IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


දෙපයින් ගොස් හතරගාතෙන් වැටුණු කැන්ගරුවෝ

වර්තමානයේ පාද හතරක් උපයෝගී කරගෙන පැන පැන යන කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ දෙපයින් ඇවිද ගිය යෝධයන් පිරිසක් බව පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

මේ කැන්ගරුවන් අදින් වසර 30,000ට පමණ පෙර මෙළොවින් සමුගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ අද සිටින කැන්ගරුවන්ට වඩා විශාල මේ යෝද කැන්ගරුවන්ට පැන පැන යාමේ කිසිදු හැකියාවක් නොතිබූ බවයි.

බරින් කිලෝ ග්‍රෑම් 240ක් පමණ විය හැකියැයි අනුමාන කරන මේ කැනගරුවකු හොඳින් වැඩුණු සිංහයකුට වඩා විශාල ඉතා ශක්තිමත් සතුන් විශේෂයක් බවත් පර්යේෂකයෝ කියති.

ස්තිනුරිනස් ලෙස නම්කැර ඇති මේ කැන්ගරු විශේෂය කෙටි හොම්බක් සහිත විශේෂයකි. ඔවුන්ගේ පාද ඇඟිලි හොඳින් විකසනය වී තිබූ බවත් වත්මන් කැන්ගරුවන් මෙන් තණ උලාකෑමට අනුවර්තනය නොවී ගස් පොතු සහ පඳුරු උලා කෑමට සුදුසු පරිදි සිරුර හැඩගැසී තිබූ බවත් පර්යේෂකයන්ගේ මතයයි. ඔවුන් මේ මතය සනාථ කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ යෝද කැන්ගරුවාගේ ඉදිරි පාද දෙක සැකසී තිබූ ආකාරයයි.

මෙම අධ්‍යනයේ ප්‍රධානි ඇමරිකාවේ බ්‍රවුන්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටින් ජැනිස් පවසන්නේ ආදි කැන්ගරුවන්ගේ භෝජන ලීලාව වෙනස් වු එකක්  බවයි.

‘‘ ඔවුන්ට ශක්තිමත් පිටකොන්දක් හා කොට සිරුරක් තිබුණා. ඒ නිසා පාද හතරෙන් ඇවිද යා නොහැකියි. වත්මන් කැන්ගරුවන් කෙටි දුරක් දෙපයින් ගියත් අතීත යෝද කැන්ගරුවා සම්පූර්ණ ගමන ගොස් ඇත්තේ දෙපයින්. ඒ වගේම මේ සත්වයාගේ බාහු සමග දිගැති ඇඟිලි කොළ අතු ආහාරයට ගැනීමට මනා ලෙස හැඩගැසී තිබෙන බව පෙනෙනවා. “Giant 3 Ginat 1 - Copy



අදහස් (0)

දෙපයින් ගොස් හතරගාතෙන් වැටුණු කැන්ගරුවෝ

සමන්ති Saturday, 18 October 2014 01:41 AM

ලංකාවෙත් ඉන්නවා උදේට දෙපයින් ගොස් හැන්දෑවට සතරපයින් එන දෙපා පිරිසක් මත්පැන් හල් ගාව. (නදී)

:       0       0

යසංග Saturday, 18 October 2014 05:25 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අසාම් Friday, 17 October 2014 03:01 PM

මම දැකල තියෙන්නේ අදටත් කැන්ගරුවා පාද දෙකෙන් පැන පැන යනවා (නදී)

:       0       0

සුපුන් මදුරංග Monday, 27 October 2014 08:38 AM

මම අහලා තියෙනවා කැන්ගරුවෙක් ඉපදනු ගමන් කොච්චර විශාලද කියලා...තේ හැන්දකට තුන්දෙනෙක් දාන්න පුළුවන්ලු... (අ)

:       0       0

දුල්මි Friday, 17 October 2014 04:41 AM

මේ වැනි ආකාරයේ පුවත් ගැන ලංකාදීපයට මගේ ස්තූතිය! සාමාන්‍ය දැනීම නැති නිසා ඇතැම් අවස්ථාවල විවිධ වෘත්තීන් වල නිරත උදවිය අමාරුවේ වැටෙනවා මා දැක තිබෙනවා. (නි)

:       0       0

රවින්ද්‍ර Tuesday, 21 October 2014 03:15 AM

කබරයෝ තලගොයි නැති උන කාලෙක හුනෝ ගැන පර්යේෂණ කරලා ත් මේ ටිකම කියයිද ? (නදී)

:       0       0

නාල Monday, 20 October 2014 02:49 PM

අපේ රටේ ඕක අලුත් ආරංචියක් නෙමෙයි. ගිය ශත වර්ෂයේ දෙපයින් ඇවිද්ද නිර්ධනයෝ මේ ශත වර්ෂේ ඇවිදින්නේ හතර ගාතෙන් තමයි.(අ)

:       0       0

චන්ද්‍රා Friday, 17 October 2014 06:51 AM

කැන්ගරු වගේම තවත් සතෙක් ඉන්නවා වොලබි කියල. මේ දෙන්න වෙන්කරලා හඳුනා ගන්න අමාරුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2359 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2208 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6136 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3570 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4290 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 378 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 99 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site