IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සජිත් තිස්සට අවනත වෙයි

තිස්සගේ මතක වත-67

ග්‍රාම චාරිකා වැඩසටහනේ පළමු පියවර අපි හිතපු ආකාරයට කරගන්න බැරි වුණා. සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසකගේ බාධා කිරීම් නිසා. මේ හින්දා කරු ජයසූරිය හිටියේ ටිකක් අසතුටෙන්. මේ වැඩසටහන කිරීමෙන් අපි බලාපොරොත්තු වුණේ පක්ෂ සංවර්ධනය වුණත් පක්ෂයේ නායකත්ව මට්ටමේ අය අතරේ බෙදීමක් නැවතත් මේ හරහා ඇති වුණා. මේ නිසාම කරු ජයසූරිය මට කිව්වා “ග්‍රාම චාරිකා වැඩසටහනේ දෙවැනි පියවර පක්ෂ මහලේකම් හැටියට තිස්සගේ කුණ්ඩසාල ආසනේ සංවිධානය කරමු” කියලා.

කරු ජයසූරියගේ මේ යෝජනාව ලොකු අභියෝගයක් කියලා තේරුණත් මම ඒක බාරගත්තා. මම හිතුවේ නෑ හොරණ දී වගේ සජිත් ප්‍රේමදාස පාර්ශවය මේක කඩාකප්පල් වෙන විදියට කටයුතු කරයි කියලා. කොහොම වුණත් මම ඒ වගකීම බාර අරගෙන ග්‍රාම චාරිකා වැඩසටහනේ සංවිධාන කටයුතු පටන් ගත්තා. ඒකට සමාජ සුබ සාධන වැඩ කටයුතු රාශියක් එකතු කරන්න තීරණය කළා. ඒ වගේම සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකුත් ඒ එක්කම ක්‍රියාත්මක කරන්න සූදානම් කළා. විශේෂ ආගමික වැඩකටයුතු කීපයකුත් සංවිධානය කළා. දවස් දෙකක් පුරා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න තමයි සියල්ල සුදානම් වුණේ.


මේ වැඬේට ඇවිත් හෝටල්වල නවතින්න බෑ කියලා කරු ජයසූරිය මට මුලින්ම කිව්වා. එයාට ඕන වුණේ ගමේම ගෙදර නැවතිලා ගමේ කෑම ටිකක් කාලා මේ වැඬේට සම්බන්ධ වෙන්න. මම ඒ ඉල්ලපු විදියට අපේ හිතවතෙකුගේ ගෙදරක් කරුට ලෑස්ති කළා. කරු ඒ ගෙදර තමයි වැඩසටහන පුරාවටම නැවතිලා හිටියේ. අනෙක් කණ්ඩායම් වුණත් ගමේම ගෙවල්වල තමයි නතර වුණේ.
මේ අතරෙම මම සජිත් ප්‍රේමදාසට කතා කරලා ඇහුවා හොරණ කළා වගේ දෙයක් මේ වතාවෙත් සුදානම් කරන්නද ඉන්නේ කියලා. මම තදින්ම කිව්වා මේ වැඬේට විරුද්ධ නොවී  සහාය පළ කරන්න කියලා. සජිත් විවිධ හේතු කියලා ඒ වැඬේට සහාය දෙන්න අදි මදි කළා. සජිත් කිව්වේ ග්‍රාම චාරිකා හරහා කරු ජයසූරිය ලෑස්ති වෙන්නේ පක්ෂය වෙන පැත්තකට ගෙනියන්න කියලා. ඒකට සජිත්ලා තාමත් නෑ කියලා කිව්වා. මම කිව්වා ඒ දවස්වලම සජිත්ලා ‘සසුනට අරුණ’ වැඩසටහනක් කුණ්ඩසාලෙට කරනවානම් ඒක වෙනස් නොකර ග්‍රාම චාරිකා වැඩසටහනේම එක කොටසක් හැටියටම කරන්න කියලා. අවසානේ මට ගරු කිරීමක් හැටියට සජිත් ඒකට එකඟ වෙනවා කියලා කිව්වා. මගේ ඉල්ලීම නිසා ග්‍රාම චාරිකාවක් කෙරෙන ප්‍රචාරක රැස්වීම්වලටත් සහභාගී වෙන්න සජිත් නම්‍යශීලී වුණා. ඒත් කෙළින්ම ග්‍රාම චාරිකාවත් එක්ක ඉන්නවා කියලා පෙන්නන්න සජිත් කැමති වුණේ නෑ.


කොහොමහරි පළවැනි ග්‍රාම චාරිකාවේ දී ඒකට අවහිර වෙන විදියට වැඩ කරපු සජිත්ලත් නම්මගෙන කරු ජයසූරියත් සතුටුවෙන විදියට ග්‍රාම චාරිකා වැඩසටහන කරන්න මට පුළුවන් වුණා.
ග්‍රාම චාරිකා වැඩසටහනේ ඊළඟ පියවර කරන්න අපි ගියේ කෝට්ටේ ආසනයට. කෝට්ටේ දී පෙර පරිදිම සජිත් ප්‍රේමදාසලා එයාලගේ වැඩසටහන් වෙනම කරන්න සුදානම් වෙලා තිබුණේ. මංගල සමරවීර මාතරත් ග්‍රාම චාරිකා වැඩසටහන් සංවිධානය කළා. සජිත් ග්‍රාම චාරිකා වැඩසටහන කරපු හැම නැකතටම ඇවිත් එයාගේ සසුනට අරුණ වැඩසටහන ග්‍රාම චාරිකාවට අවහිරතා ඇතිවෙන විදියට තමයි කළේ. කොහොම වුණත් වැටිලා තිබුණු පක්ෂය යම් දුරකට නගා සිටුවන්නත් පාක්ෂිකයන්ගේ උනන්දුව වැඩි කරවන්නත් මේ ග්‍රාම චාරිකා වැඩසටහන උපකාරී වුණා කියන එක තමයි මගේ අදහස.

 

 

 

 


තව කොටසක් ලබන සතියට..  

 



අදහස් (0)

සජිත් තිස්සට අවනත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site