IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


රටේ නීතියට පිටුපා වැජඹෙන මන්ත්‍රීවරු

ව්‍යවස්ථාදායකය යනු නීති සකස් කිරීමට, වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති, සාකච්ඡා කිරීම සඳහා වූ නියෝජිත සභාවකි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය නම් පාර්ලිමේන්තුවයි. එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නීති සදන්නෝය, නීති සම්මත කරන්නෝය, නීති වෙනස් කරන්නෝය. ඇතැම්හු ඉඳහිට නීති කඩන්නෝය. නීති කැඩූ ඇතැම් මන්ත්‍රීවරු මේ වන විට ශ්‍රී ලංකාවේ නීති හදන්නට, වෙනස් කරන්නට හා නීති සම්මත කරන්නට හවුල් වෙති. ඇතැමුන්ට මිනීමරු චෝදනා එල්ල වී තිබිණි.

පාර්ලිමේන්තුවේ නීති හදන්නට හවුල් වන එක් මන්ත්‍රීවරයකු නීති කඩා වසර පහකට අත්හිට වූ වසර දෙකක (2)  බරපතළ වැඩ සහිත දඬුවමක් නියම වූ අයෙකි. එවැනි එක් මන්ත්‍රීවරයෙක් තමා තනිව නිවසේ ඉන්නා බව කියමින් හැකි නම් තමා හමුවට එන්නට නොබෝදා සතුරන්ට අභියෝග කළේය.

නීති හදන්නන්ගේ ගොන්නට තවත් නීති කඩන්නෙක් නොබෝදා එක් වූයේය. හෙතෙම මන්ත්‍රී වරප්‍රසාද භාවිතකොට රන් බිස්කට් හා ජංගම දුරකතන හොරෙන් රට තුළට ගෙනා වරදට උදේ වරුවේ දඩ කා, දිවා කාලයේ පාර්ලිමේන්තුවට පැමිණ විවාදයක් අවසානයේ ඡන්දය ප්‍රකාශ කළේ, රටේ නීති හදන්නට හවුල් වෙමිනි.

එතැනින් නොනැවතුණු එම මන්ත්‍රීවරයා මාධ්‍යයට අභීත ප්‍රකාශයක් දෙමින් කියා සිටියේ තමන්ගේ අනුදැනුමෙන් තොරව ගෝලයා තමන්ගේ ගමන් මල්ලට කිලෝ ගණනක් බර, මිලියන් ගණනක් වටිනා රත්තරන් බිස්කට් ඔබා ඇති බවයි. ඔහුගේ ප්‍රකාශය එතැනින් නොනැවතිණි. තමන් දඬුවමෙන් බේරාගන්නට ආණ්ඩු පක්ෂයෙන් සහයෝගයක් නොලැබුණු නිසා තමා අනිත් මතයට පක්ෂව ඡන්දය දුන් බවද ඔහු අභීතව ප්‍රකාශ කළේය.

 රටේ නීති හදන්නට හවුල් වන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු යෝජනාවකට අදාළ  ඡන්දය පාවිච්චි කරන්නේ එවැනි පෞද්ගලික හේතු මත බව දැන දැනත් අපි කෙසේ නම් කම්පාවට  පත්ව නොසිටින්නෙමු ද? තමන්ගේ ගමන් මල්ලට ගෝලයා රන් බිස්කට් එබූ බව නොදැන කිලෝ ගණනක් බර රැගෙන කිලෝමීටර දහස් ගණනක් අහසේ පියාසර කර පැමිණි මන්ත්‍රීවරයකු ගෙන් ඊට වඩා මනෝඥ ප්‍රකාශයක් බලාපොරොත්තු විය නොහැකිය.

රටක නීති සාදන්නන්  ඊට වඩා ආදර්ශවත්ව කටයුතු කළ යුතු  බව කියන්නට ජනතාවට අයිතිය ඇත්තේ ඔවුන් ජනතාව උදෙසා සේවය කරන්නට ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ අය බැවිනි.

ජනතාව වෙනුවෙන් සේවය කිරීම උදෙසා මන්ත්‍රීවරුන්ට පිදෙන වරප්‍රසාද බොහෝය. එහෙත් ධන තණ්හාව හේතුවෙන් එම වරප්‍රසාදම භාවිත කොට, වස්තුව ගොඩ ගසන්නේ නම් තමන්ට ඡන්දය දුන් ජනතාවට ඔවුන් දක්වන ගෞරවය කෙතරම්දැයි පැහැදිලිය.

රටේ දේශපාලකයන් මේ තත්ත්වයට පත්වීම දශක ගණනාවක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයකි. වැඩිපුර සහනාධාර දීමට පොරොන්දු වන දේශපාලකයන්ට ජනතාව තම ඡන්දය පිදූහ.

රැකියා ලබා ගැනීම සඳහා දේශපාලන දැන හැඳුනුම්කම් පස්සේ යන්නට ජනතාව පුරුදු විය. රැකියාවේ උසස්වීම් ගන්නට රැකියාවේ මාරුව හදාගන්නට ජනතාව මන්ත්‍රීවරයාගේ  පිහිටම පැතුවෝය. ඒ ඔස්සේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයාට ප්‍රභූත්වයක් ඉබේම ආරූඪ විය. අවසානයේ දේශපාලකයන් සිදුකරන දූෂණ දේශපාලනයේම කොටසක් ලෙස පිළිගන්නට තරම් ජනතාව උදාසීන වූහ. කොමිස් ගැහිලි, විනිවිදභාවයෙන් තොර ගනුදෙනු ආදිය සිදු වන බව දැන දැනම  ජනතාව කර බාගත්තෝය.

දැන් උදේ නීති කඩ කොට හවස නීති හදන්නට හවුල් වන්නට තරම් මන්ත්‍රී ගණයා එඩිතර වී ඇත. මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාදවලට මුවා වී නීති කඩා උත්තරීතර සභාවේ හිඳගෙන වහසි බස් දොඩවන අය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස හඬ නැගීමට හැම අතින්ම ජනතාවට අයිතියක් තිබේ.

(***)



අදහස් (5)

රටේ නීතියට පිටුපා වැජඹෙන මන්ත්‍රීවරු

kapila Monday, 29 May 2023 06:13 PM

මේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ රටේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන NPP රජයක් පත්වුණු දවසක පමණයි...

:       3       2

Demuni de Silva Tuesday, 30 May 2023 12:36 AM

නිසැකවම අපිට අවම වශයෙන් සාපෙළවත් සමත් පිරිසක් ඇතුළත් කරගැනීමට නීති සම්පාදනය කළ යුතුයි..

:       0       0

Bunny Preena Tuesday, 30 May 2023 11:11 AM

වර්තමානයේ ඇති දේශපාලන පක්ෂවල කවුරුවත් විශ්වාස කළ නොහැකිය. ඔක්කොමලා එකම වල්ලේ පොල්ය...

:       0       1

පැරකුම් Saturday, 03 June 2023 10:10 AM

වරදකරුවෝ ව්‍යවස්ථාදායකයින් නොව ඔවුන් එම තැන්වලට වැඩි ඡන්දයෙන් පත්කර එවන පොදු මහජනතාවම මිස අන් කිසිවෙක් නොවේ...

:       0       0

Nirmal Sunday, 04 June 2023 12:21 PM

අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයි. ඔහුට පුළුවන් වෙන්න ඕනෑ සාමාන්‍ය දැනුම ප්‍රශ්නයකට උත්තර දෙන්න. ප්‍රශ්න 50ක් දීලා ප්‍රශ්න 40කට හරි උත්තර ලීවා නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

සමාජ විරෝධී ක්‍රියාවලට දරුවන් යොදාගන්න එපා
2023 සැප්තැම්බර් මස 25 180 0

බාල වයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට විකුණූ බව කියන හිමිනමක හා ඊට ආධාර අනුබල දුන් බව කියන කුලී රථ රියදුරකු රක්ෂිත බන්ධනා


තරුණ පරපුර කෘෂිකර්මයට ආකර්ෂණය කරවන සැලසුමක්
2023 සැප්තැම්බර් මස 23 336 1

මේ රට කෘෂිකාර්මික රටකි. එහෙත් මේ රටේ ‘‘කෘෂි’’ මිසෙක කර්මාන්තයක් නැත. එනම් කෘෂිකර්මය කර්මාන්තයක් වශයෙන් වර්ධනය වී නැත. එය ඉබේ සිදු නොවේ. ඒ වෙනුවෙන් දියුණ


පොලිසියේ ගෞරවය කෙලෙසන්නන් පිටු දකිමු
2023 සැප්තැම්බර් මස 16 406 3

පොලිසිය ‘පොලිෂ්’ කළ යුතුම පැය එළැඹ තිබේ. පොලිසිය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය වැසි දියට පෙඟුණ බිත්තියක් බිමට පාත්වන්නාක් මෙන් ඉරිතලමින්, පුපුරායමින්


වෛද්‍ය පීඨ තව තවත් රටට අවශ්‍ය ඇයි?
2023 සැප්තැම්බර් මස 14 985 6

රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමේ මග වැටී ඇත්තේ පැරැණි ආකෘති තුළ නොවේ. පැරැණි ආකෘති වෙනුවට නව මාදිලියේ ආකෘති සොයා යා යුතුව තිබේ. ඒ සඳහා වන තීන්දු තීරණ නොබිය


ක්‍රිකට් පිත්තේ ගෞරවය බිඳින්නෝ
2023 සැප්තැම්බර් මස 11 4471 0

එංගලන්තයේ පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වීම ක්‍රි


අපරාධකරුවන් රට පැනීම වැළැක්වීමට ක්‍රමවේද නැද්ද?
2023 සැප්තැම්බර් මස 09 594 4

අම්බලන්ගොඩ නගරය පුරා ආරක්ෂක විධි විධාන තර කර තිබේ. ඒ අතුරු මං මාවත්ද ආවරණය වන පරිදිය. මසකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ මෙම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙ


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1768 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 719 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site