IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ජේ.ආර්. හදා ගැනීමට චන්ද්‍රිකා දුව ඉල්ලයි

පළමු විධායක ජනපතිගේ නොපළ කතා  07

ජේ. ආර්. ඉස්සන්මැඩිල්ල වත්තට පැමිණි දවස්වලට එම වත්තේ ඇති ළිඳෙන් නෑමට කැමැත්තක් දක්වා ඇත.

ඒ ගැන තොරතුරු හෙළිකරන සෝමා මංචනායක මහත්මිය මෙසේ කියන්නීය.


එතුමා වත්තට ආ දවස්වලට අනිවාර්යෙන්ම වත්තේ ළිඳෙන් නානවාමයි සමහර දවස්වලට එතුමා ළිඳෙන් වතුර ඇදගෙන නානවා. සමහර දවස්වලට සේවකයෙක් ළිඳ ළඟ තියෙන ලොකු ටැංකියට වතුර පුරෝලා දුන්නාම බාල්දියකින් ඒ වතුර අරගෙන නාගන්නවා. තවත් සමහර දවස්වලට ළිඳ ළඟ පොඩි බංකුවක් තියාගෙන ජේ.ආර්. මැතිතුමා ඒ බංකුවේ හිඳගන්නවා. එතකොට සේවකයෙක් ළිඳෙන් වතුර ඇදලා නාවනවා. ඒත් එතුමා වැඩියෙන්ම නෑවේ ඔහු විසින්ම ළිඳෙන් ඇදගෙනයි. 


ළිඳෙන් ඇදගෙන නාපුවාම පුදුම සනීපයක් ඇඟට දැනෙන්නේ. කොළඹ නාන කාමරවල ඉඳගෙන නෑවාට මේ වගේ සනීපයක් ඇඟට දැනෙන්නේ නැහැ. ගමේ වතුරවලින් නාගත්තාම කොච්චර සනීපද? කියා ළිඳෙන් වතුර නාගත්තු දවස්වලට එතුමා අපිත් එක්ක පවසනවා.


ජේ. ආර්. වත්තට ආ දවස්වලට කන්න බොන්න ප‍්‍රියකරන ආහාර ගැන ද සෝමා මංචනායක මහත්මිය කියන්නට අමතක කළේ නැත.


තරුණ කාලයේ ඉඳලම එතුමා කෑම බීම ගැන හිතපු කෙනෙක් බව මම අසා තිබෙනවා. මිරිස් හා තෙල් යෙ¥ ආහාර ගැනීමට එතුමාගේ ප‍්‍රියත්වයක් තිබිලා නැහැ. වත්තට ආපුවාමත් කෑමවලට මිරිස් හා තෙල් දාන්න එපා කියා පවසනවා. නැවුම් එළකිරි බොන්නත් වැඩි කැමැත්තක් දැක්වූවා. වත්තේ හරක් 60x70 ක් විතර හිටියා වත්තේ හිටිය වැස්සියන්ගෙන් දොවා උණුකරගත් කිරි එතුමාට බොන්න දෙනවා. පලතුරු කන්නත් හරිම කැමතියි. අඹ හා ගස් ලබු තමා වැඩියෙන්ම කන්න ආශා කරන පලතුරු. කජු උයා කන්නත් ගොඩක් ආසයි. වත්තේ කජු ගස් ගොඩක් තිබුණා. 
මම උයාදෙන කෑම කන්න ජේ. ආර්. මැතිතුමා බොහොම ප‍්‍රියකළා. එතුමා විතරක් නෙමේ එලීනා ජයවර්ධන ආර්යාවත් මම උයාදෙන කෑම කන්න හරිම ආශයි. මම මුළුතැන්ගෙටවෙලා කෑම පිසිමින් ඉන්නකොට එලීනා ආර්යාව මුළු තැන්ගෙට එනවා. උයන කෑම බීම ගැන අසනවා. මම කෑම උයන හැටි බලාගෙන ඉන්නවා. සමහර වේලාවට කෑම පිස වළංවල දමා ඇති කෑම මොනවද කියා ඇර බලනවා. කෑම පිිළියෙල කරන හැටි පවා ආර්යාව විමසනවා. ඒ තරමට එතුමිය හරිම නිහතමානියි. ලොකු පැලැන්තියක කුල කාන්තාවක් වුනත් ඇය ඒ බවක් කිසිම දවසක පෙන්නුවේ නැහැ. හරිම චාම් ගති පැවැතුම් තිබුණ කෙනෙක්.


එතුමා තනියම වත්තට ආපු දවස්වලට ආපසු යද්දි ආර්යාවට කන්න කියාත් කෑම අරගෙන යාම පුරුද්දක් කරගෙන තිබුණා. මේකද එතුමා හොඳින්ම දන්නවා ආර්යාව මම උයන කෑම කන්න ආසා කරනවා. ඒකයි එහෙම කෑම අරගෙන ආර්යාවට දෙන්න අරගෙන යන්නේ. මට පොඩිකාලේ ඉඳලම හොඳට කෑම උයන්න පුළුවන්. අපේ අම්මාටත් හොඳට කෑම උයන්න පුළුවන්කම තිබුණ නිසා මමත් අම්මාගෙන් කෑම උයන්න ඉගෙන ගත්තා. 


අපි කවුරුත් කෑම කන්න  ඕනෑ ජීවත්වෙන්නයි ඒ වුණත් තරම දැනගෙන කන්න  ඕනෑ. කන් දෙකක් තියෙන්නේ වැඩි පුර අසන්නයි. එක කටක් තියෙන්නේ වැඩිපුර කතා කරන්න නෙමේ. ඒ නිසා වැඩියෙන් අසා අඩුවෙන් කතා කරන්න  ඕනෑ යැයි එතුමා නිතර කිව්ව කතාවක් බවද සෝමා මහත්මිය පවසන්නීය.


එලීනා ආර්යාවගේ නිහතමානිකම චාම් බවට හොඳම උදාහරණයක් මට කියන්න අමතක වුණා. එතුමිය ලොකු උත්සවයකට ගියේ ඉස්සන්මැඩිල්ල වත්තේ ඉඳලා එතුමිය එදා ඒ උත්සවයට යද්දි ඇඳගෙන ගියේ වොයිල් සාරියක් ඒ වර්ගයේ සාරි වෙළදපොළේ අඩු මුදලකට ගන්න පුළුවනි. සාමාන්‍ය කාන්තාවන් පවා ඒ කාලයේ ඇන්දේ වොයිල් සාරි උත්සවයට ඇවිත් හිටිය ප‍්‍රභූවරුන්ගේ බිරින්දෑවන් ගොඩදෙනෙක් ඇඳගෙන ඇවිත් තියෙන්නේ ඉතාම වටිනා සාරි. ආර්යාව සාමාන්‍ය ඇඳුමකින් සැරසීී ඇවිත් ඉද්දි තවත් ඉස්තරම්ම වර්ගයේ සාරිවලින් සැරසී උත්සවයට ආපු එක ගැන ඒ කාන්තාවන්ට පස්සේ ලජ්ජා හිතිලා තියෙනවා.


ජිනදාස මංචනායක මහතා ජේ. ආර් ගේ ඉස්සන්මැඩිල්ල වත්තේ පාලකවරයාව සිටියත් ඔහු කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබලයෙක්ව සිටි කෘතහස්ත දේශපාලනඥයෙක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ඞී. ආර්. ජයරත්න මහතා සමගය.

එස්. ඞී. ආර්. ජයරත්න මන්ත‍්‍රීවරයා සහ මගේ මහත්තයා අතර කිට්ටු මිත‍්‍ර සම්බන්ධකමක් තිබුණා. දෙදෙනාම කුළුපග මිතුරෝ. ඉතිං ජේ. ආර්. මැතිතුමා ළඟ හිටිය සමහරු මේ මිත‍්‍රත්වය රිස්සුවේ නැහැ. ජිනදාස ශ්‍රී ලංකා කාරයෙක් කියා ඔවුන් ජේ. ආර්. මැතිතුමාට කේලම් කියන්න පටන් ගත්තා. ඔහු ශ්‍රී ලංකාකාරයෙක් කියා එතුමා වතුපාලක තනතුරෙන් ඉවත් කළ යුතු බවට දිගින් දිගටම ජේ. ආර්. මැතිතුමාට යෝජනා කර තිබෙනවා. ඒත් එතුමා ඒ යෝජනා තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. මගේ මහත්තයාව වත්තෙන් අස්කරන්න ගියෙත් නැහැ. ඒ විතරක් නෙමේ ජයරත්න මන්ත‍්‍රීතුමා එක්ක තියන සම්බන්ධකම නතර කරන්න කියා කිසිම දිනක කිව්වා කියා ඒ ගැන වචනයක්වත් මගේ මහත්තයාගෙන් ඇසුවේවත් නැහැ. ජේ. ආර්. මැතිතුමා අනුන්ගේ කේලම් අසා තීන්දු තීරණ ගත්ත කෙනෙක් නෙමේ. මගේ මහත්තයාත් ජයරත්න මන්ත‍්‍රීතුමා එක්ක තිබුණ සම්බන්ධය නතර කළේත් නැහැ.

1970 වසරේ මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප‍්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වෙලා ඉවරවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කළ බවට ප‍්‍රකාශයට පත් කළායින් පස්සේ එම පක්ෂයේ ඇතැම් ආධාරකරුවෝ රංචු පිටින් ජේ. ආර්. මැතිතුමාගේ මනක්කුලම පොතුවිල හා හලාවත මුන්නේෂ්වරම යන වතුවලට පැන තොග පිටින් ගොඩගසා තිබුණ පොල් අරගෙන ගියා ඒත් ඉස්සන්මැඩිල්ල වත්තට කිසිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකාරයෙක් පොල් අරන් යන්න කඩා පැන්නේ නැහැ.
ඒකට හේතුව වුණේ වෙන කිසිම දෙයක් නොවේ. මගේ මහත්තයා හා ජයරත්න මහත්තයා අතර තිබුණ සම්බන්ධකම නිසයි. ඒ සම්බන්ධකම නොවන්නට ඉස්සන්මැඩිල්ලවත්තටත් කඩා පැනලා පොල් තොග හොරකම් කරගෙන යනවා.
ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එලීනා ජයවර්ධන මැතිනියට දියණියක් නැතිවීම ගැන තරමක කනගාටුවෙන් පසුවී ඇති බව පැවසුවේ ද සෝමා මංචනායක මහත්මිය වන්නීය.


මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. චන්ද්‍රිකා මට හිටිය එකම හා වැඩිමල් දියණියයි. ඇය මේ වන විට කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා. චන්ද්‍රිකා පුංචි කාලයේ දැක්කාම ජේ. ආර්. මැතිතුමා හා එලීනා මැතිනිය හරිම ආශාවෙන් බලාගෙන ඉන්නවා. අපිට දුවෙක් නැති නිසා දරුකමට හදාගන්න කියා ජේ. ආර්. මැතිතුමා සහ එලීනා මැතිනිය කිහිපවරක්ම මගෙන් හා මහත්තයාගෙන් ඉල්ලූවා. එතකොට චන්ද්‍රිකා දුව හම්බවෙලා වැඩි කාලයක් නැහැ. කොච්චර සැප සම්පත් ලැබුණත් අපි දෙන්නා චන්ද්‍රිකා දුව ජේ. ආර්. මැතිතුමාට හා එලීනා මැතිනියට දෙන්න අකමැති වුණා.


අපේම දරුවෙක් විදිහට හදා වඩා ගන්නයි ඉල්ලන්නේ කියා ඔවුන් දෙපොල චන්ද්‍රිකා දුව ඉල්ලා නිතර නිතර ඇවිටිලි කළත් අපි ඒකට කොහෙත්ම අකමැති වූ නිසා ඊට පස්සේ ඒ ගැන අහන්න ආවේ නැහැ. අපි දරුවා නොදුන්නා කියා ඔවුන් කිසිම හිත් අමනාපයක් ඇතිකර ගත්තෙත් නැහැ. ලක්ෂ්මන්, මහානාම හා බුද්ධික කියන මගේ පුත්තු තුන් දෙනාටත් ජේ. ආර්. මැතිතුමා සහ එලීනා මැතිනිය හරියට ආදරෙයි දරුවෝ හතර දෙනා දැක්කාම ඔළුව අතගාලා හොඳට ඉගෙන ගන්න කියා කියනවා. පොත්පත් පවා අරගෙන දෙනවා යැයි සෝමා මංචනායක මහත්මිය පැවසුවාය.
සෝමා සහ ජිනදාස යුවළ එදා චන්ද්‍රිකා දියණිය ජේ. ආර්.ට දරුකමට හදාවඩා ගැනීමට පුංචි සන්දියේම දුන්නේ නම් ඇය රාජකීය දියණියක් වන්නට ඉඩ තිබිණි. 


එහෙත් දරු සෙනෙහස දාරක පේ‍්‍රමය ඒ සේරටම වඩා උතුම් නිසා සෝමා හා ජිනදාස යුවළ ඔවුන්ට සිටි කිරි කැටි සිනා පාමින් ගෙදරටම ආලෝකයක් වූ එකම දියණිය ජේ. ආර්. ට දරුකමට හදාවඩා ගැනීමට දුන්නේ නැත.


රාජකීය දියණියක් වන්නට ඉඩ හසර තිබූ චන්ද්‍රිකා වසර 27 ක පමණ කාලයක් තිස්සේ කොළඹ රාජකීය විද්‍යාලයේ සුවහසක් සිසුන්ගේ නැණස පෑදීමේ නිරතව සිටින්නීය.


මගේ මහත්තයා ටයිකෝට් ඇන්ද කෙනෙක්. ජේ.ආර් මැතිතුමා සරම් කමිස අඳිද්දී මම කොහොමද ටයිකෝට් අඳින්නේ කියා එයත් සුදු සරම හා කමිසය අඳින්න පටන්ගත්තා. ඊට පස්සේ ආයේ කවමදාවත් ටයිකෝට් ඇන්දේ නැහැ යැයි පැවසුවේ හෝරා කිහිපයක් තිස්සේ පැවති කතා බහ නිමා කරමිනි.


මාදම්පේ x ඉහළගම පදිංචි ලලිත් රූපසිංහ මහතාට විශේෂ ස්තුතිය පුද කරමි.

 

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
ඡුායාරූපය : මාදම්පේ ලක්‍ෂ්මන් හෙට්ටිතන්ත‍්‍රි



අදහස් (0)

ජේ.ආර්. හදා ගැනීමට චන්ද්‍රිකා දුව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1441 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site