IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වේදිකාව හෙල්ලූ “චිංචිං නෝනා” සහ “ටොම් පචයා”

 

1970 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර එවකට ආණ්ඩු පක්ෂය වූ එ.ජා.ප.යත් විපක්ෂය වූ සමගි පෙරමුණත් ජනතාව හමුවේ හරි හරියට පොරොන්දු දුන්හ. ඒ අතරින් සමගි පෙරමුණු සන්ධානයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමන් සහභාගී වූ බොහොමයක් ඡන්ද රැස්වීම්වලදී ලබා දුන් එක් ප්‍රසිද්ධ ඡන්ද පොරොන්දුවක් වූයේ ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් හඳෙන් හෝ ගෙනැවිත් දෙන බවයි. 


මේ කාලය වන විට පාලන බලය දැරූ එ.ජා.ප. ආණ්ඩුව එකල පැවැති සහල් හිඟයට පිළියමක් වශයෙන් එතෙක් සෑම පුද්ගලයෙකුටම සහන මිලට ලබා දුන් හාල් සේරු දෙකෙන් එක සේරුවක් කපා හැර අනෙක් හාල් සේරුව නොමිලේ දුන්නේය. එය රට පුරා වෙසෙන එක්සත් ජාතික පාක්ෂිකයන් පිළිගනු ලැබුවේ එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වූ ඩඞ්ලි සේනානායක මහතාට “බත් දුන් පියා බුදු වේවා” යි පිං දෙමිනි. 


එමගින් ඔහු ජනතාව අතර ජනප්‍රිය වෙතැයි සිතූ සමගි පෙරමුණු පාක්ෂිකයෝ කලබල වූහ. ‘මැඩම් මේ වැඬේ හරියන්නේ නැහැ, මැඩම් කියන්න හඳෙන් හෝ හාල් ගෙනැත් දෙනවයි කියලා’ යි කියමින් තම පක්ෂ නායිකාවට උපදෙස් දුන් සමීපතමයන් සිරිමාවෝ මැතිනියට අවධාරණය කළේ එසේ නොකළහොත් අත ළඟ එන මහ ඡන්දයෙන් සමගි පෙරමුණ පරාජයවීමට ඉඩ ඇති බවය. තම සමීපතමයන් කී ඒ කතාව ඉස්මුදුනින් පිළිගත් මැතිනිය තමන් බලයට පත් වුවහොත් හඳෙන් හෝ හාල් ගෙනැවුත් හාල් සේරු දෙකම දෙන බව සමගි පෙරමුණේ හැම රැස්වීමකදීම කියාගෙන ගියාය. ජනතාව ඊට ප්‍රතිචාර දැක්වූයේ විසිල් හඬ නගමිනි. 


සිරිමාවෝ මැතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් සමගි පෙරමුණ එවර පැවැති මහ මැතිවරණයෙන් 2/3 ක බලයක් හිමි කර ගෙන තිබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ‘දැන් අපි කොහෙන්ද හාල් ගෙනැත් එක් කෙනාට හාල් සේරු දෙක බැගින් දෙන්නේ?’ යි ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රථම රැස්වීමේදීම මැතිනිය විමසුවාය. 
‘හරි මැඩම් අපේ පාලනය යටතේ තව අවුරුද්දක් විතර යන කොට රට සරු සාර වෙනවා. එතකොට බැරියැ ඔය පොරොන්දුව ඉෂ්ට කරන්න’ යි කී පක්ෂයේ ප්‍රබලයන්ගේ අදහස වූයේ එවිට තමන් දුන් ඡන්ද පොරොන්දු සියල්ලම ඉටු කිරීමට පහසුවෙන්ම හැකි වන බවය 


එහෙත් අන්තිමේදී සිදු වූයේ රට පුරා පැවැති සහල් හිඟය තවත් උග්‍ර අතට හැරීම නිසා කොළඹ හෝටල්වල අඟහරුවාදා සහ සිකුරාදා දිනවල බත් අලෙවි කිරීම සපුරා තහනම් කිරීමට රජය මගින්ම පියවර ගැනීමයි. ඒ අනුව ජනතාව කබලෙන් ලිපට වැටුණේය. 


ආණ්ඩුව ජනතාව අතර තවත් අප්‍රසාදයට ලක් වූයේ 1972 දී ජනරජ ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් තම නිල කාලය වසර 5 - 7 දක්වා දීර්ඝ කර ගැනීමේ හේතුවෙනි. මේ අතර එ.ජා.ප. නායකත්වයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් ජයග්‍රාහී මාවතකට අවතීර්ණ කර තිබුණේය. 


ඒ අනුව ඔහු රට පුරා කියාගෙන ගියේ තම පක්ෂය බලයට පත් වුව හොත් සෑම පවුලකටම ධාන්‍ය රාත්තල් 8 ක් ලබාදෙන බවයි. ඊට අමතරව ඔහු රට පුරා වෙසෙන තරුණ පෙළට ජොබ් කාඞ් බෙදා දී තිබුණේ තමන් විසින් පිහිටුවීමට යන රැකියා බැංකුව යටතේ සෑම තරුණ තරුණියකට ගෙදරට පැමිණ රැකියා ලබා දෙන බව කියමිනි. 
ජේ. ආර්. ගේ එම ප්‍රකාශය මුළු රටේම ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර ඔහුට තිබූ ඉල්ලුම ද පෙරට වඩා 100 ගුණයකින් ඉහළ ගොස් තිබුණේය. එවැනි ආකර්ෂණීය ඡන්ද පොරොන්දු ගැන ඇසූ ජනතාව ජේ. ආර්. වටා බුරුතු පිටින් එක් රොක් වූහ. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ 1977 මහ මැතිවරණයෙන් එජාපයට මන්ත්‍රී ධුර 140 ක් හිමිවීමය. නැතහොත් 5/6 ක විශිෂ්ට දිනුමක් ලැබීමය. 


අනතුරුව මාස කීපයක් ගෙවී ගියේය. ජේ. ආර්. ධාන්‍ය රාත්තල් අටක්  ලබා දෙන බවට දුන් පොරොන්දුව ඉටු කිරීමද ක්‍රමයෙන් හමස් පෙට්ටියට වැටෙමින් තිබුණේය. 
මේ අතර පරාජිත ශ්‍රී.ල.නි.ප. නායිකාවට කොලොප්පමක් කිරීමට සිතූ සිරිකොත මැදුරේ සේවකයෝ පිරිසක් දිනක් මහ රෑ වාහන කීපයක නැගී මුළු කොළඹ පුරාම ගොස් ‘චිං චිං නෝනා’ යනුවෙන් සඳහන් දැවැන්ත පෝස්ටරයක් තාප්පවල අලවා තිබුණහ. එය එකල රටේ බොහොමයක් සිනමාහල්වල ඉතා සාර්ථක ලෙස තිරගත වූ සිංහල විකට චිත්‍රපටියක් විය. කෙසේ වෙතත් එම පෝස්ටරය දුටු ශ්‍රී.ල.නි. පාක්ෂිකයන්ගේ කෝපය ඇවිස්සිණි. 


එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ශ්‍රී.ල.නි.ප. හිතවතුන් ද එදිනම රෑ තවත් පෝස්ටරයක් මුළු කොළඹ පුරාම ඇලවීමයි. එහි සඳහන් වූයේ ‘ටොම් පචයා එයි’ යනුවෙනි. මුල් පෝස්ටරය අසලින්ම අලවා තිබූ එම දෙවැනි පෝස්ටරය දුටු බොහෝ දෙනෙකු බඩ අල්ලාගෙන සිනාසුණේ එම පෝස්ටර් දෙකෙහිම සඳහන් වූ දෑ අර්ථාන්විත වූ බැවිනි.


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

වේදිකාව හෙල්ලූ “චිංචිං නෝනා” සහ “ටොම් පචයා”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site