IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රටට අභිමානය උදාකළ උතුම් පොසොන් පෝය

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. සකල ලංකාවාසි ජනී ජනයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් අනුබුදු  මිහිඳුමහරහතන් වහන්සේ මෙරටට වැඩම කර අභිමානවත් ශිෂ්ටාචාරයකට මග ලකුණු කළ පොසොන් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකේය බොදු ජනයාගේ පරම පූජනීය දිනය ද වේ. ඒ වෙනුවෙන් දසතින් නැගෙන සාධුකාර හඬ, ඝණ්ටාර නාද මැද ගුවනට එසවෙන බෞද්ධ කොඩියේ සෙවණ යට හිඳිමින් පොසොන් පොහොය සමරන ජනී ජනයා සමග ලංකාදීපය ද අපමණ සැදැහැ සිතෙන් මෙසේ එක්වෙයි.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරනවිට රටේ ප්‍රධාන පුරවැසියා එනම් මහරජු සිටියේ මිහින්තලාවේ මුවන් දඩයමේය. එමගින් එකල පැවැති සමාජය සම්බන්ධයෙන් යම් චිත්‍රයක් මවාගත  හැකිය. රජුගේ විනෝදාංශය මුව දඩයම වූ විට සෙසු ජනයාගේ ස්වරූපය වටහාගත හැකිය. එබඳු ජාතියක් ලොව රමණීය සංස්කෘතියක් සහිත අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටියේ මහින්දාගමනයේ ආනුභාවයෙනි.

ගමත් - පන්සලත්, නිල් ගොයමත් - කහ  සිවුරත් මුසුවූ සංස්කෘතියේ පදනම අහිංසාව විය. සත්ව දඩයම වෙනුවට මුඩු පොළොව සරු පොෙළාවක් බවට පත්කර ශිෂ්ටාචාරගතවීමට පිටු බලය සැපයුණේ මහින්දාගමනය හේතුවෙනි. වසර දෙදහස් පන්සියයකට නොවැඩි ඉතිහාසයක් සම්බන්ධයෙන් උදම් අනන්නට අපට හැකිවී තිබෙන්නේ එහෙයිනි. එහෙත් ඒ සමගම අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ.

අපට උදම් ඇනීමට හැකි වී තිබෙන්නේ අතීතය සම්බන්ධයෙන් පමණි. වර්තමානය සම්බන්ධයෙන්  එසේ උදම් ඇනීමේ හැකියාවක් නැත. සැබැවින්ම වර්තමානය සම්බන්ධයෙන් ඇතිවන්නේ තිගැස්මකි. අප මේ ගමන් කරමින් සිටින්නේ කවර දිශාවකට ද යන භීතිය මුසු  ප්‍රශ්නාර්ථය     දැල්වෙමින් තිබේ. එයත් සමග අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු රඳවාගත නොහැකි තත්වයකි. සමාජයක් එසේ කඩාවැටීමට ලක්වීම කිසිසේත්ම යහපත් නැත.

මුළුමහත් ලෝකයම දරුණු ලෙස වාණිජකරණයට ලක් වී තිබේ. ගෝලිය යථාර්ථය තුළ අප රටට පමණක් හුදෙකලා පැවැත්මක් නැත. අප ද එසේ ජාත්‍යන්තරකරණයට ලක් විය යුතුය. අප ජාත්‍යන්තරකරණයට ලක්විය යුත්තේ ශ්‍රී ලංකා සන්නාමයද මුද්‍රාවද රැගෙනය. එහෙත් අප යමින් සිටින්නේ එබඳු ගමනක් නොවේ යන්න ඒකාන්ත සත්‍යයකි.

 අද රටේ මූලිකම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය වේ. තුන්වේල යහමින්  කා ජීවත් වූ සමාජයකට වේලක් කෑ පසු තව වේලක් කන්නේ කෙසේදැයි සිතීමට සිදු වී තිබේ. මෙම ප්‍රශ්නයට පිළිතුරක් නැද්ද?

මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට දායාද කළ බුදු දහම තුළ අන්තර්ගත ආර්ථික දර්ශනය යළිත් පණ පොවා පෙරට ගන්නේ නම් එය අපට සුවිසල් උත්තරයක් වනු ඇත. උපයන ධනය කොටස් හතරකට බෙදා එක් කොටසක් පරිභෝජනය සඳහා එනම් ජීවත්වීම සඳහා යෙදවිය යුත්තේය. කොටස් දෙකක් තමන් නියැලෙන කර්මාන්තයේ දියුණුව පිණිස යෙදවිය යුතුය. ඉතිරි කොටස ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කළ යුතුය.

මෙම බෞද්ධ ආර්ථික දර්ශනය බෞද්ධයන්ගෙන් කී දෙනකු අනුගමනය කරන්නේදැයි විමසිය යුතුය. එහෙයින් පොසොන් උත්සවය යනු ප්‍රදර්ශනාත්මක දිනයක් නොව එය අපගේ ජීවන දැක්ම මතු කරන උත්සවයක් බවට පත් කර ගත යුතුය. ඒ නුවණැස ඔබට පහළ වේවා! යන්න අපගේ පොසොන් ප්‍රාර්ථනය වේ. 

(***)



අදහස් (0)

රටට අභිමානය උදාකළ උතුම් පොසොන් පෝය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16869 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 662 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site