් කිරීම පමණි.

මෙම ට්‍රැක් ආර් උපාංගය අසීමිත හැකියාවන් රැසක් සහිත උපාංගයකි. මෙම උපාංගය ඔබට ඔබේ සුරතල් සතුන් සඳහා ද භාවිතා කළ හැකිය. එවිටඔබේ සුරතලා සොයා අසල්වාසී නිවෙස්වලට ඔබට යාමට සිදුවන ප‍්‍රශ්නය අවසන් වනු ඇත.

ට්‍රැක් ආර් උපාංගය ඕනෑම පෘෂ්ඨයක් මත පහසුයෙන් ඇලවිය හැකි මැලියම් සහිත වන නිසා එය ඔබේ ලැප්ටොප් පරිගණකය මත හෝ හෝ ඔබේ පාපැදි ආසනය යටි පැත්තේ පවා පහසුවෙන් ඇලවිය හැකිය.

මෙම නව ට්‍රැක් ආර් උපාංගය මඟින් ඔබේ මිල අධික ඉතා වටිනා දේවල් ප‍්‍රවේසම් කරගනිමින් සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට දැන් ඔබට අවස්ථාව සලසා දී තිබේ.



අදහස් (1)

නැතිවු දේවල් සොයා දෙන උපාංගයක්

samira prabhath Sunday, 09 September 2018 01:39 PM

මෙන්න මේ සයිටම් එක නම් ලංකාවට ගොඩක් වටිනවා. හැබැයි මේකත් උස්සන අය ලංකාවේ ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site