IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පිල් මාරුවට ආරාධනා

දකුණට ජීවය දුන් හිනිදුම සෙනෙවියා-4

ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලන බිමට පා තැබූ මාතරගේ සිරිසේන අමරසිරි නම් වූ තරුණයා වතු වෘත්තිය සමිති හරහා සිය දේශපාලන පන්නරය වැඩිදියුණු කරගත්තේය. ඉන් නොනැවතී නාගොඩ ගම්කාර්ය සභාවේ සභාපති කමත් නාගොඩ සමුපකාර සමිතියේ සභාපති ධූරයෙන්ද ජනතා සේවයට ඇපකැපවූ තරුණ අමරසිරි මහතා නාගොඩ මාපලගම පමණක් නොව මුළු හිනිදුම ආසනයේම ගැමි ජනයා අතර ජනාදරයට පාත්‍ර වූ චරිතයක් විය. ඔහුගේ දිගු දේශපාලන ගමන් මගේ අතීත රසබර තොරතුරු මියයෑමට පෙර පවසා තිබේ.


1960 මාර්තු මහා මැතිවරණයට මහජන එක්සත් පෙරමුණෙන් හිනිදුම අපේක්ෂකයා වශයෙන් මම ඉදිරිපත් වුණා. හා පුරා කියා මා ඉදිරිපත් වූ ඒ මැතිවරණයෙන් ජයග්‍රාහණය කිරීමට මට හැකිවුණා. මා පිලිප් ගුණවර්ධන මහතාගේ ප්‍රතිපත්ති වලට ගරු කළා. 


1960 අප්‍රේල් 21 වැනිදා එක්සත් ජාතික පක්ෂ රාජාසනයේ කතා විවාදයෙන් පරාජයට පත්වීමත් සමගම නැවත මහා මැතිවරණයක් පැවැත්විය යුතු බව ආණ්ඩුකාරවරයා නිවේදනය කළා. මේ අවස්ථාවේදී දේශපාලන කරළියේ ලොකු වෙනස්වීම් කීපයක් සිදුවෙමින් තිබුණා. රජය විසුරුවා හැරීමත් සමගම මහජන මන්ත්‍රීවරු ගණනාවක්ම පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වය හැරදමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා. 

 

 

මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 1960 ජූලි මාසයටයි. කොළඹ ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටි මගේ ඥාතිවරු එක්සත් ජාතික පක්ෂයට බැඳෙන ලෙස මට යෝජනා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් දෙදෙනෙකු මගේ නිවසට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳෙන ලෙස මට යෝජනා කළා. එම තීරණාත්මක අවස්ථාවේදී පිලිප් ගුණවර්ධන මහතා සතුව තිබූ සෘජු ගතිගුණ සහ අවංක භාවයත් හිනිදුම ජනතාවට සේවය කිරීමට මා ඉතසිතින් බැඳී සිටීමත් නිසා ඒ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කර පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් 1960 ජූලි මහා මැතිවරණයට හිනිදුම ආසනයට ඉදිරිපත් වුණා.

 

1960 මාර්තු මැතිවරණයේදී ජයග්‍රාහණය කළ මට 1960 ජූලි මැතිවරණයෙන් පරාජයට පත්වීමට සිදුවුණා.


1960 ජූලි මැතිවරණයේදී මගේ පරාජයත් සමග මා ආර්ථික වශයෙනුත් ඉතා අමාරු තත්ත්වයකට පත්වුණා. ඒ වන විට මා විවාහ වී වසර එකහමාරක් පමණයි. කොහොම නමුත් ජීවත්වීමට රැකියාවක් තෝරාගත යුතුවුණා. මේ වන විට ඉහළ රැකියාවක් කිරීමට තරම් අධ්‍යාපන සුදුසුකමක් මා සතුව තිබුණේ නැහැ. 


මම විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන හා ව්‍යාපාර පරිපාලන අංශයට ඇතුළත් වීමේ විභාගයට පෙනී සිටියා. ඒ විභාගයෙන් සමත්වී බාහිර ශිෂ්‍යයෙකු වශයෙන් විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වුණා. එහෙත් රැකියාවක් කිරීමේ උනන්දුව මගේ අඩුවුණේ නැහැ. 1961 මැයි මාසයේදී කළුතර තොටමුණ සමුපකාර සංගමයේ සාමාන්‍යාධිකාරී තනතුරට පත්වී සමුපකාර ක්ෂේත්‍රයේම රැකියාව ලබා ගැනීමට හැකිවුණා. කළුතර තොටමුණ විවිධ සේවා සමුපකාර සමිතිය දිස්ත්‍රික්කයේ හොඳම සමුපකාර සමිතිය බවට පත්කර ගැනීමට මා සාමාන්‍යාධිකාරී ධූරය දරන යුගයේදී පුළුවන් වුණා. එවකට කළුතර මන්ත්‍රීවරයා වූ චම්ලි ගුණවර්ධන මහතා මාගේ සේවය අගයා ප්‍රශංසාත්මකව කථා කළ අයුරුත් සම්මාන ආදියෙන් මාගේ සේවයට බුහුමන් දැක්වූ අයුරු මගේ මතකයේ ඇත.
හොඳම සමුපකාර සමිතිය බවට කළුතර තොටමුණ සමුපකාර සමිතිය පත්වීමත් සමග ඩෙන්මාර්කය වැනි සමුපකාර ව්‍යාපාරය ඉතා සාර්ථක අන්දමින් පවතින රටවල සංචාරය කොට ඒ දැනුම ලබාගැනීමේ අවස්ථාව මට උදාවුණා. සමුපකාරයේ ලාභ වලින් සේවකයන්ව වන්දනා ගමන් රැගෙන යාම වැනි සේවකයන්ගේ සතුට වෙනුවෙන්ද ක්‍රියාකිරීම නිසා සාමූහික බව මෙන්ම සේවකයා ආයතනය වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමටද මැලිවූයේ නැහැ.


1960 ගණන් වලදී ලංකාවේ වාමාංශික දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර සිද්ධීන් කීපයක් සිදුවුණා. 1963 දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ ලංකා සමසමාජ පක්ෂය එකතුවී වාමාංශික එක්සත් පෙරමුණක් ගොඩනගා මේ රටේ වමේ බලවේගයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කටයුත්තට උරදී සිටි යුගයක් වුණා. මේ සිද්ධිය වාමාංශිකයන් වශයෙන් අප බලාපොරොත්තු තැබූ අවස්ථාවක්. 1963 දී ලංකා සමසමාජ පක්ෂය කොමිනියුස්ට් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ කර නිදහස් චතුරශ්‍රය දක්වා ගිය මැයි රැලිය මේක මම දුටුව විශාලතම රැලිය වුණා. පිලිප් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ මේ රැලිය සංවිධානය කළා. වාමාංශික එක්සත් පෙරමුණ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු කළේ මමත්, විලියම් සිල්වා මහතාත් පුවත්පත් කලාවේදීව සිට පසුව නීතිඥවරයෙකු වූ ප්‍රින්ස් ගුණසේකර මහතාත් අපි තිදෙනායි. ගෝල්ෆේස් පිටියේ සිට රතු කමිස වලින් සැරසී පිලිප්, ඇන්. ඇම්. දොස්තර වික්‍රමසිංහ, කොල්වින් යන මහත්වරු ජීප් රථයක නංවාගෙන සටන්පාඨ කියමින් අප මැයි දින පෙළපාළියේ ගමන් කළා. මගේ බිරිඳ රතු හැට්ටයක් ඇඳ මා සමග එම පෙළපාළියේ ගමන් ගත්තා. අපි තුළ තිබූ බලාපොරොත්තු මේ පෙළපාළියටත් වඩා ප්‍රමාණයෙන් විශාල වුණා.

ගෝල්ෆේස් පිටියේ සිට රතු කමිස වලින් සැරසී පිලිප්, ඇන්. ඇම්. දොස්තර වික්‍රමසිංහ, කොල්වින් යන මහත්වරු ජීප් රථයක නංවාගෙන සටන්පාඨ කියමින් අප මැයි දින පෙළපාළියේ ගමන් කළා. මගේ බිරිඳ රතු හැට්ටයක් ඇඳ මා සමග එම පෙළපාළියේ ගමන් ගත්තා. අපි තුළ තිබූ බලාපොරොත්තු මේ පෙළපාළියටත් වඩා ප්‍රමාණයෙන් විශාල වුණා.

 


තවත් කොටසක් ලබන සතියට.

 

 

 

 

 

 

මහින්ද ආරියවංශ



අදහස් (0)

පිල් මාරුවට ආරාධනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17602 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site