IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


නීතිපති පදවි පුරාණයෙන්

රටක බලපවත්නා සෑම නීතියකම අධිපතිවරයා හෙවත් බලධරයා නීතිපතිවරයාය. අවශ්‍ය අවස්ථාවන්ට උචිත පරිදි නීති කෙටුම්පත් කොට ඒවා පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ක්‍රියාත්මක වීම නීතිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙයි. මේ දිනවල නීතිපතිවරයා අපේ රටේ විශේෂ කතාබහට ලක් වී තිබේ. නීතිපති පුරාණය විමසා බැලීමට මෙය සුදුසු අවස්ථාවකි.

එංගලන්තයේ සහ වේල්ස්හි අති උතුම් මහ රජුගේ හෝ රැජිණියගේ නීති නියෝජිතයා ලෙස හඳුන්වනු ලබන්නේ ඇටර්නි ජනරාල්වරයා හෙවත් නීතිපතිවරයා ය. මහා බි්‍රතාන්‍යයේ නීතිපති පදවිය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි. ව. 1243 දී බව වාර්තා ගත වී තිබේ. ක්‍රි. ව. 1461 වන විට මේ පදවියට යම්කිසි ප්‍රමාණයක දේශපාලන මුහුණුවරක් එක් වූයේ සාමි මණ්ඩලයට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම නීතිපතිවරයාට පැවරී තිබීම නිසාය.
කාලයාත් සමඟම ඇති වූ විවිධාකාර වෙනස්කම් සහ අවශ්‍යතාවන් නිසා ක්‍රි. ව. 1673 වෙන විට මෙම පදවියට නිල වශයෙන්ම කිරීටය වෙනුවෙන් නීති කටයුතුවලට පෙනී සිටීම උපදෙස් දීම සහ නඩු පැවැරීම බාරවිය. ඒ යටතේ රජයේ දෙපාර්තමේන්තුවලට අමාත්‍යවරුන්ට නීති උපදෙස් ලබාදීම ද ඊට අමතරව විවිධ අවස්ථාවන්හි පාර්ලිමේන්තුව තුළ පැන නගින නීති ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ද නීතිපතිවරයාට පැවරිණි.
වාර්තාගත වී ඇති අන්දමට එංගලන්තයේ ප්‍රථම නීතිපතිවරයා විලියම් ඩී. බොන්සිල් නමැති නීති විශාරදයෙකි.


ඇමෙරිකාවේ නීතිපති පදවිය ස්ථාපිත කරන ලද්දේ 1789 දීය. මහාධිකරණයේ නඩු පැවැරීම රජය වෙනුවෙන් නඩු පවත්වාගෙන යාම, නීතිමය ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් ජනාධිපතිවරයාට උපදෙස්දීම සහ අමාත්‍යංශ, රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට නීති උපදෙස් දීම නීතිපතිවරයාට පැවරුණු විශේෂ කාර්ය භාරයන් වෙයි.


නීතිපතිවරයාගේ කටයුතුවලට සහාය දැක්වීම පිණිස 1870 දී ඇමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබීය.


නීතිපති රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් සහ ආරක්ෂක ලේකම් යන පදවි හතර ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍යයේ උසස්ම සහ සම්භාවනීය තනතුරු වෙන අතර ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වෙයි.


ඇමෙරිකාවේ නීතිපතිවරයාට විශේෂිත වූ ධජයක් ඇත.


නීතිපති පදවිය ඇතුළු වෙනත් වැදගත් විධායක පදවි කිහිපයකට බලපාන විශේෂත්වයක් වෙන්නේ එරට නව ජනාධිපතිවරයෙක් දිව්රුම් දෙන දිනයේම ඔවුන් ඉල්ලා අස්වීමයි. නව ජනාධිපති තමන්ට සිතැඟි පරිදි සුදුස්සන් තෝරා ඒ ඒ පදවිවලට පත් කරයි.


නිදර්ශනයක් වශයෙන් ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩ භාරගත් දිනයේ නීතිපති ලොරෙටා ලීන්ඞ් පදවියෙන් ඉල්ලා අස්විය. නව නීතිපතිවරයෙක් පත් කරන තුරු ඔහු පදවියේ වැඩ බැලුවේය. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නව නීතිපති ලෙස ජෙෆ් සෙසන්ස් පත් කරන ලද මොහොතේම ලොරේටා වෙනත් පදවියකට මාරුවී ගියේය.

 


ඇමෙරිකාවේ ප්‍රථම නීතිපතිවරයා එඞ්මන්ඞ් රැන්ඩොල්ෆ් විය. 1789 දී ඔහු එම පදවියට පත් කරන ලද්දේ ප්‍රථම ජනාධිපතිව සිටි ජෝර්ජ් වොෂින්ටන් විසිනි.


“නීතිපති හෝ නීති නිලධාරි පදවියක සේවය කිරීම අපාගත වී සිටින තරම් දුෂ්කර කාර්යයක්” බව එංගලන්තයේ නීති විශේෂඥයෙක් වූ ශ්‍රීමත් පැටි්‍රක් හැස්ටියේ පවසා ඇත.


ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන නීති නිලධාරියා සහ නීති බලධරයා, නීතිපතිවරයාය. සම්භාවනීය ත්තත්වයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු නීතිපති පදවියට පත් කිරීම අපේ රටේ චාරිත්‍රයයි. 


අපේ රටේ ප්‍රථම නීතිපතිවරයා ජේම්ස් ඩන්කින් විය. ෆෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාරයා විසින් 1801 දී ඔහු පත් කරන ලද බව වාර්තාගතව ඇත.


1801 සිට 1936 දක්වා බි්‍රතාන්‍ය ජාතිකයන් 24 දෙනෙක් ආණ්ඩුකාරවරුන් 19 දෙනෙකු යටතේ නීති පදවියේ නිරත වූ අතර ජෝන් විලියම් රොනල්ඞ් ඉලංගකෝන් ප්‍රථම ලාංකික නීතිපතිවරයා විය. 1936 දී ඔහු ඒ තනතුරට පත් කරන ලද්දේ ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් එඞ්වර්ඞ්ස් ස්ටබ්ස් විසිනි.


1946න් පසු මණික්කු වඩුමෙස්ත්‍රි හෙන්ද්‍රික් ද සිල්වා, චෙල්ලප්පා නාගලිංගම්, හේම හෙන්රි බස්නායක, එඞ්වර්ඞ් පර්සිවල් රෝස්, නොට්ල් ග්‍රේෂන්, ඩග්ලස් ජෑන්ස්, ඒ. සී. ඇම්. අමීර්, වික්ටර් තෙන්නකෝන්, සිවා පසුපති, සුනිල් චන්ද්‍ර ද සිල්වා, තිලක් මාරපන, ෂිබ්ලි අසීස්, සරත් ඈන් ද සිල්වා, කේ. කමල සබේසන්, චින්තා ද සිල්වා, මොහාන් පීරිස්, ඊවා වනසුන්දර, පාලිත ප්‍රනාන්දු සහ යුවන්ජන විජේතිලක යන මහත් මහත්මීන් නීතිපති පදවියේ සේවය කර ඇත.


දැනට බලපවත්වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978) “9 වැනි පරිච්ජේදය - විධායක - රජයේ සේවය” යටතේ නීතිපතිවරයාද යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෝද ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ නියමිත සියලු රජයේ නිලධරයෝ ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නාහ.”


මෙරට දැනට නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජයන්ත ජයසූරිය මහතාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2016 ජනවාරි 11 වැනිදා ඔහු එම තනතුරට පත් කරන ලදී.


ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට විධායක බලතල නොමැත. විධායක බලතල අධිකරණ ඇමැතිවරයා සතුව ඇත. සාමාන්‍යයෙන් දේශපාලන පත්වීමක් නොවන සහ නොවිය යුතු මෙම පදවියේ කටයුතු නීථිපතිවරයා විසින් අපක්ෂපාතීව, නිර්භීතව, පිරිසුදු සිතින් සහ දෑතින් යුතුව ඉටු කරනු ඇතැයි යනු මහජන බලාපොරොත්තුවයි.

 

 

 

 

 

 

 

 

උපාලි රූපසිංහ



අදහස් (0)

නීතිපති පදවි පුරාණයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 156 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 94 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site