IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත්  සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට  හේතුව නොසැලකිල්ලය. හේතුව කුමක් වුවද අනතුරුවලින් ජීවිත අහිමිවීම වළක්වා ගැනීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කළ යුතුව තිබේ.

ගම්පොළ සේනාධිකාරී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන විශ්මි පූර්ණිමා හංසමාලි නැමැති දැරිය ඉකුත් 22 වැනිදා උදෑසන එම පාසල අසලදී පෞද්ගලික බස් රියකට යටවී කුරුඳුවත්ත ප්‍රාදේශීය  රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය යාමේ අතිශයින්ම අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ඉපදෙන සියල්ලන්ම මිය යනු සැබෑය. මරණය රැගෙන එන්නේ උපතින්මය. එහෙත් ඉපදෙන සත්වයාට තම ආයු කාලය විඳ මිය යාමේ අයිතියක් තිබේ. එම අයිතිය අහිමිව යකඩ කඳන්වලට යටවී ජීවිතයේ හිමිදිරි උදෑසනම ජීවිතයට සමුදීමට විශ්මි පූර්ණිමා හංසමාලී දියණියට සිදු විය.

විශ්මි පූර්ණිමා දැරිය යටවී තිබෙන්නේ ඇය පැමිණි බස් රියටමය. කුඩා දරු දැරියන් ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීමත් නිරුපද්‍රිතව බස් රියෙන් බැස්සවීමත් බස් රියාදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ වගකීමය. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුමය. පුංචි දරුවෝ දඟකාරයෝ වෙති. එමෙන්ම අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නෝ වෙති. ඒ ළමා වියේ ස්වරූපය විණා අන් යමක් නොවේ.

කුඩා දරුවන්ගේ සිත් කියැවීමට වැඩිහිටියන් සමත් විය යුතුය. බස් රථයට ඉදිරියෙන් පාර හරහා පැනීම අනතුරුදායකය. එහෙත් කුඩා දරුවන්ට ඒ සම්බන්ධ විශේෂ අවධානයක් නැත.  බස් රථ රියැදුරාට ඒ සම්බන්ධ අවබෝධයක් තිබිය යුතුය. දරුවන් නිරුපද්‍රිතව පාර හරහා මාරු කරවීම කොන්දොස්තරවරයාගේ අමතර වගකීමක් නොව ඔහුගේ වගකීමේම කොටසකි. එම වගකීම් නිසි රිසි ලෙස ඉටු වූයේ නම් පුංචි දැරිවියකට මෙසේ අකාලයේ ජීවිතයට සමු දීමට සිදුවන්නේ නැත.

අප ප්‍රවෘත්තියට අනුව ගම්පොළ සේනාධිකාරි ජාතික පාසලේ ප්‍රාථමික  අංශයට පිවිසීමට මාර්ග දෙකක් තිබෙන අතර ප්‍රධාන ගේට්ටුව අසල හෝ අනතුර සිදුවූ මාර්ගය අසල හෝ උදෑසන රාජකාරි කිරීම සඳහා පොලිස් නිලධාරියකු සිට නොමැත.

පාසල විවෘත වන වේලාවට හා අවසන් වන වේලාවට රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම පාසල් දරුවන්ගේ ආරක්ෂාවට ඉතා අවශ්‍ය පියවරකි. බොහෝ පොලිස් ස්ථාන එම රාජකාරිය අකුරටම ඉටු කරනු දැකිය හැකිය. එහෙත් මෙම පාසල අසල රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරියකු සිට නැත.

අප පුවත්පත ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා ඇති අතර ඔහුගේ පිළිතුර වී තිබෙන්නේ මුළු පොලිසියේම සිටින්නේ නිලධාරීන් විසි දෙනකු බවත් ඉන් දහතුන් දෙනකුම මාතලේ රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂ රාජකාරි සඳහා ගොස් ඇති බවත්ය.

අපගේ මිණුමට අනුව පොලිස් ස්ථානාධිපතිවරයාට කළ හැකි දෙයක් නැත. ඔහුට තිබෙන්නේ ඉහළින් එන නියෝග පිළිපැදීමට පමණි. එම නියෝග සමග කේවල් කිරීමේ බලයක් පොලිස් නිලධාරීන්ට නොමැත. මෙතැන සිදුවී ඇත්තේ ද එය විය යුතුය.

එක් අනතුරක් සම්බන්ධයෙන් අපගේ  මෙම විශේෂ අවධානය මෙවැනි විපත් වැළැක්වීම සඳහා සියල්ලන්ගේම අවධානය යොමු කරවීමය. එසේ නොවුණහොත් දරුවන්ට, අප පුරවැසියන්ට මහ මගට බැසීම දින නියමයක් නැති  මරණ සහතිකය අතට ගැනීමක් වනු ඇත.

(***)



අදහස් (2)

පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ

Ranjith DISSANAYAKE Sunday, 26 May 2024 08:35 AM

රථවාහන පාලනයක් නොමැතිකම හේතුවෙන් පාසල් ආසන්නයේ රථවාහන ප්‍රශ්නය මෙන්ම වගකිවයුතු පොලිස් නිලධාරීන් පවා ඇතැම් විට පදිකයාගේ ආරක්ෂාව තහවුරු කරමින් රථවාහන පාලනය කරන්නේ කෙසේදැයි නොදනී. ඕනෑම ආකාරයක මෝටර් බයිසිකල් ඇතුළුව වාහනවලින් තොරව පාසල් පිවිසුම දිගේ මාර්ගය තබා ගැනීම වැදගත්ය. පාසල් ගේට්ටුවේ සිට අවම වශයෙන් මීටර් 100ක් දුරින් මගීන් බස්සවා ගැනීම සහ රැගෙන යාම සීමා කළ යුතුය. අනෙක් වැදගත්ම දේ තමයි මාර්ග භාවිත කරන්නන්ගේ වේගය පාලනය කිරීම.

:       0       3

wicky Wednesday, 29 May 2024 04:49 PM

ඔය මොන දේ කිව්වත්, අඩුම තරමේ මාධ්‍ය ටික පාරට බැහැලා හරි, නොහික්මුණු රියැදුරන් නීතිය ක්‍රියාත්මක කිරිමට පෙළඹුවොත් අනතුරු සෑහෙන්න ප්‍රමාණයක් අඩු කරගත හැකිය. නමුත් සිදුවන්නේ, යම් කිසි දෙයකට යටත්ව, පොලිස් නිලධාරීන් පවා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site