(ගයාන් සූරියආරච්චි)
ජර්මනියේ වොලොකොප්ටර් ගුවන් සමාගම විසින් නවතම ගුවන් යානයක් නිපදවීමට සැලසුම් සකස්කර තිබේ.
මෙම ව්‍යාපෘතියට ජර්මනියේ ජංගම දුරකතන සමාගමක් වන ඩයම්ලර් සහ තවත් ආයෝජකයෝ රැසක් දායකවී ඇමෙරිකානු ඩොලර් මිලියන 29 ක් ආයෝජනය කිරීමට නියමිතය.
විදුලි බලයෙන් ක‍්‍රියාකරන සහ ස්වයංක‍්‍රීයව සිරස් ආකාරයෙන් ගුවන් ගත කළ හැකි ගුවන් යානා නිපදවීමටත් ඔවුහු සැලසුම් කරති.
ඔවුන් පවසනුයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස ගුවන් මගී සේවයට මගී ප‍්‍රවාහන යානා නිපදවීමටත් බලාපොරොත්තු වන බවය.
මොවුන් නිපදවීමට බලාපොරොත්තු වන වොලොකොප්ටර් 2X යානය සම්පූර්ණ විදුලි බලයෙන් ක‍්‍රියාකාරන අතර භ‍්‍රමක 18 කින් යුක්තය. එහි උපරිම ගුවන් වේගය පැයට කිලෝමීටර 100 කි. එහි ගුවන් නියමුවා සහිතව මගීන් දෙදෙනෙක් රැගෙන යාහැක.
ලිතියම් අයන බැටරි 9 කින් යුක්ත බැටරි කට්ටලයකින් විනාඩි 27 ක සාමාන්‍ය කාලයක් ගමන් කළ හැකි බව සඳහන් වේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජර්මනිය අලූත් යානයක් හදයි
de silva Friday, 04 August 2017 02:30 PM
එතකොට කිලෝමීටර් 40ක් විතර ගියහම බැටරිය චාර්ජ් කරන්න ඕනේ නේ ?