
ඔස්ටි්රයානු අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වූ ප්‍රැන්සිස් ෆර්ඩිනන්ඞ් මහා ආදිපාදවරයා තම යටත් ප්‍රදේශයක් වූ බොස්නියාවේ සර්ජෙවෝ නගරයේ සිය දේවියද සමඟ සංචාරයක යෙදෙමින් සිටියදී එම රාජකීයයන් දෙපොළම සාහසිකයෙකු විසින් ඝාතනය කරන ලදී. ඒ 1914 ජූනි 28 වැනිදාය. එය මූලික හේතුව බවට පත්කොටගෙන එමෙන්ම ආර්ථික, දේශපාලන, ආරක්ෂක, වෙළෙඳ යන හේතු මත කාලයක් පුරා බලවතුන්ගේ සිත් යට තිබුණු කුඩුකේඩුකම් හා ඊර්ෂ්‍යාවන් මෝරා යාමක් හේතුකොට ගෙන සමස්ත යුරෝපයම එකම යුද ගිනි ජාලාවක් බවට පත් විය. විලියම් කෛසර් අගරජු යටතේ ජර්මනියත්, සුල්තාන් මහමුද් හුසේන්ගේ තුර්කියත්, ජෝසප් ෆ්‍රැන්සිස් අධිරාජයාගේ ඔස්ට්රොහන්ගේරියානු අධිරාජ්‍යය එක් පසෙකත්, බි්රතාන්යය, ප්‍රංශය තවත් පසෙකටත් වශයෙන් බෙදී පුරා වසර හතරක් තිස්සේ කරගෙන ගිය පළමු ලෝක මහා යුද්ධය නිසා සිදුවූ සම්පත් හා දේපොළ විනාශය කිසිදු දිනෙක තක්සේරු කළ නොහැකි වනු ඇත. එහෙත් ප්‍රකාශයට පත් වූ එක් වාර්තාවක දළ වශයෙන් මෙසේ දක්වා ඇත.


2025 දෙසැම්බර් මස 04
396
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රණවිරු ගායේ පැරැණි කතා
P. de. silva- North America Sunday, 03 November 2019 04:26 PM
මෙයට යම් ප්‍රතිචාරයක් දැක්වීමට සිතුවෙමි. මෙය වැරදි විදිහට බාර නොගත යුතුය. යුධ සමයේ මුහුණ මුහුණ දී ක්‍රියාන්විතයේ යෙදී මියගිය , ආබාධිත සහ යුද්ධයෙන් පසු හොඳින් ජීවත්වෙන ත්‍රිවිද හමුදා සහ පොලිසිය අය රණවිරුවා බව රටේ කා හටත් නොරහසකි. නමුත් හැමවිට යුද්ධය සහ රණවිරුවන් ගැන කියා තමන් බල ප්‍රේත කමට එය හැම විට පාවිච්චි කිරීම ඒ ඇත්තන්හට කරන නිගාවකි , ඒ මැති ගොඩ යාම සහ වාසි තකා ගැනීම රණවිරු ගාය යනුවෙන් කියනවා විය හැක. ඒ හා සමානව අපේ උතුම් බුද්ධාගමද පාවිච්චි කරනු ඇත. එයින්ද නොනැනවතී ඉල්ලීම් ඉල්ලා විරෝදයපා මියගිය අසරණ මිනිසුන් ,කම්කරුවන්, ධීවරයින්ගේ නම් පවා විකුණමින් අතිමහත් පහත් ක්‍රියාවල යෙදෙති. රටේ මිනිසුන් මේදේ නොදනිත්ද? මෙය සෝදා සෝදා මඩේ දැමීමක් නොවේද?