(ගයාන් සූරියආරච්චි)
තවත් දශක කීපයකින් සඳ මත දරුවන් උපදිනු ඇතැයි අභ්‍යවකාශ පිළිබඳ දැවැන්ත විද්‍යාඥයකු සඳහන් කර තිබේ.
ඒ 2050 වසර වන විට සඳමත පිහිටුවන ගම්මානයට පවුල් පිටින් පදිංචිය යාමත් සමඟය. යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තානාපති සහ ‘සඳ ගම්මානය’ යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන මහාචාර්ය බර්නාඩ් ෆොයින්ග් ඒ බව සඳහන් කළේ පසුගියදා පැවැති සමුළුවකදීය.
2030 වසර වන විට සඳමත ගම්මානය ස්ථාපිත කිරීමට අවශ්‍ය පුරෝගාමී විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ තාක්‍ෂණික ශිල්පීන් 10 දෙනකු පමණ සම්බන්ධ කරගැනේ. 2040 පමණ වන විට ඔවුන් 100 ක් දක්වා වැඩිකිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු පැවැසීය
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දශක කීපයකින් සඳ මත දරුවන් උපදියි
W.H.E.Sujith Tuesday, 26 September 2017 11:56 AM
අපේ අය සඳත් කනවා ෂුවර්...
Perera Wednesday, 27 September 2017 06:00 PM
සඳ මත පය තබල දශක 4ක් ඉවරයි මේ යන්නේ 5ස් වෙනි දශකය. මෙච්චර කාලෙකට ඔය පණ්ඩිතයෝ හඳේ මොනවද කරලා තියෙන්නේ? තව දශක 5කින් හඳේ ගම්මාන හදල ළමයින් උපද්දවන කතාව මහා විහිළුවක්.
indy Friday, 29 September 2017 01:15 AM
ළමයෙක් හැදුවොත් ඉතින් අපේ කෙනෙක් තමයි.. ඔයා ඔහේ... මම මෙහේ.. සිරිපාල හඳේ....
prabash Friday, 29 September 2017 12:08 PM
දශක කීපයකින් සඳ අඳුරු කිරීමට සැලසුමක් කියලා දැම්ම නම් වැඩිය හොඳයි.
nisha Sunday, 01 October 2017 02:41 AM
අපරාදේ ලංකාවේ කට්ටිය ගියානම් මෙලහකට ජනාවාස හදල දියුණු කරලා තියේවි.......
මද්යස්තයා Monday, 02 October 2017 05:31 AM
සඳ මත තවමත් කව්රුත් ගිහින් නැහැ.
WEERASOORIYA Wednesday, 04 October 2017 10:20 AM
අයියෝ හඳේ ජනාවාස ඉදි කළොත් ලංකාවේ පාර්ලිමේන්තුව වගේ වේවි. කොයි වෙලාවෙත් බොරුමනේ කියන්නේ...