IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වෛද්‍ය පීඨ තව තවත් රටට අවශ්‍ය ඇයි?

රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමේ මග වැටී ඇත්තේ පැරැණි ආකෘති තුළ නොවේ. පැරැණි ආකෘති වෙනුවට නව මාදිලියේ ආකෘති සොයා යා යුතුව තිබේ. ඒ සඳහා වන තීන්දු තීරණ නොබියව සහ නොවැනී ගත යුතුව තිබේ. ඒ සඳහා වන සූදානමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා අනාවරණය කළේය.

ජෝෂප් ෆේසර් රෝහලේ සියවැනි සංවත්සරයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බවය.

එබඳු තීරණයකට එළැඹීමට බලපෑ සාධක ද ජනාධිපතිවරයා අනාවරණය කර තිබිණි. ඒ අනුව රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නැවත සලකා බැලිය යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැරයමින් සිටින පසුබිමක වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට සිදුව තිබෙන බව ද පැවැසීය. විදේශිකයන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් ‘වෛද්‍ය සංචාරක ව්‍යාපාරය’ සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි.

අප සිටින්නේ සංක්‍රමණීය සහ පරිවර්තනීය යුගයකය. එහිදී අපට අපගේ ආකල්ප මෙන්ම චින්තනය වෙනස් කර ගැනීමට සිදුව තිබේ. රටේ තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයකි. ආදායම් මාර්ග අහුරා ගැනීමේ හා අලුත් ආදායම් මාර්ග සොයා නොගැනීමේ තාර්කික වන්දිය වශයෙන් අපට ණය වාරික නොව පොළිය පවා ගෙවාගත නොහැකි බංකොළොත් රටක් බවට අපේ රට පත්විය. ඉන්ධන පෝලිම්වල මෙන්ම ගෑස් පෝලිම්වල උදේ දිවා රැයේ සාපිපාසිතව ගෙවා දැමීමට මෙරට ජනයාට සිදුවූයේ එහෙයිනි. අවශ්‍ය වන්නේ මෙම සැහැසි ඉරණමෙන් මිදෙනු පිණිස වූ උපාය මාර්ගික වැඩපිළිවෙළකි. නොඑසේනම් රට මින් අඟලක් හෝ ඉදිරියට නොයනු ඇත.

මෙරට අධ්‍යාපනය නවීකරණය කළ යුතුය. අධ්‍යාපන අවස්ථා හැකිලීම වෙනුවට වැඩි වැඩියෙන් අධ්‍යාපන අවස්ථා නිර්මාණය කළ යුතුය. එය දේශීය ශිෂ්‍යයාට මෙන්ම විදේශීය ශිෂ්‍යයාට ද හිමි විය යුතුය.

වාර්ෂිකව මෙරටට වාහන ආනයනය කිරීමට වැයවන ඩොලර් ප්‍රමාණයට ආසන්න ඩොලර් ප්‍රමාණයක් විදේශීය අධ්‍යාපනය සඳහා වියදම් කරනු ලැබේ. මෙහිදී වෛද්‍ය උපාධිය ප්‍රධානය. ඕස්ට්‍රේලියානු රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ මෙරටින් උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 12,376 කි. එමෙන්ම උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන ශිෂ්‍යයන්ගේ නිල සංඛ්‍යාලේඛන බව කිව නොහැකිය. මන්දයත්, ගණනය කළ හැකිවන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ලියාපදිංචිව ඇති ආයතන හරහා විදෙස්ගත වූ ශිෂ්‍යයන් පමණක් වන හෙයිනි.

විදෙස් අධ්‍යාපනය සඳහා වියදම් වන ඩොලර් ප්‍රමාණය මෙරටම රඳවා ගැනීමට හැකිනම් සහ විදෙස් ශිෂ්‍යයන්ට මෙරටට පැමිණ වෛද්‍ය උපාධිය ඇතුළු උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසා දෙන්නේ නම් එය මෙරට ආර්ථිකයට කෙතරම් ශක්තියක් වනු ඇද්දැයි ගණනය කළ නොහැකි තරම් වනු ඇත.

ඕස්ට්‍රේලියානු රජයේ එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් වනුයේ විදේශීය ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථා සැලසීමය. බංග්ලාදේශයේ ද එසේමය. තවත් එබඳු බොහෝ රටවල් තිබේ. අපි එම මාර්ගය වසාගෙන සිටිමු. එම මාර්ග විවෘත කිරීමේ වාසිය හා ප්‍රයෝජනය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අද දැනෙමින් තිබේ.

නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහස ද මූලික මානව හිමිකමකි. ඉගෙන ගැනීමට නිර්බාධක පරිසරයක් තිබිය යුතුය. එහෙත් මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් බිල්ලකු මවා තිබේ. එය නියත වශයෙන්ම හුඹස් බියකි. ඒ අඳුරු බිංගෙවල්වලින් එළියට පැමිණිය යුතුව තිබේ.

(***)



අදහස් (6)

වෛද්‍ය පීඨ තව තවත් රටට අවශ්‍ය ඇයි?

mahesha Thursday, 14 September 2023 11:58 AM

ඉතුරු රටවල් බොහෝමයක පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල තියෙනවා. දොස්තරලා හදනවා. රටට වැඩ කරනවා. වෙනත් වෘත්තිකයෝත් හදනවා. රටට වැඩ කරනවා. රටවල් දියුණු වෙනවා. ලංකාවේ කුහකයෝ තමා දොස්තර වෙනකන් ලංකාව හොඳ අතර, උපාධිය අරගත් විගස ලංකාවේ වැටුප මදි වී රට පනී. පුද්ගලික උපාධියක් දෙන එකටත් විරුද්ධ තමන්ගේ බඩට වදින නිසා මිසක් රටට ආදරෙට නොවේ. රටට ඔච්චර ආදරේ නම් රටේ ඉන්න ඕනෑ. වෙන වෘත්තිකයෙක්ට වැටුපක් වැඩි කරන්න දෙන්නෙත් නෑ. හෙදියන්ට උපාධි දෙන්න දෙන්නෙත් නෑ. සම සෞක්‍ය අයට උපාධිය දෙන්න දෙන්නෙත් සීමාවාසික පුහුණුවට ඉඩ දෙන්නෙත් නැහැ. ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා තරම් ආත්මාර්තකාමි කුහකයින් ලෝකේ කොහේවත් නෑ..

:       4       46

NishanthaThursday, 14 September 2023 02:28 PM

100%ක් එකඟයි...!

:       1       17

ABThursday, 14 September 2023 08:19 PM

Private විශ්වා විද්‍යාල සහ කාර්මික විශ්ව විද්‍යාල ලංකාවට ලබාදිය යුතුව තිබුණේ දැනට වසර 25කට පමණ පෙර සිදුකළ යුතු දෙයකි. ලෝකයේ බොහෝ රටවල පුද්ගලික විශ්ව විද්‍යාල තිබේ. කොමියුනිස්ට් චීනයේ පමණක් Private විශ්ව විද්‍යාල 300කට වැඩ අධිකය... රුසියාවේද Private විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් ඇත. ශ්‍රී ලංකාවේ සිසුන් බොහෝ දෙනෙක් ලෝකයේ විවිධ රටවලට ගොස් මුදල් වියදම් කර ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරතවේ. සමහර රටවල වසර දෙකකින් පසු පදිංචිය පවා ලබාගැනීමට අවස්ථව සලසා දී ඇත. Private විශ්ව විද්‍යාලයකට අනවශ්‍ය බියක් අවශ්‍ය නොමැත. ලංකාවේ private schools ආරම්භ කිරීමට පෙර මෙවැනිම විරෝධතාවයක් ගොඩනැගිනි. එසේ වුවත් මේ වනවිට දිවයින පුරා රජයේ අනුමත private schools තුල අධ්‍යාපනය ලබන්නා වූ සිසුන් ප්‍රමාණය අති විශාලයි. රජයේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබා අධික මුදල අයකරමින් සහ වැටුප් ලබමින් පුද්ගලික රෝහල්වල සේවය කිරීමට හැකිනම්, රජයේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබා අධික මුදල් අයකරමින් පුද්ගලික tution classes පැවැත්වීමට හැකි නම්... ලංකාවේ Private විශ්ව විද්‍යාල සහ කාර්මික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට විරුද්ධ වීමට හේතුව කුමක්ද?

:       1       17

wedage Thursday, 14 September 2023 12:56 PM

ඉන්න දොස්තරවරු රටේ තියාගන්න බැරුව තව මොන මෙඩිකල් කොලේජ්ද? හා...

:       37       9

nimal Thursday, 14 September 2023 01:55 PM

100%ක් එකඟයි...!

:       4       12

chandima Thursday, 21 September 2023 01:48 AM

ඕක දන්නේ නැද්ද? ඕස්ට්‍රේලියාවටයි, නවසීලන්තයටයි දොස්තරලා මදිලුනේ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16774 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site