පහසු ලෙස ඉඳගැනීම මගින් ආතතිය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මනස ව්‍යාකූලවූ අවස්ථාවලදි සංසුන්ව සිටීමට හොඳම ක්‍රමය නම් තමන් ඉඳගෙන සිටින ආකාරය වෙනස් කිරීම බව පර්යේෂකයන්ගේ අදහසයි.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මිනිසුන් බාහු කෙලින් තබා ගෙන කෙලින් ඉඳගෙන සිටින විට කුදුගසාගෙන සිටනවාට වඩා භාවාත්මක හැඟීම් ඉස්මතුවන බවයි.
ඉරියව්වක පිහිටා සිටින විට විවිධ මාංශපේශින්හි ස්වරෑපය හෝර්මෝන සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑම මීට හේතුවි ඇත.
වඩා නිවැරදි ඉරියව්වක පිහිටා සිටිම මගින් ආත්ම සංයමය, වඩා හොඳ මනොභාවයත් සහ සිතේ ඇතිවන බිය අඩුවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
එවැනි නිවැරදි ඉරියව්වක සිටීමේ දි වඩාත් ධනාත්මක වචන භාවිතයට පෙළඹෙන බවත් තමන්ගේ පලපුරුදු දේ ගැන විස්තර කිරීමේ දී නිශ්ඵල වචන ප්‍රකාශ කිරීම ඉතාමත් අඩුවෙන් සිදුකරන බවත් සොයාගෙන ඇත. මෙම අධ්‍යනය නවසීලන්තයේ ඔක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොන්ද කෙලින්නම් වැඩත් කෙලින්
දිලාන් Friday, 31 October 2014 10:56 AM
රූපවති ඔය වේවැල් හාන්සි පුටු ටික යෝජනා කරන්නේ ආණ්ඩුවේ කන්තෝරු වලට වෙන්න ඇති. අනේ හොඳයි. ඒ මිනිස්සු කොයි වෙලේ බැලුවත් නිදි කිරණ අයනේ. (අ)
නාලි Monday, 27 October 2014 04:06 AM
මොන දේ කෙලින් තබා ගත්තත් මොලේ මන්ඥ වුණ අයටසංකල්ප පහල වෙන්නේ නැහැ.(අ)
රුමේෂ් Monday, 27 October 2014 11:40 PM
රූපවති මහත්මිය හොඳ සිහියෙන්ද කතා කරන්නේ? වේවැල් හන්සි පුටු වල කොන්ද කෙලින් තියාගන්න පුළුවන්ද? මමත් ඉගෙනගන්නේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ. මෙහේ අය දැන් ගොඩක් හිටගෙන උස මේස වල වැඩ කරන්න නැඹුරුවෙලා තියනවා. (නි)
කරුණා Sunday, 26 October 2014 03:21 AM
අපේ මෙතන හිතවතාට නම් කොන්දේ අමාරුව කොහොමත් තියෙනවා. කොන්ද කොහොමටත් කෙලින් තියාගෙන ඉන්න බැහැනේ. කොන්ද කොහොමටත් නැවිලාමයි තියෙන්නේ. එක හැන්දෑවට දෙකට නැවිලා කඩේම යනවා. (නදී)
පැතුම් දිල්ෂාන් Thursday, 03 December 2015 10:51 PM
මගෙත් කොන්දේ අමාරුවක් තිබෙනවා (නි)
ලකී Monday, 27 October 2014 11:24 AM
බුදු හාමුදරුවොත් කලින් දේශනා කරලා තියෙනවා මේවා (දිල්)
රූපවතී Sunday, 26 October 2014 06:39 AM
අපේ ලංකාවෙත් හැමතැනම තියන කැරකෙන පුටු ටික සේරම අයින් කරලා දමන්න ඕනේ. සේරම මගඩි වැඩ කරන්නේ ඕවගේ ඉදගෙන. ඔළුගෙඩි වලට අසුචී පුරෝගෙන වැඩ කරන්නේ ඔය පුටුවල ඉගෙන දවස කාල දමන මිනිසුන් තමයි. අපි නැවත අර වේවැල් හන්සි පුටු වලට ගියොත් අපේ අතුරු දහන් උණු දනාත්මක සිතිවිලි ටිකත් නැවත අපි කරා ලංකර ගත හැකියි. කොන්ද කෙලින් වැඩ කරන මිනිසුන් ටිකක් බිහිවෙයි (නදී)
ලසන්ත Saturday, 01 November 2014 09:25 AM
නිවැරැදි ඉරියව් නැත්තම් කොන්දේ අමාරුව එනවා.(හේ)
දයාන් Saturday, 01 November 2014 09:26 AM
යහපත් ඉරියව් මොන දේටත් හොඳයි. (හේ)
සලිත Wednesday, 17 December 2014 11:06 AM
ලංකාවේ හුඟක් අයට කොඳු නැහැනේ. ඉතින් කොහොමද කෙලින් තියාගන්නේ. (නදී)
අජිත් කරුණාරත්න Tuesday, 04 November 2014 04:32 AM
මොන බොරුද ? කලින් හිටපු අපේ මැතිවරණ කොමසාරිස්තුමා මොන තරම් සැප පුටුවකද හිටියේ. එත් එයාට ආතතිය හැදිලා උහුලන්න බැරිව ගියේ.මං හිතන්නේ අපේ රටේ ඉහල පුටුවල ඉන්න අය කොයිතරම් සැප පහසු පුටුවල හිටියත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නම් බැහැම තමයි .